Thursday, January 24, 2019

චිත්තහත්ථ තෙරුන්ගේ කථා වස්තුව
අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට ලැබෙන විට එ් ධර්මය ගැන නුවණින් මෙනෙහි කරන්නට ඕන. එ් කෙරෙහි සිතේ පැහැදීම ඇති කරගන්නට ඕන. එබඳු පැහැදීමක් තිබුණොත් අපට නැවත නැවතත් එ් ධර්මය සිහි කරන්නට, හදාරන්නට, නුවණින් විමසන්නට හිතෙනවා. එ් තුළින් අපට නුවණ වැඩෙනවා. නුවණ වැඩෙද්දී ධර්මය අවබෝධ කිරීමෙහි වුවමනාව අපගේ සිත තුළ ස්ථිරව පිහිටනවා. මේ ලක්ෂණ නැති කෙනා පැවිදි වෙලා හිටියත් ප්‍රයෝජනයක් නෑ. එ් කෙනා තුළ ධර්මය තුළින් ඇති වෙන ප්‍රඥාව වැඩෙන්නෙ නෑ. වීරිය වැඩෙන්නෙත් නෑ. ධර්මය කෙරෙහි සිත ස්ථිරව පිහිටන්නෙත් නෑ. එබඳු කෙනෙක් වුනත් උත්සාහයකින්, අධිෂ්ඨානයකින් කටයුතු කළොත්, ජයගන්නට පුළුවනි. එ් බව මෙම කථාවෙන් ඉතාමත් ලස්සනට පැහැදිලි වෙනවා.
එ් කාලයේ සැවැත් නුවර එක්තරා ගොවියෙක් හිටියා. මොහුටත් රහතන් වහන්සේලාගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුණා. එ් ධර්මය කෙරෙහි පැහැදීමකුත් ඇති වුණා. හැබැයි එ් පැහැදීම ඇතිවුණේ නුවණින් මෙනෙහි කරලා නෙවෙයි. නුවණින් නොවිමසන නිසා සිත ධර්මය තුළ ස්ථිරව පිහිටියෙත් නෑ. නමුත් මෙම ගොවියාටත් පැවිදි වීමේ ආශාවක් ඇතිවුණා. දිනක් මොහු ගෙදරට දන්වා පැවිදි වෙන්න ගියා. පැවිදි වෙන්න යද්දී තමා කුඹුරු වැඩ කළ උදැල්ල කටු පඳුරක සඟවා ගියා. ඉතින් මොහු භික්ෂූන් වහන්සේලා වෙත ගිහින් පැවිදි වුණා.
පැවිදි වී දින කිහිපයක් යන විට ධර්මය කෙරෙහි ඇති පැහැදීම වෙනස් වුණා. බිරිඳ මතක් වෙන්නට පටන් ගත්තා. තමා නැති නිසා තම බිරිඳ අයාලේ ගොස් නොමනා ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත් මතක් වුණා. ඉතින් මේ භික්ෂුව තමන් තුළ නූපන් රාගය ඉපදෙන ආකාරයට නුවණින් තොරව සිතන්නට පටන් ගත්තා. මොහු තුළ අකුසල් වැඩුණා. එය ප්‍රහාණය කිරීම සඳහා ප්‍රමාණවත් අධිෂ්ඨානයක් මොහු තුළ තිබුණේ නෑ. භාවනා කරන්නට වාඩි වූ විට ආයෙමත් සඟවා පැමිණි උදැල්ල මතක් වුණා. බිරිඳ මතක් වුණා. පංච කාමය මතක් වුණා. අරතිය වැඩි වුණා. ධර්මය කෙරෙහි ඇල්ම නැතිව ගියා. මොහු රහසේම සිවුරු හැර උදැල්ලත් රැගෙන ගෙදර ගියා.
