Tuesday, February 26, 2019

දෙව්දත් තෙර

*දෙව්දත් තෙර*

දෙව්දත් තෙර නව මසක් ගිලන්ව වැස
කෝකාලිකයා ළයට දුන් වැලමිටි පහරෙන් මරණය ළං වූ බව දැක පශ්චිම කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු කැමැත්තේ තමා එහි ගෙන යන්නැයි සිය සව්වනට දැන්වීය. "ඔබ ශක්තිමත් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේට සතුරු කම් කොට දැන් දුබල වූ විට උන්වහන්සේ දක්නට යනු කැමැත්තෝය. අපි ඔබ එහි ගෙන නොයන්නම්" යි ඔවුහු කීහ. එවිට දෙව්දත් තෙම තමා උන්වහන්සේ කෙරෙහි වෛරී ව සිටියත් උන්වහන්සේ තුළ නම් කෙසඟක් පමණක් තමා කෙරෙහි අමනාපයක් නැතැයි කියා, තමා එහි බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන ලෙස නැවත නැවත ඉල්ලිය. ඔහුගේ බලවත් ඉල්ලීම නිසා ඔහු ද දෙව්දත් තෙරහු ඇඳකින් ගෙන පිටත් වූහ. එසේ යන්නාහු සැවැත් පුර පැමිණියාහු ජේතවන පොකුණ සමීපයට වන්හ.

ඔහු එහි පොකුණු තෙර ඇඳ තබා නාන්නට දියට බටහ. දෙව්දත් තෙර ද ඇඳෙන් නැගිට දෙපා බිම තබා හුන්නේය. එකෙණෙහිම පොළොව පැළී ක්‍රමයෙන් දෙව්දත් එහි ගිලුණේය.
බෙල්ල දක්වා ගිලී හනු ඇටය පොළොව සැපී සිටි කල්හි,
"මේ හනුකාස්ථීන් නිමිති කොටගෙන නොහොත් මේ කරුණු කොට, අග්‍ර පුද්ගල වූ දෙවියන්ට අධිදේව වූ, පුරුෂදම්‍ය සාරථී වූ සමතැස් ඇති සිය පින් ලකුණු ඇති ඒ සර්වඥයන් වහන්සේ දිවිහිමියෙන් සරණ ගියෙම් වෙම්"
කියා බුදුන් සරණ ගියේ ය. හෙතෙම පොළෝහි ගිලී මැරී අවීචි නිරයෙහි උපන්නේය.

දෙව්දත් තෙරුන් පොළොවෙහි ගිලුණු බව භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. මේ කාරණය ඇරැබ එයින් පෙරත් දෙව්දත් තමන් වහන්සේට ද්‍රෝහි ව පොළොවේ ගිලුණු බව දැක්වීම් වශයෙන් ඡද්දන්ත ජාතකය ද ඒ ගැන කතා ඇති වූ තවත් අවස්ථාවලදී ක්ෂාන්තිවාදී ජාතකය හා චුල්ල ධම්මපාල ජාතකය ද දෙව්දතුන්ගේ මරණින් බොහෝ නුවර වැස්සන් සතුටුවන බව භික්ෂූන් දැන්වූ විට, පෙරත් ඔහු මළ කල මහජනයා සතුටු වූ බව දක්වමින් පිංගල ජාතකය ද වඳාළ සේක.
"දෙව්දත් තෙර කොහේ උපන්නේ දැයි?" භික්ෂුහු ඇසූහ.අවීචි නිරයේ උපන් බව වඳාරා
"පව් කරන්නා මෙලොවත් තැවෙයි. පරලොවද තැවේ. මා විසින් පව් කරන ලදැ යි සිත සිතා මෙලොවදී තැවේ. දුගතියට ගොස් දුක් විපාක විඳිමින් බොහෝ සෙයින් තැවෙයි" යැයි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුද ඇරැබ ඒ අවස්ථාවකදී ,

"දෙව්දත් මෙසේ අපරාධකාරයකු වූවත් පෙර බොහෝ කල් පෙරුම් පිරුවෙකි යි ද, නිරයෙන් මිදී අවුත් පින් දහම් පුරා මතු කලෙක සට්ඨිස්සර නම් පසේ බුදු වන්නේ " යැ යි වදාළ සේක.

~~~ බුද්ධ චරිතය~~~
අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමිපාණන් විසින් රචිතයි.~~~

පෘථිවියෙන් එපිට වෙනත් ග්‍රහලෝකයක පහල වූ අභය බුදුන්වහන්සේ

"පෘථිවියෙන් එපිට වෙනත් ග්‍රහලෝකයක පහල වූ අභය බුදුන්වහන්සේ'

(”ස්වාමීනී වැටහේ. . මේ කසළ ශෝධකගේ දානයට අසදෘෂ දාන සියයක් වත් සම කළ නොහැක. එහි ආනිශංස ගැන දැනගැනීමට කැමැත්තෙමි")
සහා ලෝක ධාතුවට ආලෝක වර්ෂ ශත සහස්‍ර ගණනකට එපිටින් පිහිටි ලෝක ධාතුවක අප පෘථිවියට බොහෝ දුරට සමාන වූ ජිව්හා නම් ග්‍රහයකු විය. මධ්‍යකාලීන යුගයක් පැවති සමයෙක ශ්වේතකේතු නම් චක්‍රවර්ති රජවරයකු දසරාජ ධර්මයෙන් ජනයාට සංග්‍රහ කරන කාලයක එහි අභය නම් බුදුවරයකු පහළ විය.
උන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා වෙනුවෙන් රජු විසින් අගනුවරට එපිටින් ආරාම, සන්ථාගාර, ගිලන්හල්, ධර්මශාලා හා උපාසක උපාසිකාවන්ට විශ්‍රාමශාලා වලින් යුතු ආරාමයක් පූජා කර තිබුණි. මෙම ආරාමයේ පිවිසුම සම්බන්ධවූයේ නගරයේ ප්‍රධාන මාර්ගයටයි.
එක් දිනක උදෑසන බුදුන් වහන්සේ අග්‍ර උපස්ථායක වූ සාවිත්‍ර තෙරුන් සමඟ ආරාමයෙන් පිටතට පිඬු සිඟා යාම පිණිස නගරයට දෙසට වඩින්නට විය. මාර්ගය දෙපස තිබූ වාධූර්ය ගස් වලින් ගිනි රතු පැහැ පත්‍ර මාර්ගය පුරා වැටී තිබුණි. එම ගස් වල දැඩි සුලඟකට වුවත් නොවැටෙන වසන්තයට පමණක් පිපෙන තද කොළ පැහැ අති සුගන්ධවත් වාධූර්ය මල් වැනෙන්නට විය. දූවිලි හා පත්‍ර අවුස්සමින් විටින් විට මඳ සුලඟක් හමායන්නට විය. ගස් පෙළ අවසන් වූයේ නගරයේ එකිනෙකට යාබදව සාදා තිබූ නිවෙස් පේළිය සමඟය.
නගරය ඉසිළුවේ දැඩි පාළු සහගත ස්වභාවයකි. මාර්ගය ජනශූන්‍ය වූ අතර දක්නට ලැබුණේ අයාලේ ගිය සුනඛ රංචුවක් පමණි.
මේ අතර ඈතින් රුවක් ඇදෙන්නට විය. රුව ළංවත්ම සාවිත්‍ර තෙරුන් ඔහුව පහසුවෙන් හැඳුනා ගත්හ. දුර්වර්ණ වූ දිගු ඇඳුමකින් සිරුරම වසා ගත්, තවත් රෙද්දකින් ඇස් පමණක් නිරාවරණය වන සේ මුහුණ ආවරණය කරගත් පැමිණිමෙන් සිටියේ එම පෙදෙසේ නිවෙස් වල කසළ බැහැර කරන්නෙකු වූ ශෝධකයෙකි.
එක් කකුලක් අද්දමින් දූවිලි මඳක් අවුස්සමින් පැමිණි ඔහු තමන් කරා මුහුණට මුහුණ ලා එලැඹෙන බුදුන් වහන්සේ හා සාවිත්‍ර තෙරුන් දුටුවේ, හොඳටම ළං වූ පසු බිමට පාත් කළ හිස ඔසවා බැලීමේදීයි. ඔහුගේ දෑස් මහත්ව වික්ෂිපත් වී උන් වහන්සේලා මඟ හැරීමට නොහැකිවීම ගැන පසුතැවිල්ලෙන් මාර්ගයෙන් පසෙකට වී බිම බලාගෙන හුන්නේය.
බුදුන් වහන්සේ ඔහු පසුකරයාමට ගියා පමණි:ඒ පුද්ගලයා ඇසිල්ලකින් උන්වහන්සේ කරා එලැඹ සිය ඔලොගුවෙන් ගත් දෙයක් බුදුන් වහන්සේගේ පාත්‍රයට දමා හිස නවාගෙනම වැඳීමක් වත් නොකරම වේගයෙන් කකුල අද්දමින් එතැනින් නික්ම ගියේය.
බුදුන් වහන්සේ මඳකට නැවතුණු සේක. උන්වහන්සේගේ මුහුණේ ආශ්චර්යවත් මඳහසක් මතුවන්නට විය. සාමාන්‍ය මිනිසුන් මෙන් බුදුවරු අකාරණයේ සිනා පහළ නොකරන වග දත් සාවිත්‍ර තෙරුන් වහන්සේ ඊට හේතුව විමසා සිටිහය.
”සාවිත්‍රය තොප දන්න පරිදි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මහත්ඵල මහානිශංස ලැබෙන දානමය පුණ්‍යකර්මය කළේ කවරෙක්ද?”
සාවිත්‍ර තෙරුන් මෙසේ පිළිවදන් දුණි.
”භාග්‍යවතුන් වහන්ස. . ශ්වේතකේතු රජු දුන් අසදෘෂ දානය මහත්ඵල මහානිශංස ලෙස දකිමි. . ”
බුදුන් වහන්සේ පාත්‍රයට අතදමා ශෝධක විසින් පූජා කළ වියළි ශාක පත්‍රයකින් ඔතා පිටි හා පැණි මිශ්‍ර කර සෑදූ කැවිල්ල ශ්‍රී හස්තයට ගත්හ. ඉක්බිති සාවිත්‍ර තෙරුන් ඇමතූහ.
”සාවිත්‍රය තොප මේ දානය ගැන කුමක් කියන්නේද??”
සාවිත්‍ර තෙරුන් මඳක් විපිළසර වී බුදුවරු විසුළු නොකරන වග දන්නා බැවින් මෙසේ පිළිවදන් දුන්හ.
”එය අසදෘෂ දානය හා සංසන්දනය කළ නොහැක භාග්‍යවතුන් වහන්ස!. . ජල බිඳුවක් හා ගංගාවක් මම කෙසේ සංසන්දනය කරම්ද?”
ඉන්පසු බුදුන් වහන්සේ මේ පැනය විචාලහ. .
”සාවිත්‍රය . . අසදෘශ දානය අනෙක් සියළුම දාන ඉක්මවා මහත්ඵල මහානිශංස වන්නේ කෙසේද??”
සාවිත්‍ර තෙරුන් දීර්ඝ පිළිතුර ඇරඹූහ. .
