ඔන්න ඒ කාලේ ලංකාවේ තිබුනා මහවැව කියලා ගමක් මේ ගමේ තිබු පන්සලට කිව්වෙත් මහ වැව විහාරය කියල මේ පන්සලේ හාමුදුරුවෝ වණ ගතව චාම් දිවියක් ගත කළා. මේ ගමේ එක් දායකයෙක් මේ හාමුදුරුවන්ට සිවුරු මහන්න රෙදි පූජා කළා. නමුත් හාමුදුරුවෝ පරණ සිවුරුමයි අදින්නේ ඉතින් දවසක් මේ හාමුදුරුවොන් ට අර දායක මහත්මයා සිවුරක් පූජා කළා නමුත් හොරෙක් ඇවිදින් ඒ සිවුර හොරා ගෙන ගියා.ඉතින් අර දායක මහත්මයා මෙහෙම කල්පනා කළා. මම දෙන සිවුරු මේ හාමුදුරුවෝ අදින්නේ නැත්තම් මොනවද ඒවට වෙන්නේ .මෙහෙම හිතලා මේක පරික්ෂා කරන්න හිතා ගෙන දවසක් සිවුරක් පූජා කරල විහාරයට යන අතර මඟ හැංගිලා හිටියා .අර හොරා හරන්තික හාමුදුරුවන්ගේ සිවුර අර ගෙන දැන් අර මිනිසා ලගින් යනවා .ටික ටික ඒ මිනිසා වෙත ලංවුණා .ඒත් එක්කම අර මිනිසා මොකද කලේ පැන්න ගමන් අර සොරාගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තා විස්තරේ ඇහුවා .මේ සොරා ගැන කේන්ති ගොස් අර මිනිසා හොරාට හොඳටම ගැහුවා ගහල අමු සොහනකට අරන් ගියා ගිනිහින් මිනියකට අල්ලලා බැන්දා .බැඳලා ගමපුරා මෙහෙම ප්රචාරයක් යැවුවා . “අද හැම ගෙදරකටම මේ වගේ අමනුෂ්‍යයෙක් පැමිණේවි .කිසි කෙනෙක් දොරවල් අරින්න එපා .”
දැන් අර හොරා මිනිය මුදා ගන්න බැරිව මිනිය පිටින්ම ගමට ගියා .තමන්ගේ නිවසේ දොරට තට්ටු කළා. ඒත් ඒ ගෙදර අය මේ ඉන්නේ අර අමනුෂ්‍යයා කියලා හිතන් දොර ඇරියේ නෑ හැම නෑ කෙනෙක්ගෙම ගෙවල්වල දොරවල් වලට තට්ටු කළා .ඒත් කිවෙක් දොරවල් ඇරියේ නෑ.මේ නිසා හොරා අසරණ වෙලා හිටියේ .බැරිම තැන මේ හොරා පන්සලට ගියා .ගිහින් හාමුදුරුවන්ගේ පාමුල හඩා වැටුනා .අර හාමුදුරුවන්ටත් හොරා කෙරෙහි අනුකම්පා හිතිල .ඒ හරන්තික හොරා එම මිනියෙන් මුදවා ගත්තා .මුදව ගෙන ඇගේ තැලුණු තැන් වල තෙල් ගෑව .උණු වතුරෙන් නැහැ වුවා .
අර මිනිසා ගියා කනත්තට හොරා බලන්න නමුත් හිටියේ නෑ .හැම තැනම හොයලා හොයලා නැති නිසා පන්සලට ගියා .එවිටදකින්න ලැබුනා හාමුදුරුවෝ හොරාට සාත්තු කරණවා දැකලා මෙහෙම කියනවා
“මේ මගේ යහළුවායැයි යමෙක් උපකාර කළත් සොරා එය සිහි නොකරයි .එම නිසා සොරා සමඟ මිත්ර කමක් නැත.” “ එකට සිටිමින් කමින් බොම්න් සිටියද හොරා තම ස්වභාවය අත් නෙහරී .” “ සොරා කටින් එකක් කියයි කයින් එකක් කරයි අවකාශය ලැබූහැටියේම සොරකම් කරයි .” “සොරා දැක මව්පියොද නෑදෑයෝද දුරින්ම දුරුකරයි .”
මෙලෙස පවසා ස්වාමීණි එහෙයින් මෙම අසත් පුරුෂයාට උවටැන් නොකරව .එවිට හිමි මේසේ පැවසීය .
බල්ලෙක් යම්කිසිවකුගේ පාදයක් සපාකෑවද හෙතෙම බල්ලාගේ පාදය සපා නොකයි .එසේම අසත් පුරුෂයා කෙතරම් වැරදි කළත් සත් පුරුෂයා ඔහුට අවඩැක් නොකරයි.එසේද සත්පුරුෂයා අසත් පුරුෂයාට මෛත්රී නොකරයි නම් හෙතෙම කාට මෛත්රී කෙරෙද?
මෙලෙස පවසා පින්වත, මොහු විසින් කරණ ලද කර්මයට මෙහුම විපාක ලබයි . එසේ පවසා ඔහු යැවීය. හරන්තික දින කිහිපයකින් නිරෝගී වී අභය හිමි ගෙන් පැවිද්ද ලබා නොබෝ කලනික්ම රහත් විය
No comments:
Post a Comment