පිනක් කරන්න කතා කලහම කාර්යබහුලයි කියන අයට මේක පෙන්වන්න.
== සීසාන ප්‍රේතයාගේ කථාව ==
(මෙසේ අසන්නට ලැබේ) තාම්‍රපර්ණි දිවයිනෙහි බොහෝ භික්ෂූහු මහබෝ වැදීම සදහා නික්මුනාහු මහාකොණ්ඩ නම් තැනදී නව් නැගී කාවේරිපටුනෙහි ගොඩ බැස පිළිවෙලින් ගම් නියම්ගම් රාජධානින් පසුකොට ගොස් මහවනයට ඇතුල් වූහ. මංමුළාවූ ඔවුහු සත් දිනක් ඇවිදිමින් ඇත්රැළක් ගිය මගක් දැක එහි යන්නාහු මගත් නගුලක් ගෙන ගොණුන් යොදා සීසාන ප්‍රේතයකු දැක මිනිසෙකැයි සිතා ඔහු වෙත ගොස් මහ තෙරනම මෙසේ කීය: "අපි සත්දිනක් මුළුල්ලේ මංමුළාවී ඇවිදිමු. ගොවිය, ඉදින් තෝ දන්නෙහි නම් අපට මාර්ගය කියව." (2) "ඔබ සත්දිනක් මංමුළා වූවහුය. මම වනාහි අවුරුදු බොහෝ ගණනක් මංමුළා වී සිටිමි" යි ප්‍රේතයා කීය. (3) මෙතරම් දීර්ඝ කාලයක් තෝ කුමක් හෙයින් මංමුළාවූයෙහිද? තෝ කවරෙක්ද? පෙර කිනම් කර්මයක් කෙළෙහිදැ" යි තෙරනම විචාළේය. (4) කාශ්‍යප බුද්ධ කාලයේදී මිනිසෙක්ව ඉපද සිටි මම මුවින් පව්කම් කොට මේ කෘෂිප්‍රේතභාවයට පැමිණියෙමි. (5) මට ආහාරපානයක් නැත. හිදීමක් නිදීමක් නැත. රෑ දාවල් දෙක සී සාමින්ම කල්ගත කරමි. (6) මෙසේ සී සාන මාගේ සිරුරද යුගල හා නගුල ද නගුල්තලය හා කෙවිට ද ගොනුන්ද ගින්නෙන් දැල්වෙති. (7) මෙසේ ප්‍රේත ලෝකයට පැමිණ දැවෙන ශරීර ඇතිව වසන කල්හි මේ පොළොව සත්ගව්වක් වැඩුණි. (8) මෙසේ බොහෝ අවුරුදු ගණනක් කායික මානසික දුක් විදිමින් දැවෙමි. කර්මයාගේ දැඩි බව බලනු මැනවැ" යි ප්‍රේතයා කීය.
(9) තාවිසින් කෙබදු පාප කර්මයක් වචනයෙන් කරන ලද්දේද? සංවේගජනක වූ එය මම අසනු කැමැත්තෙමි" යි තෙරනම කීය. ප්‍රේතයා මෙසේ කීය: (10) එසේ නම සියළු දෙන රැස්ව මා කියන දෙය අසනු මැනවි. මා කළ ඒ පාප කර්මය විස්තර කරන්නෙමි. (11) අතීත කාලයෙහි කසීරට කිකී නමැති රජෙක් රාජ්‍යය කරවීය. (12) ඒ රජුගේ රාජධානිය බරණැස් නුවර විය. ඒ නුවර ආශ්‍රය කොට කාශ්‍යප බුදුරජ කලක් විසී. (13) ඒ භාග්‍යවතුන් වහන්සේ වස් වැස අවසන්හි සත්ත්වයන්ට අනුකම්පා පිණිස මා වසන ගමට වැඩි සේක. (14) එගම වැසි සියලු දෙන අහර රැස් කොට ශ්‍රාවකයන් සහිත කාශ්‍යප බුදුරදුන්ට ආරාධනා කළහ. (15) එකල්හි මම නගුල කර ගසාගෙන ගොනුන් සමග සී සෑමට ගියෙමි. (16) මා දුටු මගේ එක්තරා නෑයෙක් මට අනුකම්පා කරමින් හිත වැඩ කැමතිව මේ වචන කීවේය: (17) "ලෝකනායක වූ කාශ්‍යප බුදුරදුන් මෙහි පැමිණියේය. මිනිස්සු ශක්ති තරමින් උන්වහන්සේ පුදත්. ඔබ කුමක් හෙයින් උන්වහන්සේට පූජා නොකරන්නෙහිද?" (18) ඔහුගේ කීම අසා නොසතුටට පත් මම නුවණින් නොකිය යුතු දෙයක් කීවෙමි. (19) ඉදින් ඒ බුදුරද අද මාගේ කුඹුර සී සාන්නේ නම්, මම උන්වහන්සේට පුදන්නෙමි. මා කුඹුරට නොගියොත් එහි වැඩ නොකෙරෙන්නේ ය. (20) මෙසේ කී මම එතැනින් ච්‍යුතව මේ ප්‍රේතාලෝකයට අවුත් මේ දුක් විදිමි. (21) මුඛයෙහි හටගත් කඩුවකින් දුක් ඇතිවන්නා සේ මම මාගේ වචනය නිසා මෙවැනි මහත් වූ කටුක දුකකට පැමිණියෙමි. ඒ දුක් වැඩී ගියහ. (22) නුවණැත්තෙනි, වාග්ද්වාරය සංවර නොකළ මා දැක සංවේගයට පැමිණෙනු මැනවි. එසේ සංවේගයට පැමිණ සසර දුකෙන් මිදෙනු මැනවි.
මෙසේ කියා ඔබ වහන්සේ කවරහුද? කාගේ ශ්‍රාවකයෝ වෙත්දැයි විචාළේය. (23) බලදශයකින් හා විශාරදබැව් සතරකින් යුක්ත වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ යම් බුදුවරයෙක් වී නම් අපි උන්වහන්සේගේ ශිෂ්‍යයෝ වෙමුයි භික්ෂූහු කීහ. (24) ඉදින් ගෞතම බුදුරජ ලොව පහළ වී නම් සත් දිනක් ඉක්මි කල්හි මම අවීචියට යන්නෙමි. (25) කාශ්‍යප-ගෞතම බුදුවරුන් දෙනම අතර කාලයෙහි මේ පොළොව සත්ගව්වක් වැඩුනීය. (26) ප්‍රේතලෝකයට පැමිණ මේ දරුණු දුක් විදින මට ගණන් කළ නොහැකි තරම් වර්ෂ සංඛ්‍යාවක් ඉක්ම ගියේය. (27) මෙතැනින් අවීචියට ගොස් ඒ පාපයේ ඉතිරි විපාක වින්ද යුතුය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ මහත් බවට පත්විය. (28) ගුණයෙන් අධිකයන් කෙරෙහි කළ අපරාධය මෙසේ දොස් එළවන්නේ වේ. ඔවුන් කෙරෙහි සිත් පහදවන්නන්ට යහපත් විපාක ලැබේ. (29) එක් දුෂ්ඨ කීමක් නිසා මෙවැනි දරුණු දුකකට පත්වීමි. ධර්මය ප්‍රීතිය කොටගෙන ඇති භික්ෂුවගේ සියලු දුක් නැසීම සිදුවේ.
ඉතා පැරණි සිංහල බණකතා කෘතියෙන් උපුටා ගන්නා ලදී.
Tuesday, August 21, 2018
සාතාගිර හේමවත නැමති යක්ෂයන් වූ ත්‍රිපිටකධාරී භික්ෂූන් දෙනම

කාශ්‍යප බුදු සසුනේ බොහෝ ම මිත්‍ර කුල පුත්‍රයන් දෙදෙනෙකු පැවිදි විය. දෙදෙනාම තරුණ කාලයෙහි ම පැවිදි වූ බැවින් ග්‍රන්ථධූරය හැදෑරී ය. ප්‍රකෘතියෙන්ම ප්‍රඥාවන්ත වූ මේ දෙනම නොබෝ කලකින්ම ත්‍රිපිටකධාරී ව්‍යක්ත බහුශ්‍රැත භික්ෂූන් දෙනමක් විය. එසේම විනය විනිශ්චයේ ද අති දක්ෂ වූහ. එක එක නමට පන්සිය ගණනේ දහසක් පිරිවර භික්ෂූන් ද වූහ. එනමුදු අවාසනාවක මහිමය නම් අධර්මවාදී දුස්සීල භික්ෂූන් ගේ ලාභ සත්කාර හමුවේ හිස නමන්නට විය.
දිනක් සසුනෙන් ඉවත් වීමට සුදුසු දුස්සීල භික්ෂුවකට චෝදනාවක් එල්ල වී එය විනිශ්චය කිරීමේ දී ලාභ සත්කාර වලට ගිජු වී ධර්ම විනය ශාස්තෘ ශාසනය වසා, බුදු සසුන නො රැක පුද්ගලයින් රකිමින්, අගතිගාමීව විනය විරෝධීව ඒ ප්‍රශ්නය විනිශ්චය කළහ. ඒ හේතුවෙන් දුශ්ශීල භික්ෂූව ආරක්ෂා විය. සිල්වත් භික්ෂුව හඬමින් පරාදීනව යන්නට විය. එදා ඒ ලාභ සත්කාරයන්ට ගිජුවී මේ කළ අධර්ම ක්‍රියාව නිසා ඒ මහ තෙරුන් දෙනම ඇතුළු ඊට පක්ෂ වූ පිරිවර දාහක් දෙනා යක්ෂයින් වූහ. වැඩිහිටි භික්ෂුව හේමවත නම් යක්ෂයා වී ද අනික් මහතෙරුන් සාතාගිර නම් යක්ෂයා ද විය. මේ අයට පෙර පැවිදිව සිටිය දී උවටැන් කළ දායක පින්වතුන් දෙව්ලොව ඉපදුණ අතර මේ යක්ෂයන් එම කරුණ දැක මහත් ලැජ්ජාවට පත්විය.
මේ මහ පොළොව එක යොදුනකුත් ගව් තුනක් වැඩෙන තුරුත් අප බුදු සසුන දක්වා ද ඒ යක්ෂ ආත්මයෙන් තවමත් අත් මිදෙන්න නො හැකි විය. දිනක් තථාගත ධර්මය ශ්‍රවණය කොට පෙර පිරූ පාරමී ඇති බැවින් මේ නායක යක්ෂයන් ප්‍රධාන පිරිවර දහස සෝවාන් බවට පත් විය. නමුත් අදටත් යක්ෂ යෝනියෙහි ම ය. එබැවින් බුද්ධිමත් සත්පුරුෂයෝ විනය විනිශ්චයකදී පුද්ගලයින් නො රැක සම්බුදු සසුන ම රකිත්වා.
(පරමත්ථ ජෝතිකා නාම සුත්ත නිපාතට්ඨ කථා-
හේමවත සුත්ත වණ්නණා 148 පිට)

උත්තර හිමියන් උල මත හිඳ වූ පව
උත්තර හිමියන් උල මත හිඳ වූ පව
රජගහනුවර ධනයෙන් අගපත් බමුණු කුලයක උපන් උත්තර කුමාරයා කෙළිලොල් තරුණ වියේ පසු වුවත් අනෙක් තරුණයන්ට වඩා වෙනස් සිතුම් පැතුම් ඇත්තෙක් විය. නිතර නිතර රජගහනුවර වේළුවනාරාමයට ගිය උත්තර ගේ දෙසවනට ඇසුණු බුදු වදන් වලින් සිත් පෙරලියක් සිදු විය.
මොකක්ද මේ ජීවිතේ අරුත? එය හරවත් කර ගන්නේ කොහොමද? ධනවත්, බලවත්,කුලවත් පවුලක උපන් පමණින් ජීවිතයට අරුතක් ලැබේද? මෙවැනි ප්‍රශ්නවලින් උත්තර ගේ සිත නිරන්තරයෙන් සසල වන්නට විය. ඔහු මේ ගැන වේළුවනාරාමයේදී හමුවන සැරියුත් මහ තෙරුන් ආදී පැවිදි උතුමන්ගෙන් විමසන්නට විය. සැරියුත් තෙරුන් ගේ හරවත් පැහැදිලි කිරීම් වලින් උත්තර ගේ සිත අවදි වන්නට විය. නුවණැස පෑදුණේ ය.
“මේ ධනයෙන්, බලයෙන් කෙළිලොල් තරුණ බවෙන් ඇති වැඩක් නැහැ. ජීවිතයේ එකම අරුත වූ විමුක්ති ගවේෂණයේ යෙදෙන්න කාලය යොදවන්න ඕනෙ”
යැයි උත්තර තීරණය කළේ ය. මෙසේ උත්තර ගිහි දිවියෙන් වෙන්ව විමුක්ති ගවේෂණයේ යෙදීමට යොමුව ඇති බව ඔහුගේ මවුපියෝ තේරුම් ගත්හ. හොඳ මනාලියක් සොයා දී එය නතර කළ හැකි යැයි කල්පනා කළ ඔවුහු එවන් දියණියක් සෙවූහ. අරමුණ ඉටු විය. රජගහනුවර අජාසත්ත රජතුමා ගේ ප්‍රබල ඇමතිවරයකු වූ වස්සකාර බමුණා තම රූමත් දියණිය විවාහ කර ගන්නා ලෙස උත්තරගෙන් තදින්ම ඉල්ලීය.
වස්සකාර දියණිය සොළොස් වැනි වියේ පසු වූ පංච කළ්‍යාණියකි. එකල ඇගේ මනාපය ගන්න බොහෝ කුමාරවරු දතකට මැද්දෝය. එහෙත් උත්තරගේ සිත ගැනීමට ඈ සමත් නොවූවා ය. ඈ කෙරෙහි බැඳීම විමුක්ති ලබා ගැනීමට ප්‍රබල බන්ධනයක්, බාධාවක් බව තේරුම් ගත් ඔහු මවුපියන්ගේත් වස්සකාර මහ ඇමතිවරයාගේත් ඉල්ලීම තඹයකට හෝ මායිම් නොකොට ගිහිගෙය හැරපියා සැරියුත් තෙරුන්ගේ ගෝලයකු සේ වේළුවනාරාමයේදී පැවිදි වූයේ ය. එතැන් සිට ඔහු උත්තර සාමණේර නමින් ප්‍රකට විය.
උත්තර සාමණේර පන්සලේ කුදුමහත් වත් පිළිවෙත් නොපිරිහෙළා ඉටු කරයි. ගුරුවරුන්ට ඉටුවිය යුතු යුතුකම් ද නිසි පරිදි ඉටු කරයි. දිනපතා ගම් දනව් වල පිඬු සිඟා යයි. එක් දිනක් සැරියුත් තෙරුන් වහන්සේ ව්‍යාධියකින් පීඩාවට පත්වූහ. එකී ව්‍යාධියට පිළියම් කිරීම සඳහා ගිතෙල් අවශ්‍ය විය. ගිතෙල් ලබා ගැනීම පිණිස උත්තර සාමණේරයාණෝ පිඬු සිඟා වැඩියහ. උන් වහන්සේට බොහෝ දුර පිඬු සිඟා වඩින්නට සිදු වූහ. මෙසේ පිඬු සිඟා යන ගමනේදී පිපාසය දැනුණු බැවින් උන් වහන්සේ පාත්තරය වෑ කණ්ඩියක තබා දිය පානය කිරීමට වැව පහළට බැස්සහ. මේ අතර සොරකමේ ගිය සොරෙක් රජගහනුවර ගෙයකට පැන රන් පොදියක් රැගෙන පැන යන්නේ රාජ පුරුෂයෝ ඔහු ලුහුබැඳ ආවෝ ය.
ත්තර සාමණේරයන් සිටි පාරෙන් යන ගමන් උන් වහන්සේ ගේ පාත්‍රය දැක එහි රන් පොදිය සඟවා පලා ගියේ ය. සොරා පසුපස ලුහුබැඳ ආ රාජ පුරුෂයෝ පාත්තරයේ රන් පොදිය තිබෙනු දුටුවේය. එසේ දැක
“මෙන්න සොරා”
යැයි කියමින් උත්තර සාමණේරයන් අල්ලාගෙන රජමාළිගාවේ නඬු විසඳන තැනට රැගෙන ගියහ. නඬු විසදීමට භාරව සිටියේ වස්සකාර බමුණාම ය. බමුණා සාමණේරයන් හඳුනා ගත්තේ ය. ඔහු නිවැරදි බවද දැන ගත්තේ ය. එහෙත් තම දුව කරකාර නොබැඳ පැවිදි වීම නිසා උත්තර කෙරේ බැඳි වෛරයෙන් යුක්ත වූ වස්සකාර කිසිදු නඩු විභාගයක් නොකොට
“මොහු වහා ගෙනගොස් උලතියාපියව්”
ැයි රාජ පුරුෂයන්ට අණ කළේ ය.
රාජ පුරුෂයෝද අණ පරිදි උත්තර සාමණේරයන් රැගෙන ගොස් කොහොඹ උලක හිඳවූහ. වැඩූ සිතැති භාවිත මනසැති උත්තර සාමණේරයෝ සියලු වේදනාවන් ඉවසමින් තම උපාධ්‍යයන් වහන්සේ වන සැරියුත් මහ තෙරුන් සිහිපත් කළහ.
උන් වහන්සේ උත්තර තෙරුන් උල හිඳුවා ඇති බව දුටු සේක. බුදු පියාණන් හමු වූ සැරියුත් හාමුදුරුවෝ ඒ බව උන් වහන්සේට සැල කළෝය. බුදු හිමිපාණන් භික්ෂු සංඝයාට කතා කොට උන් වහන්සේලා ද පිරිවරා උත්තර සාමණේරයන් බැලීමට වැඩම කළහ. උත්තර සාමණේරයන් සමීපයට වැඩි තථාගතයාණෝ මහා කරුණාවෙන් ළතෙත් හද ඇත්තේ සාමණේරයන්ගේ හිස මත ශ්‍රී හස්තය තබා මෙසේ සැනසූහ.
“උත්තරය සංස්කාරයන් ගේ ස්වභාවය සිහිපත් කරන්න. ඔබ මේ විඳින්නේ මේ ජීවිත කාලයේදී කළ පාප කර්මයක විපාක නොවෙයි. සසර බොහෝ ඈත ජීවිතයකදී කළ පාප කර්මයක විපාකයි.”
ඉන් පසුව උන් වහන්සේ ඒ අතීත පාප කර්මයේ තතු විස්තර කළහ.
සසර පෙර භවයකදී උත්තර ළමා වියේ සිටියේ සෙසු ළමයි සමඟ ක්‍රීඩා කරන්නට වූහ. ළමෝ සෙල්ලමට නොයෙක් වැඩ කරති. පෙර භවයේ උත්තර ප්‍රධාන ළමයි ද දුවපැන නොයෙක් දඟවැඩ කළහ. මැස්සකු අල්ලා ගත් (පෙර) උත්තර ළමයා කොහොඹ කීරක් ගෙන ඌ එහි ගැසීය. මැස්සා වේදනාවෙන් මිරිකෙන්නට විය. උත්තර ප්‍රධාන ළමයි මේ දෙස බලා විහිළු තහළු කර කර සිනා සෙන්නට වූහ. ඒ භවයෙදිම ඔහු තව අකුසල කර්මයක් කළේ ය. ඒ භවයේදී සිය මෑණියන් සමග යම්කිසි කරුණක් ගැන තරහෙන් රණ්ඩු කළ උත්තර
“තී හොඳයි උල තියන්න”
යි කියමින් කෝපයෙන් ඈට කඩා පැන්නේය.
මෙකී පාප කර්ම දෙකේ අනිටු විපාක සසර බොහෝ කාලයක් උත්තර ලුහු බැන්දේ ය.
උදේ සිටම බුදුබණ සිහිපත් කළ උත්තර සාමණේරයෝ එහිදීම සියලු කෙළෙස් නසා රහත් බවට පත් වූහ.
උත්තර සාමණේරයන් ගේ කථාවෙන් පැහැදිලි වන්නේ පාපය අළු යට ගිනි පුපුරුම වැනි බවයි. ඒවා නිසි වේලාවට මතු වී අප ලුහු බැඳ බැඳ දවයි. එහෙයින් පාපයට නම් සමාවක් නොමැත. සමහරු හැංගි හොරා පව් කරති. එහෙත් පව් නම් කිසිසේත් ම සැඟවිය නොහැකි ය.
තවත් සමහරු පොඩි පව් කළාට කමක් නැතැයි සිතති. එසේම කියති. එහෙත් උත්තර සාමණේරයන් ගේ කතාව ඔවුන් ගේ අවිද්‍යාව දුරු කර ගැනීමට කදිම කමටහනකි. යම් ක්‍රියාවක බාහිර පැත්ත ගැන අවධානය යොමු කිරීමෙන් එය පොඩි ද ලොකු ද කියා තීරණය කළ නො හැකි ය. යළි යළිත් අප උදේ හවා සිහිපත් කළ යුත්තේ පව පව ම බව ය. එසේ සිතා සියලු ආකාරයේ පව් වලින් මිදිය යුතු වෙමු.