පැවිදි වෙන්නට ගිය ස්වාමියා නැවත කුඹුරේ වැඩ කරනු දැක බිරිඳ ගොඩාක් සතුටු වුණා. හොඳින් කෑම බීම දී උපස්ථාන කළා. නමුත් ටික දවසක් යද්දී බිරිඳ ඇනුම් පද කියන්නට පටන් ගත්තා. එතකොට මොහු ආයෙමත් කළකිරුණා. ‘නුඹත් සමඟ ගත කරන මේ ජීවිතයට වඩා පිඬු සිඟා අනුභව කරමින් ගතකරන හුදෙකලා වාසය මොනතරම් වටිනවාද?’ කියා නැවතත් උදැල්ලත් රැගෙන පිටත් වුණා. අර කටු පඳුර අස්සේ උදැල්ල ගැහුවා. ස්වාමීන් වහන්සේලා වෙත ගොස් පැවිදි වුණා.
ටික කලක් ගතවුණා. ආයෙමත් ගිහි ජීවිතය මතක් වෙන්නට පටන් ගත්තා. බිරිඳ විසින් උයා පිහා දෙන කෑමවල රස මතක් වුණා. බිරිඳගේ ආදර බස් මතක් වුණා. ‘අනේ…. මට භාවනා කරගන්නට අමාරුයි. හිත විසිරෙනවා…. ගෙදර ගිහින් නිදහසේ ඉන්නට ඇත්නම් කියලයි හිතෙන්නේ…’ මෙම භික්ෂුවට දැඩි වීරියක් ගැනීමේ හැකියාවක් තිබුනේ නෑ. සිත විසිරෙද්දී කලබල නොවී සිටීමට හැකියාවක් තිබුණේ නෑ. කාම සිතුවිලි ඇතිවෙද්දී සතර සතිපට්ඨානය සිහි කරන්නට හැකියාවක් තිබුණේ නෑ. අවස්ථානුකූලව බෝධිපාක්ෂික ධර්ම ගලපා ගන්නට හැකියාවක් තිබුණෙ නෑ. ආයෙමත් උදැල්ල මතක් වුණා. හොරෙන්ම පිටත් වුණා. සිවුරු හැර උදැල්ලත් රැගෙන කුඹුරට ගියා. එදත් බිරිඳට හරිම සතුටුයි. ආදරෙන් කතා බස් කළා. රසවත් කෑම බීම දුන්නා. ටික දවසයි ගියේ. ආයෙමත් ඇනුම් පද ඇසෙන්නට පටන් ගත්තා. බිරිඳගේ වෙනස්කම්වලට මුහුණ දෙන්නට සිදුවුණා. ‘නුඹ සමඟ ගත කරන දීගෙට වඩා මහ වනයේ ගස් සෙවණක නිකම් වාඩිවෙලා සිටියත් සැපයි’ කියල උදැල්ලත් අරගෙන පිටත් වුණා.
වෙනද වගේම උදැල්ල කටු පඳුර අස්සේ හැංගුවා. ආයෙමත් පැවිදි වුණා. පැවිදි වුණු මුල් දවස් කීපයේ නම් මෙම භික්ෂුව ඉතාමත් හොඳයි. නමුත් එ් ශ්‍රද්ධාව රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. වීරිය රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. සිත ධර්ම මාර්ගය තුළ ස්ථිරව පිහිටුවා ගන්නට බැහැ. ආයෙමත් ගෙදර මතක් වෙනවා. ‘මොනවා කිව්වත් එයා මගේ බිරිඳ නෙව. මට රසවත් කෑම බීම හදල දෙනව නෙව. ඕනෙම ගෙදරක ඔය හැලහැප්පිලි තියෙන එකේ මං විතරක් මොකටද එ් ගැන අමතුවෙන් කලකිරෙන්නෙ?’ ඉතින් මේ භික්ෂුවට සතර සතිපට්ඨානය අමතක වුණා. කටු පඳුර අස්සේ සඟවපු උදැල්ලමයි මතක් වුනේ. ආයෙමත් සිවුරු හැරියා. උදැල්ලත් අරගෙන ගෙදර ගියා. මේ විදිහට මේ භික්ෂුව හය වතාවක් සිවුරු හැරියා. හිතේ පැහැදීම ඉක්මනින් වෙනස් වෙනවා. අධිෂ්ඨානය ඇති කරගන්නටත් බෑ.