”ස්වාමීනී. . ඔබ වහන්සේ වෙනුවෙන් පෙරමන් ආවේ චක්‍රවර්ති රජුය, ඔබ වහන්සේව ඔහු පාසෝදා පිළිගත්හ, ප්‍රධාන රහතන් වහන්සේලා අනික් රාජකීයයන් විසින්ද, අවශේෂ සංඝයා සෙනෙවිරත් වරුන්ගෙන් හා සෙබළුන් මඟින්ද එසේ පිළිගන්නා ලදී. . අප වෙනුවෙන්ම භෝජනාගාර හා මණ්ඩප ඉදිකර තිබුණි. ලොව හොඳම කැටයම් කරුවන් ඒවා අලන්කෘත කර තිබුණි. ඔබ වහන්සේ වෙනුවෙන් දියමන්තියෙන් සෑදූ අසුනක් පනවා තිබුණි, චිත්‍ර ශිල්පීන් භෝජනශාලා හ ධර්මශාලා තමන්ගේ විචිත්‍රභාවයෙන් නොඅඩුව පුරවා තිබුණි, එක් එක් භික්ෂුව වෙනුවෙන් එක් එක් මෙහෙකරුවකු සේවයේ යොදවා තිබුණි, අරක්කැමියන් සෑම ආකරයකටම අහාර වට්ටෝරු සාදා තිබුණි. දානය අවසානයේ ධර්මශාලාවට අප වැඩියේ ඇතුන් අල්ලා සිටි මුතුකුඩ සෙවණක් යටිනි. ධර්ම දේශනාවෙන් පසු ඉස්තරම්ම පිරිකර ඔවුන් පිළිගන්වන ලදී. රජු අවසානයේ ඔබ වහන්සේට වැඳ දෑස් වසා තම දානයේ ආනිශංස ලෙස යමක් පැතුවේය. . .
මේ කාරණා නිසා මම එය මහත්ඵල මහානිශංසයැයි කියමි. . ”
බුදුන් වහන්සේ මඳක් තූෂ්ණිම්භූතව හිඳ මෙසේ කියූහ. .
”සාවිත්‍රය ඊයේ ඇරඹුණු වසන්ත සැණකෙලිය සඳහා නුවරුන් මෙහින් නික්ම අගනුවර කරා ගොස් ඇත. උත්සවය කෙළවර වන්නේ අද සවසයි.
මේ පුද්ගලයා දිනපතා ආහාර සොයාගන්නේ කසළ එකතු කර බැහැර කිරීමට භාර ගන්න නිවෙස් වලිනි. දිනකට පෙර සවස් යාමයේ මොහු නිවෙසකට ගිය විට එහි සිටි කාරුණික ස්වාමිදුව නුවරුන් සියල්ලම වසන්ත උළෙලට යන බව දැන මොහුට ආහාර නිසි පරිදි නොලැබේයයි අනුකම්පාවෙන් මෙම කැවිලි සතරක් ඔහුට පරිත්‍යාග කළාය. මොහු වැඩ නොමැති බැවින් ඊයේ ප්‍රමාණවත් ආහාරයක් නොලැබ මෙම කැවිලි අරපිරිමැස්මෙන් අනුභව කරන ලදී. අද උදෑසන ඔහුට ඉතුරු වූයේ එක් කැවිල්ලක් පමණි. අපට පින්ඩපාතයේ යාමේදී මේ ජනශුන්‍ය දිනවල ඇතිවන අපහසුව දත් රජු විසින් මේ දින දෙකට එවන ලද ආහාර හා අරක්කැමියන් ගැන ඔහු කිසිවක් නොදැන සිටියේය. මමද මොහු කෙරේ කරුණාවෙන් කිසිවෙක් නැති මේ නගරයේ පිඬු සිඟා වැඩියෙමි.
මොහුහට මා දක්නට බලාපොරොත්තුවක් නොතිබුණි. වෙනදා මෙන් මිනිසුන් නැති නිසා මොහු ප්‍රධාන මාර්ගයේ ගමන් කළේය. මා දුටු විගස මොහු මඟහැරීමට අතුරු පාරක් සෙවීය. නැවත් නොහැරුණේ වේගයෙන් ඇවිදීමට නොහැකි බැවිනි. . මොහු දැකීමට ලැබීම බොහෝ මිනිසුන් අශුභ ලකුණක් සේ සලකති.
පෙර භවයක මොහු එක් සෙනෙවියෙක්ව අල්ලාගන්නා ගත් සතුරන් කැකෑරුණු තෙල් කටාරම් වල දමා සෙමෙන් ගිනි අවුලා ඔවුන්ගේ දුක් විඳීම මහත් ප්‍රීතියෙන් බලා සිටීමට ලොල් විය. මරණයෙන් පසු බොහෝ දුක් විඳි ඔහු මේ භවයේ උපන්නේ සිරුර පුරා කුෂ්ඨ දැමූ අනාථයකු ලෙසය. මිනිසුන් මොහු දැක කම්පනයකටත් දැඩි පිළිකුලකටත් පත්වූහ. මොහු මෙසේ සිරුරම ආවරණය කරන්නේ එම කුෂ්ඨ නොපෙනීමටයි.
ඉදින් මොහුට මා මඟහැරීමට අවකාශයක් නොතිබුණි. අයිනකට වූ ඔහු කල්පනා කළේ මේ පාළු නගරයේ කුමක් නිසා බුදුන් පිඬු සිඟා වඩියිද යන්නයි. මිනිසුන් නැති බැවින් බුදුන්ට පිණ්ඩපාතය නොලැබී නිරාහාර වන්නට වේ යැයි ඔහු තුල චිත්ත වික්ෂේපයක් හට ගැනුණි.
තමන් කුසගින්නේ සිට හෝ බුදුන්ට පිණ්ඩපාතය දීමට ඔහුට අවශ්‍ය විය. නමුත් ප්‍රධාන සෙනෙවිගේ පවුලට උපන් කුඩා කල සිට සැප සම්පත් ලද , දැන් රාජකීයයන්ගෙන් පවා බුහුමනට පාත්‍ර වන භාග්‍යවතුන් වහන්සේ තම රළු ආහාර පිළිගනීදැයි විපිළිසර වෙමින් සිටියේය. . මම ඔහුට ළන්වත්ම පාත්‍රයෙන් සිවුර මඳක් මෑත් කළෙමි. මම ඔහුගේ චිත්තය හඳුනාගත් බව දුටු ඔහු මා කෙරේ මහත් ස්නේහයෙන් හා කරුණාවෙන් මෙය පුදා ආනිශංසයක් ගැන නොසිතා වැඳීමක් වත් නොකරම යන්නට ගියේය. .
සාවිත්‍රය. . තොපෙන් මේ ප්‍රශ්න විචාරමි පිළිතුරු දෙනු. .
ශ්වේත කේතු රජ මේ දානයට කොපමණ මුදලක් වැය කළේද??”
”ස්වාමීනී, අසූ කෙළකි”
”සාවිත්‍රය ඒ ඔහුගේ සියළු වත්කමද?”
” නැත ස්වාමීනී. . එමෙන් දස ගුණයකටත් වඩා ඔහුගේ භාන්ඩාගාරය පොහොසත්ය”
”රජු මේ ධනය රැස් කරගත්තේ කෙසේද??”
”ස්වාමීනි. . එය ප්‍රවේණිගත ධනයකි. තව අයබදුද අය කෙරේ. ”
”රජු දානය වෙනුවෙන් කුමක් කළේද?ආහාර පිසුවේදම්?කැටයම් කැපුවේද?සැරසීම් කළේද? මණ්ඩප සෑදීමට ගත් කණුවක් එසවීමට්වත් උදවු වූවේද??”
”නැත ස්වාමීනී. . ඔහු එය මෙහෙයවූවා පමණි. . ”
”රජු දානය දුන්නේ මා කෙරේ හුදු භක්තිය නිසාද??”
”ස්වාමීනී. . ඔහු භක්තිමත් බව දනිමි. . එහෙත් ඔහු ආනිශංස බලාපොරොත්තු විය. ”
”සාවිත්‍රය සිහි එළවා ගනු. මේ මනුෂ්‍යයා අපහසුවෙන් වැඩ කර, තමන් කුස ගින්නේ ඉන්නට වන බව දැන දැන සන්තකයේ වූ සෑම දේ වන එම කැවිල්ල භාග්‍යවතුන් වහන්සේ කෙරේ ආදරයෙන් උන්වහන්සේ නිරාහාර වේ යැයි බියෙන් කිසි ආනිශංසයක් නොසිතා පූජා කළේය. . තොප කුමක් සිතයිද?”
සාවිත්‍ර තෙරුන් කාරණය වටහා ගත්හ. ඉන්පසු බිම බලාගෙන මෙසේ විචාලහ. .
”ස්වාමීනී වැටහේ. . මේ කසළ ශෝධකගේ දානයට අසදෘෂ දාන සියයක් වත් සම කළ නොහැක. එහි ආනිශංස ගැන දැනගැනීමට කැමැත්තෙමි. ”
බුදුන් වහන්සේ පිළිවදන් දුන්හ.
”සාවිත්‍රය, ආනිශංස පවා නොසලකා ආත්මාර්ථය හැර ඔහු කළ මේ දානයේ ඵල අධිකය. .
හෙට දින මොහු පියගැට පෙළකින් වැටී හිස කැඩී ක්ෂණයකින් මිය යන්නේය. එය වේදනා රහිත ශාන්ත මරණයක් වන්නේය. ඔහුගේ අයහපත් කර්මඵල එයින් අවසාන වන්නේය.
මළ විගස තවුතිසාවේ ඉපිදෙන්නේය. ශක්‍ර දේවේන්ද්‍ර වන්නේය. ඉන්පසු කල්ප අටසියයක් ශක්‍ර දේවේන්ද්‍ර ලෙසම චුත වෙමුන් ඕපපාතිකව පහළවන්නේය. .
කල්ප දහසක් මහේශාක්‍ය දෙවියකු වන්නේය.
සියදහස් වාරයක් සක්විති රජවන්නේය. ගණන් කළ නොහැකි තරම් වාරයක් ප්‍රදේශ රජ වන්නේය.
අවසානයේ රජ පවුලක ඉපිද නෛෂ්ක්‍රමණය කර සර්ව මිත්‍ර ලෙස ධර්මය නැති කාලයක පසේ බුදු වන්නේය. .
සාවිත්‍රය මේ ඔහුගේ කැවිලි පූජාවේ ආනිශංස වේ!”
මේ නියත විවරණය සමඟම මඳ සුලඟක් හැමුවේය. ගස් සෙමෙන් පැද්දෙන්නට විය. තුරු සෙවණේ ඇවිදිමින් සිටි ශෝධක වාධූර්ය මලින් නැහැවීගියේය.

Thursday, January 24, 2019

බොහෝම පෙර කාලයක මී පැණි විකුණන සහෝදර වෙළෙන්දන් තුන් දෙනෙක් විය. ඔවුන්ගෙන් එක් අයෙක් මී පැණි විකුණති. දෙදෙනෙක් වනයට ගොස් මී වද කඩා පැණි ගෙන එති. එක් පසේබුදු රජාණන් වහන්සේ නමක් ශරීරයේ වූ වණ රෝගයකින් පෙළෙමින් සිටියේය. ඒ පසේ බුදුරජාණන් වහන්සේහට ඖෂධ පිණිස තවත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් මී පැණි සොයා පිඬුසිඟා වැඩිසේක.
උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාවෙන් නගරයට වැඩි අතර, එවෙලෙහි එක්තරා දාසියක් දිය ගෙනඒමට පැන් තොටට යමින් සිටි අතර ඇය මුන්වහන්සේ දුටුවේය. ඇය උන්වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ “ ස්වාමිනි මේ අවේලාවෙහි පිඬුසිඟා වඩින්නේ කුමන දේ අපේක්ෂාවෙන් දැයි?” විමසීය. උන්වහන්සේ මී පැණිවල අවශ්‍යතාව වදාළ අතර “ස්වාමිනි, අර තිබෙන්නේ මී පැණි වෙළෙඳ සැලකි. එතැනට වඩින මැනවයි” කියන්නීය.
පසේබුදුරජාණන් වහන්සේ ඒ වෙළෙඳ සැලට වැඩි විට වෙළෙන්දා උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙන පාත්‍රයට මී පැණි පුරවද්දී ඒ පාත්‍රා කටින් පැණි උතුරා යනතෙක් මී පැණි පූජා කළේය. ඒ අවස්ථාවේදී පාත්‍රයෙහි පිරී ඇති මී පැණිත්, එය උතුරා බිමට වැටී ගිය මී පැණිත් දුටු ඒ වෙළෙන්දාට මහත් සතුටක් ඇතිවුණි. ඔහු ප්‍රාර්ථනා කරන්නේ, “මේ මී පැණි දානය හේතුවෙන් මට මේ දඹදිව තනි රජෙකු ලෙස පාලනය කරන්නට ලැබේවා! මාගේ ආඥාව ආකාසයෙහි යොදුනක් දුර පැතිරේවා! පොළොවෙත් යොදුනක් දුර පැතිරේවා! කියායි. අනෙක් දෙදෙනා මී වද කඩා මී පැණි ගෙන ආ අවස්ථාවේදී වෙළෙන්දා කියා සිටින්නේ “අද හිස මුඬුකළ කසාවත් පෙරවූ ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩියා නොවැ. උන්වහන්සේට මී පැණි වල අවශ්‍යතාවක් තිබු නිසා මම මී පැණි පූජා කර ගත්තා. ඔබත් මම වගේ ම මේ මී පැණිවලට අයිතිකාරයන් නිසා මේ දානය අනුමෝදන් වෙත්වායි” කීය.
ඔවුන්ගෙන් වැඩිමහලු සහෝදරයා ඒ ගැන සතුටු වූයේ නැත. “ඔබ කියන ඔය පුද්ගලයා සැඬොලෙක් ම වෙන්න ඇති. සැඬොල නොවැ හැමදාම කසාවත් පොරවාගෙන ඉන්නේ” කීය. අනෙක් සහෝදරයාද සතුටු වූයේ නැත. “ඔය කියන ඔබගේ පසේබුදුන් මුහුදින් එතෙරට දමන්නට ඕනෑයි” කීය. මී පැණි දානය පිළිගත්ත උත්තමයා ගැන නොසතුට වදන් පැවසුවත්, නැවතත් කරුණු වටහාගෙන දෙන ලද දානය කෙරෙහි මහත් සන්තෝෂයට පත්වී ඒ පින අනුමෝදන් විය.
වෙළෙදසැල පෙන්වූ දිය අදින දාසිය මෙසේ සිතීය. “අපගේ ආර්යයන් වහන්සේට පැණි ලැබුණේනම් යහපති. නො ලැබුණොත් ණයට හෝ රැගෙන මම පැණි පූජා කරමි” කියා බලාපොරොත්තුවෙන් සිටියේය. පසේබුදුරජුන් නැවත වඩිද්දී “ස්වාමිනි මී පැණි ලැබුණාදැයි? විමසීය. මී පැණි පූජාකොට ඔහු ප්‍රාර්ථනාවක්ද කළ බව වදාළේය. එවිට ඈ පැණි පූජා කළ වෙළෙන්දාගේ බිසව වීමටත්, තමන්ගේ අත්පා සන්ධි නොපෙනෙන අයුරින් අතිශය රූපවත්ව ඉපදෙන්නටත් ප්‍රාර්ථනා කරන්නීය. ඒ කාලයේ මී පැණි පිදු වෙළෙන්දා අශෝක රජුන් ලෙස ඉපදුනේය. අසන්ධිමිත්‍රා දේවිය ලෙස ඉපදුනේ එතැන සිටි දාසියයි. සැඬොලා කියා පසේබුදුරජුන්ට අගරු කළ වැඩිමහලු වෙළෙන්දා සැඬොල් ගමේ උපන් නිග්‍රෝධ කුමරු යි. මුහුදෙන් එතෙරට යවන්නට ඕනෑ කියු මද්දුමයා ලංකාවේ දෙවනපෑතිස් කුමරු ලෙස ඉපදුනේය.
දේවානම්පියතිස්ස රජුගේ උපත සහ රාජාභිෂේකය
පණ්ඩුකාභය රජුට දාව ස්වර්ණපාලි බිසවට මුටසිව නමැති පුත් කුමරෙක් සිටියේය. රජුන්ගේ ඇවෑමෙන් සොර සතුරු වියවුල්වලින් තොර වූ ලංකාද්වීපයේ රජු බවට මුවසිව පත්විය. ඒ මුටසීව රජුන් මල්පල බරින් යුක්ත වූ උයනක පිහිටිය යුතු නොයෙක් ගුණාංගයන්ගෙන් යුක්ත වූ සුන්දර උද්‍යානයක් “මහමේඝ වනෝද්‍යානය” නමින් කරවූයේය. ඒ උද්‍යානය පිහිටුවන ස්ථානය සැලසුම් කළ දා ආකාලයේ මහවැසිි වළාවන් පැන නැඟී මහා වැස්සක් ඇද හැලී වැව් පොකුණු පිරී ගියේය. ඒනිසා ඒ උද්‍යානයට “මහාමේඝ වනය” යන නම ලැබුණි. ලංකාංගනාවගේ සොඳුරු මුවමඬල බඳු උතුම් අනුරාධපුරයෙහි මුටසිව රජුන් සැට වසරක් රාජ්‍ය පාලනය කළේය. මුටසිව රජු එකිනෙකා කෙරෙහි ඉතා හිතවත්ව සිටින පුත් කුමරවරුන් දස දෙනෙක් සිටියේය. ක්ෂත්‍රිය සිරිත් විරිත් අනුව හැඩගැසුණු රූපවත් වූ දියණිවරු දෙදෙනෙක් විය. ඒ මුටසිව රජුගේ දෙවැනි පුත් කුමාරයා දේවානම්පියතිස්ස නමින් ප්‍රසිද්ධ විය. සියලු සහෝදර කුමාරවරුන් අතර පෙර ආත්මයන්හි රැස්කළ පින් බලයෙන්, ප්‍රඥාවෙන් ඉදිරියෙන් සිටියේ දෙවනපෑතිස් කුමරු ය. සිය පියා වූ මුටසිව රජුගේ ඇවෑමෙන් ඒ දෙවනපෑතිස් කුමරු ලක්දිව රජු බවට පත්විය. ඔහුගේ රාජාභිෂේකයත් සමඟ බොහෝ ආශ්චර්යවත් දේ සිදුවුණි.
සසරේ පින විපාක දීම
මුළු මහත් ලංකාද්වීපයේම පොළොව යට තිබුණු නිධාන, මැණික් වර්ග උඩට මතුවී පොළොව මත පෙනෙන්නට වුණි. ලක්දිව ආසන්නයේ බිඳී ගිය නැව්වල තිබුණ මැණික් වර්ග, මුහුදේ තිබුණ වෙනත් මැණික් වර්ග පොළොව මතට ගෙන ආවේය. අනුරාධපුරයට ගිණිකොන දිසාවෙහි යොදුන් දෙකක් පමණ දුරින් “ජාත” නමින් පර්වතයක් විය. ඒ පර්වතය පාමුල උණගස් තුනක් පැන නැංගේය. ඒවා ප්‍රමාණයන් රථ (කරත්ත) යෂ්ටි තරම් විශාලත්වයෙන් යුක්ත ය. එයින් එකක් “ලතා යෂ්ටි” ලෙස හැඳින්වේ මේි යෂ්ටිය රිදී පැහැයෙන් යුක්තයි. එහි වෙලී තිබෙන වැල් රම්‍ය වූ රන්වන් පාටින් දිස්වුණි.
අශ්වරූප හැඩයෙන් යුත් මුතු, ඇත් රූප හැඩය ගත් මුතු, රථ මුතු, නෙල්ලි මුතු, වළලු මුතු, මුදු මුතු, කකුධපල මුතු යන මේ අටවැදෑරුම් වූ ඉන්ද්‍රනීල මාණික්‍යය, වෛදූර්ය (වයිරෝඩි) මාණිකයය, ලෝහිතංක මාණික්‍යය ආදි මැණික් වර්ග මතුවුණි. මුතු වර්ග මුහුදෙන් ගොඩට ගසා වෙරළේ වැටියක් ලෙස තිබුණි. මේ හැම දෙයක්ම මතු වුයේ දේවානම්පියතිස්ස රජුන් පෙර රැස් කළ පුණ්‍යානුභාවය නිසාවෙනි.
දේවානම්පියතිස්ස රජුන් රාජාභිෂේක ලබා දවස් හතක් ගතවෙද්දී මේ වස්තුව තමන් වෙත ලැබුණි. ඒ වස්තුව දුටු රජතුමා සතුටට පත්විය. රජුට එකවර මතක් වුයේ ධර්මාශෝක රජුය. ඒ සියලු වස්තුව අරිට්ඨ ඇමැති ලවා දඹදිවට යැවීය. දඹදිවෙන්ද රජුට බොහෝ වස්තුව ලැබුණි. නොදුටු මිතුරන්ගේ එවැනි ඇසුරක් තිබුණි. තිසරණය ගැන පැහැදෙන ලෙසත්, සරණ යන ලෙසත් ලියා සන්නසක් එවීය. ඒ මූලික පසුබිම මිහිඳු මහාරහතන් වහන්සේට තම ධර්මදූත සේවය සඳහා උපකාරි වුණි.
රහතන් වහන්සේ පසුපස ගිය නරේන්ද්‍රයා
දේවානම්පියතිස්ස රජු ලංකාද්වීපයේ ප්‍රථම වතාවට ධර්මය ශ්‍රවණය කළ පින්වන්තයා බවට පත්කර වූයේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. අම්බස්ථලයේදී වදාළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය නිසාය. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි පින්බිම මිහිඳු මහරහතන් වහන්සේ මතුකොට පෙන්වා දෙනවිට ඒ සෑම තැනකම සලකුණු තැබුවේය. දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කොට ථූපාරාම මහා ස්තූපය ඉදිකළේය. එහිදී නොයෙක් ප්‍රාතිහාර්යය සියැසින් රජු දුටුවේය. හෙළවැසි පිනැතියන් කසාවත් දරා ශාන්තව පිඬුසිඟා වඩින අයුරු ඈත සිට බලා සිටියේය. රජු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මවන අසිරිය සියැසින් දුටුවේය. ඒ මහා පූජනීය බෝධින් වහන්සේ තම සිරසේ පිහිටුවා දාසයෙකු සේ පෙරහරේ ගමන් කළේය. අනේක ප්‍රාතිහාර්යය නැවතත් දුටුවේය. තම රාජ්‍යය පුදා දොරටු පාලයෙකු සේ බෝධින් වහන්සේට උපස්ථාන කළේය. ජයසිරි මහාබෝධිවංශ කථාව කියවන කෙනෙකුට දේවානම්පියතිස් රජුගේ මේ රාජ්‍යය අසිරිය කෙසේ නම් අමතක කරන්නද?Image may contain: 2 people
සියල්ලෝ කියවා පහන් සංවේගය ඇතිකරගනිත්වා...