සම්බුලා ජාතකය
ධර්මරාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් කොසොල් රජ බිසවු මල්ලිකා දේවීන්අරභයා වදාළසේක. නිධාන කථාව-: දිනක් දම්සභා මණ්පයෙහි රැස්වූ භික්ෂුන් වහන්සේලා අතර මෙබඳු කථාවක් පහළ වූයේය. ඇවැන්ති මල්ලිකා දේවිය මව්පිය නෑදෑයින්ට සහ තම ස්වාමියාට කළ මනා වතාවන් ආචාර ආදිය කිසිමඅඩුවක් නැතිව කරන්නීය. බුද්ධ උපස්ථානයද මඟ නොහරන්නියයි කථා කරමින් උන්සඳ එහි වැඩි බුදුරජාණන් වහන්සේ බුද්ධශාසනයේ වැඩ හිඳ මහණෙනි, මොතොමෝ පති දේවතා කොටවිසුවේ දැන් මතුනොවෙයි. පෙරත් මෙලෙසම විසුවා වේදැයි ඉකුත් වත වදාළ සේක.
ආරාධනය:- භික්ෂුන් වහන්සේ ජාතක කථාව:- බරණැස බඹදත් රජ තමාගේ පුත් සොතථීසේන රජකුමරු වැඩිවිය පැමිණි කල්හි යුවරජතතනතුරෙහි පිහිටුවා ඉතා රූපත් සම්බුලා නම් රාජකුමාරිකාව ඔහුට අගමෙහෙසුන් කොටපාවා දුන්නේය. කල් යාමකින් සොතථීසේන යුවරජ හට අසාධ්‍ය වූ කුෂ්ට රෝගයක් ඇති වූයේය. කරන ලද පිළියම් වලින්ගුණයක් නොවුයේ ශරිරය පැලි පැලී දිය බසින්නට වන. එකල්හි අනුන්ට පිළිකුල් වූ මේ වෘධියෙන් පෙළෙනමට රාජ්‍යයෙන් කම් නැත. වලට වැද අසරණ ව මිය යාම යහපතැයි පිය රජ්ජුරුවන්ට දන්වා සියළු සම්පත්හැරදමා සිය කැමැත්තෙන් ආ සම්බුලාවද කැටුව වනගතව රම්‍ය භූමි ප්‍රදේශයෙක්හි පන්සලක් කොට වාසයකලාහ. සම්බුලා බිසවද දිනපතා අත්පා මෙහෙවර කිරීමෙන් ද උනුපැන් සිසිල් පැන් සපයාදී මිහිරි පලාඵලගෙන වළඳවමින්ද සුරතල් බසින් සිත් සනසවමින්ද ස්වාමි පුත්‍රයාට උපස්ථාන කරන්නීය. මෙසේ දවසරිනකුමාරිකාව දිනක් ඵලාඵල නොලාගෙන එන්නී අතරමග සිත්කලූ දියරැළියක් දැක ඉස තුබු පැස තබා ස්නානය කොට ගොඩ නැඟී වල්කැල ඇඳගෙන සිටියාය. ඇගේ ශෝභාවෙන් වන ලැහැබ ඒකාලෝකවූවාය. එකල දානව රාක්ෂයෙක් අහසින් යන්නේ ඇගේ ශරිර ශොභාය දැක ඈ පිළිබඳ සිත් ඇති මෙසේ කීය.මනා රූපත් ස්ත්‍රිය, තිගේ නාමගොත්‍රය කුමක්ද? මේ වනය හාත්පස බබුලූවමින් සිටින තිට නමස්කාර කරමි. තී කවරෙක්දැයි විචාළේය. බරණැස් රජුගේ සොත්ථීසේන නම් පුතුණූ කෙනෙක් ඇත. ඔහුගේ භාර්ය්‍යාව සම්බුලාව මම වෙමි. අසාධ්‍ය රෝගයකින් පීඩිතව වනගතව මේ වනයේ පන්සලක වසන ඔහුට පලාපලයන්සහ සතුන් කා දමන මස් ගෙනවුත් දීමෙන් ද අත්පා මෙහෙවර කිරීමෙන්ද පෝෂ්‍ය කරමි. අද මා පලවැලගෙන නොගිය කල්හී කිසිවක් නොලදින් හුණු වැල්ලේ කඩාහෙලූ පත්මයන් ලෙසින් මලානිකව යන්නේයයිබිසව රාක්ෂයාට කීය.
රාක්ෂයා ඒ බසට කියනුයේ රෝගීයෙක් වනයෙහි අසරණව ඉන්නා ඔහුලෙන් තීටඇති පලය කිම්ද? මාගේ මේ විමානයෙහි සියලූ සම්පත් පිරී ඇත. සියගණන් දිවනළුවන් පිරී ඇත. මාගේ අන්තඃපුර ස්ත්‍රීන්ට අගමෙහෙසුන් කෙට තබමි. මෙතැන් පටන් රෝගීයා කෙරෙහි නොසිතව, මම තීට ස්වාමියා වෙමියි. කීයේය. එකල සම්බුලාවෝ කියන්නී රාක්ෂය මාගේ ස්වාමියාගේ රෝගය ගැන සිතාකල්යවමි. වල්කැලෑ ඇඳිමෙන් නපුරු තුනපහස ඇති මා කවර හෙයින් රූපක්යයි කියයිද? මනා රූපත් සිඬාඬගනාවන් දිව්‍ය ස්ත්‍රීන් හා නාග කන්‍යාවෝ මේ වනයෙහි සංචාරය කරන්නාහ. ඔවුන් අතරෙන් තටපියවූ ස්ත්‍රියක් තබා යනුව මාගෙන් තට ප්‍රයෝජන කිම්ද? මෙසේ කී කල්හි ඇගේ රූපයට වසඟවූ රාක්ෂයානොයෙක් ලෙසින් කියාත් තමා වසඟයට ගත නොහැක්කේ තී බලහත්කාරයෙන් මාගේ විමානයට ගෙනයමි. මා සමඟ වාසයට අකමැති වනයෙහි නම් තී මට ගොදුරු වන්නේ වන්නේයයි කියා එක්වරම පැන අසරණව සිටි ඒ රජදුවගේ අත අල්වා ගත්තේය. සතුරාගේ වසඟයට පත්වී සිටින බිසව තම ස්වාමියා ගැන ම සිතා හඬන්නී—මේ අන් පුරුෂයෙක් හා සමඟ ලෝකෂ්වාද රතියෙහි යෙදී සිටියේ යයි රජතුමා සිතනසේක් වීනම් ඊට වඩා මට දුකෙක් නැතැයි˜ හඬා වැලප දෑත් අහසට දිගුකොට ලෝකපාල දෙවියන්ට අඬගා කියන්නී අද ලෝකපාල දෙවි කෙනෙක් ලොව නැත්තාහ. මේ ලෝක පාල දෙවි කෙනෙක් ඇත්නම් —මාගේ ස්වාමියාගේ හැර රාග විනයෙන් අන් පුරුෂයෙකු මුහුණ නොබැලූ ප්‍රාණඝාතයක් නොකළ මුසාවාදයෙන් වැලකී පතිවත ගතී මා වැනියකට මේ රාක්ෂයා කරන දුරාචාරය නොවළකා බලා හිඳිහුද? ලෝකපාල ශබ්දය විනා ඒකාන්ත දෙවි කෙනෙක් මෙලොව නැතැ යි මුරගා දේවතාවන්ට යැදියාය. ඇගේ ශිලානුභාවයෙන් හා ප්‍රතිවෘතාධර්මයෙහි ආනුභාවයෙන් සක්දෙවි රජුගේ පඩුපුල් අස්න හුණු වී මේ කාරණය නුවණැසින් දැක ඒ ක්ෂණයෙහි චජ්‍රායුධය හැරගෙන බියකරු වේශයක් මවාගෙන රාක්ෂයාගේ අග බිසව පැමිණ—එම්බල රාක්ෂය, ස්ත්‍රීන් කෙරෙන් උතුම් ගුණ ඇති බොහෝ යසස් පිරිවර ඇති ප්‍රතිඡෘතා ධර්මය මැනවින් රැකි මේ රජදුව අතහැරව, තා මේ රජදුව සමඟ අසද්ධර්මයෙහි යෙදුනේවි නම් වේවයි ගොදුරු කොට අනුභව කෙළේවි නම් වේවයයි මේ චජ්‍රායුධයෙන් තාගේ හිස සත් කඩක් කොට පලාපිය මියි භය ගන්වා කීයේය.එබසින් තැති ගත්රාක්ෂයා බිසවුන් අතහැර බලාගෙණ සිටියේය. එවෙලෙහි සක්දෙවි රජ නැවතත් මේ රාක්ෂයා, මෙබද්දක් කළේ වීනම් නපුරැයි, මතු නොඑන පරිද්දෙන් තුන්වන පර්වතය ඇතුළෙහි දමා ඉක්බිති සම්බුලාවන්ට අප්‍රමාදව පතිවෘතාධර්මය පුරවයි අවවාද දී දිව්‍ය ලෝකයට ගියේය. සම්බුලාව ද ඉර අවරට ගිය කල්හි සඳ පහන් ආලෝකයෙන් පන්සලට එන්නීය. රජ්ජුරුවෝද ඈ එන ශබ්දය අසා මෝ අන්‍ය පුරුෂයකු සමඟ විත් මා මරාපු නම් නපුරැයි සිතා සැඟවී සිටියේය. පන්සලට පැමිණි ඇය තමාගේ ස්වාමියා නොදැක මහත් ශෝකයෙන් අඬ අඬා මුරගා ඒ අවට ඇවිදිනී මේ වනයෙහි සිව්පා සතෙක් ඇත්ද දේවතා කෙනෙක් ඇත්ද? ඔහු මාගේ ස්වාමියා වහා පෙන්නත්වා, ඔවුන්ට මාගේ නමස්කාරය කරමි. ඔවුන් සරණයෙමි. පර්වත ගිරි ගුහාවල වාසය කරන දේවතා කෙනෙක් ඇත්නම් සොතථීසේන රජු වහාම ඇස දක්වව, මෙසේ කුමාරිකාව ලය පැලී යන තරම් ශෝකයෙන් අ~මින් වැලපෙමින් දෙවියන් වැඳ වැඳා බැගෑපත්ව අඬන බිසවුන් දැක සොතථීසේන නම් වූ රජ්ජුරුවෝ සිතන්නාහු මේ බිසව අතිශයින් බැගෑපත්ව අඬන්නීය. මම මෙතන නියාව නොඇඟවී නම් ශෝකයෙන් ලය පැලී යන්නේය. ඇගේ අදහස දනිමියි සිතාගොස් පන්සල දොරකඩ උන්නේය. ඈ ස්වාමියා දැක දෙපයේ හිස තබා ගෙන දේවයන් වහන්ස මෙතෙක් වේලා මා අඬමින් සිටියදී ප්‍රිය තෙපුලක් නොකියා ඉන්ට මා කළ වරද කිම් දැයි විචාළීය . එම්බා සොඳුර තෙපි කිසිම දිනක මේ වේලාවට නොආවාය. අද වූකලී පැමිණියේ බොහෝ රෑබෝවීය. එකාන්තයෙන් අද අන්‍ය සම්බන්ධයක් ඇතිව පසු වූ බැව් පෙනෙ. මට වඩා තෙපට ප්‍රියයො කවරහුදැයි කියව , මෙසේ රජුවිචාළ කල්හි බිසව තමාට වනයේ වූ ගැහැට කියා ශක්‍රයා නිසා ජීවිත දානය ලැබ මාගේ ජීවිතයටත් වඩා ප්‍රියව සිටි නුඹ වහන්සේ ලදිමියි කී කලරජ්ජුරුවෝ කියන්නාහු එම්බා සොඳුර ගැහැනුන් කෙරෙහි සත්‍ය බසෙක්නම් කොයින්ද? එය අහසට පොලොව මෙන්ම මුහුදෙහි එතෙර මෙතෙර මෙන්ද දුර වන්නේය. හිමාල වන ප්‍රදේශයෙහි වල් වැද්දන් තාපස වරුන් හා සිඬවිද්‍යාධරයින් ගැවසෙන්නාහ. එබැවින් මෙය කෙසේ අදම්හද? මොහොතින් මොහොත නොයෙක් සිතුවිලි සිතන බොහෝ නුවණැති ස්ත්‍රීන් කෙරෙහිත් සත්‍ය බසෙක් නැත්තේම ය. මෙසේ කී කල්හි සම්බුලාව සත්‍යක්‍රියා කරන්නේ ස්වාමිනී නඹු වහන්සේ මා කී වචනය නොවදහන කෙනෙක් වේ නම් මාගේ සත්‍යක්‍රියා බලයෙන් නුඹ වහන්සේට පිළියම් කරමියි කියා පැන් කලයක් ගෙන මා මෙතෙක් කීයේ සත්‍ය බසෙක්මය. ඒ සත්‍ය වචනයේ බලයෙන් පංචවෛද්‍යකුලයා විසින්ම පිළියම් කළ නුහුණු මේ අසාධ්‍ය රෝග ය වහාම ගුණවේවායි සිතා පැන් කලය රජුගේ ඉස් මුදුනේ නැමුවාය. ඇගේ සත්‍යක්‍රියා බලයෙන් හා ප්‍රතිවෘතාධර්මයෙන් ආනුභාවයෙන් ඒ මෙහොතෙහිම ඇඹුල් ගා සෝදන ලද තඹ මලක් මෙන් රජුගේ රෝගය සන්සිදුනේය.
රජතුමා ඉතා ප්‍රීතියට පත්ව කීප දිනකින් බරණැසට ගොස් මගුල් උයනට වැදවුන් කල්හි පිය රජ්ජුරුවෝ උන් ආ නියාව අසා මගුල් කොට ගෙන්වා රාජ්‍යයෙහි අභිෂේක කොට තුමු මගුල් උයනට වැද තවුස් වෙස් ගෙන වසන්නාහු නිතර රජගෙන් වළදන්නාහ. සොතථීසේන රජ්ජුරුවෝ තමන් හා එක්ව දුක් ගෙන ඇවිදි සම්බුලාවන්ට අගමෙහෙසුන් තනතුර පමණක් දී සෙසු කිසි වෘත්තියක් නොදුන්නාහ. තවද බිසව ගැන නොසලකා සෙසු ස්ත්‍රීන් සමඟ අභිරමණය කොට ඇවිදින්නාහ. මේ හේතුවෙන් කල කිරුණු සම්බුලාවො දිනෙන් දිනම දුර්වල භාවයට පත්වූහ. දිනක් රජගෙට දන්වැළදීමට පැමිණි තාපසයෝ ඈ දැක දුර්වලවූ කාරණා විචාරන්නා වු රාජ කුමාරිකාවෙනි තොප වනයේ වාසය කොට ආ අවධියෙහි රූපශ්‍රීයෙන් ඉතා යහපත දැන් මේ රාජ්‍යයට පැමිණ කවර හෙයින් සුදු මැලි ශරීර ඇති ව දුර්වලව ගියාද? මට කියවයි කීහ. කුමාරිකාවන් කියන්නේ තාපසයන් වහන්ස ඔබගේ පුත්‍රයා මා ස්වාමියා පෙර සේ මා කෙරෙහි ඇදහිලි නැත්තේ සිත්කලූ අන්‍ය ස්ත්‍රීන් කෙරෙහිම ඇලී වසන සේක. මා කෙරහි නොසිතන සේක. වනයේ දී මාකළ උවටැන් සිහිවන්නේය. ඔහුට එය සිහි නොවන්නේය. මට වනය මීට වඩා වටින්නේය. කෙතරම් සැප ඇතත් ස්වාමියා අප්‍රිය නම් සියළු සැපත් හැර මියයාම ඉතා මැනවි, දුක්ඛිත පුරුශෂයෙක් තමාගේ භාය්‍යාවට හිතවත් නම් මෙබඳු රාජ්‍ය සැපතකට වඩා ඒ බෑගෑපත් බවම ස්ත්‍රියකට උතුම් වන්නේය යි තාපසයන්ට තමා දුර්වල වීමට හේතුව කී කල්හි තාපසයෝ තම පුත්‍ර සොතථීසේන රජ්ජුරුවන්ගෙන් ලඟට කැඳවා එම්බා පුත්‍රයෙනි, තොප රෝගයෙන් පීඩිත වූ කලී තොප අත් නොහැර වලට ගොස් උවටැන් කොට තම සත්‍යක්‍රියා බලයෙන් රොගය සුව කොට රාජ්‍යය කරන ලෙස සැපතෙහි පිහිටුවා ලූ තොපට උපකාරීව සිටි බිසවුන් උන්හිටි තැන් පමණකුත් නොවිචාරා තොප කළ සේ ඉතා අයහපත්ය. මිත්‍රද්‍රෝහීකම බරපතල වරදක්ම වන්නේය. ස්ත්‍රීන් කෙරෙහි ස්වාමියාට පක්ෂ කෙනෙක් සොයා ගැන්ම දුෂ්කරය. ඈ ඉතා විශ්වාසීය. ඈ කෙරෙහි සත්පුරුශව බොහෝ කාලයක් සැපසේ වසවයි අවවාද දී පන්සලටම ගියහ. ප්‍රිය රජ්ජුරුවන් ගිය කල්හි තම අග මෙහෙසිය කැඳවා කියන්නාහු එම්බා සොඳුර, තොපට වඩා මට උපකාරි කෙනෙක් නැත. මෙතෙක් කල් මා නොකළ වරදට ක්ෂමා කරව්, මෙතැන් පටන් මේ සියළු සැපත් සහ රාජ්‍යන් තොපට දෙමියි' රාජ්‍යය බිසවුන්ට පාවාදී බිසවුන් සමඟ ඉතා ප්‍රීතියෙන් ධානාදී වූ සුචරිතයන් කොට කම් වූ පරිදි මිය පරලොව ගියහ. එකල්හි සම්බුලාවෝ නම් මේ මල්ලිකා දේවිය වන්නාහ. කොසොල් රජ්ජුරුවෝ එකලසොතථීසේන රජු විය. උයනේ තපස් කල පිය රජ්ජුරුවෝ නම් දැන් ලොව්තුරා බුදුරජාණන් වහ
න්සේය.
👍