දිනක් කුඹුරට ගොස් පැමිණෙද්දී බිරිඳ පැදුරක් එලාගෙන උඩුබැල්ලෙන් නිදාගෙන හිටියා. ඇයගේ හිස කෙස් අවුල් වෙලා. විසිරිලා තිබුණා. කට ඇරිලා තිබුණා. කුණු කෙල වැගිරෙමින් තිබුණා. ඇය ගොරව ගොරවා සිටියා. මේ දර්ශනය දුටු ගමන් මොහුගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. හැමදෙයක්ම එපා වුණා. බිරිඳටත් නොකියාම මහණ වෙන අදහසින් ආයෙමත් උදැල්ලත් අරගෙන පිටත් වුනා. කටු පඳුර ලඟට ආවා. එතකොට සිහිනුවණ ඇතිවුණා. ‘මේ උදලු කෙටිය තමයි හැම විපතකටම මුල. මේ උදලු කෙටිය කටු පඳුරේ හංගපු එක තමයි කැරකි කැරකි පල දුන්නේ. ආයෙමත් නම් මේ මෝඩ වැඬේ කරන්නෙ නැහැ. ආයෙ කිසි දවසක මේ හිස් ජීවිතය උදෙසා උදලු කෙටිය මේ අත් දෙකෙන් අල්ලන්ට මට ඕන කමක් නැහැ’ කියල හැකිතාක් වීරිය අරගෙන ඈත ගැඹුරු මඩවලකට වීසි කළා. එදා මොහුට මහ සතුටක් ඇතිවුණා. සතුටින් යුතුව ස්වාමීන් වහන්සේලා සොයා ගෙන ගියා. ආයෙමත් පැවිදි වුණා. මොහු වසඟ වූ සිතටම හසුව සිටි නිසා ‘චිත්තහත්ථ’ යන නම පටබැඳුණා.
මොහුට බාධාව වශයෙන් තිබුණ උදලුකෙටිය අත්හළ නිසා හිතට වීරිය ගෙන භාවනා කළා. අරතිය එනකොට මැඬගත්තා. ශ්‍රද්ධාව හොඳින් පිහිටුවා ගත්තා. ධර්මය අවබෝධ කිරීමේ අරමුණ සිත තුළ ස්ථිර කරගත්තා. සතර සතිපට්ඨානයේ සිත මනාව පිහිටියා. චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වුණා. රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලා “ඇයි… දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද…? කියලා ඇසුවා. “ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ කියල පිළිතුරු දුන්නා. මේ තුළින් උන්වහන්සේ අරහත්වය ප්‍රකාශ කළා කියල ඇතැම් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉල්පෙන ශ්‍රද්ධාව තිබුණොත් ප්‍රඥාව වැඩෙන්නෙ නැති බවයි. එ් බව සඳහන් කරමින් මෙහි පළමු ගාථාව වදාළා. කාම අරමුණු වලින් ඇතිවෙන රාගයෙන් සිත තෙමා නොගත්, පින් පව් ප්‍රහාණය කළ නිදි වරමින් භාවනා කරන රහතන් වහන්සේ කෙනෙකුට කිසි දිනෙක කෙලෙසුන්ගෙන් භයක් හටගන්නේ නැහැ කියලා දෙවන ගාථාව වදාළා.