සම්බුද්ධ පරිනිර්වාණය
ශ්‍රී දේහය ජරපත් වී දෙවි මිනිසුන්ට අප්‍රිය වන්නට කලින් පරමායුෂයෙන් පසෙන් කොටසක් ශේෂව තිබියදී පිරිනිවීම ලොවුතුරා බුදුවරයන්ගේ ස්වභාවයකි. ජන්මයෙන් අසූවැන්න වූ සම්බුද්ධත්වයට පැමිණීමෙන් පන්සාලිස් වැන්න වූ වසරෙහි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර සමීපයෙහි වූ බේලුව නම් ගමෙහි අන්තිම වරට වස් එළඹුණ සේක. එහිදී උන්වහන්සේට ඉතා බලවත් මාරාන්තික රෝගයක් හට ගත්තේය. බලවත් දුඃඛ වේදනාවද ඇති විය. උන්වහන්සේ ඒ වේදනාවන්ට අනුකූලව කෙඳිරීමක් ඒ මේ අත පෙරළීමක් නො කොට සිහිනුවණින් සියළු වේදනා ඉවසූ සේක. ආබාධය පිරිනිවීමට තරම් බලවත් වුවද “තමන් වහන්සේගේ උපස්ථායකයනට නො දන්වා භික්ෂු සංඝයාට නො දන්වා පිරිනිවීම නුසුදුසුය.” යි සිතා වදාරා ආබාධය වීර්යයෙන් යටපත් කොට ජීවිතය පවත්වා ගැනීමට සිතා ගත්හ. ඉක්බිති උන්වහන්සේ බුදු වන දිනයෙහි මහ බෝ මැඩදී විදර්ශනා කළ අයුරු රූපසත්තක අරූපසත්තක ක්‍රමයෙන් විස්තර වශයෙන් නාම රූපයන් විදර්ශනා කොට ඒ විදර්ශනාවේ බලයෙන් ශාරීරික වේදනා දුරු කොට ඉදිරියට දස මසක් ගතවන තුරු ඒ වේදනාවන් නැවත ඇති නො වන පරිදි සමාපත්තියට සමවන් සේක. එයින් රෝගය සුවවිය.
සුවය ලැබීමෙන් පසු තථාගතයන් වහන්සේ විහාරයෙන් නික්ම විහාච්ඡායාවෙහි පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වෙත එළඹ වැඳ “ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! දැන් නුඹ වහන්සේට සනීප පෙනේ. නුඹ වහන්සේගේ රෝගය නිසා මාගේ ශරීරය ද තද වී බර වී ගියේය. මට දිශා පවා තේරුම් ගත නො හැකි වී ගියේය. සතිපට්ඨානාදී ධර්ම නොවැටහී ගියේය. ස්වාමීනි! මට සැනසිල්ලට කරුණක් තිබුණේ පිරිනිවීමේ ලකුණක් වශයෙන් නුඹවහන්සේ වීසින් භික්ෂු සංඝයා අරභයා යම් කිසිවක් නො වදාළ බව පමණෙකැ” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය! භික්ෂු සංඝයා හට මාගෙන් බලාපොරොත්තු වන්නට දෙයක් නැත. ආනන්දය! ගුරුමුෂ්ටිය වශයෙන් කිසිවක් ඉතිරි නො කොට සියල්ලන් සම්පූර්ණ කොට ම මා විසින් ධර්මය දේශනා කර ඇත්තේය. මාගේ ගුරුමුෂ්ටිය දීමක් නැත. ආනන්දය! භික්ෂු සංඝයා ගැන යම්කිසි ප්‍රකාශයක් කිරීමට ඇති වන්නේ මේ සංඝයා සැම කල්හි මා විසින්ම පරිහරණය කළ යුතුය යන අදහස ඇතහොත් ය. එබඳු අදහසක් තථාගතයන්ට නැතය” යි වදාල සේක. ඉක්බිති “ආනන්දය, දැනට මම දිරූ සිරුරු ඇති මහල්ලෙක් වෙමි. අසූ අවුරුදු වියට පැමිණ සිටිමි. ආනන්දය! යම් විටෙක තථාගත තෙමේ නිවන අරමුණු කොට ඇති චිත්ත සමාධියෙන් වාසය කෙරේද එසමයෙහි තථාගතයන්ගේ කයට පහසු වන්නේය. ආනන්දය! එ බැවින් තෙපිද තමාට තමාම පිහිට කොට වෙසෙව්” යයි ද අනුශාසනා කළ සේක.
තථාගත පරිනිර්වාණයට සමීපව ඇති මේ කාලයේදී සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ද පිරිනිවන් පා වදාළහ. තථාගතයන් වහන්සේ උන්වහන්සේලාගේ ධාතූන් පිහිටුවා චෛත්‍යක් කරවා රජගහ නුවරින් බික්සඟන හා නික්ම ගොස් ගංගා නදී තීරයට පැමිණ එහිදී සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ ධර්ම දේශනයක් කොට එයින් නික්ම විසාලා මහ නුවරට වැඩවදාරා පසුදින ආනන්ද ස්ථවිරයන් හා චාපාලචේතිය නම් විහාරයට පැමිණ එහි වැඩහිඳ විසල් පුරය හා ඒ සමීපයේ පිහිටි විහාරවල රමණීය බව වදාරා “යමකු විසින් සතර සෘධිපාදයන් මනා කොට වඩනා ලද නම් ඔහුට කල්පයක් වුවද ජීවත් විය හැකිය. ආනනදය! තථාගතයන් විසින් සතර සෘධිපාදයෝ මනා කොට වඩනා ලදහ. ආනන්දය! තථාගතයන්ට කැමති නම් කල්පයම වුවද එයට වැඩි කලක් වුවද ජීවත් විය හැකිය.” යි වදාළ සේක. ඒ අවස්ථාවේදී මාර බාධාව නිසා ආනන්ද ස්ථවිරයන් වහන්සේට බුදුන්වහන්සේගේ අදහස තේරුම් ගත නොහැකි විය. එ බැවින් උන්වහන්සේ ලෝකානුකම්පාව පිණිස කල්පය මුළුල්ලෙහි වැඩ සිටිනා ලෙස තථාගතයන් වහන්සේට ආරාධනා නොකළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ සමීපයෙන් ඉවත් වූ පසු මාරයා පැමිණ පිරිනිවන් පානා ලෙස ඇරයුම් කළේය. එකල්හිම තථාගතයන් වහන්සේ-
“අප්පොස්සුක්කො ත්වං පාපිම! හොහි, න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති”
“පාපී මාරය! නුඹ වෙහෙස නොවන්න. වැඩිකල් නොගොස් මෙයින් තෙමසකට පසු තථාගතයන් වහ්න්සේගේ පිරිනිවීම වන්නේය.” යි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ තෙමසකින් ඔබ ජීවත්වීමේ අදහස හළ සේක. එකෙණෙහි මහ පොළොව කම්පිත විය. හාත්පස අහසෙහි අකුණු පුපුරන්නට විය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ භූමිකම්පාවට හා හෙන පිපිරීමට හේතු විචාළහ. තථාගතයන් වහන්සේ එයට හේතු වදාළ කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ මහත් සංවේගයට පැමිණ-
“තිට්ඨතු භන්තෙ භගවා කප්පං තිට්ඨතු සුගතො කප්පං, බහුජන හිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙව මනුස්සානං.”
යනුවෙන් ලෝකානුකම්පාව පිණිස කල්පය මුළුල්ලෙහි වැඩසිටින ලෙස තථාගතයන් වහන්සේට ආරාධනා කළහ. උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කොට ආනන්ද ස්ථවිරයන් වහන්සේට ශෝකය සංසිඳවා ගැනීමට කරුණුද වදාරා තථාගතයන් වහන්සේ තෙමසකින් පිරිනිවන් පානා බව වදාළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ මහා වනයෙහි කූටාගාර ශාලාවට වැඩම කොට භික්ෂු සංඝයා රැස් කරවා සර්වඥ ශාසනයාගේ චිරස්ථිය පිණිස තමන් වහන්සේ විසින් විශේෂයෙන් දැන දේශනය කළ සතිපට්ඨාන සතරය, සම්‍යක් ප්‍රධාන සතරය, සෘධිපාද සතරය, ඉන්ද්‍රිය පසය, බල පසය, බෝධ්‍යංග සතය, ආර්ය අෂ්ඨාංගික මාර්ගයය යන මේ ධර්ම මනාව උගෙන පුරුදු කළ යුතු බව වදාරා ධර්මානුශාසනා කොට තෙමසකින් තමන් වහන්සේ පිරිනිවන් පානා බව ද වදාළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලි පුරයෙහි පිඬු පිණිස හැසිර පස්වරු කාලයේ වේසාලියෙන් නික්ම වේසාලි පුරය දෙස හැරී බලා ආනන්ද ස්ථවිරයන් වහන්සේ අමතා මේ මගේ අන්තිමවරට වේසාලි නගරය දැකීම යැයි වදාළ සේක. විසල් පුර වැසි ලිච්ඡවීහු එහි නාගාපලොකිත චේතිය නමින් චෛත්‍යයක් කරවා වැඳුම් පිදුම් කළහ.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ මහා සංඝයාද කැටුව භණ්ඩග්‍රාමයට වැඩ එහි වෙසෙමින් ශීල සමාධි ප්‍රඥාවන් පිළිබඳව බොහෝ දම් දෙසමින් වාසය කොට එයින් නික්ම හස්තිග්‍රාම ආමග්‍රාම ජම්බුග්‍රාම යන ගම්වලටද වැඩම කර ඒවා පසු කොට භෝග නගරයට පැමිණ ආනන්ද චෛත්‍ය නම් වෙහෙරෙහි වෙසෙමින් භික්ෂූන් අමතා “චත්තාරො මෙ භික්ඛවෙ! මහාපෙදෙසෙ දෙසිස්සාමි” යනාදීන් සතර මහා අපදේශයන් වදාළ සේක. සතර මහා අපදේශ නම් නියම බුද්ධ ධර්මය කුමක්ද යන බව තේරුම් ගැනීමට උපකාර වන උපදේශ සතරෙකි. තථාගතයන් වහන්සේ ආනන්ද චෛත්‍ය නම් විහාරයෙහි හිඳ ශීල සමාධි ප්‍රඥාවන් පිළිබඳව ම බෙහෙවින් දම් දෙසමින් වැඩ සිට මහාසංඝයා හා පාවානුවර කර්මාරපුත්‍ර චුන්දගේ අඹ උයනට වැඩම කළ සේක. ඒ බව ඇසූ චුන්ද තථාගතයන් වහන්සේ වෙත එළඹ දහම් අසා පසු දින සිය නිවසෙහි දන් පිළි ගන්නා ලෙස ආරාධනය කළේය. තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනය පිළිගත් සේක. චුන්ද තථාගතයන් වහන්සේ විසින් තමාගේ ආරාධනාව ඉවසා වදාළ බව දැන පසුදින සිය නිවසෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයන් හා සූකර මද්දවය ද පිළියෙල කොට මහා සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා තථාගතයන් වහන්සේගේ නියමය පරිදි සූකර මද්දවය සහිත දානය තථාගතයන් වහන්සේටත් ඉතිරි ඛාද්‍ය භෝජනයන් භික්ෂු සංඝයාටත් පිළිගැවීය. වළඳා අවසානයෙහි කර්මාරපුත්‍ර චුන්ද හට දහම් දෙසා තථාගතයන් වහන්සේ ඉන් නික්මුණු සේක. එය තථාගතයන් වහන්සේ පිරිනිවන් පානා දිනයය. තථාගතයන් වහන්සේ බේළුව ගමෙහි වස් එළඹ විසූ කාලයේ උන්වහන්සෙට ඇතිවූ ලෝහිත පක්ඛන්දිකා නම් වූ දරුණු අතීසාර රෝගය සමවත් බලයෙන් යටපත් කළ කාලය ඒ දිනට අවසන් විය. එ බැවින් ඒ රෝගය එදින නැවත මතු විය. කර්මාරපුත්‍ර චුන්ද විසින් පිළියෙල කර පිළිගැන්වූ සිනිඳු ඕජාවත් ආහාරය වළඳා සිටි නිසා තථාගතයන් වහන්සේට තරමක පහසුවක් ඇති විය. උන්වහන්සේ පිරිනිවීමට බලාපොරොත්තු වන කුසිනාරා නුවර බලා ගමන ආරම්භ කළ සේක. රෝග බලය නිසා දශබලධාරීන් වහන්සේ ගේ දේහබලය සීඝ්‍රයෙන් පිරිහෙන්නට විය. එ බැවින් උන්වහන්සේට කුසිනාරා නුවරට වඩනා අතර මඟ පස් විසි තැනක වැඩ සිට විඩා සන්සිඳුවා ගැනීමට සිදු විය. උන්වහන්සේ පා ගමනින් ම තුන් ගව් මග ගෙවා සන්ධ්‍යා කාලයේ කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් වූ සල් උයනට වැඩවදාළ සේක.