කාශ්‍යප හිමි
"වසර එකසිය විස්සක් ජීවත්වූ මහා කාශ්‍යප රහතන් වහන්සේ දිනක් තමන්ගේ ආයුෂ අවසන් වී ඇති බව දැන පසු දින කුක්කුට සම්පාත නම් කන්දේදී පිරිණිවන් පෑමට තීරණය කළ සේක.
ඒ බව සහෝදර භික්ෂූන් වහන්සේලාටද දැනුම් දී පසු දින පිඬු පිණිස වැඩම කර අවසන අජාසත් රජුටද දැනුම් දීමට පිටව
ගියහ.
එකල්හි රජු දිවා ආහාරය රැගෙන නිදාගන්නා බව දැන ගත් කාශ්‍යප හිමියන් රාජපුරුෂයන්ට තමන් වහන්සේ අද දින සවස කුක්කුට සම්පාත පර්වතයේදී පිරිණිවන් පානා බව රජුට දැනුම් දෙන්නැයි කියා ඉන් පිටව ගියහ.
පසුව කුක්කුට සම්පාත පර්වතයට වඩින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්ය පා රැස්ව සිටි පිරිසට අවවාද අනුශාසනා දී කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිණිවන් පාන්නට අදහස් කළහ.
එකල්හි එහි රැස්ව සිටි දෙවියෝ එහි ඇඳක් සාදා ඇඳේ පාද මත මල් පුරවන ලද්හ පුන් කලස් සතරක් තැබූහ.
එකල්හි මහා කාශ්‍යප රහතන් වහන්සේ ඇඳ මත සැතපී සමාපත්තියට සමවැදී අධිෂ්ඨානයක් කරන්නහුය. ඒ කෙසේද යත්,
මා පිරිණිවන් පෑ කල්හි මාගේ ශරීරයට අනතුරක් නොවන සේ මේ පර්වත තුන එකතු වන සේක්වා.
මා වටා ඇති පහන් නොනිමේවා.
මල් පරවී නොයේවා.
මතු යම් දිනක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී තම පිරිස් සමඟ මෙම ස්ථානයට වැඩම කර මාගේ සිරුර දකුණු අත්ලේ තබාගෙන, පින්වතුනි, මාගේ මේ අත්ලෙහි සිටින තෙරුන් වහන්සේ පිළිබඳව ඔබ දන්නෙහිද ? මොහු මේ කල්පයේ ලොව පහළ වී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් රහතන් වහන්සේයි.
ධූතාංගධාරී හික්ෂූන් අතර අග්‍රස්ථානය වූ මොහු පිරිණිවන් පානා තෙක්ම ධූතාංග රකිමින් කටයුතු කළේය ආදී වශයෙන් පොළොව කුඩා කර මාගේ ගුණ මහත් කොට දේශනා කරනා සේක්වා.
එකල්හි උන්වහන්සේගේ ශ්‍රී හස්තයේදීම මාගේ ශරීරය ගිණි ගෙන දැවෙන සේක්වා.
එසේම මා පිරිණිවන් පෑ බව දැන මෙහි පැමිණෙන අජාසත් රජතුමන් හට මා වන්දනා කිරීමට මේ පර්වත තුන විවෘත වේවා. ඉන්පසු නැවතත් පර්වත එකට එක වේවායි යනුවෙනි.
අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වෙයි කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක් යුෂ, කිරි, දී මණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය තියෙන ඔරු 7 ක සකස් කරනවා.
පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහිය නැතිවෙනවා.
ඇමතිවරු රජතුමා උක් යුෂ ඔරුවට දාලා පස්සේ කිරි ඔරුවට දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම සිහිපත් වුණාම රජතුමාට ආයි සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමාව අනෙක් ඔරුවලටත් පිළිවෙලින් දාපුවාම රජතුමාට සිහිය එනවා.
අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයේ විදිහට පර්වත 3 විවර වෙනවා.
බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7 ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත 3 එකතු වෙනවා."

ඛුජ්ජුත්තරාවගේ කතාව...
දොළොස් වසරක් තිස්සේ දුර්භික්ෂය පවතිනවා යැයි කීවද “ සංධාන “ ගෘහපතියා, සිය නිවසේ පසේ බුදුවරුන් දහස් නමකට දුන් දන් වැට නතර නොකර එළෙසම පවත්වාගෙන ගියේය. බරණැස් නුවර ඇති වු මහා දුර්භික්‍ෂ දොළොස් වසරක් පුරා පවතින බවත් එම කාලයට සෑහෙන තරම් ආහාර පාන නොමැති අය වෙනත් නගරයකට යා යුතු බවටත් බරණැස් රජු විසින් අණබෙර පතුරුවා හැරියද “ සංධාන “ ගෘහපතියා සහ පිිරිවර ජනයාට දොළොස් වසරකට සෑහෙන තරම් භාවබෝග සම්පත් තිබූ නිසා නගරය හැර දමා නොයන්නට තීරණය කළ අතරම දිනපතා පසේ බුදුවරුන් දහස් නමකට නොවරදවාම දන් දුන්නේය.
මෙසේ දානය සඳහා ගෘහපති නිවසට වැඩි පසේ බුදුවරුන් අතර එක් රෝගී පසේ බුදුවරයෙක්ද වූහ. දිනක් උන් වහන්සේ දානය සඳහා නොවැඩි සේක. දන් පිළිගන්වන අතරේ සංධාන ගෘහපතියාගේ දියණිය ඒ බව දුටුවාය. “ පියාණනි.. අද දානය සඳහා එක් පසේ බුදුවරයෙක් වැඩම කර නැත. “
“ ඒ කවර පසේ බුදුවරයාණන් වහන්සේද ? දියණිය ..” “ පියාණෙනි ! පිට කුදු ගසාගෙන මේ අයුරින් ගමන් කරන පසේ බුදුරදුන් දානයට පැමිණ නැත…යි කියමිනක් ගෘහපති දියණිය හාස්‍යය පහළ වන අයුරින් එකී රෝගී පසේ බුදුවරයාණන් වහන්සේගේ ගමන් විලාශය රඟ දක්වමින් රැස්ව හුන් පිරිසට පෙන්වූවාය. එම සිද්ධිය එතැනින් අවසන් විය. පසේ බුදුවරයාණන් සරදමට ලක් කළද, ගෘහපති දියණිය ඉතා ශ්‍රද්ධාවෙන් එදින දන් වැටෙහි කටයුතු කළාය. එදා දානයට වැඩම කළ පසේ බුදුවරුන් අතර වාත රෝගයකින් පෙළෙන පසේ බුදුවරයෙක්ද සිටි සේක. උන් වහන්සේ දන් වළඳන පාත්‍රය අතින් ගත් විට වාත රෝගය හේතුවෙන් අත වෙවුලන නිසා පාත්‍රයද සැලී දානය බිමටද වැටේ. එනිසාම දන් වැළදීම උන් වහන්සේට අසීරු බව දුටු ගෘහපති දියණිය, උන් වහන්සේ ඉදිරිපිට පැදුරක් එළා පාත්‍රය එහි තබා වළදන ලෙස උන් වහන්සේට කියා සිටියාය. ඉන් පසු උන් වහන්සේ අපහසුවකින් තොරව දන් වළඳන බව දුටු ඇයගේ සිතෙහි දැඩි සතුටක් ඇති වූවාය. ඒ සතුටු සිතින්ම පසේ බුදුවරයාණන් නැමදූ ඇය මෙසේ ප්‍රාර්ථනා කළාය.
“ මවිසින් කරන ලද මේ කුසල කර්මයේ මහිමයෙන් මා දැන උගන්නා සෑම දෙයම අමතක නොවී මගේ මතකයේ රැඳේවා උතුම් ස්මරණ ශක්තිය මට ලැබේවා..”
මේ ප්‍රාර්ථනයෙන් පසු බොහෝ කලක් නොයෙක් භවයන්හි උපත ලබා සසර මඟගෙවූ ඒ සංධාන ගෘහපති දියණිය , අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයෙහි “ භද්‍රාවතී නුවර “ භද්‍රවතී සිටු නිවසේ දාසියක කුසින් මෙලොව එළිය දුටුවාය. නමුත් පෙර කරන ලද කර්ම විපාක නිරන්තරයෙන්ම පසු පස හඹා එන්නේ පෙර බවයකදී . සංධානක ගෘහපතියාගේ දියණියකව සිටි සමයේ , රෝගී පසේ බුදුවරයාණන්ගේ ශරීරයේ හැඩය කුදු යැයි හාස්‍යයට ලක් කිරීමේ හේතුවෙන් ඇය උපතින්ම කුදු බවට පත් වූයේ .. එනිසාම ඛුජ්ජුත්තරා නමින් හැඳින්වූවාය. “ භද්‍රාවතී “ සිටු නිවසේ ඛුජ්ජුත්තරා වැඩෙන අතරේ භද්‍රවතී නගරයෙහි අභිවාතක නම් රෝගය බෝ විය. මේ රෝගයෙන් බේරෙන්නට මැදුරේ බිත්ති සිදුරු කර පැන යන භද්‍රාවති සිටුතුමාත්, දේවියත්, “ සාමාවතී” නම් දියණියත් නුවරින් පැන යන්නේ ඔවුන්ගේ යහළු “ ඝෝෂක” නම් සිටුවරයා සොයා යන්නට තීරණය කළෝය. නමුත් මහත් වෙහෙසට පත් සිටුවරයා හා දේවිය කුසගින්න අධික හෙයින් පමණයට වැඩි ආහාර ගැනීමෙන් මිය ගියේය. පසුව අසරණව සිටි සාමාවතී ඝෝෂක සිටුවරයා විසින් හඳුනාගෙන දු තනතුරෙහි තබා ඇති දැඩි කළේය. වැඩිවියට පත් සාමාවතී දිනක් උදේන රජු විසින් දකිනු ලැබ, ඔහුගේ අග මෙහෙසිය බවට පත් කර ගන්නා ලදින් කුඩා කල සිට සිටු ගෙදර සිටි ඛුජ්ජුත්තරා ද සාමාවතී බිසව සමගින්ම උදේන රජ මාලිගයට පැමිණ සාමාවතීගේ හිතවත්ම උපස්ථායිකාව බවට පත් වූවා.
එතැන් සිට සාමාවතී බිසවට අවශ්‍ය මල් මිලදී ගැනීමට “ සුමන “ නම් මාලාකරු ළඟට දිනපතා යන්නේ ඛුජ්ජුත්තරාය. දිනක් මෙසේ මල් ගෙන යාමට පැමිණි ඛුජ්ජුත්තරාට මල් නොලැබුණි. එදා සුමන මල්කරුගේ ගෙදර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා දානයකි. එනිසා මල් නොවිකුණන බවත් දානය අවසානයේ මල් ඉතිරි වී ඇත්නම් ඒවා රැගෙන යා හැකි බවත් මල්කරු පැවසීය. කෙසේ හෝ මල් ටිකක් රැගෙන යන්නට සිතූ ඇය දානය අවසන් වන තුරු රැඳී සිටින්නට තීරණය කළාය. මහා කරුණා නිධාන වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සුමන මල් කරුගේ නිවසට වැඩම කොට දන් වළඳා අනුමෙවෙනී බණ වදාරන්නේ අසා සංධාන ගෘහපතියාගේ දියණියකව සිටි සමයේ පසේ බුදුවරයාණන් හට දන් වැළඳීමට උදව් කොට කරන ලද ප්‍රාර්ථනාව නිසා ලද ස්මෘති ඤාණයෙන් යුත් ඛුජ්ජුත්තරා , බුදු හිමි දෙසූ සියලු ධර්මයන් මතක යේ රඳවාගෙන අවබෝධ කොට ගත්තී .සෝවාන් ඵලයට පැමිණියාය. දිනපතා මල් ගෙන යාම සඳහා සාමාවතී බිසව ඇයට අට මස්සක මුදල් දුන්නද ඉන් සතර මස්සක මල් ගෙන ඉතිරි මුදල් සඟවා තබා ගන්නට වෙනදා ඇය පුරුදුව සිටියාය. එහෙත් උතුම් වූ සෝවාන් පලයෙහි පිහිටි බැවින් එදින වංචාවකින් තොරව සියලුම මුදලින් මල් ගෙන ගියාය. එදින මල් වැඩිවෙන්නට හේතුව විමසූ සාමාවතී බිසවට ඛුජ්ජුත්තරාවන් විසින් සියලු පුවත් කියන ලදින් බුදු බණ අසන්නට ඇයටද දැඩි ආශාවක් උපන්නාය. ඇය ඛුජ්ජුත්තරාව නහවා, අලුත් වස්ත්‍ර අන්දවා,ධර්මාසනයක හිඳුවා ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය අපටත් කියා දෙන්නැයි කීවාය.
කරන ලද කුසල කර්මයේ මහිමයෙන් උතුම් වූ ස්මරණ ශක්තිය ඇති ඛුජ්ජුත්තරාවෝද බුදුන් වහන්සේගෙන් උගත් ඒ ධර්මය මිහිරි ලෙස ප්‍රකාශ කළෙන් සාමාවතී ඇතුළු පන්සියයක් කාන්තාවෝ සෝවාන් පලයට පත් වූවාය. ඉන් පසු ඛුජ්ජුත්තරා මෙහෙකාරකමෙන් මුදවා මව් තනතුරෙහිලා සැළකීමට සාමාවතී බිසව කටයුතු කළාය.
මේ අතර උදේන රජුගේ අනෙක් ප්‍රධාන බිසවක වු මාගන්දියා නම් බිසව සාමාවතිය කෙරේ ඊර්ෂ්‍යාවෙන් පසු වුවාය. මාගන්දියා බුදුන් වහන්සේ කෙරෙහි ක්‍රෝධයෙන් පසු වූයෙන් , බුදුන් සරණ ගිය සාමාවතිය කෙරෙහි මහත් වූ වෛර සිතකින් පසු වූවාය. කෙසේ හෝ සාමාවතිය මැරවීමට කිහිපවරක්ම උත්සාහ කළද සාමාවතිය ගේ මෛත්‍රී සිතෙහි බල මහිමයෙන් ඒවා අසාර්ථක වූ අතර , එහෙත් අවසානයේ සිය සුළු පියාගේ මාර්ගයෙන් සාමාවතී බිසවගේ මාලිගයට ගිනි තැබීමට මාගන්දියට හැකි විය. ඒ ගින්නෙන් සාමාවතී බිසව සහ පන්සියයක් කාන්තාවෝ දැවී අළු බවට පත් වුවද කෙසේ හෝ දිවි ගලවා ගැනීමට ඛුජ්ජුත්තරා සමත් වූවාය. ඇය එසේ ගින්නෙන් දිවි බේරා ගත්තේ පෙර කරන ලද කුසල කර්මයක විපාක ලෙසිණැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙසේය.
එක් අබුද්ධෝත්පාද කාලයක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රජ කරන සමයෙකි. දිනක් රජු තම බිසෝවරුන්ද සමඟ උයන්කෙළි සඳහා උයනට පැමිණියහ. ඒ අතරේ එක් පසේ බුදුවරයෙන් එම උයනට වැඩ එහි තිබූ පිදුරු කුටියක නවාතැන් ගෙන සිටි සේක. උයන් කෙළියේ යෙදුණු බිසෝවරු පොකුණෙන් දිය නෑමෙන් පසු දැඩි සීතලයෙන් පෙළෙන්නට වූවාය. රජුගේ අග මෙහෙසිය සිය දාසියකට මෙසේ කීවාය.
“මේ සීතල ඉසිලිය නොහැකියි .. අර පිදුරු කුටියට ගිනි තබාපන් . එවිට උණුසුම ලැබේවි. “
ගිනි අවුලන්නට ගිය දාසිය එහි වැඩ සිටි පසේ බුදුන් වහන්සේ දැක, ආපසු විත් එහි හාමුදුරුනමක් වැඩ සිටින බවත් ඒ නිසා ගිනි තැබිය නොහැකි බවත් කීවාය..
“ කවුරු වුණත් ඔහෙ හිටපුදෙන් .. නුඹ ගොස් ගිනි තබාපන් .”
බිසව යළිත් අණ කළ නමුත්, දාසිය ගිනි තැබීමට අකමැති වූයෙන් බිසවම ඊට ගිනි තැබුවාය. කුටිය ගිනිගන්නවා දුටු පසේ බුදුන් වහන්සේ සෘධියෙන් පිටතට පැමිණ පෙළ හර පෑවාය. තමන් ගිනි තැබුවේ පසේ බුදු කෙනෙකුන් වැඩ සිටි කුටියට බව දැනගත් බිසව සහ පිරිස සමාව ගත්තද කුටියට ගිනි තැබීමේ අකුසල කර්මය එළෙසම පැවතිණි. ඉන් බොහෝ කලකට පසු සසර මඟ ගෙවා උදේන රජුගේ අග මෙහෙසිය වී, ගින්නට හසු වි මිය ගිය සාමාවතියව උපන්නේ පසේ බුදුන් වැඩ සිටි කුටියට ගිනි තැබූ බිසවය. රජ බිසවගේ අණින්වත් කුටියට ගිනි තැබීමට අකමැති වූ කුසලයෙන් ඛුජ්ජුත්තරාව උපන් මේ භවයේදී ගින්නෙන් බේරී පලා යාමට දාසියට හැකිවිණි. එසේ පෙර කරන ලද යහපත් හා අයහපත් කර්මයන්හි විපාක විඳිමින් සසර මඟ ගෙවු ඛුජ්ජුත්තරාවෝ ගෞතම සම්බුදුරජාණන් අබියස සැදැහැවත් උපාසිකාවක් බවට පත් වී බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලද්දීය. බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලබන්නට තරම් පින් කළ ඛුජ්ජුත්තරුා දාසියකව උපදින්නට හේතු කවරේදැයි දම් සභා මණ්ඩපය ට රැස් වූ භික්‍ෂූන් වහන්සේලා අතර කුකුසක් ඇති වූහ. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
“ මහණෙනි! මේ ඛුජ්ජුත්තරාවෝ සසර ගමනේ එක් ආත්ම භාවයක, ධනයෙන්, බලයෙන්, රූපයෙන්, උසස්ව උපන්නේ ඓශ්චර්යයෙන් මත්ව තමන් අබියසට එන සියලු දෙනාට දාස වාදයෙන් අමතන්නට පුරුදුව සිටියාය. ඒ අකුසලයෙන් ඇය මෙසේ දාසියකව උපත ලද්දීය. එසේ හෙයින් සිත, කය, වචනය හික්මවා කටයුතු කිරීමෙන් සසර ගමනේ සැනසුම් ලද හැකි වේ යැයි වදාරා ගෞතම බුදු සසුනේ බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානයට පත් ඛුජ්ජුත්තරාවන් පිළිබඳ ගෙනහර පා කතා පුවත අවසන් කළ සේක.