අනවට්ඨිතචිත්තස්ස
සද්ධම්මං අවිජානතෝ
පරිප්ලවපසාදස්ස
පඤ්ඤා න පරිපූරති
සසරින් එතෙර වීමට
නොපිහිටන විට මේ සිත
එ් උතුම් සිරි සදහම්
තේරුම් නොගෙන සිටි විට
කිසි අරුතකුත් නොමැතිව
වහා පැහැදෙන සිතක් ඇති විට
ඔහු තුළ කිසි දිනක
නැත නුවණ නම් දියුණු වන්නේ
අනවස්සුතචිත්තස්ස
අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස
නත්ථි ජාගරතෝ භයං
කෙනෙකුගේ සිත තුළ
නොවැගිරෙයි නම් රාගය
ද්වේෂයෙන් කිසි කලෙක
පහරකන සිත් නැති විට
පින් පව් හැමදෙයම
දුරු කළ සිතින් සිටිනා
නිදිවරන එ් රහතුන්
කිසිදිනක තැති නොගනිති
‘මම මේ වැඩේ කරනවා’ කියලා තමා කරන කටයුත්ත ගැන ස්ථිරව සිත පිහිටුවා ගන්නෙ නැත්නම් කිසි දෙයක් සාර්ථක කරගන්නට බැහැ. පොඩි දරුවන්ට පොත පත පාඩම් කිරීමට වුණත් එහෙම තමයි. තමන් තුළ ලොකු අධිෂ්ඨානයක් තිබෙන්නට ඕන. එතකොට බාහිර දේවල් වලට සිත යොමුවෙන්නෙ නැහැ. ටීවී බල බල ඉන්න සිත යොමු වෙන්නෙ නැහැ. සෙල්ලමටම සිත යොමු වෙන්නෙ නැහැ. විකාර දේවල්වලට යොමු නොවී පොත පතේ වැඩ වුණත් හොඳින් කරගන්නට පුළුවන්. පැවිදි කෙනෙකුට විශේෂයෙන්ම බලපානවා. එහෙම නැතිවුණොත් තමන් පැවිදි වූ අරමුණ කලක් යන විට මුළුමනින්ම වෙනස් වෙලා යනවා. එහෙම වෙනස් වුණොත් ධර්මය අවබෝධ කරනවා තියා චතුරාර්ය සත්‍යය යන නම ඇහෙන කොටත් කේන්ති යනවා. මගඵල ලබනවා යන නම ඇහෙන කොටත් තරහා එනවා. නිවන කියන වචනයටත් විහිළු කරනවා. මේකට හේතුව සිත තුළ පැවිදි ජීවිතය නිවන් මගට යෙදවීමේ අධිෂ්ඨානය නැතිකමයි. එතකොට හිත පහදින්නෙ නැහැ. ශ්‍රද්ධාව පිහිටන්නෙ නැහැ. එක එක දේවල්වලට පහදිනවා. එහෙම කෙනෙකුට ප්‍රඥාව වැඩෙන්නෙ කොහොමද?
නමුත් සිත රැකගන්නවා නම් එ් කෙනා බේරෙනවා. සිත රැක ගන්නට තියෙන්නේ සතර සතිපට්ඨානය තුළමයි. සතර සතිපට්ඨානය තුළ හොඳින් සිත රැකගන්නා කෙනා තම සිත රාග අරමුණු වලින් තෙමෙන්නට දෙන්නෙ නෑ. එ් වගේම ද්වේෂය ඇතිවෙන අරමුණු වලින් බැට කන්නට දෙන්නෙ නෑ. හැම තිස්සේම සිත රැකගන්නවා. භාවනාව දියුණු කරනවා. සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් හොඳින් ප්‍රගුණ කරනවා. එ් තුළින්ම පින් පව් ප්‍රහාණය කරලා නිවන ස්පර්ශ කරනවා. නිදි වරමින් බණ භාවනා කරන එ් වීරියවන්ත රහතන් වහන්සේ හට භයක් ඇතිවන්නට කිසි කරුණක් නැහැ.No photo description available.