ඉක්බිති තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය! ක්ලාන්ත වෙමි. සැත්පීම සඳහා යමක ශාලා වෘක්ෂයන් අතර උතුරු දෙසට හිස සිටින පරිදි ඇඳක් පිළියෙල කරව.” යි වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ එසේ කළහ. භාග්‍යවතුන් වහන්සේ දකුණු පසට හැරී එහි සිංහ ශෙ‍යාවෙන් සයනය කළ සේක. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව කලින් ප්‍රසිද්ධියට පැමිණ තිබූ බැවින් බොහෝ භික්ෂුහු එහි පැමිණ සිටියහ. දස දහසක් සක්වළවලින් බොහෝ දිව්‍ය බ්‍රහ්මයෝද තථාගතයන් වහන්සේ දක්නට පැමිණියෝය. එදින සල් වනයෙහි සැම ගසකම මල් පිපී තිබිණ. තථාගතයන් වහන්සේගේ ශරීරය මත සල් මල් පතනය වන්නට විය. දිව්‍ය බ්‍රහ්මයෝද මල් හා සුවඳ සුනු හෙලමින් ද දිව්‍ය සංගීත පවත්වමින්ද දිව්‍ය තූර්යයන් වාදනය කරමින්ද මහත් ඌ පූජාවක් පැවැත් වූහ. දස දහසක් සක්වලින් පැමිණි ගණනින් ප්‍රමාණ කළ නොහෙන සක්වළ පුරා පැතිර සිටි දිව්‍ය බ්‍රහ්ම සමූහයා විසින් පවත්වන මහා පූජාව බලා තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා මෙබඳු පූජාවක් පැවැත්වීම තථාගතයන් වහන්සේ ට උත්තම පූජාවක් කිරීම නොවන බවත් දර්මයට අනුව පිළිපැදීමම තථාගතයන් වහන්සේට කරන උත්තම පූජාව බවත් වදාළ සේක.
ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ “භාග්‍යවතුන් වහන්ස! පෙර ඒ ඒ පළාත්වල වස් වැස නිම වූ මන වඩන්නා වූ බොහෝ භික්ෂුහු තථාගත දර්ශනය සඳහා පැමිණෙන්නාහ. එයින් අපි ඒ මනෝභාවනීය භික්ෂූන් දකින්නටද ඇසුරු කරන්නටද ලැබුයෙමු. නුඹ වහන්සේගේ ඇවෑමෙන් මනෝභාවනීය භික්ෂූන් දක්නට නො ලබන්නෙමුය” යි තථාගතයන් වහන්සේට සැලකළහ. එකල්හි තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට දර්ශනීය මනෝ භාවනීය අන් දෙයක් දැක්වීම සඳහා මෙසේ වදාළ සේක.
“චත්තාරිමානි ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි?
ඉධ තථාගතො ජාතොති ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං,
ඉධ තථාගතො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධොති
ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං,
ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද!
සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං
ඉද තථාගතො අන්පාදිසෙසාය නිබ්බාන ධාතුයා
පරිනිබ්බුතොති ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං
ඉමානි ඛො ආනන්ද! චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං”
තථාගතයන් වහන්සේ උපන් තැනය, සම්‍යක් සම්බුද්ධත්වයට පැමිණි තැනය, දම්සක් පැවැත් වූ තැනය, පිරිනිවන් පා වදාළ තැනය යන මේ ස්ථාන සතර දර්ශනීය සංවේජනීය ස්ථාන වන බව ඒ දේශනාවෙන් දක්වන ලද්දේය. ශ්‍රද්ධාවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඒ ස්ථානයන් දක්නට යන බවත් ඉක්බිති යම් කෙනෙකුන් චෛත්‍යදර්ශනය සඳහා ගොස් පහන් සිතින් කාලක්‍රියා කළාහු නම් ඔවුන් ස්වර්ගයෙහි උපදනා බවත් වදාළසේක.
ඉක්බිති ආනන්ද ස්ථවිරයෝ පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දෙහය ගැන පිළිපදිනා ආකාරය විචාළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය! තෙපි තථාගත ශරීර පූජාව ගැන ව්‍යවෘත නො වවු. තෙපි අර්හත්වයට පැමිණීම සඳහා වීර්ය කරව්. ආනන්දය! තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝ ද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද, ගෘහපති පණ්ඩිතයෝ ද ඇතහ. ඔවූහු තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහ” යි වදාළ සේක. තථාගත ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය විචාර කල්හි සක්විති රජුන්ගේ ශරීරය කෙරෙහි පිළිපදිනා ආකාරයෙන් පිළිපැදිය යුතු බව හා එහි ක්‍රමයත්, සිවු මන්සන්දියක් සමීපයෙහි තථාගතයන් වහන්සේ උදෙසා ස්ථූපයක් කළ යුතු බවත්, යම් කෙනෙක් එහි සුවඳ හෝ මල් හෝ සුවඳ සුණු හෝ පුදත් නම් එයට වඳිත් නම් සිත හෝ පහදා ගනිත් නම් ඔවුනට එය දීර්ඝ කාලයක් සැප පිණිස වන බවත් වදාළ සේක. ඉක්බිති මෙසේ වදාළ සේක.
“චත්තාරො මෙ ආනන්ද ථූපරහා, කතමෙ චත්තාරො? තථාගතො අරහං සම්මාඅම්බුද්ධො ථූපරහො. පච්චෙක සම්බුද්ධො ථූපාරහො, තථාගතස්ස සාවකො ථූපාරහො. රාජා චක්කවත්ති ථූපාරහොති.”
“ආනන්දය මේ පුද්ගලයෝ සතර දෙන ස්ථූප තැනීමට සුදුස්සෝය. කවර සතර දෙනෙක් ද යත්? තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ස්ථූප තැනීමට සුදුසු ය. ප්‍රත්‍යක සම්බුද්ධයන් වහන්සේ ස්ථූප තැනීමට සුදුසු ය. බුද්ධශ්‍රාවක තෙමේ ස්ථූප තැනීමට සුදුසු ය. සක්විති රජ ස්ථූප තැනීමට සුදුසු ය.” යනු එහි තේරුමයි. උත්තම පුද්ගලයන් උදෙසා ස්ථූප කළ යුත්තේ ඒවා කෙරෙහි සිත පහදාගෙන ඒවාට වැඳුම් පිදුම් කොට බොහෝ ජනයාට ස්වර්ග සම්පත්තිය ලැබිය හැකි හෙයිනි.
“තථාගතස්ස සාවකො ථූපාරහො" යනුවෙන් විශේෂයක් නො කොට බුද්ධශ්‍රාවකයා ස්ථූප කිරීමට සුදුසු යයි වදාරා ඇතත් එයින් අදහස් කරන්නේ සව් කෙලෙසුන් නසා රහත් වූ බුද්ධශ්‍රාවකයා ය. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ අවස්ථාවල ස්ථූප තැනීමට නියම කර ඇත්තේ රහතුන් වෙනුවෙන්ම ය. උන්වහන්සේ සැරියුත් මුගලන් දෙනම වෙනුවෙන් ස්ථූප තැනීමට නියෝග කළහ. මහාප්‍රජාපති ගෝතමි මෙහෙණිය වෙනුවෙන් ස්ථූපයක් තැනවීමට නියම කළහ. පෘතග්ජන ශ්‍රාවකයකු වෙනුවෙන් තථාගතයන් වහන්සේ විසින් ස්ථූප තැනීමට නියම කළ තැනක් දක්නට නැත. ගිහියකු වන චක්‍රවර්තී රජ ස්ථූප තැනීමට සුදුසු වන බව අනුදත් තථාගතයන් වහන්සේ සිල්වත් පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීමට නො අනුදත්තේ කිනම් කරුණකින්ද යන මේ ප්‍රශ්නය නඟා අටුවාවෙහි මෙසේ එයට පිළිතුරු දී තිබේ. සීලවන්ත පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීම තථාගතයන් වහන්සේ අනුමත කළහොත් ලක් පොළොව ස්ථූපවලින් පිරෙන්නේය. එසේ වූ කල්හි ඒවායේ අගය නැතීවන්නේය. සක්විති රජවරු ලෝකයෙහි ඇතිවන්නේ කලාතුරකිනි. එබැවින් චක්‍රවර්තී රජුගේ ස්ථූපය ආශ්චර්ය දෙයක් වන්නේ ය. එයට මහජනයා ගරු කරන්නේ ය. ඒ නිසා තථාගතයන් වහන්සේ සිල්වත් වූ ද පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීම නො අනුදත් සේක. මෙසේ කියා අවසානයෙහි පිරිනිවන් පෑ භික්ෂුවට මෙන්ම සිල්වත් පෘතග්ජන භික්ෂුවටද සත්කාර කිරීම සුදුසු බව දක්වා තිබේ.
ස්ථූපාර්හ පුද්ගලයන් පිළිබඳව වූ ඒ දේශනාව ඇසීමෙන් පසු තථාගත පරිනිර්වාණය ගැන බලවත් ශෝකයක් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ඇති විය. එය දැරිය නො හැක්කෙන් උන්වහන්සේ විහාරයට පිවිස අගුළු කණුවට හේත්තු වී හඬන්නට වන්හ. තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් ගෙන්වා ධර්ම කථාවෙන් ශෝකය සංසිඳවා භික්ෂූන් අමතා ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ බොහෝ ගුණ වදාළ සේක. ඉක්බිති ආනන්ද ස්ථ්විරයන් වහන්සේ විසින් මේ කුඩා නගරයෙහි පිරිනිවීම නො කරන ලෙස ඇයැද සිටි කල්හි කුසිනාරාව කුඩා නගරයක් නො වන බව හා සංස්කාරයන්ගේ අනිත්‍ය භාවයද දැක්වීම් වස් මහා සුදර්ශන සූත්‍රය සැතපී සිටිමින්ම දේශනය කළ සේක.
