ලංකාවේ තිබුනා උද්දලෝලක කියලා පන්සලක් මේ පන්සලේ හැමදාම වගේ බණ කියනවා මේ පන්සල ගාව හිටියා වැද්දෙක් මේ වැද්දා මුවන් දඩයම් කරලා ජීවත් වෙන්නේ .දවසක් එක් මුවෙක් හොඳට බඩ පිරෙන්න කාලා වතුර බොන්න දියකඩිත්තක් ලගට යනවා ඔය යන අතර තුරෙදි මේ මුවාට අර පන්සෙල් බණ කියන සද්දෙ ඇහිලා වතුර බොන්න යන ගමන එහෙන්ම නැවැත්තුවා .දැන් මේ මුවා ඉන්නේ එක කකුලක් උස්සාගෙන ඒ නැවතුණ ගමන්මයි.
අර මුලින් කිව්ව වැද්දා බලන් හිටියේ මුවෙක් මෙතෙන්ට එනකන් මුවා දැක්කා විතරයි වැද්දා මොකද කලේ දුන්න අතට අරන් විද්දා මුවාට .ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ මුවාට වෙච්ච දේ .මුවා එතනම මිය ගියා .මුවා මිය ගිහිල්ලා ඉපදුනේ අර මුලින් කිව්ව පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ නංගිගේ කුසේ .මෙහෙම කාලයක් ගියාම අර කුමාරයා දැන් ටික ටික ලොකු ෙවනවාඅවුරුදු 07 ක් ගිය තැන මේ කුමාරයා පැවිදි වුණා .අර මුවා වෙලා ඉපදුන ආත්මයේ බණ ඇසීමේ පිණ නිසා මහණ කරණ විටදිම රහත් බාවය ලබා ගත්තා .නමුත් ඒ පොඩි හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ පඤ්ච අභිඤ්ඥා විතරයි ලබල තිබුනේ .රහත් වෙලා නෑ.දවසක් මේ ලොකු හාමුදුරුවෝ ඉර්දි බලයෙන් අතින් සඳ මඩල පිරිමදිමින් හිටියා.පොඩ් හාමුදුරුවෝ ලොකු හාමුදුරුවොන්ට පවසනවා ස්වාමීණි මෙය රැක ගැනීම සුදුසු වන්නේය .නමුත් ඒ අභය හාමුදුරුවෝ එම කීම පිළීගත්තේ නෑ මොකද දන්නවද අභය හිමි දැන ගෙන හිටියේ නෑ පොඩි හාමුදුරුවෝ රහත් වෙලා කියලා .ඉන් පස්සේ පොඩ් හාමුදුරුවෝ ඉර්දි බලයෙන් දහසක් චන්ද්රයන් මැවුවා මවලා අභය හාමුදුරුවොන්ට කියනවා ,චන්ද්රයන් දහසක් ගෙනහැර පෑම අපහසුනොවේ .නමුත් යමෙක් තෘෂ්ණාව දුරු කරනවනම් ඒක ඉතාම උතුම් .මෙහෙම කියලා පොඩ් බණකුත් කිව්වා .පොඩ් හමුදුරුවන්ගෙන් බණ අහලා ලොකු හැමුදුරුවෝ රහත්වුණා.
ඊට පහුවෙනිදාම අභය හාමුදුරුවන්ගේ නංගි ඇවිදින් ආරාධනාවක් කළා .අභය හිමි තමන්ගේ නංගිට මෙහෙම කියනවා .නැගණිය නුඔ විසින් අද බොහෝ හිමිවරු දැකලා හිත පහදා ගන්න ඕන හැබැයි දානය සකසන්න ඕන අපි දෙන්නට විතරයි .මේක අහපු නංගි පුදුම වෙලා ගිහින් ඒ විදියටම කළා .දැන් අභය හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි දෙන්නම දානයට වැඩියා .අසුන් මත ඉඳ ගත්තා විතරයි උන්වහන්සේලාගේ ආනුභාවයෙන් දහසක් පමණ හාමුදුරුවරු මැව්නා.ඒ ගේත් විශාල වුණා .දෙනමකට සුදානම් කළ දානය දහස් නමකටම ඇතිවෙන්න ඉබේම මැවුනා .ඒ දහස් නමම දානය වළඳලා අවසානයේ අර පොඩ් හාමුදුහුවන්ගේ අම්මා ඒ කියන්නනේ අභය හිමිගේ නංගි අනුමෙවනි බණ කියන්න තමන්ගේ පුතාගේ පාත්රය ගත්තා .ඒ පොඩි හාමුදුරුවොත් බොහොම ලස්සනට ධර්මය දේශනා කලා .දේශනාව අවසානයේ එම උවසිය ප්රධාන පන්සීයක් කුල කාන්තාවන් සොවාන් වුණා.
පේනව නේද සත්තු වුණත් බණ වල නිමිත්ත විතරක් අරගෙන ස්ව්ර්ග මොක්ෂ සැප සම්පත් ලබාගත් බව
No comments:
Post a Comment