සසර සැරිසරන අසරණ සත්ත්ව සමූහයාට පිහිට වන මහා කාරුණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස,
චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි දාන පාරමිතාය. ශීල පාරමිතාය, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාය, ප්‍රඥා පාරමිතාය, වීර්යය පාරමිතාය, ක්ෂාන්ති පාරමිතාය, සත්‍ය පාරමිතාය, අධිෂ්ඨාන පාරමිතාය, මෛත්‍රී පාරමිතාය, උපේක්ෂා පාරමිතාය, යන දශ පාරමී ධර්මයන් සපුරා චතුස්සත්‍යාවබෝධ කොට පස්මරුන් පරදවා සර්වඥපදප්‍රාප්ත වූ නුඹ වහන්සේ සීලයෙන් ද, සමාධියෙන් ද, ප්‍රඥාවෙන් ද, සෘද්ධියෙන් ද, යසසින් ද ලෝකයෙහි අග්‍ර වන සේක. නුඹ වහන්සේ වැඩ සිටි තැනට පා තැබූ තැනට පවා රජහු ද දෙවි බඹහු ද නමස්කාර කරන්නාහ.
මහාකාරුණිකයන් වහන්ස, නුඹ වහන්සේගේ කරුණා ගුණය ඉතා ආශ්චර්ය ය. ලොවුතුරා බුදු ව අසරණ සත්ත්වයනට පිහිට වනු සඳහා දාන පාරමිතාව පිරූ නුඹ වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ මේ දීර්ඝ කාලයෙහි නුදුන් දනක් නැත. නුඹ වහන්සේ දුන් දාන වස්තු සම්භාරයට උපමා කිරීමට මහමෙර මිටිය, මහපොළොව කුඩාය, පොළොවේ වැලි කැට මඳය, සාගර ජලය මදය, නුඹ වහන්සේ දුන් වස්තු සම්භාරයට උපමා නැත. නුඹ වහන්සේ අනේක වාරයන්හි සකල සම්පත්තියෙන් පරිපූර්ණ මහා රාජ්‍යයන් දුන් සේක. ප්‍රාණය සේ ප්‍රිය අඹු දරුවන් දුන් සේක. සිය සිරුරෙන් ලේ වගුරුවා දුන් සේක. හදවත උපුටා දුන් සේක. නෙත් උපුටා දුන් සේක. හිස් කපා දුන් සේක. නුඹ වහන්සේගේ කරුණාවට උපමා නැත. කෝටියක් මවුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාව එක් පිණ්ඩයක් කළ ද නුඹ වහන්සේගේ කරුණාවට උපමා නො කළ හැකිය.
අසරණ සරණ භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ බොහෝ සත්ත්වයනට පිහිට වන සේක. නුඹ වහන්සේ බොහෝ සත්ත්වයන් අපායෙන් මුදවන සේක. සසර දුකින් මුදවන සේක. බොහෝ සත්ත්වයනට දෙව් මිනිස් සැප ලබා දෙන සේක. නිවන් සැප ලබා දෙන සේක. නුඹ වහන්සේ බරණැස ඉසිපතනයේ දී දම්සක් පැවැත්වීමෙන් අටළොස් කෙළක් දෙව් බඹුන් නිවන් දැක්වූ සේක. තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවෙන් සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. සුමනමාලාකාර සමාගමයේදී සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ධනපාල සමාගමයේදි දසදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ඛ්දිරංගාරජාතක සමාගමයේදී සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ජම්බුකාජීව සමාගමයේදි සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ආනන්දසෙට්ඨි සමාගමයේදි සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. පාරායන සූත්‍ර දේශනයේදී තුදුස් කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. යමක ප්‍රාතිහාර්‍යයේදි විසි කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. දේවෝරෝහණයේදී තිස් කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. අභිධර්ම දේශනයේදී අසූකෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. සක්කපඤ්හ සූත්‍ර දේශනයේදී අසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. මහාසමය සූත්‍ර මංගල සූත්‍ර චූලරාහුලෝවාද සූත්‍ර දේශනාවලදී අප්‍රමාණ සත්ත්වයන් නිවන් දැක්වූ සේක.
මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්ස, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනුව්‍යංජන ලක්ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන් ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ නුඹ වහන්සේ රූපසෞන්දර්යයෙන් ද ලෝකයෙහි අග්‍ර වූ සේක.
අෂ්ටාංගසමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දාම් දෙසන්නා වූ නුඹ වහන්සේ වචන විලාසයෙන් ද ලෝකයෙහි අග්‍ර වූ සේක.
සර්වඥතාඥාන දශබලඥාන චතුර්වෛශාරද්‍යඥාන ෂඩ් අසාධාරණඥාන චතුර්යෝනි පරිච්ඡේදඥාන පඤ්චගති පරිච්ඡේදඥාන චතුර්දශබුද්ධඥාන ප්‍රතිසම්භිදාඥානාදි අනේක ඥානයන්ගෙන් ආඪ්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මනුෂ්‍ය දිව්‍ය-බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සියල්ලන් විසින් දත් සියල්ල නුඹ වහන්සේ දත් සේක. ඔවුන්ගේ සිත් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ චරිත නුඹ වහන්සේ මැනවින් දත් සේක. අතීතයෙහි වූ සියල්ල ද අනාගතයට වන සියල්ල ද වර්තමානයෙහි ඇති සියල්ල ද නුඹ වහන්සේ මැනවින් දන්නා සේක. නුඹ වහන්සේ විසින් නො දත හැකි ධර්මයක් නැත.
දෝත නඟා වඳින්නහුට පවා නොයෙක් දෙව් මිනිස් සැප ලබාදීමට සමත් අචින්තනීය අප්‍රමේය ගුණස්කන්ධයක් ඇති මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්ස, නුඹ වහන්සේ පිළිසරණ කරගන්නට ලැබූ මම ද පිනැතියෙමි.
අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස,මම දිවි හිමි කොට නුඹ වහන්සේ සරණ යෙමි. මම නුඹ වහන්සේ ගෙ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නය ද සරණ යෙමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර ආර්ය සංඝ රත්නය ද සරණ යෙමි.
දෙවි බඹුන් විසිනුදු බැතියෙන් නමදින නුඹ වහන්සේගේ පාද පද්මය බැතියෙන් වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර මහා සංඝ රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි.
බුදුරදුන්ගේ අනේක ගුණ දැක්වෙන ඉහත දැක්වූ වාක්‍යය පාඩම් කර එය කියා වන්දනා කරන්නා වූ සැදැහැවතුනට එක් එක් වරක් වැඳීමේදී ම සසර බොහෝ සැප සම්පත් ලබා දෙන ඥාන සම්ප්‍රයුක්ත පුණ්‍යස්කන්ධයක් ඇති වනු ඇත. ‘ඉතිපි සො භගවා’ යනාදීන් තමාට නො තේරෙන දේ කියා වඳින්නවුන්ට ඇති වන්නේ මඳ විපාක ඇති ඥානවිප්‍රයුක්ත කුසල් ය.