ඉක්බිති තථාගතයන් වහන්සේ එදින රාත්‍රියේ පශ්චිම යාමයේ තථාගත පරිනිර්වාණය සිදුවන බව කුසිනාරා නුවර මල්ල රජුන්ට දන්වන ලෙස ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදාළහ. උන්වහන්සේ එසේ කළහ. මල්ලයෝ මහත් වූ ශෝකයෙන් හඬමින් පවුල් පිටින්ම රාත්‍රියේම අවුත් තථාගතයන් වහන්සේට වැන්දෝය. එනුවර වෙසෙන සුභද්‍ර නම් පරිව්‍රාජකයාටද තථාගත පරිනිර්වාණය සැළවී වහා අවුත් තථාගතයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලබා කමටහන් වඩා තථාගතයන් වහන්සේ පිනිවීමට කලින්ම සවුකෙලෙසුන් නසා රහත් බවට පැමිණියේය. හෙතෙමේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා විය.
ඉක්බිති තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා වදාරන සේක් “ආනන්දය! මාගේ ඇවෑමෙන් දැන් අපට ශාස්තෘවරයෙකු නැතය යන අදහස තොපට ඇතිවිය හැකිය. ආනන්දය! තොපට ශාස්තෘවරයෙකු නැත්තේ නොවේ. ආනන්දය! මා විසින් යම් ධර්මයක් දෙසන ලදද, යම් විනයක් පනවන ලද ද, ඒ ධර්මය විනය දෙක මාගේ ඇවෑමෙන් තොපගේ ශාස්තෘවරයා ය” යි වදාළ සේක. අනතුරුව තථාගත පරිනිර්වාණයෙන් පසු භික්ෂූන් විසින් ඔවුනොවුන්ට කතාකළ යුතු ආකාරය වදාරා කැමති නම් සංඝයා හට ක්ෂුද්‍රානුක්ෂුද්‍රක ශික්ෂා පදයක් බැහැර කරවන්නට ද අවසර දී භික්ෂූන්ට නිතර කරදර කරන චණ්ඩ ඵරුෂ ඡන්න භික්ෂුව හික්මවනු පිණිස බ්‍රහ්මදණ්ඩය දීමට නියම කර වදාළ සේක. ඒ දඬුවම නිසා ඡන්න භික්ෂුවට රහත් විය හැකිවිය. ඉක්බිති මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනා කරන ලද සකල ධර්ම සමූහය පිඬු කොට “භන්දදානි භික්ඛවෙ! ආමන්තයාමි වො, වයදම්මා සංඛාරා, අප්පමාදෙන සම්පාදෙථ” යන අන්තිම බුද්ධ වචනය වදාළ සේක. “මහණෙනි දැන් තොපට අන්තිම වරට කියමි. සංස්කාරයෝ නැසෙන ස්වභාවය ඇත්තෝය. තෙපි අමතක නොකොට අතපසු නොකර පැවිදි කිස සම්පාදනය කරව්” යි යනු එහි තේරුමයි.
මෙසේ තථාගතයන් වහන්සේ භික්ෂූන්ට අන්තිම අවවාදය කොට ප්‍රථම ධ්‍යානයට සමවන් සේක. ඉන් නැගිට ද්විතීය ධ්‍යානයට සමවන් සේක. මෙසේ නේවසංඥා නාසංඥායතන ධ්‍යානය දක්වා පිළිවෙලින් ධ්‍යානයන්ට සමවැද නිරෝධ සමාපත්තියට සමවන් සේක. එකල්හි ආනන්ද තෙරණුවෝ “ස්වාමිනි!, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුණු සේකැ” යි අනුරුදු තෙරණුවන්ට කීහ. “නැත ආනන්දය! භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවන් සේකැ” යි අනුරුදු තෙරණුවෝ කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී ප්‍රතිලෝම ක්‍රමයෙන් ප්‍රථම ධ්‍යානය දක්වා ධ්‍යානයන්ට සමවැදී නැවත අනුලෝම ක්‍රමයෙන් චතුර්ථධ්‍යානය දක්වා ධ්‍යානයන්ට සම වැදී චතුර්ථධ්‍යානයෙන් නැඟී පිරිනිවන් පා වදාළ සේක. එකෙණෙහි මහා භූමිකම්පාවක්විය. අහසෙහි විදුලිය නගින්නටත් අකුණු පුපුරන්නටත් විය. එකෙණෙහිම සහම්පති බ්‍රහ්මරාජයා මේ ගාථාව කීය.

සබ්බේව නික්ඛිපිස්සන්ති භූතාලොකෙ සමුස්සයං,
යථා එතදිසො සත්ථා ලොකෙ අප්පටි පුග්ගලො,
තථාගතො බලප්පත්තො සම්බුද්ධො පරිනිබ්බුතො.

සක්දෙව් රජ මේ ගාථාව කීය
අනිච්චා වත සංඛාරා - උප්පාද වයදම්මිනො,
උප්පජ්ජිත්වා නිරිජ්ඣන්ති - තෙසං වූපසමො සුඛො
ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයෝ මේ ගාථාව කීහ.

නාහු අස්සාස පස්සාසො ඨිත චිත්තස්ස තාදිනො,
අනෙජො සන්ති මාරබ්භ යං කාලමකරී මුනී.
අසල්ලීනෙන චිත්තෙන වෙදනං අජ්ඣවාසයි.
පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්ඛො චෙතසො අහු.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෝ මේ ගය කීහ.
තදාසි යං හිංසනකං තදාසි ලෝමහංසනං,
සබ්බාකාර වරූපෙතෙ සම්බුද්ධෙ පරිනිබ්බුතෙ.

තථාගත පරිනිර්වාණය සැලවූ වහාම නො රහත් බොහෝ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවි සේකැ යි හඬන්නට වැළපෙන්නට වූහ. වීතරාගිහු සංස්කාරයන්ගේ අනිත්‍යතාව සලකමින් ඉවසූහ. මහරහත් අනුරුදු හිමියෝ ලෝකස්වභාවය සිහිකර දී හඬන වැළපෙන භික්ෂූන් සැනසූහ. අනුරුදු තෙරුන් වහන්සේ දැහැමි කතාවෙන් රාත්‍රියේ ඉතිරි කොටස ගත කළහ.
රේරුකානේ චන්දවිමල මහනාහිමි
පුණ්‍යෝපදේශය
https://pitaka.lk/books/rc/Punyopadeseya.htm#_Toc45941319
Image may contain: 6 people
චිත්තහත්ථ තෙරුන්ගේ කථා වස්තුව
අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට ලැබෙන විට එ් ධර්මය ගැන නුවණින් මෙනෙහි කරන්නට ඕන. එ් කෙරෙහි සිතේ පැහැදීම ඇති කරගන්නට ඕන. එබඳු පැහැදීමක් තිබුණොත් අපට නැවත නැවතත් එ් ධර්මය සිහි කරන්නට, හදාරන්නට, නුවණින් විමසන්නට හිතෙනවා. එ් තුළින් අපට නුවණ වැඩෙනවා. නුවණ වැඩෙද්දී ධර්මය අවබෝධ කිරීමෙහි වුවමනාව අපගේ සිත තුළ ස්ථිරව පිහිටනවා. මේ ලක්ෂණ නැති කෙනා පැවිදි වෙලා හිටියත් ප්‍රයෝජනයක් නෑ. එ් කෙනා තුළ ධර්මය තුළින් ඇති වෙන ප්‍රඥාව වැඩෙන්නෙ නෑ. වීරිය වැඩෙන්නෙත් නෑ. ධර්මය කෙරෙහි සිත ස්ථිරව පිහිටන්නෙත් නෑ. එබඳු කෙනෙක් වුනත් උත්සාහයකින්, අධිෂ්ඨානයකින් කටයුතු කළොත්, ජයගන්නට පුළුවනි. එ් බව මෙම කථාවෙන් ඉතාමත් ලස්සනට පැහැදිලි වෙනවා.
එ් කාලයේ සැවැත් නුවර එක්තරා ගොවියෙක් හිටියා. මොහුටත් රහතන් වහන්සේලාගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුණා. එ් ධර්මය කෙරෙහි පැහැදීමකුත් ඇති වුණා. හැබැයි එ් පැහැදීම ඇතිවුණේ නුවණින් මෙනෙහි කරලා නෙවෙයි. නුවණින් නොවිමසන නිසා සිත ධර්මය තුළ ස්ථිරව පිහිටියෙත් නෑ. නමුත් මෙම ගොවියාටත් පැවිදි වීමේ ආශාවක් ඇතිවුණා. දිනක් මොහු ගෙදරට දන්වා පැවිදි වෙන්න ගියා. පැවිදි වෙන්න යද්දී තමා කුඹුරු වැඩ කළ උදැල්ල කටු පඳුරක සඟවා ගියා. ඉතින් මොහු භික්ෂූන් වහන්සේලා වෙත ගිහින් පැවිදි වුණා.
පැවිදි වී දින කිහිපයක් යන විට ධර්මය කෙරෙහි ඇති පැහැදීම වෙනස් වුණා. බිරිඳ මතක් වෙන්නට පටන් ගත්තා. තමා නැති නිසා තම බිරිඳ අයාලේ ගොස් නොමනා ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත් මතක් වුණා. ඉතින් මේ භික්ෂුව තමන් තුළ නූපන් රාගය ඉපදෙන ආකාරයට නුවණින් තොරව සිතන්නට පටන් ගත්තා. මොහු තුළ අකුසල් වැඩුණා. එය ප්‍රහාණය කිරීම සඳහා ප්‍රමාණවත් අධිෂ්ඨානයක් මොහු තුළ තිබුණේ නෑ. භාවනා කරන්නට වාඩි වූ විට ආයෙමත් සඟවා පැමිණි උදැල්ල මතක් වුණා. බිරිඳ මතක් වුණා. පංච කාමය මතක් වුණා. අරතිය වැඩි වුණා. ධර්මය කෙරෙහි ඇල්ම නැතිව ගියා. මොහු රහසේම සිවුරු හැර උදැල්ලත් රැගෙන ගෙදර ගියා.
පැවිදි වෙන්නට ගිය ස්වාමියා නැවත කුඹුරේ වැඩ කරනු දැක බිරිඳ ගොඩාක් සතුටු වුණා. හොඳින් කෑම බීම දී උපස්ථාන කළා. නමුත් ටික දවසක් යද්දී බිරිඳ ඇනුම් පද කියන්නට පටන් ගත්තා. එතකොට මොහු ආයෙමත් කළකිරුණා. ‘නුඹත් සමඟ ගත කරන මේ ජීවිතයට වඩා පිඬු සිඟා අනුභව කරමින් ගතකරන හුදෙකලා වාසය මොනතරම් වටිනවාද?’ කියා නැවතත් උදැල්ලත් රැගෙන පිටත් වුණා. අර කටු පඳුර අස්සේ උදැල්ල ගැහුවා. ස්වාමීන් වහන්සේලා වෙත ගොස් පැවිදි වුණා.