තණ අග රැඳි පිනි බිඳුවකි ජීවිතය
තණ අග රැඳි පිනි බිඳුවකි ජීවිතය
.
අංගුත්තර නිකායේ සප්තක නිපාතයේ දුතිය පණ්ණාසකයේ මහා වග්ගයට අයත් ‘අරක සූත්‍ර’ දේශනාව පෙර කලෙක පහළ වූ ‘අරක’ නම් ශාස්තෘවරයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් පෙළක් උපුටා දක්වමින් අප භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකොට වදාළ සූත්‍ර දේශනාවකි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ කලින් කලට පහළ වන සේක. එසේ පහළ වන්නා වූ බුදුරජාණන් වහන්සේ මෝහය නිසා ලෝකය තුළ යටපත්ව ඇති පරමාර්ථ ධර්මය නැවත මතුකොට ගනිමින්, සසර ගමනේ දුකින් පෙළෙන සියලු සත්ත්වයන් එම දුකින් නිදහස්වීමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාදය මුල්කොට ගත් ශ්‍රී සද්ධර්මය දේශනා කරන සේක. ‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේත් අප ගෞතම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සෙයින් ම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මතුකොට දැක්වූ පරමාර්ථ ධර්ම කතාවත් මෙම “අරක සූත්‍ර” දේශනාවෙන් අපට පැහැදිලි කොට ගත හැකියි.
අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ මේ ආකාරයෙන් විස්තර කර ගනිමු. එනම්, මහණෙනි, පෙර සිදුවූවක් ඔබට කියන්නෙමි. කාමයන්ගෙන් මුළුමනින් බැහැරව වීතරාගී වූ ‘අරක’ නම් ශාස්තෘවරයෙක් පෙර කාලයක වැඩ සිටියා. එම ශාස්තෘවරයාණන් වහන්සේට සිය ගණනක් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ සිටියා. ඒ ‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ ලෙසින් ධර්මය දේශනා කළ සේක.
“අප්පකං බ්‍රාහ්මණා ජීවිතං මනුස්සානං
පරිත්තං ලහුකං බහුදුක්ඛං
බහුපායාසං මන්තාය බොද්ධබ්බං
කත්තබ්බං කුසලං චරිතබ්බං
බ්‍රහ්මචරියං නත්ථි ජාතස්ස අමරණන්ති”
බ්‍රාහ්මණයනි, ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට කළ ආමන්ත්‍රණයයි. මනුස්සයන්ගේ ජීවිත කාලය බොහෝම ස්වල්පයි. එය ඉතාම කෙටියි. ඒ ලෙස ම බොහෝ ම දුක්වලින් පිරී පවතිනවා. බොහෝ උපායාස හෙවත් බලවත් සිත් තැවුල්වලට මුහුණපාන්නට වෙනවා. මේ නිසා සම්‍යයක් ප්‍රඥාවෙන් ම ඒ ගැන දත යුතුයි. තේරුම්ගත යුතුයි. එය තේරුම්ගෙන අවබෝධ කොටගෙන කුසල් සිදු කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. ඉපදුනු අයෙකුට නො මැරී සිටීමක් නම් නැත. ‘නත්ථි ජාතස්ස අමරණං” යනුවෙන් සඳහන් කළේ ඒ අදහසයි.
මේ දහම් පෙළ කෙටියෙන් විස්තර කර ගනිමු. මනුෂ්‍යයන්ගේ ජීවිත කාලය බොහෝ ම කෙටියි. අල්පයි. එයද දුක් කම්කටොළුවලින් පිරී පවතින්නේ. වර්තමාන කාලය තුළ සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුගේ ආයු කාලය අවුරුදු සියයක් ලෙස අපි උපකල්පනය කරමු. ඉතා ම කලාතුරකින් අයෙකුට අවුරුදු සියයකට වඩා තව දහයක්, පහළොවක්, විස්සක් පමණ කාලයක් ගත කළ හැකි වේවි. නමුත් වැඩිම පිරිසක් අවුරුදු සියයට මෙහා පැත්තේ දී ජීවිතය අවසන් කරනවා. නමුත් අප අමතක නොකටයුතු කරුණක් මෙහි පවතිනවා. එනම් සෑම කෙනෙකුට ම අවුරුදු සියයකට ආසන්න කාලයක් ජීවත්වන්නට ලැබෙන්නෙ නැහැ. අප බොහෝ විට කතා කරනවා. අකාල මරණයක් කියා. සම්මුතිය හැටියට කෙනෙක් අකාල මරණයක් යැයි සඳහන් කරන්නේ අවුරුදු අසූවක් හෝ සියයක් බලාපොරොත්තුව ළමා, තරුණ, මධ්‍යම, වයසෙහි දී මිය යන්නට යෙදුණොත්, එය අකාල මරණයක් ලෙස කල්පනා කරනවා. එනමුත් පරමාර්ථ ධර්මයට අනුව මරණය අකල් නො වන්නේ මරණය උපදින හැම සත්ත්වයෙකුට ම ඕනෑම මොහොතක උරුම විය හැකි නිසා ය.
මවු කුසකට ගන්ධබ්බයකුගේ පැමිණීම හෙවත් පටිසන්දි විඥානය සකස්වීමෙන් අනතුරුව හැම මොහොතක් ම මරණයට උරුමකම් කියන අවස්ථාවක් හැටියට අප මෙනෙහි කළ යුතුයි. සාමාන්‍යයෙන් මවු කුසක දස මාසයක් කළලයක් හැදෙන වැඩෙන කාලය තුළ ඕනෑම වෙලාවක් මරණයට පත්විය හැකියි. මවුකුසින් බිහිවෙන අවස්ථාව ද, බිහිවීමෙන් ස්වල්ප වෙලාවකින් ද, දින කීපයකින් ද, සති, මාස, අවුරුදු කීපයකින් ද ළමා කාලයේ ද, තරුණ කාලයේ ද, මධ්‍යම කාලය හා ජීවිතයේ සැදෑ සමය යන ඕනෑ ම අවස්ථාවක් මරණයට පත්විය හැකි අවස්ථාවක් විය හැකියි. මෙය තවත් සරල වචනයකින් සඳහන් කළොත් ඕනෑම උදෑසනක් ජීවිතයේ අවසානය විය හැකියි. ඕනෑම මධ්‍යහනයක් ජීවිතයේ අවසාන මොහොත විය හැකියි. ඕනෑම රාත්‍රියක් ඕනෑම අයෙකුට ජීවිතයේ අවසන් රැය විය හැකියි. එසේ නම් මරණය අකාල වෙන්නෙ සම්මුතියට විනා පරමාර්ථ වශයෙන් නොවේ.
‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළම අප ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළට ගලපාගෙන සිහිපත් කරමු.
“මරණ ධම්මෝම්හි මරණං
අනතීතෝති අභිණ්හං
පච්චවෙක්ඛිතබ්බං, ඉත්ථියාවා
පුරිසේන වා ගහට්ඨෙන වා
පබ්බජිතේනවා ති”
ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා විසින් නිතර සිහිපත් කළ යුතු දහම් කරුණු පහක් අතර එම අදහසත් භාග්‍යවතුන් වහන්සේ විසින් “ඨාන” සූත්‍ර දේශනාවේ දී පැහැදිලි කොට දේශනා කරනු ලැබුවා. එය මෙසේයි “අපි හැමකෙනෙක් ම මෙසේ සිතන්නට සිත පුරුදු කොට තිබිය යුතුයි. විශේෂයෙන් ම රාග, ද්වේෂ, මෝහ කෙලෙස් පහළ වෙන්නට අවස්ථාව සැලසෙන හැම මොහොතක ම ජීවිතයේ යථා ස්වභාවය නුවණින් දැක වැඩිය යුතුයි. එනම් මම මරණය උරුමකොට ඇත්තෙක් වෙමි. මරණය නො ඉක්මවා සිටින්නෙමි. මේ බව ස්ත්‍රී, පුරුෂ, ගිහි, පැවිදි අප සියලු දෙනා විසින් නිතර සිහිපත් කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ.
ජීවිතය ඉතා කෙටියි. එය බොහෝ ම දුකින් පිරී පවතින්නේ. සම්මතයෙහි අප දුක් ලෙස දකින දිරාගෙන යෑම, ලෙඩදුක්, අප්‍රියයන් හා එකතුවීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති දෑ සියල්ල ඒ ආකාරයෙන් ඉටුනොවීම, මනසේ ඇතිවන බලවත් සිත් තැවුල්, ඒ සිත්තැවුල් ම හේතුකොටගෙන සිදුවන දැවෙන පිච්චෙන ස්වභාවය, කෙලෙස්වල දාහය මේ අප්‍රමාණ වූ දුක්වලින් මේ කෙටි වූ ජීවිතය පිරී පවතින බව පැහැදිලියි. ඒ වගේ ම ජීවත්වීම සඳහා ආහාර සොයා ගැනීම, නිවහනක් තනා ගැනීම. වස්ත්‍රාදිය සොයා ගැනීම. ගිලන්වන විට බෙහෙත් සපයා ගැනීම. වශයෙන් අනේක විධ දුක්වලින් පිරී පවතින බව ඉතා පැහැදිලියි.
“කිච්චෝ මනුස්ස පටිලාභෝ
කිච්චං මච්චාණ ජීවිතං” යනුවෙන් සඳහන් කළෙත් මෙම අදහසමයි. මනුෂ්‍ය ජීවිතයේ ලැබීම දුර්ලභ වගේ ම ලෙඩදුක්, කරදර, බාධක දුක් කම්කටොලුවලින් හැකිතාක් දුරට බැහැරව ජීවිතය පවත්වා ගැනීමත් ඉතාම දුර්ලභ කරුණක්. මේ බව සම්‍යයක් ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන කුසල් මඟට ළංවිය යුතුයි. එනම් ලෝභ, දෝෂ, මෝහ මුල්කොටගත් කෙලෙස් සංසිඳවමින් සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩිය යුතුයි. එයයි කුසල් කටයුතු යනුවෙන් සඳහන් කරන්නේ. එලෙස ම බ්‍රහ්මචර්යා මාර්ගයට එකතුවිය යුතුයි. සීල සමාධි ප්‍රඥා ගුණ මඟට එකතුවන විට බ්‍රහ්මචර්යා මාර්ගය සකස්වෙනවා. සම්මතය තුළ මොනතරම් “මම මගේ” කියා සියලු සංඛත සංඛාර වස්තු අප සිතින් දැඩිව අල්ලගත්තත් ඒ සියල්ලම හට ගත්තා වගේ ම නැතිව යන බව විදර්ශනා නුවණින් ම මෙනෙහි කළ යුතුයි. යම් වස්තුවක් පඨවි ආදී ධාතූන්ගෙන් සකස් වෙනවා නම්, ඒ පඨවි ආදී හේතුප්‍රත්‍යයන් විසිරිලා යන විට අර මුලින් සකස් වූ ඵලයත් නැතිව යන බව නුවණින් අප අපේ ම ජීවිතවලින් අවබෝධ කොටගත යුතුයි.
භාග්‍යවතුන් වහන්සේ අවසානයේ මෙසේ දේශනා කරනවා. “නත්ථි ජාතස්ස අමරණන්ති” උපන්නාට නො මැරී සිටීමක් නම් නැත. සියලු දෙනා විසින් නිතර සිහිපත් කළ යුතුයි. මරණය සිදුවන බව, කුමන හෝ මෙහොතක එය සිදුවිය හැකි බව, කුමන හෝ ආකාරයකින් එය සිදුවිය හැකි බව, දන්නා නුවණැති මනුෂ්‍යයෝ වහ වහා කුසලයට ළංව බ්‍රහ්මචාරී ජීවිතයක් පවත්වනවා.
‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. බ්‍රහ්මණයෙනි, “තෘණ අග යම් වූ ද පිනි බිඳු හිරු උදාවන විට සකස් වී තිබේ ද? ඒවා වහා බිම වැටී නැතිව යනවා. හිරු පායාගෙන එන විට තෘණ අග තිබෙන පිනි බිඳු ස්ථිරව පවතින්නේ නැහැ. ඒ වගේ ම මනුෂ්‍යයන්ගේ ජීවිතයත් කෙටියි. ඉතාම කෙටියි. ඉතාම අල්පයි. බොහෝම දුකින් පිරිලා. දැඩි දුක්කම්කටොළුවලින් මෙන් ම කායික මානසික දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී පවතිනවා. මේ බව සම්‍යක් ප්‍රඥාවෙන් දැක ගත යුතුයි. එසේ දැක කුසල් කරන්න. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. නැවත නැවතත් සිහිපත් කරන්නේ. උපන් පුද්ගලයාට මරණයෙන් නම් ගැලවීමක් නැති බවයි.
.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