රේරුකානේ චන්දවිමල මහනාහිමි
පුණ්‍යෝපදේශය https://pitaka.lk/books/rc/Punyopadeseya.htm
Image may contain: one or more people
ඔන්න ඒ කාලේ ලංකාවේ තිබුනා මහවැව කියලා ගමක් මේ ගමේ තිබු පන්සලට කිව්වෙත් මහ වැව විහාරය කියල මේ පන්සලේ හාමුදුරුවෝ වණ ගතව ‍චාම් දිවියක් ගත කළා. මේ ගමේ එක් දායකයෙක් මේ හාමුදුරුවන්ට සිවුරු මහන්න රෙදි පූජා කළා. නමුත් හාමුදුරුවෝ පරණ සිවුරුමයි අදින්නේ ඉතින් දවසක් මේ හාමුදුරුවොන් ට අර දායක මහත්මයා සිවුරක් පූජා කළා නමුත් හොරෙක් ඇවිදින් ඒ සිවුර හොරා ගෙන ගියා.ඉතින් අර දායක මහත්මයා මෙහෙම කල්පනා කළා. මම දෙන සිවුරු මේ හාමුදුරුවෝ අදින්නේ නැත්තම් මොනවද ඒවට වෙන්නේ .මෙහෙම හිතලා මේක පරික්ෂා කරන්න හිතා ගෙන දවසක් සිවුරක් පූජා කරල විහාරයට යන අතර මඟ හැංගිලා හිටියා .අර හොරා හරන්තික හාමුදුරුවන්ගේ සිවුර අර ගෙන දැන් අර මිනිසා ලගින් යනවා .ටික ටික ඒ මිනිසා වෙත ලංවුණා .ඒත් එක්කම අර මිනිසා මොකද කලේ පැන්න ගමන් අර සොරාගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තා විස්තරේ ඇහුවා .මේ සොරා ගැන කේන්ති ගොස් අර මිනිසා හොරාට හොඳටම ගැහුවා ගහල අමු සොහනකට අරන් ගියා ගිනිහින් මිනියකට අල්ලලා බැන්දා .බැඳලා ගමපුරා මෙහෙම ප්රචාරයක් යැවුවා . “අද හැම ගෙදරකටම මේ වගේ අමනුෂ්‍යයෙක් පැමිණේවි .කිසි කෙනෙක් දොරවල් අරින්න එපා .”
දැන් අර හොරා මිනිය මුදා ගන්න බැරිව මිනිය පිටින්ම ගමට ගියා .තමන්ගේ නිවසේ දොරට තට්ටු කළා. ඒත් ඒ ගෙදර අය මේ ඉන්නේ අර අමනුෂ්‍යයා කියලා හිතන් දොර ඇරියේ නෑ හැම නෑ කෙනෙක්ගෙම ගෙවල්වල දොරවල් වලට තට්ටු කළා .ඒත් කිවෙක් දොරවල් ඇරියේ නෑ.මේ නිසා හොරා අසරණ වෙලා හිටියේ .බැරිම තැන මේ හොරා පන්සලට ගියා .ගිහින් හාමුදුරුවන්ගේ පාමුල හඩා වැටුනා .අර හාමුදුරුවන්ටත් හොරා කෙරෙහි අනුකම්පා හිතිල .ඒ හරන්තික හොරා එම මිනියෙන් මුදවා ගත්තා .මුදව ගෙන ඇගේ තැලුණු තැන් වල තෙල් ගෑව .උණු වතුරෙන් නැහැ වුවා .
අර මිනිසා ගියා කනත්තට හොරා බලන්න නමුත් හිටියේ නෑ .හැම තැනම හොයලා හොයලා නැති නිසා පන්සලට ගියා .එවිටදකින්න ලැබුනා හාමුදුරුවෝ හොරාට සාත්තු කරණවා දැකලා මෙහෙම කියනවා
“මේ මගේ යහළුවායැයි යමෙක් උපකාර කළත් සොරා එය සිහි නොකරයි .එම නිසා සොරා සමඟ මිත්ර කමක් නැත.” “ එකට සිටිමින් කමින් බොම්න් සිටියද හොරා තම ස්වභාවය අත් නෙහරී .” “ සොරා කටින් එකක් කියයි කයින් එකක් කරයි අවකාශය ලැබූහැටියේම සොරකම් කරයි .” “සොරා දැක මව්පියොද නෑදෑයෝද දුරින්ම දුරුකරයි .”
මෙලෙස පවසා ස්වාමීණි එහෙයින් මෙම අසත් පුරුෂයාට උවටැන් නොකරව .එවිට හිමි මේසේ පැවසීය .