ටික කලක් ගතවුණා. ආයෙමත් ගිහි ජීවිතය මතක් වෙන්නට පටන් ගත්තා. බිරිඳ විසින් උයා පිහා දෙන කෑමවල රස මතක් වුණා. බිරිඳගේ ආදර බස් මතක් වුණා. ‘අනේ…. මට භාවනා කරගන්නට අමාරුයි. හිත විසිරෙනවා…. ගෙදර ගිහින් නිදහසේ ඉන්නට ඇත්නම් කියලයි හිතෙන්නේ…’ මෙම භික්ෂුවට දැඩි වීරියක් ගැනීමේ හැකියාවක් තිබුනේ නෑ. සිත විසිරෙද්දී කලබල නොවී සිටීමට හැකියාවක් තිබුණේ නෑ. කාම සිතුවිලි ඇතිවෙද්දී සතර සතිපට්ඨානය සිහි කරන්නට හැකියාවක් තිබුණේ නෑ. අවස්ථානුකූලව බෝධිපාක්ෂික ධර්ම ගලපා ගන්නට හැකියාවක් තිබුණෙ නෑ. ආයෙමත් උදැල්ල මතක් වුණා. හොරෙන්ම පිටත් වුණා. සිවුරු හැර උදැල්ලත් රැගෙන කුඹුරට ගියා. එදත් බිරිඳට හරිම සතුටුයි. ආදරෙන් කතා බස් කළා. රසවත් කෑම බීම දුන්නා. ටික දවසයි ගියේ. ආයෙමත් ඇනුම් පද ඇසෙන්නට පටන් ගත්තා. බිරිඳගේ වෙනස්කම්වලට මුහුණ දෙන්නට සිදුවුණා. ‘නුඹ සමඟ ගත කරන දීගෙට වඩා මහ වනයේ ගස් සෙවණක නිකම් වාඩිවෙලා සිටියත් සැපයි’ කියල උදැල්ලත් අරගෙන පිටත් වුණා.
වෙනද වගේම උදැල්ල කටු පඳුර අස්සේ හැංගුවා. ආයෙමත් පැවිදි වුණා. පැවිදි වුණු මුල් දවස් කීපයේ නම් මෙම භික්ෂුව ඉතාමත් හොඳයි. නමුත් එ් ශ්‍රද්ධාව රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. වීරිය රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. සිත ධර්ම මාර්ගය තුළ ස්ථිරව පිහිටුවා ගන්නට බැහැ. ආයෙමත් ගෙදර මතක් වෙනවා. ‘මොනවා කිව්වත් එයා මගේ බිරිඳ නෙව. මට රසවත් කෑම බීම හදල දෙනව නෙව. ඕනෙම ගෙදරක ඔය හැලහැප්පිලි තියෙන එකේ මං විතරක් මොකටද එ් ගැන අමතුවෙන් කලකිරෙන්නෙ?’ ඉතින් මේ භික්ෂුවට සතර සතිපට්ඨානය අමතක වුණා. කටු පඳුර අස්සේ සඟවපු උදැල්ලමයි මතක් වුනේ. ආයෙමත් සිවුරු හැරියා. උදැල්ලත් අරගෙන ගෙදර ගියා. මේ විදිහට මේ භික්ෂුව හය වතාවක් සිවුරු හැරියා. හිතේ පැහැදීම ඉක්මනින් වෙනස් වෙනවා. අධිෂ්ඨානය ඇති කරගන්නටත් බෑ.
දිනක් කුඹුරට ගොස් පැමිණෙද්දී බිරිඳ පැදුරක් එලාගෙන උඩුබැල්ලෙන් නිදාගෙන හිටියා. ඇයගේ හිස කෙස් අවුල් වෙලා. විසිරිලා තිබුණා. කට ඇරිලා තිබුණා. කුණු කෙල වැගිරෙමින් තිබුණා. ඇය ගොරව ගොරවා සිටියා. මේ දර්ශනය දුටු ගමන් මොහුගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. හැමදෙයක්ම එපා වුණා. බිරිඳටත් නොකියාම මහණ වෙන අදහසින් ආයෙමත් උදැල්ලත් අරගෙන පිටත් වුනා. කටු පඳුර ලඟට ආවා. එතකොට සිහිනුවණ ඇතිවුණා. ‘මේ උදලු කෙටිය තමයි හැම විපතකටම මුල. මේ උදලු කෙටිය කටු පඳුරේ හංගපු එක තමයි කැරකි කැරකි පල දුන්නේ. ආයෙමත් නම් මේ මෝඩ වැඬේ කරන්නෙ නැහැ. ආයෙ කිසි දවසක මේ හිස් ජීවිතය උදෙසා උදලු කෙටිය මේ අත් දෙකෙන් අල්ලන්ට මට ඕන කමක් නැහැ’ කියල හැකිතාක් වීරිය අරගෙන ඈත ගැඹුරු මඩවලකට වීසි කළා. එදා මොහුට මහ සතුටක් ඇතිවුණා. සතුටින් යුතුව ස්වාමීන් වහන්සේලා සොයා ගෙන ගියා. ආයෙමත් පැවිදි වුණා. මොහු වසඟ වූ සිතටම හසුව සිටි නිසා ‘චිත්තහත්ථ’ යන නම පටබැඳුණා.
මොහුට බාධාව වශයෙන් තිබුණ උදලුකෙටිය අත්හළ නිසා හිතට වීරිය ගෙන භාවනා කළා. අරතිය එනකොට මැඬගත්තා. ශ්‍රද්ධාව හොඳින් පිහිටුවා ගත්තා. ධර්මය අවබෝධ කිරීමේ අරමුණ සිත තුළ ස්ථිර කරගත්තා. සතර සතිපට්ඨානයේ සිත මනාව පිහිටියා. චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වුණා. රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලා “ඇයි… දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද…? කියලා ඇසුවා. “ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ කියල පිළිතුරු දුන්නා. මේ තුළින් උන්වහන්සේ අරහත්වය ප්‍රකාශ කළා කියල ඇතැම් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉල්පෙන ශ්‍රද්ධාව තිබුණොත් ප්‍රඥාව වැඩෙන්නෙ නැති බවයි. එ් බව සඳහන් කරමින් මෙහි පළමු ගාථාව වදාළා. කාම අරමුණු වලින් ඇතිවෙන රාගයෙන් සිත තෙමා නොගත්, පින් පව් ප්‍රහාණය කළ නිදි වරමින් භාවනා කරන රහතන් වහන්සේ කෙනෙකුට කිසි දිනෙක කෙලෙසුන්ගෙන් භයක් හටගන්නේ නැහැ කියලා දෙවන ගාථාව වදාළා.
අනවට්ඨිතචිත්තස්ස
සද්ධම්මං අවිජානතෝ
පරිප්ලවපසාදස්ස
පඤ්ඤා න පරිපූරති
සසරින් එතෙර වීමට
නොපිහිටන විට මේ සිත
එ් උතුම් සිරි සදහම්
තේරුම් නොගෙන සිටි විට
කිසි අරුතකුත් නොමැතිව
වහා පැහැදෙන සිතක් ඇති විට
ඔහු තුළ කිසි දිනක
නැත නුවණ නම් දියුණු වන්නේ
අනවස්සුතචිත්තස්ස
අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස
නත්ථි ජාගරතෝ භයං
කෙනෙකුගේ සිත තුළ
නොවැගිරෙයි නම් රාගය
ද්වේෂයෙන් කිසි කලෙක
පහරකන සිත් නැති විට
පින් පව් හැමදෙයම
දුරු කළ සිතින් සිටිනා
නිදිවරන එ් රහතුන්
කිසිදිනක තැති නොගනිති
‘මම මේ වැඩේ කරනවා’ කියලා තමා කරන කටයුත්ත ගැන ස්ථිරව සිත පිහිටුවා ගන්නෙ නැත්නම් කිසි දෙයක් සාර්ථක කරගන්නට බැහැ. පොඩි දරුවන්ට පොත පත පාඩම් කිරීමට වුණත් එහෙම තමයි. තමන් තුළ ලොකු අධිෂ්ඨානයක් තිබෙන්නට ඕන. එතකොට බාහිර දේවල් වලට සිත යොමුවෙන්නෙ නැහැ. ටීවී බල බල ඉන්න සිත යොමු වෙන්නෙ නැහැ. සෙල්ලමටම සිත යොමු වෙන්නෙ නැහැ. විකාර දේවල්වලට යොමු නොවී පොත පතේ වැඩ වුණත් හොඳින් කරගන්නට පුළුවන්. පැවිදි කෙනෙකුට විශේෂයෙන්ම බලපානවා. එහෙම නැතිවුණොත් තමන් පැවිදි වූ අරමුණ කලක් යන විට මුළුමනින්ම වෙනස් වෙලා යනවා. එහෙම වෙනස් වුණොත් ධර්මය අවබෝධ කරනවා තියා චතුරාර්ය සත්‍යය යන නම ඇහෙන කොටත් කේන්ති යනවා. මගඵල ලබනවා යන නම ඇහෙන කොටත් තරහා එනවා. නිවන කියන වචනයටත් විහිළු කරනවා. මේකට හේතුව සිත තුළ පැවිදි ජීවිතය නිවන් මගට යෙදවීමේ අධිෂ්ඨානය නැතිකමයි. එතකොට හිත පහදින්නෙ නැහැ. ශ්‍රද්ධාව පිහිටන්නෙ නැහැ. එක එක දේවල්වලට පහදිනවා. එහෙම කෙනෙකුට ප්‍රඥාව වැඩෙන්නෙ කොහොමද?
නමුත් සිත රැකගන්නවා නම් එ් කෙනා බේරෙනවා. සිත රැක ගන්නට තියෙන්නේ සතර සතිපට්ඨානය තුළමයි. සතර සතිපට්ඨානය තුළ හොඳින් සිත රැකගන්නා කෙනා තම සිත රාග අරමුණු වලින් තෙමෙන්නට දෙන්නෙ නෑ. එ් වගේම ද්වේෂය ඇතිවෙන අරමුණු වලින් බැට කන්නට දෙන්නෙ නෑ. හැම තිස්සේම සිත රැකගන්නවා. භාවනාව දියුණු කරනවා. සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් හොඳින් ප්‍රගුණ කරනවා. එ් තුළින්ම පින් පව් ප්‍රහාණය කරලා නිවන ස්පර්ශ කරනවා. නිදි වරමින් බණ භාවනා කරන එ් වීරියවන්ත රහතන් වහන්සේ හට භයක් ඇතිවන්නට කිසි කරුණක් නැහැ.No photo description available.
සසර සැරිසරන අසරණ සත්ත්ව සමූහයාට පිහිට වන මහා කාරුණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස,
චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි දාන පාරමිතාය. ශීල පාරමිතාය, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාය, ප්‍රඥා පාරමිතාය, වීර්යය පාරමිතාය, ක්ෂාන්ති පාරමිතාය, සත්‍ය පාරමිතාය, අධිෂ්ඨාන පාරමිතාය, මෛත්‍රී පාරමිතාය, උපේක්ෂා පාරමිතාය, යන දශ පාරමී ධර්මයන් සපුරා චතුස්සත්‍යාවබෝධ කොට පස්මරුන් පරදවා සර්වඥපදප්‍රාප්ත වූ නුඹ වහන්සේ සීලයෙන් ද, සමාධියෙන් ද, ප්‍රඥාවෙන් ද, සෘද්ධියෙන් ද, යසසින් ද ලෝකයෙහි අග්‍ර වන සේක. නුඹ වහන්සේ වැඩ සිටි තැනට පා තැබූ තැනට පවා රජහු ද දෙවි බඹහු ද නමස්කාර කරන්නාහ.