මරණින් පසු අපායගාමී වන කාන්තාවෝ
මරණින් පසු අපායගාමී වන කාන්තාවෝ
.
මහණෙනිෟ කරුණු පසකින් යුත් කාන්තාව මරණින් පසු නිරයට පැමිණෙයි. කවර පසකින්ද යත්, 1, ප‍්‍රාණඝාතයෙන් යුක්ත වෙයි. 2 අදින්නාදානයෙන් යුක්ත වෙයි. 3 කාමයෙහි වරදවා හැසිරෙන්නී වෙයි. 4 මුසා බණින්නී වෙයි. 5 රහමෙර පානය කරන්නී වෙයි.
.
පංචවේර සූත‍්‍රය
.
බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව කරනු ලබන්නේ අනුරුද්ධ තෙරණුවන්ගේ ඉල්ලීම මතයි. තමන් වහන්සේ මරණින් පසු කාන්තාවක් නරකයට යනු දිවසින් දුටු බවත් එසේ වීමට බලපාන හේතු මොනවාදැයි උන්වහන්සේ බුදුරදුන්ගෙන් විමසති. දිවැස ඇත්තවුන් අතුරෙන් අගතනතුරු ලත් අනුරුද්ධ තෙරණුවන් විමසා සිටි කල්හි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරති.
කෝධන සූත‍්‍රයෙහිදී මරණින් පසු නිරයට යාම පිණිස බලපානු ලබන කරුණු පහක් දක්වා තිබේ. එම කරුණු පහ අදාළ වන්නේද කාන්තාවන්ටය. (මාතුගාම). එනම්,
1. ශ‍්‍රද්ධා සම්පන්න බව අඩුකෙනෙක් වීම (අස්සද්ධෝච හෝති)
2. පාපකාරී ක‍්‍රියාවන් කිරීම සඳහා ලජ්ජා නැති කෙනෙක් වීම (අහිරිකෝච හෝති)
3. පාපකාරී ක‍්‍රියාවන් කිරීම සඳහා බිය නැති කෙනෙක් වීම (අනොත්තාපී ද හෝති)
4. නිතර නිතර කිපෙන සුළු කෙනෙක් බවට පත්වීම (කෝධනෝ ච හෝති)
5. මොළේ නැති වැඩ නිතර නිතර කරන කෙනෙක් වීම (දුප්පඤ්ඤෝ ච හෝති)
උපනාහී යන පාලි වචනයේ සිංහල තේරුම වන්නේ බද්ධ වෛරය යන්නයි. බද්ධ වෛරය ඇති වෙන්නේ කෙනෙකුගේ මනස තුළය. එය බාහිර සමාජයට දෘෂ්‍යමාන ලක්ෂණයක් නොවේ. බද්ධ වෛරය නිසා කරනු ලබන ඇතැම් ක‍්‍රියා බාහිර සමාජයට පෙනුණ ද එකී අපරාධය හා බැඳුණු මූලික මානසික තත්ත්වය මනෝද්වාරය හා සම්බන්ධ එකකි. බද්ධ වෛරය කෙනෙකුගේ මනසෙහි එකවර ඇති වන්නේ නොවේ. බද්ධ වෛරය කෙනෙකුගේ මනසෙහි එකවර ඇති වන්නේ යයි කෙනෙක් කියනවානම් ඒ ඔහුගේ නොතේරුම්කම නිසාය.
කිසියම් කල්පනාවක් කෙනෙකුගේ මනසේ ඇතිවන්නේ සාමාන්‍ය සිතුවිල්ලක් හැටියටය. එම සිතුවිල්ල මනසෙහි පවතින හා කි‍්‍රයාත්මක වන ආකාරය අනුව එහි වෙනත් ස්වභාවයන් ගනී. කෙනෙකුගේ මනසෙහි නොමනාපයක් ඇතිවිය හැකිය. එය සාමාන්‍ය සිතුවිල්ලකි. එය එතරම් ප‍්‍රබල එකක් නොවේ. නමුත් එම නොමනාප සිතුවිල්ල මනසින් ඉවත් කරගනු නොලැබුව හොත් මනෙසෙහි දීර්ඝ කාලීනව පැවතුන හොත් එය තරහව බවටද, පසුව කේන්තිය බවටද, ක්‍රෝධය බවටද, වෛරය බවටද ක‍්‍රමානුකූලව ගැඹුරට යයි. එහි අවසානය වන්නේ බද්ධ වෛරයයි.
බද්ධ වෛරය බරපතළ මානසික අකුසලයකි. උපනාගී සූත‍්‍රයෙහි දී දක්වන්නේ බද්ධ වෛරය කිසියම් කාන්තාවකගේ මනසෙහි පැවතුනහොත් එම අකුසලය නිසා එම තැනැත්තිය අනිවාර්යයෙන්ම මරණින් පසු නිරයට පැමිණෙන බවයි. බද්ධ වෛරය මානසික වශයෙන් ජීවිතයේ සතුට නැති කරවන, ප‍්‍රබෝධය හා සැනසිල්ල නැති කරවන තම ජීවිතයේ සෑම දෙයක්ම අවුල් අපිළිවෙළ කරවන, මරණින් පසු අනිවාර්යයෙන්ම අපා දුක් විඳවන, මැරෙන තුරුද නොවිඳිනා අපාදුක් විඳවන බරපතළ අකුසලයකි. කෙනෙකුගේ මනසෙහි එබඳු අකුසල සිතක් පහළ වන්නේද බරපතළ අකුසලයකටය.
ඉස්සා යන පාලි වචනයෙහි සිංහල තේරුම ඊර්ෂ්‍යාව යන්නයි. ඉස්සුකී යනු ඊර්ෂ්‍යා ඇත්තා යනුයි. ඉස්සුකී සූත‍්‍රයෙහි දී දක්වන්නේ ඊර්ෂ්‍යා සහිත කෙනෙක් බවට පත්වූ කාන්තාව එය මනසින් ඉවත් කරනොගෙන දීර්ඝකාලීනව තබාගනු ලැබුවහොත් මරණින් පසු අපායේ උත්පත්තිය ලබන බවය. තද මසුරු බවද (මච්ඡුරීච හෝති) එබඳුම අකුසලයකි. මච්ඡරී සූත‍්‍රයෙහිදී දක්වා ඇත්තේ තද මසුරු බව නැමැති මානසික අකුසලය. දීර්ඝ කාලීනව තිබීම ඊළඟ භවයේ අපායේ උත්පත්තිය ලැබීම පිණිස හේතු වන බවයි. මෙහිදී අවධාරණය කර දක්වා ඇත්තේ මාගමකගේ මානසික තත්ත්වය පිළිබඳවය.
අඹුසැමි ජීවිතයක් ගතකිරීම සඳහා නීත්‍යානුකූළව හෝ මානසිකව බැඳුණු දෙදෙනෙකු එකී බැම්මට එරෙහිව හෝ අවසරයකින් තොරව වෙනත් කෙනෙකුගෙන් කම්සැප සෙවීම නීතිමය ලෙස වරදක්ද, ධර්මානුකූලව බරපතළ අකුසලයක්ද වේ. කිසියම් කාන්තාවක අවසරයකින් තොරව එසේ වරදෙහි බැඳෙන්නේ නම් (අතිචාරී ච හෝති) එම අකුසල කර්මයේ විපාක වශයෙන් ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම අපායගාමී වන බව අතිචාරී සූත‍්‍රයෙහි දක්වා තිබේ. දුශ්චරිත බවද ස්ත‍්‍රියට මළයක් බව දක්වා තිබේ. දුස්සීල බවද (දුස්සීලො ච හෝති) දීර්ඝ කාලීන ලෙස පැවතීම කාන්තාවකගේ ඊළඟ භවය අපායගාමී කරවීමට සමත්වෙයි.
අනුවණ කෙනෙකු ලෙස ජීවත්වීම සහ බුද්ධිමත් කෙනෙකු ලෙස ජීවත්වීම, ජීවත්වීම අතින් සමාන වුවද එහි බරපතළ වෙනසක් තිබේ. අවබෝධය යනු කායික තත්ත්වයක් නොව මානසික තත්ත්වයකි. එම මානසික බව කායික ක‍්‍රියාවන්ටද බලපානු ලබයි. කෙනෙකුට අවබෝධය හා අනවබෝධය ලැබෙන්නේ අධ්‍යාපනික හා සමාජ සංස්කෘතික වශයෙන් ලැබූ නුවණැති බවත් සමගය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැනැත්තා වඩාත් සමීපවන්නේ අවබෝධපූර්වක පක්ෂයටයි. ඇසූ පිරූ තැන් නැති තැනැත්තා (අප්පස්සුතොච හෝති) වඩාත් සමීප වන්නේ අනවබෝධයටයි. ඇසූ පිරූ යනු තේරුම් දෙකක් සහිත වචන දෙකකි. ඇසූ යනු දැනුමයි. පිරූ යනු චරිතවත් බවයි. කාන්තාවකගේ ජීවිතය ලස්සන වන්නට නම් මේ අංශ දෙකම මනාසේ පැවතිය යුතුය.
කාන්තාවක වශයෙන් උපත ලැබීම පෙර සංසාරයේ අකුසල් නිසා සිදුවන්නකිය යන අදහසක් ඇතැම්හු තුළ වෙති. බුදු දහමට අනුව එම අදහසෙහි සත්‍යතාවක් ඇත්තේ නැත. බමුණු දහමට හෙවත් බ‍්‍රාහ්මණ ආගම අනුව නම් එහි සත්‍යතාවක් තිබේ. පෙර බොහෝ පව් කළෝ කාන්තාවක් වී උපත ලබන්නේ යැයි එම දහමෙහි බමුණා කීහ. කාන්තාවක වී උපත ලැබීම අකුසලයක් හෝ පව්කාර කමක් ලෙස නොදකින බුදු දහම කාන්තාවට ආවේණික ලක්ෂණ කිහිපයක් පවතින බව දක්වයි. පිරිමින්ට නැති කාන්තාවකටම පමණක් පවතින ලක්ෂණ නිසා ඒවා ආවේණික ලක්ෂණ ලෙස දක්වා තිබේ.
එනම්, තම ඥාතීන් අතහැර පතිකුලයට යාමට සිදුවීම (මාතුගාමෝ දහරොව සමානො පතිකුලං ගච්ඡුති)
2. මාසික වේදනා සහිත වෙයි (මාතුගාමෝ උතුනි හෝති)
3. ගැබිනියක වශයෙන් සිටීමට සිදුවෙයි (මාතුගාමෝ ගබ්භිනී හෝති)
4. දරුවන් වැදීමට සිදුවීම (මාතුගාමෝ විජායති)
5. පුරුෂයාට යටහත්ව ජීවත්වීමට සිදුවෙයි. (මාතුගාමො පුරිසස්ස පාරිච්චරිය උපෙති)
එක්තරා තරුණියක සිටියාය. නිසි වයස් සම්පූර්ණ වූ ඇය සුදුසු සහකරුවකු සමග විවාහප‍්‍රාප්ත වූවාය. විවාහ වී කලක් ගත වුවද ඇයට දරුවන් ලැබීම ප‍්‍රමාද විය. සැමියාගේ නෑයෝ ඒ ගැන නොමනාපය පළකරන්්නට වූහ.
”ඔබගේ බිරිඳ වඳියකි. ඔබට දරුවන් ලබාදීමට තරම් හැකියාවක් ඇයට නැත. දරුවන් බලාපොරොත්තු වන්නේ නම් ඔබ වෙනත් විවාහයක් කරගන්න”. නෑයෝ කීහ. සැමියා ඔවුන්ගේ බස නොපිළිගත්තේය. ඔහු බිරිඳ ගැන විශ්වාසය තැබීය. නැවත ද නැවත ද නෑදෑයන්ගේ ඇවිටිලි බිරිඳට ද මහත් හිසරදයක් විය. ඒ නිසා ඇය දවසක් සිය සැමියාට මෙසේ කීවාය. ”ස්වාමීනි මම වඳ ගැහැනියකි. ඒ නිසා ඔබ අනික් කුමාරිකාවක ගෙන එන්න. එවිට ඔබගේ කුලපරම්පරාව ඔබට දිගටම ගෙනයා හැකිය” යනුවෙන්ය. සිය බිරිඳ නිතර නිතර මෙසේ කීම සැමියාට ද හිසරදයක් විය. ඒ කීම නිසාම ඔහු වෙනත් බිරිඳක ගෙදරට ගෙන ආවේය. සපත්තියෝද සතුටින් කල්ගත කළහ. ගෙදර පුරා සතුටද සොම්නසද තිබිණි. ටික දිනක් ගතවන විට අලූත් මනාලිය ගැබ්බර වූවාය. පරණ බිරිඳට ඇයගේ සතුටුදායක ආරංචිය හිතට නොමනාපයක් අරගෙන ආවේය.
ඒ නිසා පැරණි බිරිඳ එක්තරා පරිබ‍්‍රාජිකාවක හිතමිත‍්‍ර කරගෙන ඇයට ආහාර පාන ආදිය දී සතුටු කරවා ගබ්සා බෙහෙතක් ඉගෙන අනිකියගේ ගැබ හෙළීම සඳහා රහසිගතව ඇයට දුන්නාය. ඒ බෙහෙතින් ඇයගේ කුසෙහි වැඩෙමින් සිටි දරුවා ගබ්සා විය. ඇය සැමියාගේ මෑණියන්ට මේ බව කී පසු මෑණියෝ නෑයන්ට ද දන්වා එසේ කිරීමට හේතු කාරණා කිම්දැයි වඳ ස්ත‍්‍රියගෙන් විමසන්නට වූහ.
”ඔබ මේ ගැබ නැති කළා නොවේද?” නෑයෝ ඇසූහ.
”මා එසේ කළේ නැත. අනවශ්‍ය විදියට මා ගැන සැක හිතන්න එපා” වඳ ස්ත‍්‍රිය කීවාය.
”ඔබ එසේ නොකළා නම් සත්‍ය වශයෙන්ම ඔබ එසේ නොකළා යැයි කියා දිවුරා ප‍්‍රකාශ කළ හැකිදැයි නෑයෝ විමසූහ”
”ඇත්තටම මා එබන්දක් කළේ නැත. මා එසේ කළා නම් මම දුගතියෙහි ඉපිද සා පිපාසා දෙකින් පෙළෙම්මා සවස සහ උදෑසන එක දවසකට දරුවන් පස්දෙනකු බැගින් වදා එම දරුවන් කා ඉන් සෑහීමකට පත්නොවෙන අම්මා කෙනෙක් වෙම්වා. නිතර දුගඳ හමන නිල මැස්සන්ගෙන් ගැවසීගත් කෙනෙකු වෙම්වා යි බොරුවට අප‍්‍රසිද්ධියේ දිවුලාය.
නෑයෝ ඇගේ දිවුරීම විශ්වාස කළහ. නමුත් ඇය කළේ බොරුවට දිවුරා අන් අය නොමග යැවීමක්ය. ඒ පවින් නොබෝ දිනකින් මරණයට පත් ඇය ඒ ගමට නුදුරු තැනක දුර්වර්ණ රූපයක් ඇති පේ‍්‍රතියක වී උපන්නාය. ඇය පේ‍්‍රතාත්මයේ ඉපිද බොහෝ දුක් විඳියි. පේ‍්‍රතවත්ථුවේ ඇයගේ විඳින දුක් පැහැදිලි කර තිබේ.
‘‘උදය කාලයේ පුතුන් පස්දෙනෙකුද සවස් කාලයේ පුතුන් පස් දෙනෙකුද වදා දිනපතා පුතුන් දස දෙනෙකු බැගින් කමි. ඒ මා වැදූ පුතුන් දස දෙනාගේ මස්ද දිනකට මගේ කුසගින්න නිවා ගැනීමට ප‍්‍රමාණවත් නොවේ. මම සාගින්නෙන් සහ පිපාසාවෙන් පෙළෙමි. මගේ හදවත කුසෙහි ගින්න නිසා මුළුමනින්ම දැවෙයි. දුම් දමයි. බෙහෙවින් මා තවයි. පිපාසිතව බොන්නට පැන් සොයා ඒ ඒ තැන ඇවිදිමි. එහෙත් පැන් බීමක් නොලැබෙයි’’ යනුවෙන්ය.
මෙලොව ජීවත්වන කාලය තුළ කරන කියන දේවල් ඒ ඒ පුද්ගලයන්ට මෙලොව දී මෙන්ම පරලොවදී ද විපාක ලැබෙයි. එම විපාකයෙන් ගැලවීමක් නැත. සමාජයට යහපත් දෙය කළ පුද්ගලයා පෙරළා එහි විපාකද අයහපත් දෙය කළ කෙනා එහි විපාකද ලබයි.බුදු දහමේ එය දක්වන්නේ විශ්ව නීතිය හෙවත් ස්වභාව ධර්ම නීතිය හැටියටය. ස්ත‍්‍රී පුරුෂ භාවය හෝ ගිහි පැවිදි භාවය සමාජයේ ජීවත්වීමේදි යම් යම් වරප‍්‍රසාද ලැබීමට ඇතැම් ඇතැම් තැන්වල ප‍්‍රයෝජනවත් වුවද කර්ම විපාකයෙහිදී එහි කිසිදු වෙනසක් නැත. කොයි පුද්ගලයා වුවද කුමන තරාතිරම වුවද කර්ම විපාකය ලබාදෙයි. එහි කිසිම වර්ග කිරීමක් හෝ බෙදා හදා සැලකීමක් දක්නට ලැබෙන්නේ නැත. එයට හේතුව එය ස්වභාව ධර්ම නීතියට යටත් වූවන් වන නිසාය.

ආනන්ද හාමුදුරුවන් සෝවාන් වූ හැටි
ආනන්ද හාමුදුරුවන් සෝවාන් වූ හැටි
.
දිනක් ආනන්ද හාමුදුරුවෝ මෙසේ කී හ: මන්තානි පුත්ත පුණ්ණ හාමුදුරුවෝ යොවුන් වියේ සිට මට බොහෝ උපකාරී වුණා.
උන් වහන්සේ මට මෙසේ අවවාද කළා.
“ඇවැත්නි ආනන්ද, තණ්හාවෙන්, මමය මගේය යන හැඟීමෙන් දැඩිව අල්ලාගැනීම නිසා ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙනවා. දැඩිව අල්ලා නොගැනීමෙන් එය ඇති වන්නේ නැහැ.
“කුමක් අල්ලා ගැනීමෙන් ද එය සිදු වන්නේ? කුමක් අල්ලා නොගැනීමෙන් ද එය සිදු නොවන්නේ?
“රූපය දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. රූපය දැඩිව අල්ලා නොගැනීමෙන් එය සිදු නො වෙයි.
“වේදනාව දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. වේදනාව දැඩිච අල්ලා නොගැනීමෙන් එය සිදු නො වෙයි.
“සංඥාව දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. සංඥාව දැඩිව අල්ලා නොගැනීමෙන් එය සිදු නො වෙයි.
“සංස්කාර දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. සංස්කාර දැඩිව අල්ලා නොගැනීමෙන් එය සිදු නො වෙයි.
“විඥානය දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. විඥානය දැඩිව අල්ලා නොගැනීමෙන් එය සිදු නො වෙයි.
“ඇවැත්නි ආනන්ද, රූපය නිත්‍ය ද? අනිත්‍ය ද?”
“ඇවැත්නි, රූපය අනිත්‍ය යි.”
“යමක් අනිත්‍ය නම් එය සැපයක් ද? දුකක් ද?”
“ඇවැත්නි, එය දුකක්.”
“යමක් අනිත්‍ය නම්, යමක් දුක නම්, යමක් වෙනස් වීමකට ලක් වෙනවා නම් එවැන්නක් මගේය කිව හැකි ද? එය මම වෙමියි කිව හැකි ද? මගේ ආත්මයයයි කිව හැකි ද?”
“නොහැකියි, ඇවැත්නි.”
“ඇවැත්නි ආනන්ද, ඒ ආකාරයට අතීත වූ ද අනාගත වූ ද, වර්තමාන වූ ද, ඇතුළත වූ ද, බාහිර වූ ද, ඕදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද ළං වූ ද දුර වූ ද යම් රූපයක් වේ ද යම් වේදනාවක් වේ ද යම් සංස්කාරයක් වේ ද යම් විඥානයක් වේ ද ඒ කිසිවක් මගේය, මම වෙමියි, මගේ ආත්මයයි නොසැලකිය යුතුයි.
“ඇවැත්නි ආනන්ද, මෙසේ අවබෝධ කොටගත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපයෙහි කලකිරෙයි, වේදනාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංස්කාරයෙහි කලකිරෙයි. විඥානයෙහි කලකිරෙයි. ඇලීමෙන් මිදෙයි. මිදීම නිසා ප්‍රඥාව පහළ වෙයි. ඒ ආර්ය ශ්‍රාවකයා බඹසර පුරා අවසන් ය. කළ යුතු සියලු දෑ කොට අවසන් ය. යළි ඉපදීමක් නැත.”
මන්තානිපුත්ත පුණ්ණ හිමියෝ මෙසේ මට අවවාද දුන්නා.
පුණ්ණ හිමියෝ නවකයකු වූ මට බොහෝ උපකාරී වුණා. මට අවවාද කළා. ඒ අවවාදවලට, ඒ ධර්ම දේශනාවට සිත් යොමු කළ මට ධර්ම අවබෝධය ලැබුණා. සෝවාන් බව ලැබුණා.

