Tuesday, August 21, 2018

සත්ව හිංසනය හා NGO නඩ.

සත්ව හිංසනය ගැන බොහෝ බෞද්ධ විරෝධී ngo කාරයන්ට මතක් වෙන්නේ බෞද්ධ පෙරහැරක අලි ගෙනියනවා දකින විටය . අලියෙක්ව දම්වැලකින් බඳින්නේ ඒ සතාගේ ආරක්ෂාවටත් මිනිසුන්ගේ
ආරක්ෂාවට මිසක් ඒ සතාට හිංසනයක් කරන අදහසකින් නෙමේ . අලි ගැන කිඹුල් කඳුළු හෙලන ngo කාරයෝ කී දෙනෙක්ගේ ගෙවල්වල බල්ලෝ දම්වැල්වලින් බැඳලා ඉන්නවාද ? එව මේ ngo කාරයන්ට නොපෙනෙන්නේ ඇයි ? ඔය ngo කාරයෝ කී දෙනෙක් හොඳට ගෙවල්වලට  හිතේ හැටියට මස් ගෙනල්ල භුක්ති විඳිනවා ඇද්ද ? ඒවා මේ බෞද්ධ විරෝදීන්ට පෙනෙන්නේ නැත්තේ ඇයි ? බෞද්ධයෝ අලින්ට තමන්ගේ දරුවන්ට මෙන් කන්න බොන්න දී ,ලෙඩට දුකට බෙහෙත් ලබා දෙමින් , ඉන්න හිටින්න තැන ලබාදී ඇතිකරන එක විතරද මේ ngo කාරයෝ සත්ව හිංසනය කියා බොරුවට අඬන්නේ ? ඉන්දියාවේ අලින්ගේ දම්වැල් පෙන්නේ ලංකාවේ පෙරහැර ගැන පල්  හෑලි  කියන්නේ ඇත්තටම ද කියලා ඔබට සැක හිතෙන්නේ නැද්ද ?

            මේ ngo කාරයෝ නත්තලට සතුන්ට කරන දේ අහස පොලව නුහුලන අපරාධ ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ මොකද ? අහිංසක සතුන් දහස් ගණන් මස් කරන්නේ පොලුවලින් මස් ඉදිබෙනතුරු පහර දී බව මේ බොරු සත්ව කරුණාවක් තියෙන ngo කාරයින්ට පෙනෙන්නේ නැත. අහිංසක සතුන්ට  පන පිටින්  සතා වේදනාවෙන් මරහඬ දෙද්දී  සතාට පොලුවලින් පහර දෙන්නේ සතාගේ මස් ඉඳිබී බර වැඩිවීමටය . මොනතරම් අමානුෂික පහත්  ක්‍රියාවක්ද ? සතාට මස් ඉදිබෙන්න පොලුවලින්  පහර දෙනවිට ඌට කොහොම වේදනාවක් ඇද්ද ? ඒවා මේ ngo මස් වැද්දන්ට පෙනෙන්නේ නැත. එදාට මුන්ට මතක් වෙන සත්ව හිංසනයක් නැත .සත්ව හිංසනය මුන්ට මතක් වෙන්නේ පෙරහරේ අලි රැගෙන යනවා දුටුවිටය.

                  මේ ngo කාරයන්ට රැවටෙන්න එපා . මුන් ගොහොවිට එන්නේ බෞද්ධ සහ නිරාගමික වෙස් මාරු කරගෙනය . මුන්ගේ අරමුණ සත්ව හිංසනයට එරෙහිවීම නොව ,වෙනත් පහත අරමුණු ඉටුකර ගැනීමය .මෙතන පැහැදිලිවම තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම අරමුණය . එම නිසා මේ ngo කාරයන් ගැන විමසිලිමත් වන්න .
.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

No comments:

Post a Comment