මහාකාරුණිකයන් වහන්ස, නුඹ වහන්සේගේ කරුණා ගුණය ඉතා ආශ්චර්ය ය. ලොවුතුරා බුදු ව අසරණ සත්ත්වයනට පිහිට වනු සඳහා දාන පාරමිතාව පිරූ නුඹ වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ මේ දීර්ඝ කාලයෙහි නුදුන් දනක් නැත. නුඹ වහන්සේ දුන් දාන වස්තු සම්භාරයට උපමා කිරීමට මහමෙර මිටිය, මහපොළොව කුඩාය, පොළොවේ වැලි කැට මඳය, සාගර ජලය මදය, නුඹ වහන්සේ දුන් වස්තු සම්භාරයට උපමා නැත. නුඹ වහන්සේ අනේක වාරයන්හි සකල සම්පත්තියෙන් පරිපූර්ණ මහා රාජ්‍යයන් දුන් සේක. ප්‍රාණය සේ ප්‍රිය අඹු දරුවන් දුන් සේක. සිය සිරුරෙන් ලේ වගුරුවා දුන් සේක. හදවත උපුටා දුන් සේක. නෙත් උපුටා දුන් සේක. හිස් කපා දුන් සේක. නුඹ වහන්සේගේ කරුණාවට උපමා නැත. කෝටියක් මවුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාව එක් පිණ්ඩයක් කළ ද නුඹ වහන්සේගේ කරුණාවට උපමා නො කළ හැකිය.
අසරණ සරණ භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ බොහෝ සත්ත්වයනට පිහිට වන සේක. නුඹ වහන්සේ බොහෝ සත්ත්වයන් අපායෙන් මුදවන සේක. සසර දුකින් මුදවන සේක. බොහෝ සත්ත්වයනට දෙව් මිනිස් සැප ලබා දෙන සේක. නිවන් සැප ලබා දෙන සේක. නුඹ වහන්සේ බරණැස ඉසිපතනයේ දී දම්සක් පැවැත්වීමෙන් අටළොස් කෙළක් දෙව් බඹුන් නිවන් දැක්වූ සේක. තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවෙන් සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. සුමනමාලාකාර සමාගමයේදී සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ධනපාල සමාගමයේදි දසදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ඛ්දිරංගාරජාතක සමාගමයේදී සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ජම්බුකාජීව සමාගමයේදි සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ආනන්දසෙට්ඨි සමාගමයේදි සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. පාරායන සූත්‍ර දේශනයේදී තුදුස් කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. යමක ප්‍රාතිහාර්‍යයේදි විසි කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. දේවෝරෝහණයේදී තිස් කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. අභිධර්ම දේශනයේදී අසූකෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. සක්කපඤ්හ සූත්‍ර දේශනයේදී අසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. මහාසමය සූත්‍ර මංගල සූත්‍ර චූලරාහුලෝවාද සූත්‍ර දේශනාවලදී අප්‍රමාණ සත්ත්වයන් නිවන් දැක්වූ සේක.
මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්ස, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනුව්‍යංජන ලක්ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන් ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ නුඹ වහන්සේ රූපසෞන්දර්යයෙන් ද ලෝකයෙහි අග්‍ර වූ සේක.
අෂ්ටාංගසමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දාම් දෙසන්නා වූ නුඹ වහන්සේ වචන විලාසයෙන් ද ලෝකයෙහි අග්‍ර වූ සේක.
සර්වඥතාඥාන දශබලඥාන චතුර්වෛශාරද්‍යඥාන ෂඩ් අසාධාරණඥාන චතුර්යෝනි පරිච්ඡේදඥාන පඤ්චගති පරිච්ඡේදඥාන චතුර්දශබුද්ධඥාන ප්‍රතිසම්භිදාඥානාදි අනේක ඥානයන්ගෙන් ආඪ්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මනුෂ්‍ය දිව්‍ය-බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සියල්ලන් විසින් දත් සියල්ල නුඹ වහන්සේ දත් සේක. ඔවුන්ගේ සිත් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ චරිත නුඹ වහන්සේ මැනවින් දත් සේක. අතීතයෙහි වූ සියල්ල ද අනාගතයට වන සියල්ල ද වර්තමානයෙහි ඇති සියල්ල ද නුඹ වහන්සේ මැනවින් දන්නා සේක. නුඹ වහන්සේ විසින් නො දත හැකි ධර්මයක් නැත.
දෝත නඟා වඳින්නහුට පවා නොයෙක් දෙව් මිනිස් සැප ලබාදීමට සමත් අචින්තනීය අප්‍රමේය ගුණස්කන්ධයක් ඇති මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්ස, නුඹ වහන්සේ පිළිසරණ කරගන්නට ලැබූ මම ද පිනැතියෙමි.
අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස,මම දිවි හිමි කොට නුඹ වහන්සේ සරණ යෙමි. මම නුඹ වහන්සේ ගෙ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නය ද සරණ යෙමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර ආර්ය සංඝ රත්නය ද සරණ යෙමි.
දෙවි බඹුන් විසිනුදු බැතියෙන් නමදින නුඹ වහන්සේගේ පාද පද්මය බැතියෙන් වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර මහා සංඝ රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි.
බුදුරදුන්ගේ අනේක ගුණ දැක්වෙන ඉහත දැක්වූ වාක්‍යය පාඩම් කර එය කියා වන්දනා කරන්නා වූ සැදැහැවතුනට එක් එක් වරක් වැඳීමේදී ම සසර බොහෝ සැප සම්පත් ලබා දෙන ඥාන සම්ප්‍රයුක්ත පුණ්‍යස්කන්ධයක් ඇති වනු ඇත. ‘ඉතිපි සො භගවා’ යනාදීන් තමාට නො තේරෙන දේ කියා වඳින්නවුන්ට ඇති වන්නේ මඳ විපාක ඇති ඥානවිප්‍රයුක්ත කුසල් ය.
රේරුකානේ චන්දවිමල මහනාහිමි
පුණ්‍යෝපදේශය https://pitaka.lk/books/rc/Punyopadeseya.htm
Image may contain: one or more people
ඔන්න ඒ කාලේ ලංකාවේ තිබුනා මහවැව කියලා ගමක් මේ ගමේ තිබු පන්සලට කිව්වෙත් මහ වැව විහාරය කියල මේ පන්සලේ හාමුදුරුවෝ වණ ගතව ‍චාම් දිවියක් ගත කළා. මේ ගමේ එක් දායකයෙක් මේ හාමුදුරුවන්ට සිවුරු මහන්න රෙදි පූජා කළා. නමුත් හාමුදුරුවෝ පරණ සිවුරුමයි අදින්නේ ඉතින් දවසක් මේ හාමුදුරුවොන් ට අර දායක මහත්මයා සිවුරක් පූජා කළා නමුත් හොරෙක් ඇවිදින් ඒ සිවුර හොරා ගෙන ගියා.ඉතින් අර දායක මහත්මයා මෙහෙම කල්පනා කළා. මම දෙන සිවුරු මේ හාමුදුරුවෝ අදින්නේ නැත්තම් මොනවද ඒවට වෙන්නේ .මෙහෙම හිතලා මේක පරික්ෂා කරන්න හිතා ගෙන දවසක් සිවුරක් පූජා කරල විහාරයට යන අතර මඟ හැංගිලා හිටියා .අර හොරා හරන්තික හාමුදුරුවන්ගේ සිවුර අර ගෙන දැන් අර මිනිසා ලගින් යනවා .ටික ටික ඒ මිනිසා වෙත ලංවුණා .ඒත් එක්කම අර මිනිසා මොකද කලේ පැන්න ගමන් අර සොරාගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තා විස්තරේ ඇහුවා .මේ සොරා ගැන කේන්ති ගොස් අර මිනිසා හොරාට හොඳටම ගැහුවා ගහල අමු සොහනකට අරන් ගියා ගිනිහින් මිනියකට අල්ලලා බැන්දා .බැඳලා ගමපුරා මෙහෙම ප්රචාරයක් යැවුවා . “අද හැම ගෙදරකටම මේ වගේ අමනුෂ්‍යයෙක් පැමිණේවි .කිසි කෙනෙක් දොරවල් අරින්න එපා .”
දැන් අර හොරා මිනිය මුදා ගන්න බැරිව මිනිය පිටින්ම ගමට ගියා .තමන්ගේ නිවසේ දොරට තට්ටු කළා. ඒත් ඒ ගෙදර අය මේ ඉන්නේ අර අමනුෂ්‍යයා කියලා හිතන් දොර ඇරියේ නෑ හැම නෑ කෙනෙක්ගෙම ගෙවල්වල දොරවල් වලට තට්ටු කළා .ඒත් කිවෙක් දොරවල් ඇරියේ නෑ.මේ නිසා හොරා අසරණ වෙලා හිටියේ .බැරිම තැන මේ හොරා පන්සලට ගියා .ගිහින් හාමුදුරුවන්ගේ පාමුල හඩා වැටුනා .අර හාමුදුරුවන්ටත් හොරා කෙරෙහි අනුකම්පා හිතිල .ඒ හරන්තික හොරා එම මිනියෙන් මුදවා ගත්තා .මුදව ගෙන ඇගේ තැලුණු තැන් වල තෙල් ගෑව .උණු වතුරෙන් නැහැ වුවා .
අර මිනිසා ගියා කනත්තට හොරා බලන්න නමුත් හිටියේ නෑ .හැම තැනම හොයලා හොයලා නැති නිසා පන්සලට ගියා .එවිටදකින්න ලැබුනා හාමුදුරුවෝ හොරාට සාත්තු කරණවා දැකලා මෙහෙම කියනවා
“මේ මගේ යහළුවායැයි යමෙක් උපකාර කළත් සොරා එය සිහි නොකරයි .එම නිසා සොරා සමඟ මිත්ර කමක් නැත.” “ එකට සිටිමින් කමින් බොම්න් සිටියද හොරා තම ස්වභාවය අත් නෙහරී .” “ සොරා කටින් එකක් කියයි කයින් එකක් කරයි අවකාශය ලැබූහැටියේම සොරකම් කරයි .” “සොරා දැක මව්පියොද නෑදෑයෝද දුරින්ම දුරුකරයි .”
මෙලෙස පවසා ස්වාමීණි එහෙයින් මෙම අසත් පුරුෂයාට උවටැන් නොකරව .එවිට හිමි මේසේ පැවසීය .
බල්ලෙක් යම්කිසිවකු‍ගේ පාදයක් සපාකෑවද හෙතෙම බල්ලාගේ පාදය සපා නොකයි .එසේම අසත් පුරුෂයා කෙතරම් වැරදි කළත් සත් පුරුෂයා ඔහුට අවඩැක් නොකරයි.එසේද සත්පුරුෂයා අසත් පුරුෂයාට මෛත්රී නොකරයි නම් හෙතෙම කාට මෛත්රී කෙරෙද?
මෙලෙස පවසා පින්වත, මොහු විසින් කරණ ලද කර්මයට මෙහුම විපාක ලබයි . එසේ පවසා ඔහු යැවීය. හරන්තික දින කිහිපයකින් නිරෝගී වී අභය හිමි ගෙන් පැවිද්ද ලබා නොබෝ කලනික්ම රහත් වියImage may contain: 2 people