චුල්ල හත්ථිපදෝපම සුත්‍රය
චුල්ල හත්ථිපදෝපම සූත්‍රය:
.
ඇත් පියවර උපමාවෙන් දහම් අසා නිවන් මඟට
.
" ජානුස්සෝණි බ්‍රාහ්මණයා සතුටුවෙයි. මෙසේ පවසයි. හරිම සුන්දරයි. හරිම සුන්දරයි. යටිකුරු වූ දෙයක් උඩුකුරු කළා වගේ, වසා තිබූ දෙයක් ඇර පෙන්නුවා වාගේ. මංමුළා වූ අයෙකුට මාර්ගය පෙන්නුවා වගේ, අන්ධකාරයේ දැල් වූ තෙල් පහන් ඔසවාගෙන ඇස් ඇති අයට රූප පෙන්වනවා වාගේ සුන්දරව කියාදුන් බවයි."
ජානුස්සෝණි බ්‍රාහ්මණයා සහ පිලෝතික නම් තවුසා අතර ඇතිවන සංවාදයෙන් භාග්‍යවතුන් වහන්සේ සහ ඒ උතුම් ධර්මය පිළිබඳ ධර්ම කතාවක් පළමුවෙන් ම මේ සූත්‍ර දේශනාවෙන් මතුවෙයි. පිළෝතික තවුසා ජානුස්සෝණි බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ කෙරේ පැහැදීම පිළිබඳව මෙසේ විස්තර කරන්නේ ය.
යම් මනුෂ්‍යයෙකුට මහ වනයේ දී දිගින් පළලින් ලොකු ඇත් පියවර සටහනක් දකින්නට ලැබෙයි. මේ මහ ඇතෙකුගේ පියවර බවට ඔහු නිශ්චයකට පැමිණෙයි. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ පියවර සතරක් දැක මම මේ ලෙස නිශ්චයකට පැමිණුනෙමි. එනම් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය ස්වාක්ඛාතයි යනුවෙනි. මෙසේ පහදින්ට හේතු වූ පියවර සටහන් සතර නම් මෙසේයි.
වාදයෙහි ඉතාම දක්ෂ, ප්‍රඥාවෙන් දෘෂ්ඨි බිිඳිනවා වගේ හැසිරෙන ක්ෂත්‍රිය පණ්ඩිතයන් භාග්‍යවතුන් වහන්සේ වඩින ගමකට හෝ නියම් ගමකට ප්‍රශ්න කරන අදහසින් යති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්මය කියා දෙති. ධර්මයෙන් සතුටු කරවති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ සමඟ වාද නොකරති. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් බවට පත්වෙති. මේ මා දුටු පළවෙනි පියවර සටහනයි. මෙලෙස දෙවන පියවර සටහන ලෙස වාද කිරීමට සිතූ බ්‍රාහ්මණ පණ්ඩිතයින් ශ්‍රාවකයන් බවට පත්වීමෙන් ද තුන්වෙනි පියවර ලෙස ගිහි පණ්ඩිතයන් වාදකිරීමට පැමිණ එසේ නොකොට ධර්මයෙන් සතුටු වී ශ්‍රාවකයින් බවට පත්වීමෙන් ද, සතරවෙනි පියවර ලෙස ශ්‍රමණ පණ්ඩිතයින් වාදකිරීමට සිතා පැමිණ එසේ නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්මය අසා පැහැදෙති. ශ්‍රමණ පණ්ඩිතයෝ පැවිදි උපසම්පදා ලබති.
ඉන් අනතුරුව, අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව අනුත්තර බඹසර රැක රහත්ව වාසය කරති. උන්වහන්සේලා මෙසේ ද පවසති. අපි රහත් නොවී රහත් වගේ පෙනී සිටියෙමු. බ්‍රාහ්මණ නොවී බ්‍රාහ්මණ වගේ පෙනී සිටියෙමු. දැන් අපි නියම රහතුන් වහන්සේලායි. මේ ලෙසින් පියවර සටහන් දැක භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ ය. ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි යනුවෙන් නිගමනයට පැමිණියෙමි.
පිලෝතික තවුසා මෙසේ පැවසූ විට ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ කෙරේ පැහැදී උන්වහන්සේ වැඩ සිටින දෙසට වැඳ නමස්කාර කොට භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන ගියේ ය. භාග්‍යවතුන් වහන්සේට සිදු වූ සාකච්ඡාව පැවසී ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඇත් පියවර සටහන් උපමාව මෙසේ විස්තර කරන ලදහ.
ඇත් වනයේ වාසය කරන මනුෂ්‍යයෙක් සිටියි. දිග පළල ඇත් පියවර සටහනක් දැක, හොඳින් විමසා බලා ‘වාමනිකා’ නම් ඇතින්නියන්ගේ පියවර බව නිශ්චයට පැමිණෙයි. තවදුරටත් සොයා බලද්දී ලොකු ඇත් පා සටහන් වගේ ම ගස්වල උසට පිට ඇතිල්ලූ තැන් දැක ‘උච්චා කාළාරිකා’ නම් ලොකු පියවර සටහන් ඇති ඇතින්නයෝ බව නිගමනයට පැමිණෙයි. තවදුරටත් සොයා බලද්දී ලොකු ඇත් පියවර සටහන් වගේ ම ගස්වල උඩට පිට ඇතිල්ලූ සහ දළ දෙකෙන් අනින ලද තැන් දකියි. මේ “උච්චා කණේරුකා’ ඇතින්නියන්ගේ පා සටහන් බවට නිශ්චයට පැමිණෙයි. තවදුරටත් සොයා බලද්දි ලොකු ඇත් පියවර දකියි. ගස්වල උසට පිට ඇතිල්ලූ, දළ දෙකෙන් ඇන, අතුරිකිලි කඩා දැමූ, ගසක් යට හෝ එළිමහනේ සිටින ඇතා දකියි. මේ ‘මහා ඇත් රජා’ යනුවෙන් නිගමනයකට පැමිණෙයි.
මේ ආකාරයට විමසා බලන ප්‍රඥාවන්තයෙක්, තථාගතයන් වහන්සේ අර්හත්ය, සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය..... ආදී වශයෙන් දකියි. උන්වහන්සේ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ, දෙව් මිනිස් ප්‍රජාව ගැන ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මුල, මැද, අග, සුන්දර, අර්ථ සහිත මුළුමනින් ම පාරිශුද්ධ පරිපුර්ණ නිවන් මග දේශනා කරති. මේ උතුම් ධර්මය අසා යම් කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරේ අවබෝධයෙන් ගුණ දැන පැහැදී මේ ලෙස කල්පනා කරයි. ගිහි ජීවිතය සම්බාධ සහිතයි. කෙලෙස් සහිත මාර්ගයකි. පැවිද්ද ආකාසය වාගෙයි. මේ නිසා බඹසර හැසිරීමට ගිහි ජීවිතේ අත්හැර පැවිදිවෙයි. වස්තුව, ඥාතීන් මේ සියල්ල අත්හරියි.
මෙසේ පැවිද්ද ලබා භික්ෂුවක් ලෙස ශික්ෂා පද අවබෝධයෙන් රකියි. ප්‍රාණඝාතයෙන් වැළකී දඬුමුගුරු අවි ආයුධ නොදරා ලජ්ජීව සියලු සතුන් කෙරේ දයාවන්ත වෙයි. හිතානුකම්පී වෙයි. සොරකමින් වැළකෙයි. මෛථුනය නම් වූ කාමසේවනයෙන් වැළකී බ්‍රහ්මචාරී වෙයි. බොරුකීමෙන්, කේළාම්කීමෙන්, පරුෂ වචන කීමෙන් වළකියි. දොස්රහිත, කනටමිහිරි, සෙනෙහෙබර, හෘදයාංගම යහපත් වචන කියයි. කාලයට සුදුසු, අර්ථවත් ධර්මය ම, විනය, මෙනෙහි කළ හැකි දේ කතා කරයි. ගහකොළ වැනසීමෙන් වළකියි. විකාල භෝජනයෙන් වළකියි. නැටුම්, ගැයුම්, වැයුම් විකාර දර්ශනයෙන් සුවඳ විළවුන් මල් ආදිය පරිහරණයෙන් වළකියි. සැප පහසු ආසන පරිහරණයෙන් වළකියි. රන්රිදී කහවණු පිළිගැනීමෙන් වළකියි. අමු ධාන්‍ය, අමු මස්, ස්ත්‍රීන්, කුමරියන්, දැසි දස්සන් ආදී නුසුදුසු දෑ පිළිගැනීමෙන් වළකියි. ගිහි අයගේ පණිවිඩ ගෙනයාමෙන්, වෙළෙඳ ගනුදෙනුවලින් වළකියි.
මෙසේ හික්මෙන භික්ෂූව ලද දෙයින් සතුටු වෙයි. පාත්‍රය, සිවුරු පමණක් ඇතිව පියාපත් පමණක් බර ඇති පක්ෂියෙක් සේ හැසිරෙයි. ශ්‍රේෂ්ඨ සීලයෙන් නිවැරැදි ජීවිතයෙන් සතුටු වෙයි. සතියෙන් යුතුව ඇස රකියි. ඉන්ද්‍රියයන්හි සංවරයට පැමිණෙයි. මේ ලෙස ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව තමා කෙරේ පීඩා රහිත මහත් වූ සැපයක් විඳියි.
සියලු අවස්ථාවල මනා සිහිනුවණින් වාසය කරයි. වැසිකිළි කැසිකිළි පරිහරණය කරන විටද, ගමන් කරන විට, සිටින විට, හිඳින විට නිදන විට, අවදියෙන් සිටින විට, කතා කරන විට නිශ්ශබ්දව සිටින විටත් මනා සිහිනුවණ පවත්වයි. මේ ලෙස වනයන්හි, කැලෑවල, රුක් සෙවනේ, පර්වතවල, දියඇලි අසල, ගිරිගුහා, සොහොන්, වනගොමු, නිදහස් තැන්, පිදුරු ගෙවල්, සෙනසුන් ආරාම ලෙස පරිහරණය කරයි. උදෑසන පිණ්ඩපාතයෙන් අනතුරුව ආරම්මණයන්හි සිහිය පවත්වයි. ලෝකයේ ඇල්ම දුරුකොට ආශාවෙන් තොරව, තරහවෙන් තොරව, සියලු සතුන් කෙරේ හිතානුකම්පී වෙයි. සිතේ මළානික බව, නිදිමත බව නම් ථීන මිද්ධය බැහැර කරයි. ආලෝක සංඥාව ඇති කර ගනියි. සිතේ නොසන්සුන්කම, පසුතැවීම බැහැර කරගනියි. දහම් ගැන සැක දුරුකරගෙන වාසය කරයි. මේ භික්ෂුව මේ ලෙස නීවරණ බැහැර කොට, ප්‍රඥාව දුර්වල කරන සිතේ උප ක්ලේෂ බැහැර කරයි. කාමයෙන් තොරව, අකුසල්වලින් තොරව, විතර්ක විචාර සහිත ප්‍රීතිය සැපය ඇති පළමු ධ්‍යානය ලබා වාසය කරයි.
මේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනයි. එහෙත් ආර්ය ශ්‍රාවකයා තවදුරටත් මාර්ගය අනුගමනය කරයි. තවදුරටත් මග අනුගමනය කරමින්, විතක්ක විචාර සංසිඳුවාගෙන තමා කෙරේ ප්‍රසන්න බව ඇතිකරගෙන, සිතේ එකඟබවින් යුතුව, විතක්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය ඇති දෙවෙනි ධ්‍යානය ලබයි. මේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනයි. තවදුරටත් මාර්ගයේ ගමන් කරයි.
මේ භික්ෂුව, ප්‍රිතියට නොඇලී, උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව කයින් සැප විඳියි. උපේක්ෂාවෙන් ද සිහියෙන් ද යුතුව සැපෙන් වාසය කරන්නේයි ආර්යන් වහන්සේලා පවසති. තථාගතයන් වහන්සේගේ පියවර සටහන ලෙස මෙය හඳුන්වයි. තවදුරටත් මාර්ගයේ ගමන් කරයි. මේ භික්ෂුව සැප දුක් නැතිකොට දුක් සැප නැති උපේක්ෂාවෙන් සිහියත් ඇති සතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරයි. මේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනයි. නුවණ නමැති දළින් අතු බිඳපු තැනයි. තවමත් නිශ්චයට ම නොපැමිණ මෙසේ මාර්ගයේ ගමන් කරයි. මෙසේ සමාධිගත සිත් ලබා සිත පිරිසුදු කොට උප ක්ලේෂ බැහැර කොට අකම්පිතව තමා පෙර ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබා ගන්නට සිත මෙහෙයවයි. අතීත ජීවිත එක දෙක ආදී ලෙසින් ජීවිත ලක්ෂ ගණනින්, කල්ප ගණනින් සිහිකරයි.
මේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනයි. තවදුරටත් සුපරිශුද්ධ මග යමින් සත්වයන්ගේ චුති උපත් දැකීමේ නුවණ ලබන්නට සිත මෙහෙයවයි. එවිට සාමාන්‍ය මිනිසුන්ගේ දැකීමේ සීමාව ඉක්මවා පිරිසුදු දිවැසින් සත්ත්වයන්ගේ චුති උපත් දකියි. සත්ත්වයන් කර්මානුරූපව, සුචරිතයේ හැසිරී සුගතියේ උපදින හැටිත් දුසිරිතෙහි හැසිරී දුගතිවල ඉපදී දුක්විඳින අයුරුත් දකියි. සම්මා දිට්ඨියෙහි යහපත් වූ විපාක දකියි. මේ තථාගයන් වහන්සේගේ පියවර සටහනයි.
මේ සුපසන් භික්ෂුව තවදුරටත් මග අනුගමනය කරමින් සියලු ආශ්‍රව නැති කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබන්නට සිත මෙහෙයවයි. එවිට මේ දුක, දුකෙහි හටගැනීම, දුක නැතිවීම, දුක් නැතිකිරීමේ මාර්ගය යනුවෙන් යථාර්ථය අවබෝධ කරගනියි. මේ ආශ්‍රවයි. මේ ආශ්‍රවයන්ගේ හටගැනීම, මේ ආශ්‍රව නැතිවීම, මේ ආශ්‍රව නිරුද්ධවීමේ මාර්ගය යනුවෙන් යථාර්ථය අවබෝධ කරගනියි. මේ යථාර්ථය අවබෝධ කර ගන්නා විට කාම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙයි. භව ආශ්‍රවයන්ගෙන් ද අවිජ්ජා ආශ්‍රවයන්ගෙන් ද සිත නිදහස් වෙයි. එවිට සියලු දුකින් තමා නිදහස් වූ විට අවබෝධය ඇති වෙයි. ‘ඉපදීම නැතිවිය. බඹසර වාසය සම්පූර්ණ කළේ ය. කළ යුතු දේ කරන ලද්දේ ය. නැවත සසරට නොපැමිණෙන්නේ ය, යනුවෙන් දැනගනියි. මේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනයි. පිට අතිල්ලූ තැනයි. නුවණ නමැති දළින් අතු බිඳ දැමූ තැනයි. මෙවිට ආර්ය ශ්‍රාවකයා මෙසේ නිගමනයට පැමිණෙයි. එනම් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි යනුවෙනි. මේ ආකාරයෙන් ඇත් පියවර සටහනේ උපමාව විස්තර ලෙස අංග සම්පූර්ණ වෙයි.
ජානුස්සෝණි බ්‍රාහ්මණයා සතුටුවෙයි. මෙසේ පවසයි. හරිම සුන්දරයි. හරිම සුන්දරයි. යටිකුරු වූ දෙයක් උඩුකුරු කළා වගේ, වසා තිබූ දෙයක් ඇර පෙන්නුවා වාගේ. මංමුළා වූ අයෙකුට මාර්ගය පෙන්නුවා වගේ, අන්ධකාරයේ දැල් වූ තෙල් පහන් ඔසවාගෙන ඇස් ඇති අයට රූප පෙන්වනවා වාගේ සුන්දරව කියාදුන් බවයි. මම ගෞතමයන් වහන්සේ සරණ යමි. ශ්‍රී සද්ධර්මය සරණ යමි. භික්ෂු සංඝයා සරණ යමි. ගෞතමයන් වහන්සේ අද පටන් දිවි තිබෙන තුරා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස මා පිළිගන්නා සේක්වා.
ඇත් පියවර සටහන් උපමා කොට දේශනා කරන ලද මෙම දෙසුම ඔබටත් මටත් එකසේ ය.
.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය

බෝසත් නැදුන්ගමුවේ රාජා ඇත් රජු
බෝසත් නැදුන්ගමුවේ රාජා ඇත් රජු
.
ආසියාවේ උසම දළ ඇතු ලෙස විරුදාවලිය ලබා ඇත්තේ නැදුන්ගමුවේ හර්ෂ ධර්ම විජය මහතාට අයත් නැදුන්ගමුවේ රාජා හස්තියා වේ.
නැදුන්ගමුවේ රාජා උපත ලබා ඇත්තේ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ වේ. එහි විසූ ධනවත් මහරාජා වරයෙකුගේ පෞද්ගලික ඇත්ගාලක සිටි ඇත් පැටවකු වූ රාජා ශ්‍රීලංකාවට පැමිනෙන්නේ නීලම්මහර වෙද මහතාට ලද ත්‍යාගයක් ලෙසින් වේ.
මෙම මහ රාජා වරයාට වැලඳී තිබූ නිධන්ගත රෝගී තත්ත්වයක් නීලම්මහර වෙද මහතා විසින් සුවපත් කිරීම නිසා සතුටු වූ මහරාජා ඇත් පැටවුන් දෙදෙනෙකු ත්‍යාගයක් ලෙස නීලම්මහර වෙද මහතාට ලබාදී ඇත
නීලම්මහර වෙද මහතා ලග වසර ගනනාවක් සිටි ඇතුන් දෙදෙනා බලාකියාගත නොහැකි නිසා ඉන් එක් පැටවෙකු නැදුන්ගමුවේ පී ඩී පී ධර්ම විජය වෙද මහතාට ලබා දී ඇත. ඉන් පසු එම ඇත් පැටවා නැදුන්ගමුවේ රාජා ලෙසින් ප්‍රසිද්ධ විය.
අනෙක් පැටවා හුණුපිටියේ ගංගාරාමයේ හැදී වැඩුනු අතර එම ඇත් පැටවාට නවම් රාජා යන නම ලබා දී ඇත.
ලංකාවේ මෙන්ම ආසියාවේ ද සද්දන්ත කුලයේ ඇතුන් දෙදෙනෙකු වූ මෙම රාජා සහෝදරයන්ගෙන් නවම් රාජා අද වන විට මියගොස් ඇත.
නැදුන්ගමුවේ ධර්ම විජය මහතාගේ අභාවයෙන් පසුව ඔහුගේ පුත් හර්ෂ ධර්ම විජය මහතා නැදුන්ගමුවේ රාජාගේ ස්වාමියා විය.
වයස වසර හැත්තෑවක් පමණ වන නැදුන්ගමුවේ රාජා 2005 වසරේ මහනුවර දළදා මාලිගාවේ පෙරහැරහි සධාතුක කරඬුව වැඩැම්ම වීමට යෝජනා වූවද රාජාගේ උස වැඩි නිසා මන්ජුසාව තැන්පත් කිරීමට නොහැකි වී එම අවස්ථාව රාජාට අහිමි විය.
2006 වසරේ මන්ජුසාවේ හැඩය වෙනස් කර නැදුන්ගමුවේ රාජා හට පළමු වරට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ වැඩැම්ම විම භාර කරනා ලදී.
එදා සිට අඛන්ඩව සධාතුක කරඬුව වැඩැම්ම වීමේ භාග්‍යය නැදුන්ගමුවේ රාජාට හිමි වී ඇත.
මහනුවර පෙරහැරට අමතරව රත්නපුර මහ සමන් දේවාල පෙරහැර , බෙල්ලන්විල පෙරහැර වාද්දූවේ පෙරහැර දඹදෙණි පෙරහැර ආදී පෙරහැර කිහිපයකටම සහභාවී වේ..
මේ සෑම ගමනක් සදහාම රාජා ගමන් කරන්නේ පයින් වේ. ඒ රාජාගේ කැමැත්ත වේ. මහනුවර දළදා පෙරහැරට රාජා ගමන් කරන්නේ දින 5ක ගමනක් ලෙසය.
මද කිපී ඇති අවස්ථාවකදී උවද පෙරහැර කටයුතුවලට සහභාගි වීමට තරම් මනා සංයමයක් සහිත බොහෝ බුද්ධිමත් සත්වයෙක් වේ.
මෙවරත් දළදා කරඩුව වැඩම වීමට අපේක්ෂාවෙන් සිටින හැත්තෑ දෙවෙනි වියේ පසුවන නැදුන්ගමුවේ රාජා හස්තියා හට තවත් වසර ගනනාවක් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීමේ භාග්‍ය වාසනාව උදා වේවා. සම්මා සම්බුදු සරණින් චිරාත් කාලයක් නිදුක් නිරෝගී බව ලැබේවා !!!

සත්ව හිංසනය හා NGO නඩ.
සත්ව හිංසනය ගැන බොහෝ බෞද්ධ විරෝධී ngo කාරයන්ට මතක් වෙන්නේ බෞද්ධ පෙරහැරක අලි ගෙනියනවා දකින විටය . අලියෙක්ව දම්වැලකින් බඳින්නේ ඒ සතාගේ ආරක්ෂාවටත් මිනිසුන්ගේ
ආරක්ෂාවට මිසක් ඒ සතාට හිංසනයක් කරන අදහසකින් නෙමේ . අලි ගැන කිඹුල් කඳුළු හෙලන ngo කාරයෝ කී දෙනෙක්ගේ ගෙවල්වල බල්ලෝ දම්වැල්වලින් බැඳලා ඉන්නවාද ? එව මේ ngo කාරයන්ට නොපෙනෙන්නේ ඇයි ? ඔය ngo කාරයෝ කී දෙනෙක් හොඳට ගෙවල්වලට හිතේ හැටියට මස් ගෙනල්ල භුක්ති විඳිනවා ඇද්ද ? ඒවා මේ බෞද්ධ විරෝදීන්ට පෙනෙන්නේ නැත්තේ ඇයි ? බෞද්ධයෝ අලින්ට තමන්ගේ දරුවන්ට මෙන් කන්න බොන්න දී ,ලෙඩට දුකට බෙහෙත් ලබා දෙමින් , ඉන්න හිටින්න තැන ලබාදී ඇතිකරන එක විතරද මේ ngo කාරයෝ සත්ව හිංසනය කියා බොරුවට අඬන්නේ ? ඉන්දියාවේ අලින්ගේ දම්වැල් පෙන්නේ ලංකාවේ පෙරහැර ගැන පල් හෑලි කියන්නේ ඇත්තටම ද කියලා ඔබට සැක හිතෙන්නේ නැද්ද ?
මේ ngo කාරයෝ නත්තලට සතුන්ට කරන දේ අහස පොලව නුහුලන අපරාධ ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ මොකද ? අහිංසක සතුන් දහස් ගණන් මස් කරන්නේ පොලුවලින් මස් ඉදිබෙනතුරු පහර දී බව මේ බොරු සත්ව කරුණාවක් තියෙන ngo කාරයින්ට පෙනෙන්නේ නැත. අහිංසක සතුන්ට පන පිටින් සතා වේදනාවෙන් මරහඬ දෙද්දී සතාට පොලුවලින් පහර දෙන්නේ සතාගේ මස් ඉඳිබී බර වැඩිවීමටය . මොනතරම් අමානුෂික පහත් ක්‍රියාවක්ද ? සතාට මස් ඉදිබෙන්න පොලුවලින් පහර දෙනවිට ඌට කොහොම වේදනාවක් ඇද්ද ? ඒවා මේ ngo මස් වැද්දන්ට පෙනෙන්නේ නැත. එදාට මුන්ට මතක් වෙන සත්ව හිංසනයක් නැත .සත්ව හිංසනය මුන්ට මතක් වෙන්නේ පෙරහරේ අලි රැගෙන යනවා දුටුවිටය.
මේ ngo කාරයන්ට රැවටෙන්න එපා . මුන් ගොහොවිට එන්නේ බෞද්ධ සහ නිරාගමික වෙස් මාරු කරගෙනය . මුන්ගේ අරමුණ සත්ව හිංසනයට එරෙහිවීම නොව ,වෙනත් පහත අරමුණු ඉටුකර ගැනීමය .මෙතන පැහැදිලිවම තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම අරමුණය . එම නිසා මේ ngo කාරයන් ගැන විමසිලිමත් වන්න .

තුණුරුවන් කෙරෙහි විශ්වාසය තබාගෙන වැඩ කරමු.....

මේ බණ කියන මටත්,බණ අහන ඔබටත් අසංඛ්‍යයක් ආයුශ නැහැ පින්වතුනි . අපායේ,දිව්‍ය ලෝක වල ආයුශ වලට සාපේක්ෂව දියෙහි ඇඳි ඉරක් යන ගණයටවත් යන්නේ නැහැ මනුෂ්‍ය ලෝකයේ ආයුෂ. ඒ තරම් ඉතාමත් ම අල්ප ආයුෂක් ඔබත් මමත් ගෙවන්නේ. අපට වියදම් කරන්න ලොකු කාලයක් නැහැ. හැමදාම බුද්ධෝත්පාද කාලයක්,මනුෂ්‍ය ජීවිතයක් ,සද්ධර්මය තියෙන වටපිටාවක් ලැබෙන්නේත් නැහැ .අනන්ත ජාති සංසාරයෙහි ඕනෑ තරම් ගෙවල් දොරවල් හදලා ඇති. දූ දරුවො හදලා වඩලා උගන්වල ඇති. ලෝකය ඕනෑ තරම් වර්ධනය කරලා ඇති . ඒත් අපි සසර දුකෙන් මිදුනේ නැහැ .
අපට පුළුවන් නම් මේ ජීවිතයේ දී තුණුරුවන් කෙරෙහි විශ්වාසය තබාගෙන ,ඉතාමත් හොඳ අවදි බවකින් මේ ධර්මයට යොමුවෙන්න අපි ලබපු ජීවිතය හිස් වෙන්නෙ නැහැ කියලා මතක් කරනවා. පින්වතුන්ට හිතෙනවා ඇති, "ස්වාමින්වහන්සේලා නම් ඉතින් ඔහොම දේශනා කරයි, ඒත් අපිනේ දන්නේ අපට තියෙන ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න,ණය තුරුස්,ගෙවල් කුලී,ලයිට්,වතුර බිල් ගෙවන්න තියෙන ඒවා, මේ වගේ ප්‍රශ්න "
කියලා .
පින්වතුනි ,ලෙඩුන් තමයි ඉස්පිරිතාලයේ යන්න ඕන. නීරෝගී අය ඉස්පිරිතාලයේ යන්න ඕන නෑ. ඒ වගේ ප්‍රශ්න ගැටලු තියෙන හින්දාම යි මේ ධර්මය අවශ්‍ය . ඒ වගේ ප්‍රශ්න ගැටලු නැත්නම් ,කරදර නැත්නම් ,කරදර ඇති සසරක් අපට ලැබෙන්නේ නැත්නම් ,ධර්මයක් කියලා එකක් අපට ඕනෑ නෑ. මේ ජීවිතය පුරාවට කිසිම කරදරයක් නැති කෙනෙක් වුනත් නමුත් බලන්නකො මහලු බව,මරණය කියන ධර්මතා දෙක ඉක්මවා ගන්න බැහැ නේ අපට.ජීවිතය පුරාවට ම මොනතරම් යහපතක් තිබුනත්, ඒ යහපත අතහැරෙනවා මහලු බව, මරණය කියන ධර්මතා දෙකත් එක්ක.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ,මේ තථාගත ධර්මය ලෝකයේ විද්‍යමාන වෙන්නේ ජාති,ජරා,මරණ කියන මේ ධර්මතා තුන නිසා යි කියලා . ඔය මහලු බවට එහෙම තාවකාලික පැලැස්තර දමාගන්න පුළුවන් .නමුත් ඉපදීම , මහලු බව, මරණය කියන ධර්මතා තුන සදාතනිකවම සුව කරන්න ලෝකයේ ඔසු නැහැ . එකම ඖෂධය යි තියෙන්නේ,මේ සද්ධර්මය .
පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ - 2017 කඨින දේශන
ලබුනෝරුව කන්ද සහ නාඋල
sudassana.org

අපාය පෙනි පෙනි
ඒ කාලේ පුතේ පන්සියයක හොරු කල්ලියක් සැවැත්නුවරට යාබද වනාන්තරේක සැඟවී උන්නා. ඉතින් පුතේ ඒ හොරු රාත්තිරියට නගරෙට ඇවිදින් ගෙවල් බිඳිනවා. දාවලට කැලේ හැංගෙනවා. දවසක් පුතේ ඔය හොරු කල්ලිය හොරකමේ යද්දී සැවැත්නුවර වාසල් දොරකඩ ළඟ අසරණයෙක් ගුලිවෙලා උන්නා. එතකොට හොර නායකයා ‘ඇයි බොල ඔහොම අසරණව ඉන්නේ? තෝ කොයි පළාතේ ද?’ කියා ඇසුවා.
“අනේ…. මිත්‍රයා…. මං පිටිසර එකෙක්. රස්සාවක් හොයාගන්ට ආවා. කෝ තාමත් මට කුලී වැඩක්වත් හොයාගන්ට බැරිවුණා නොවැ.”
“හා… ඒකට මක්වෙනව ද…. අපිත් එක්ක වර…. මං තොට කන්ට බොන්ටත් දෙඤ්ඤං. කාසි පනම් එහෙමත් දෙඤ්ඤං” කීවා.
එතකොට පුතේ ඒ අසරණයාත් අර හොර කල්ලියට එකතු වුණා. ටික කාලයක් හොරකොම කොරගෙන ගියා. දවසක් කොසොල් රජ්ජුරුවන්නේ රාජපුරුෂයෝ ඒ හොර කල්ලිය වටකොරලා හිටං අල්ලාගත්තා. උන්නේ දෑත් පිටුපසට බැඳලා කසෙන් තල තලා අරං ගොහින් රජ්ජුරුවන්ට පෙන්නුවා. එතකොට රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.
“හරි… මේකුන්ව මරන්ට ඕනෑ මේකුන්ගෙන් ම කෙනෙක් අතින්. දැන් තොපේ එකෙක් ඉදිරිපත් වෙයං. අනිත් මේ හැමෝම මරා දමන එකාට මං ජීවත්වෙන්ට නිදහස දෙනවා…. හරි… දැන් ඒකා ඉදිරිපත් වෙයං” කීවා.
එතකොට පුතේ අර හොරු පන්සීයෙන් එකෙක්වත් තමුන්නේ පිරිස මරන්ට ඉදිරිපත් වුණේ නෑ. නමුත් ඒ අතරින් වෙන කෙනෙක් මතු වුණා.
“අනේ දේවයන් වහන්ස, මට හැබෑවට ම ජීවිත දානය දෙන සේක් නම් මට මේකුන් හැමෝම මරා දමන්ට පුළුවනි” කියා කිව්වා. ඒ තමයි පුතේ හොරු කල්ලියට එදා වාසල් දොරකඩ ළඟින් එකතු කොරාන ගිය අර පිටිසරයා. “බොහෝ ම හොඳා…. තෝ එහෙනම් මේකුන් මරාපිය. මං තෝ මරණ දණ්ඩනෙං නිදහස් කොරනවා” කියලා ඒකාට නිදහස දුන්නා. එදා ඒ පිටිසරයා අතින් අර හොරු පන්සීය ම මැරුම් කෑවා. රජ්ජුරුවෝ ඒකාට වධක තනතුරක් දුන්නා.
මරණ දණ්ඩනේට නියම වෙච්චි උදවිය දංගෙඩියට බෙල්ල තබාපුවා ම මේකා තමයි මරා දමන්නේ. ඉතින් පුතේ මේ වධකයා විසි පස් අවුරුද්දක් ඔය රස්සාව කොළා. පස්සෙ පස්සේ මේ වධකයා මහලු නිසා අතේ හයිය මදි වුණා. කීප පහරකිනුත් මරණෙට නියම වෙච්චි ඈයො මරාගන්ට බැරි වුණා. එතකොට රජ්ජුරුවෝ මෙයැයිව වධක තනතුරෙන් අයින් කොල්ලා වෙන කෙනෙක් දෑවා.
දැන් පුතේ මුන්දෑට රස්සාවක් නෑ. ගෙදෙට්ට වෙලා බලාන ඉන්නවා. ඕං එතකොට ආරංචි වුණා මන්තරකාරයෙක් ගැන. “හාමිනේ… අසවල් පළාතේ මන්තරකාරයෙක් ඉන්නවාලු. මන්තරේ හොඳ හැටියට සිද්ධි කොරලා හිටං නාසා වාතය හයියෙන් පිඹලා මිනී මරන්ට පුළුවන්ලු. මං ඒකා හොයාන යන්ට ඕනෑ” කියලා මේ වධකයා ඒ මන්තරකාරයා සොයා ගියා. ගොහිං උන්දැට වැඳලා පුදලා තෑගිභෝග දීලා ඇප උපස්ථාන කොරලා අර මන්තරේ ඉගෙනගෙන ආවා නොවැ. බලන්ට පුතේ මිනිස්සුන්නේ හැටි.
දැන් මේකා කෙළින් ම ගියා රජ්ජුරුවෝ බැහැ දකින්ට. බැහැ දැකලා මෙහෙම කියා හිටියා. “අනේ දේවයන් වහන්ස, මට කලින් රස්සාව කොර ගන්ට බැරිවුණේ මේ අතේ පයේ සවි සත්තිය නැති නිසා නොවැ. දැන් මං මහා ආනුභාව සම්පන්න මන්තරයක් සිද්ධි කොරාගෙන ඇවිත් ඉන්නේ. මට ඒකේ ආනුභාවයෙන් ආයෙමත් මගේ රස්සාව කොරගෙන යන්ට අවසර දෙන සේක්වා!” කියලා ආයෙමත් වධක රස්සාව ඉල්ලා ගත්තා. දැන් පුතේ මේ වධකයා තවත් පස් අවුරුද්දක් මන්තර බලෙන් මිනී මැරුවා. පස්සේ නාසාවාතෙන්වත් පිඹගන්ට බැරිවුණා. ටික දොහක් ගත වෙද්දී ඇඳට වැටුනා.
ඒකනේ පුතේ අපේ භාග්‍යවතුන් වහන්සේ සීලාදී ගුණධර්ම දියුණු කොර ගන්ට කියා වදාළේ. දැන් මුන්දැ එකපාරට ම “අයියෝ අනේ… ආං ගිනි ජාලා එනවෝ….. මාව පිච්චෙනවෝ… හයියෝ… අර බලාපං…. ආං ගිනිදැල් මාව වට කොරනවෝ….’ කිය කියා කෑගසන්ට පටන් ගත්තා. වටේ පිටේ ගෙවල්වල මිනිසුන්ට ඉන්ට බැරිතරම් හයියෙන් යටිගිරියෙන් මුන්දැ මරලතෝනි දෙන්ට තියාගත්තා.
දවසක් අපගේ සාරිපුත්තයන් වහන්සේ එතැනින් වඩිනවා පුතේ. අනේ උන්නාන්සේගේ කරුණාවන්ත හදමඬලට හිතුණේ මෙහෙමයි. ‘අයියෝ…. වධක රස්සාව කරපු කෙනා නේ ද මේ මරලතෝනි දෙන්නේ. කවුරු උනත් නිරයේ උපදිනවා කියන්නේ එයැයිට වෙන මහා විපැත්තියක්. මං එතැනට ගොහින් උන්දැගේ සිත පහදවන්ට ඕනෑ. ස්වල්පයක් නමුත් දානයක් පූජා කොර ගත්තොත් ඒ පින් බලෙන් ඔය ඉරණම වෙනස් වෙලා දෙවියන් අතරේ උපදින්ට වාසනාව මතුවෙන්ට බැරි නෑ.’
බලන්ට පුතේ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවනේ කරුණාව. ඉතිං අපේ ධර්මසේනාධිපතීන් වහන්සේ ඒ වධකයාගේ ගෙදරට වැඩියා. උන්නාන්සේ ව දැක්කා විතරයි පුතේ අර මරලතෝනි දිදී හිටිය මිනිහාගේ හිතට මහා කෝපයක් හටගත්තා නොවැ. ඇස්ගෙඩි ලොකු කොරාන අපගේ මහෝත්තමයන් වහන්සේ දිහා බලාන උන්නා. “හහ්…. මේකා මොකෝ මෙහේ ආවේ. මං මේකාවත් මරා දමනවා” කියලා හිටං තමන් ඇඳේ වැතිරී සිටිද්දී ම අර භයානක මන්තරේ මතුරන්ට පටන් ගත්තා නොවැ. තමන්ට උපකාර කරන්ට ආ කෙනාවත් පව්කාරයාට හඳුනාගන්ට බැරි හැටි. හරි පුදුමයි නේ ද පුතේ…. මේකා මතුරලා හිටං නාසා වාතය නයා පිඹින්නැහේ පිඹින්ට ගත්තා. එතකොට අපේ මහෝත්තමයන් වහන්සේ ධ්‍යානයට සමවැදුනා. දැන් පුතේ මේකා පිඹිනවා පිඹිනවා මන්තරේ වැඩ කොරන්නැතිව ගියා.
“හෑ…. කවදාකවත් මෙහෙම වුණේ නෑ නොවැ. මයෙ මන්තරේ බලේ බිඳුනා එහෙනං. මුන්නාන්සේ මහා තේජවන්තයෙක් නොවැ. හප්පේ මයෙ අතින්
මහා වැරැද්දක් වුණේ… හනේ මට මෙතුවක් කාලෙකට මේ උත්තමයන් ව හඳුනාගන්ට බැරි වූ හැටි…. අනේ…. ස්වාමීනී…. මට සමාවෙන්ට…. මට සමාවෙන්ට….” කියලා අපගේ සාරිපුත්තයන් වහන්සේට වන්දනා කොරන්ට පටන් ගත්තා. අනේ පුතේ සාරිපුත්තයන් වහන්සේ අල්පමාත්‍ර වෙනසක් නැතිව කරුණා මෙත් සිතින් ම වැඩ උන්නා. එතකොට උන්දෑ තම බිරිඳට කතා කොළා. “අනේ හාමිනේ… අර මට හදාපු කිරිබත් තියෙනවා නොවැ. අනේ… ඒක ගෙනැවිත් අපේ මේ තෙරුන්නාන්සේට පූජා කොර ගන්ට” කියාලා කිව්වා. එතකොට ඈ කිරිබත ගෙනත් සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍රයට බෙදුවා. අපේ සාරිපුත්තයන් වහන්සේ ඒ මරණාසන්න වධකයාට බණ කිව්වා. තිසරණේ පිහිටෙව්වා. සිල් සමාදන් කෙරෙව්වා. දානය ගැන සිහි කෙරෙව්වා.
හරි පුදුමයි පුතේ. අර වධකයාට පෙනි පෙනී වටකොරලා තිබූ ගිනිදැල් නොපෙනී ගියා. සාරිපුත්තයන් වහන්සේට දන් බෙදන හැටි ම මැවි මැවී පෙනුනා. එතකොට අපගේ සාරිපුත්තයන් වහන්සේ දන් පාත්තරය ගෙන විහාරෙට වැඩියා. අර උන්දෑ සාරිපුත්තයන් වහන්සේට පහන් සිතින් දන් බෙදූ ආනුභාවයෙන් ඒ මොහොතේ ම මිය ගිහින් චාතුම්මහාරාජික දෙවියන් අතරේ උපන්නා.
සිත පහදවාගෙන දන් දීම නං හරිම පුදුම ආරස්සාවක් සලසන දෙයක් පුතේ.”
(සද්ධර්මාලංකාරය ඇසුරිනි)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

තථාගත යයි කියන්නේ ඇයි?
තථාගත යයි කියන්නේ ඇයි?
තථාගත පදය
සුගත - තථාගත යන දෙපය රූපයෙන් හා අර්ථයෙන් ද බෙහෙවින් සමානය. බුදුරදුන් තමන් වහන්සේ ගැන බෙහෙවින් ව්‍යවහාර කර තිබෙනු පෙනෙන්නේ තථාගත යන වචනය ය. එබැවින් මෙතැන්හි තථාගත යන වචනය ද විස්තර කළ යුතුය. බුදුරදුන් විසින් ම ද තථාගත යන වචනයේ අර්ථ විවරණයක් දීඝනිකායේ පාසාදික සූත්‍රයෙහි කර ඇත්තේය. අටුවාවල එහි අර්ථවිවරණය කර ඇත්තේ මෙසේ ය.
අට්ඨහි කාරණෙහි භගවා තථාගතො,
1. තථා ආගතොති තථාගතො,
2. තථා ගතොති තථාගතො,
3. තථලක්ඛණං ආගතොති තථාගතො,
4. තථධම්මෙ යථාවතො අභිසම්බුඬොති තථාගතො,
5. තථ දස්සිතාය තථාගතො,
6. තථවාදිතාය තථාගතො,
7. තථා කාරිතාය තථාගතො,
8. අභිභවනට්ඨෙන තථාගතො,
(සුමඬිගල විලාසිනී. 47)
1. පෙර බුදුවරුන් ආ පරිදි ආ බැවින් බුදුන් වහන්සේ තථාගත නම් වෙති. අතීතයෙහි ලොවුතුරා බුදුබවට පැමිණ වදාළා වු සියලූ බුදුවරයෝ සකල සත්ත්වයන්ට ම යහපත සැලසීමේ අදහසින් සකල සත්ත්වයන්ට ම යහපත සිදු කිරිමේ උත්සාහයෙන් ආවාහු ය. විපස්සී බුදුන් වහන්සේ ද එසේ ආහ. සිඛී වෙස්සභූ කකුසන්ද කෝණාගමන කස්සප යන බුදුවරයෝ ද එසේ ම ආහ. යම් බලාපොරොත්තුවකින් ඒ අතීත බුදුවරයෝ ආවාහු ද, ඒ බලාපොරොත්තුවෙන් ම අප බුදුරජාණන් වහන්සේ ද ආහ. යම් සේ පෙර බුදුවරයෝ දාන, ශීල, නෛෂ්ක්‍රමය, ප්‍රඥා, වීර්‍ය්‍ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන දශපාරමිතාවන්, දශඋපපාරමිතාවන්, දශ පරමාර්ථපාරමිතාවන් සම්පූර්ණ කොට අංග පරිත්‍යාග, නේත්‍ර පරිත්‍යාග, ධන පරිත්‍යාග, රාජ්‍ය පරිත්‍යාග, පුත්‍රදාර පරිත්‍යාග යන පඤ්චමහා පරිත්‍යාගයන් කොට ආවාහු ද අප බුදුරජාණන් වහන්සේ ද එසේ ආහ. යම් සේ අතීත බුදුවරයෝ සතර සතිපට්ඨානයන්, සතර සම්‍යක්ප්‍රධානයන්, සතර සෘද්ධිපාදයන්, පඤ්චේන්ද්‍රයයන්, පඤ්චබලයන්, සප්තබෝධ්‍යංගයන් වඩා ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩා ආවාහු ද, අප බුදුරජාණන් වහන්සේ ද එසේම ආහ. එසේ ආ බැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති.
2. පෙර බුදුවරයන් වහන්සේ ගිය පරිදි ගිය බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. විපස්සී බෝදිසත්ත්වයෝ මවුකුසින් බිහි වූ කෙණෙහි ම සමවු පතුල් වලින් පොළොවෙහි සිටි සියලූ දිග් බලා දෙවියන් විසින් චාමර සේසත් ඔසවා සිටියදී උතුරුදිග බලා සත්පියවරක් ඉදිරියට ගමන් කොට ‘අග්ගොහමස්මි ලොකස්ස’ යනාදීන් අභීත ප්‍රකාශනයක් කළහ. සිඛී වෙස්සභූ කකුසන්ද කෝණාගමන කස්සප යන මහබෝධිසත්හු ද එසේම කළහ. අප සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයෝ ද එසේ ගමන් කළහ. ඒ ගමන අනේක විශේෂාදිගමනයන්ට පෙර නිමිත්තක් වන ගමනකි. බිම පය තබන සෙස්සන්ගේ පතුල් සම්පූර්ණයෙන් පොළොවෙහි සැපී එහි නො පිහිටයි. බෝසතුන්ගේ පතුල් සෑම තැනම පොළොවෙහි සැපී සිටින සේ බිම පිහිටයි. බෝසතුන් උපන් කෙණෙහි ම සැම තැනම බිම සැපෙන සේ පොළොවෙහි පා තබා සිටීම චතුරිඬිපාදයන් ලැබීමේ පෙර නිමිත්තය. උතුරට ගමන් කිරීම සකල ලෝකෝත්තර ධර්මයන් ලැබීමේ පෙරනිමිත්තය. සත්පියවරක් ගමන් කිරීම සප්තබෝධ්‍යංගරත්නයන්ගේ ප්‍රතිලාභයට පෙර නිමිත්ත. රන්ඳඩු ඇති චාමර එසවීම සකල තීර්ථකන් මැඩලීමේ පෙරනිමිත්තය. ශ්වේතච්ඡත්‍රය දැරීම අර්හත්ඵල විමුක්ති සංඛ්‍යාත ශ්වේතච්ඡත්‍රය ලැබීමේ පෙර නිමිත්තය. සකල දිශාවන් බැලීම අනාවරණ සර්වඥාතාඥානය ලැබීමේ පෙර නිමිත්තය. අභීත ප්‍රකාශනය කිරීම කිසිවකුන් විසින් පෙරළිය නො හෙන උත්තම ධර්මචක්‍රය පැවැත්වීමේ පෙරනිමිත්තය. මහබෝසතුන්ගේ ඒ ගමන නො වරදින පෙරනිමිත්තක් වන ගමනෙකි. ඒ ගමන නිමිත්තෙන් සිදුවන සියල්ල නොවරදවා එසේම සිදුවෙයි. නො වරදවා ම සිදුවන කරුණුවලට පෙරනිමිති වන ගමනක්, උපන් කෙණෙහි ම ගිය බැවින් සර්වඥයන් වහන්සේ තථාගත නම් වෙති.
තවද පෙර බුදුවරයෝ ද අප ගෞතම බුදුරජාණන් වහන්සේ ද නෛෂ්ක්‍රාම්‍යයෙන් කාමච්ඡන්දය ප්‍රහාණය කොට ඉදිරියට ගියහ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය ද, ආලෝකසංඥාවෙන් ථීනමිද්ධයන් ද, අවික්ෂේපයෙන් උද්ධච්චකුක්කුච්චයන් ද, ධර්මව්‍යවස්ථාවෙන් විචිකිච්ඡාව ද දුරුකොට ඉදිරියට ගියහ. ඥානයෙන් අවිද්‍යාව ප්‍රදාලනය කොට ගියහ. ප්‍රීතියෙන් අරතිය දුරුකොට ගියහ. ප්‍රථමධ්‍යානාදියෙන් නීවරණාදිය දුරුකොට ගියහ. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ටිය හා තදේකස්ථ ක්ලේශයන් ද, සකෘදාගාමි මාර්ගයෙන් ඖදාරික ක්ලේශයන් ද, අනාගාමී මාර්ගයෙන් අනුසයිත ක්ලේශයන් ද, අර්හන්මාර්ගයෙන් සකල ක්ලේශයන් ද ප්‍රහාණය කොට පරමසුන්දර නිර්වාණයට ගියහ. එසේ ගිය බැවින් බුදුවරු තථාගත නම් වෙති.
3. තථ යනු සත්‍යයට නමකි. නාමරූපයෙන්ගේ නියම ලක්ෂණන් සත්‍ය ලක්ෂණයන් දැන ගැනීම දුෂ්කර ය. එබැවින් සාමාන්‍ය ලෝකයා ඒ නාමරූපයෙන් සත්ත්ව පුද්ගලාදි වශයෙන් ගෙන ඒවා ගැන රැවටී සිටිති. භාග්‍යවතුන් වහන්සේ ඒ නාමරූප ධර්මයන්ගේ තථ ලක්ෂණය නියම ස්වාභාවය ඇති සැටියට ම නො වරඳවා දැන සිටින සේක. නාමරූප ධර්මයන්ගේ තථ ලක්ෂණය හෙවත් නියම ලක්ෂණය දැනීම තථ ලක්ෂණයට ඥානයෙන් පැමිණීමකි. තථ ලක්ෂණයට ඥාණයෙන් ඒමකි. එබැවින් ඥාණ ගමනින් තථ ලක්ෂණයට ආයේ ය, පැමිණියේ ය යන අර්ථයෙන් සර්වඥයන් වහන්සේ තථාගත නම් වෙති.
4. දුඃඛසත්‍යය, සමුදයසත්‍යය, නිරෝධසත්‍යය, මාර්ගසත්‍යය යන මේ ආර්‍ය්‍යසත්‍යයො සතර දෙන එසේම ඇති බැවින් තථ ධර්ම නම් වෙති. කිසි කලෙක අසත්‍ය නොවන බැවින් අවිතථ ධර්ම නම් වෙති. අන් අයුරකින් නොවන බැවින් අනන්‍යථ ධර්ම නම් වෙති. ඒකාන්තයෙන් ඇති බැවින් තථ නම් වු චතුරාර්‍ය්‍යසතය ධර්මය ඇති සැටියෙන් ම අවබෝධ කළ බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. එහි ගත යනුවෙන් කියවෙන්නේ අවබෝධ කිරිමය යන අර්ථය ය. තවද අවිද්‍යාව සංස්කාරයන්ට හේතුවන බව ද එසේම ය. සංස්කාරයන් විඥානයට හේතුවන බව ද එසේම ය. විඥාණය නාමරූපයන්ට හේතුවන බව ද එසේම ය. නාමරූපයන් ෂඩායතනයන්ට හේතු වන බව ද එසේ ම ය. ෂඩායතනයන් ස්පර්ශයට හේතු වන බව එසේම ය. ස්පර්ශය වේදනාවට හේතු වන බව ද එසේම ය. වේදනාව තෘෂ්ණාවට හේතු වන බව ද එසේම ය. තෘෂ්ණාව උපාදානයන්ට හේතු වන බව ද එසේමය. උපාදානයන් භවයට හේතු වන බවද එසේම ය. භවය ජාතියට හේතු වන බවද එසේම ය. ජාතිය ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාශයන්ට හේතු වන බව ද, එසේම ය එසේ ම වන බැවින් තථ නම් වු ඒ කරුණු අවබෝධ කළ බැවින් ද බුදුරජාණෝ තථාගත නම් වෙති.
5. සත්ත්වයන්ගේ චක්ෂුරාදි ද්වාරයන්ට පැමිණෙන්නා වු, ද්වාරයන්හි ගැටෙන්නා වු, ද්වාරානුසාරයෙන් සත්ත්වයන් දැනගන්නා වූ රූප ශබ්දාදි ධර්මයන් මනුෂ්‍ය දේව බ්‍රහ්මාදි සත්ත්වයෝ ආත්මනීයාදි වශයෙන් වැරදි ලෙස දනිති, ගනිති. භාග්‍යවතුන් වහන්සේ වනාහි සත්ත්වයන් වශයෙන් ද, සංස්කාරයන් වශයෙන් ද අනේකචක්‍රවාළයන්හි ඇති රූප ශබ්දාදි සියල්ල ඇති සැටියට ම දක්නාහ. සකළ සත්ත්වයන් විසින් දක්නා ලද , අසන ලද, පැමිණෙන ලද, සොයා ගන්නා ලද සියල්ල ඇති සැටියට ම දක්නා සේක. එබැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති.
6. සත්‍යය, නො වරදින දෙය තථ නම් වේ. තථාගතයන් වහන්සේ බෝධිමූලයේ අපරාජිත පර්‍ය්‍යංකයෙහි වැඩ හිඳ පස් මරුන් පරදවා ලොව්තුරා බුදුබවට පැමිණි තැන් පටන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවීම දක්වා ඒ අතර කාලයේදී යමක් ප්‍රකාශ කරන ලද නම් ඒ සියල්ල එසේ ම වන බැවින් නො වරඳින බැවින් තථ නම් වේ. නො වරඳින දෙයක් ම ප්‍රකාශ කරන බැවින් සර්වඥයන් වහන්සේ තථාගත නම් වන සේක.
https://pitaka.lk/books/rc/Suvisi_Gunaya.htm#_Toc459473124

නලිනකෙසරිය මහ රහතන් වහන්සේ..
පින්වතුනේ බුදු කෙනෙක් ගැන අල්පමාත්‍රයක් හරි සිතේ ප්‍රසාදයක් ඇති කර ගත්තොත් ඒක පුංචි දෙයක් නෙවෙයි එය අපේ ජීවිතයට ලොකු ජයග්‍රහණයක්. පින්වතුනි ඒකට තිරිසන් සතුන්ටත් කලාතුරකින් වාසනාව ලැබෙනවා. හැබැයි පුදුමයි සමහරු මිනිසුන් වෙලත් ඒ වාසනාව නෑ.ඉතින් බුදු රජාණන් වහන්සේ දැකලා සිතේ සතුටක් ඇති කර ගත් දියකාවෙක් ගැන කතාවක් තමයි දැන් කියලා දෙන්නේ.
පින්වතුනි මේ සිද්ධිය සිද්ධ වුණේ කල්ප අනූදෙකකට කලින් ඒ කාලේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා හිටියා " තිස්ස" නමින්. ඉතින් තිස්ස නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා දෙව් මිනිසුන් කෙළෙස් ගිනි නිවා ගත්තා. ගත වෙලා ගිය සුන්දර කාල පරිච්ඡේදයක්. ඒ තිස්ස නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු.
මේ කාලයේ දී පින්වතුනි එක්තරා විලක් තිබුණා හරිම ලස්සනයි නොයෙක් ජලජ පුෂ්පයන්ගෙන් පිරිලා තිබුණා ඒ වගේම ජලයේ ජීවත් වන නොයෙක් මසුන් ඇතුළු සතුන්ගේ හොඳ වාසස්ථානයක් වෙලා තිබුණා. ඒ වගේම ආහාර සොයා එන පක්ෂීන් ඇතුළු සතුන්ගේ ප්‍රියතම ස්ථානයක් වුණා. පින්වතුනි එක්තරා දවසක බුදු රජාණන් වහන්සේ මේ විල දෙසට අහසින් වඩිනවා විලේ හිටපු දියකාවෙක් දැක්කා. මේ දියකාවට හරි පුදුමයි.මීට කලින් අහසින් යන සතුන් ඕන තරම් දැකල තියෙනවා. නමුත් මේ තැනැත්තා එහෙම නෙවෙයි හරිම වෙනස් කලබලයෙන් අත් තටු සලමින් ඉගිලෙන කෙනෙක් නෙවෙයි. කුඩා ශරීරයක් ඇති කෙනෙකුත් නෙවෙයි. නපුරු පෙනුමක් ඇති කෙනෙකුත් නෙවෙයි. කාටවත් හිරිහැරයක් ඇති කෙනෙකුත් නෙවෙයි. හරිම ලස්සනයි බබලනවා.තමන්ට උදව් කරන්න එන කරුණාවන්ත කෙනෙක් විය යුතුයි කියලා මේ දියකාවට හිතුනා. ඉතින් පින්වත්නි හරිම ආශ්චර්යක් වෙන කවදාවත් නැති විදියට මේ සතාගේ සිත බුදු රජාණන් වහන්සේ නිසා ප්‍රීතියට පත් වෙලා. මේ දියකාවා පීනගෙන ගිහිල්ලා තමාගේ තුඩින් නෙලුම් මලක් කඩා ගෙන ගිහින් බුදු රජාණන් වහන්සේට යොමු කෙරුවා පූජා කෙරුවා. බලන්න පින්වතුනි බුද්ධ පූජාවක අසිරිය කෙතරම්ද? ඊටපස්සේ මේ දියකාවා මරණින් මත්තෙහි ඒ පිනෙන් දෙව්ලොව ඉපදුනා. ගෞතම බුද්ධ ශාසනය තෙක් අපායේ ගියේ නෑ. මෙයින් හැත්තෑතුන් වන කල්පයේ මනුස්ස ලෝකයේ සක්විති රජ වුණා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දඹදිව ඉපදිලා මහණ වෙලා උතුම් අරහත්වයට පත් වුණා. ඒ තමයි" නළිනකෙසරිය" මහ රහතන්වහන්සේ. පින්වතුනේ උන්වහන්සේ තම අතීත සංසාරයේ කරපු පින්කම් පිළිබඳව විමසන විට තමයි මේ දියකාවෙක් වෙලා කරපු පින්කම දැක්කේ.ඉතින් පින්වතුනි අපි මෙහිදී කල්පනා කර බැලිය යුත්තේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ මගේ නේද කියලා කියන්නට උපතින්ම අප ලද වාසනාව කෙතරම්ද? අනේ මේ පැහැදීම ස්ථීර කර ගන්නට ඇත්නම් ( සෝතාපන්න වීමට) කෙතරම් අගනේද? එයට අපිට ඇති බාධක මොනවාද? කියලයි. පින්වතුනි අනාගත ලොකය ධර්මයේ හැසිරෙන්නට සුදුසු තැනක් නොවේ.ඉතින් ඒ අනාගත බිය දැකලා අප්‍රමාදීව කුසල් වැඩීමයි කළ යුත්තේ. ඒ සඳහා හැම දෙනාටම ශක්තිය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි!

බුද්ධ පූජාව හා මන්දපෝෂණය
බුද්ධ පූජාව හා මන්දපෝෂණය
==========================
මිතුරන් දෙදෙනෙක් පාර අයිනේ කතාවක නිරත වී සිටී...ඉන් එක් අයෙක් සිගරට්ටුවක් දල්වාගෙන සිටී...ඔවුන් දෙදෙනා අතර සිදුවූ සංවාදය මෙසේය.
"උඹ ඔය සිගරට් බොන්න යන සල්ලි එකතු කරා නම් අන්න අර පේන බිල්ඩිම සල්ලි දීලා ගන්න තිබ්බා..."
"එතකොට උඹ සිගරට් බොනවද?
"අපෝ මම නම් ඔය දහජරාව කටේ තියෙන්නේ නෑ..."
"එහෙනම් ඉතින් උඹ සල්ලි දීලා ඒ බිල්ඩිම ගනිංකෝ"
මට ඉහත සඳහන් කතාව මතක් වූයේ බුකියේ සැරිසරන පිංතූර කීපයක් දැකීමෙනි...ඉන් එකක ඇත්තේ ආහාර විශාල ප්‍රමාණයක් සහිත බුද්ධ පූජාව තැබූ පින්තූරයකි. අනෙක් ඒවා මන්දපෝෂිත දුප්පත් ළමුන් පිරිසකගේ පින්තූරය. මෙම පින්තූර " මේ සැබෑ බුදු දහමද? , Sad truth, බොල් පිළිම වැනි විවිධ මාතෘකා ඇතිව සංසරණය වේ.
ඔවුන්ගේ තර්කය පැහැදිලි ය. බුද්ධ පූජාව නවතා දමා එම ආහාර දුප්පත් දරුවන්ට කැවිය යුතු ය. මෙහි ඇති විශේෂත්වය බොහෝ අයට දුප්පත් මන්දපෝෂිත දරුවන් මතක් වෙන්නේ බුද්ධ පූජාව දුටු විට පමණක් වීම ය. ඔවුන්ට පාටි දමද්දී දුප්පත් මන්දපෝෂිත දරුවන් මතක් වෙන්නේ නැත. ආතල් ගන්නට විදෙස්‌ගත වන විට දුප්පත් මන්දපෝෂිත දරුවන් මතක් වෙන්නේ නැත. ක්‍රිකට් තරග වල හුරේ දමද්දී දුප්පත් මන්දපෝෂිත දරුවන් මතක් වෙන්නේ නැත. විනෝද ගමන් යනවිට දුප්පත් මන්දපෝෂිත දරුවන් මතක් වෙන්නේ නැත. ඉහත සඳහන් කතාවේ සිගරට් නොබොන මිතුරා මෙන් මොවුන් බුද්ධ පූජාව තබන්නේ නැති බව පැහැදිලි ය. ඒ නිසා ඒ ඉතුරුවන මුදලින් ඔවුන්ට දුප්පත් මන්දපෝෂිත දරුවන්ට කැවිය හැකිය. ඒත් ඔවුන්ට ඇත්තේ බුකියේ පහලවන බොරු කරුණාවක් පමණක් නිසා එය එසේ සිදුවන්නේ ද නැත.
මිනිසුන් දුප්පත් වී හෝ පොහොසත් වී උපදින්නේ ඔවුන් පෙර කරන ලද කුසලාකුසල වලට අනුරූපව ය. යමෙක් උපතින් දුප්පත් වුවද උත්සාහවන්ත වන්නේ නම් අභිවෘද්ධිය උදා කරගත හැකිය. අප අවට සමාජයේ එවැනි උදාහරණ අවශ්‍ය තරම් ඇත. මෙරට මිනිසුන් පුංචි කාරයක් වාහනයේ සැබෑ මිල මෙන් තුන් ගුණයක් ගෙවා මිලට ගන්නා විට ආරබිකරයේ සුල්තාන්වරු දියමන්ති එබ්බවූ රෝල්ස් රෝයිස් පදිති. නාසා ආයතනයේ පිරිස ඩොලර් බිලියන ගණන් වැයකර අත්හදා බැලීම් කරති. අපි ඔවුන්ට ඊර්ෂ්‍යා කර හෝ ඒවා දුප්පතුන්ට දිය හැකි නේ දැයි සිතීමෙන් පලක් නැත. ඇති නැති පරතරය ලොව සදාතනික සත්‍යයකි. සමාජවාදය ලෝකය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැක්කේ ද එබැවිනි. සමාජවාදීන් බුදු දහමට වෛර කරන්නේ ද එබැවිනි.
බුදු පිළිම දානේ වළඳනවා ද?
බුදු හාමුදුරුවෝ පිළිම වදින්න කිව්වා ද?
මේවා නිතර ඇසෙන ප්‍රසිද්ධ ප්‍රශ්නය. බුදු පිළිම දානේ වළදන්නේ නැති බව සැබෑ ය. එහෙනම් දානේ පුජා කරන්නේ ඇයි? බුදු දහම සිත මුල්කොට ගත් දහමකි. බුදු පිළිමයකට දන් පූජා කරනවිට ඒ තැනැත්තා ජීවමාන බුදුන්ට දන් පිළිගන්වන්නේ යැයි සිතමින් ශ්‍රද්ධා පෙරදැරිව එම ක්‍රියාව සිදු කරයි. ශ්‍රද්ධාව කුසල සිතකි. එම නිසා ඊට අනුරූපව කුසල විපාක ලැබේ. යමෙකුට අවශ්‍ය නම් එම ආහාර බුදුන්ට පුජා කරන සිත් පෙරදැරිව දුප්පත් ළමයින් අතරේ බෙදා දීමටද පුළුවන. එයද කුසල මූලික සිතකි. නමුත් බොහෝ දෙනා කරන්නේ බුද්ධ පුජාව මෝඩකමක් ලෙස ද බුද්ධ පූජාව සිදු කරන ඇත්තන් මෝඩයන් සේ උලුප්පා දක්වමින් ගැරහීම පමණි. ඒ වාගේම බුදු පිළිම හා ස්තුප වන්දනාව බුදුන් වහන්සේ අනුමත කළ දෙයක් බව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය කියවීමෙන් තේරුම් ගත හැකි ය.
බුද්ධ පූජාව ඵල රහිත දෙයක් බව අතීතයේදී ද සාකච්ඡා වෙමින් තිබුණු බව මිලින්ද ප්‍රශ්නයේ එන "පූජා අප්‍රතිග්‍රහණ" ප්‍රශ්නයෙන් පැහැදිලි වේ. මේ පිළිබඳව මිළිඳු රජ නාගසේන හිමියන්ගෙන් විමසා ඇති ප්‍රශ්නය ඉතා වැදගත් ප්‍රශ්නයකි. එනම් "ඉදින් සර්වඥයන් වහන්සේ ලෝකයා කරන පූජාව ඉවසන්නේ නම් උන්වහන්සේගේ කෙළෙස් නිවී නැත. නික්‌ලේශී නොවූ පුද්ගලයකුට කරනු ලබන පූජාව නිශ්ඵලය. ඉදින් උන්වහන්සේ නිර්වාණය ලබා ඇත්නම් පිරිනිවන් පා වදාළ සර්වඥයන් වහන්සේ පූජාවන් නොඉවසන නිසා එබඳු පුද්ගලයකුට කරනු ලබන පූජාවද නිශ්ඵල වන්නේය" යනුයි. මෙයට පිළිතුරු දෙන නාගසේන හිමියන් "ප්‍රථම බෝධිමූලයෙහිම තථාගතයන් වහන්සේ ආසාවන් ප්‍රහීණකොට ඇත. අනුපදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ උන්වහන්සේ පූජාවන් නොඉවසන බව කියනු කවරේද? එසේ වෙතත් උන්වහන්සේගේ ධාතුන් ප්‍රතිෂ්ඨාකොට ඤාණරත්නය අරමුණකොට මනාකොට ප්‍රතිපත්ති සේවනය කරන්නෝ කුසල රැස්‌කරති" යනුවෙන් ප්‍රකාශ කර ඇත.
මේ දිනවල කෝකටත් තෛලය මෙන් පාවිච්චි කරන්නේ බුදුන් වහන්සේවය. කසිකබල් පොත් ලියන්නෝ ද පාවිච්චියට ගන්නේ බුදුන් වහන්සේවය. බුකියේ වෙන්ඩ කාරුණිකයෝ පාවිච්චියට ගන්නේ ද බුදුන් වහන්සේවය. මෙය ලංකාව නිසා මොවුන්ට මෙහි ගැටලුවක් පැන නනගින්නේ නැත. ඕනෑම දෙයක් කීමට හෝ ලිවීමට පුළුවන. මොවුන් අරාබිකරයේ ඉපදී මෙවැනි සෙල්ලම් දැම්මා නම් මේ වන විට අතපය හෝ අහවල් එක මුළුමනින්ම කපාගෙන අවසන් ය.

Subscribe to:
Posts (Atom)