බල්ලෙක් යම්කිසිවකු‍ගේ පාදයක් සපාකෑවද හෙතෙම බල්ලාගේ පාදය සපා නොකයි .එසේම අසත් පුරුෂයා කෙතරම් වැරදි කළත් සත් පුරුෂයා ඔහුට අවඩැක් නොකරයි.එසේද සත්පුරුෂයා අසත් පුරුෂයාට මෛත්රී නොකරයි නම් හෙතෙම කාට මෛත්රී කෙරෙද?
මෙලෙස පවසා පින්වත, මොහු විසින් කරණ ලද කර්මයට මෙහුම විපාක ලබයි . එසේ පවසා ඔහු යැවීය. හරන්තික දින කිහිපයකින් නිරෝගී වී අභය හිමි ගෙන් පැවිද්ද ලබා නොබෝ කලනික්ම රහත් වියImage may contain: 2 people
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි දිනක් භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක:
“මහණෙනි, දොරවල් දෙකක් ඇති ගෙවල් දෙකක් මැද සිටින පුරුෂයෙක් ඒ මැද සිටිනා කල ගෙවල් දෙකට ඇතුළු වන පිට වන අය දකින්නේ යම් සේ ද මම ද සුගතියට හා දුගතියට යන එන එහි උපදින චුත වන සියල්ලන් දිවැසින් දකිමි. පිරිසිදු කාය වාක් හා මනෝ යන තිදොරින් සුචරිතයෙහි යෙදී මරණින් මතු දිව්‍ය ලෝකයෙහි හා මනුෂ්‍ය ලෝකයෙහි උපදින සත්ත්වයෝ ඇත. අපිරිසිදු කාය, වාක් හා මනෝ යන තිදොරින් දුශ්චරිතයෙහි යෙදී මිථ්‍යාදෘෂ්ටි ගත් සත්ත්වයෝ නරකයෙහි උපදිති.” (මජ්ඣිම නිකාය, දේවදූත සූත්‍රය)
පසුගිය කලාපයකදී අපි අටමහා නිරයන් පිළිබඳවත් ඒවායේ ආයු කාලය පිළිබඳවත් විමසා බැලුවමු. අද අපි දේවදූත සූත්‍රයට අනුව මේ නරකයන්හි ස්වභාවය හා යම රජු පිළිබඳවත් දේවදූතයන් පස්දෙනා පිළිබඳවත් විමසා බලමු.
දේවදූත සූත්‍රයට අනුව මේ මහා අපායන් හැඩයෙන් හතරැස් වන්නේ ය. වටේට අයෝමය බිත්තියකින් සමන්විත වන අතර, අයෝමය පියස්සකින් ද යුක්ත වන්නේ ය. එහි පොළොව ගිනි ගෙන දිලියෙන, යොදුන් සියයක් පමණ විශාල අයෝමය එකක් වන්නේ ය. එහි සතර දිගින් විශාල ගේට්ටු හතරක් ඇත්තේ ය. ඒ හැම ගේට්ටුවක් අසල ම උස්සද නිරයන් ලෙස හැඳින්වෙන කුඩා නිරය පහක් පිහිටා ඇත්තේ ය. මේ කුඩා නිරය පහ මෙසේ දැක්විය හැකි ය:
01. ගුථ නිරය
02. කුක්කුල නිරය
03. සම්පලීවන නිරය
04. අසිපත්තවන නිරය
05. වේතරණී නිරය
මේ අනුව එක් මහා නිරයකට කුඩා නිරය විස්ස බැගින් පිහිටන බවත් මහා නරකයන් අට සඳහා ම එලෙස පිහිටි විට සියලු නිරයන් ගණනින් 168ක් වන බවත් (20 ය 8 = 160 + 8 = 168) බෞද්ධ පොතපතෙහි සඳහන් වේ.
මේ මහා නිරයන් පාලනය කරන්නා ‘යම’ නම් වේ. යම යනු ‘තීරණය කරන්නා’ යන අරුත් දේ. එක් මහා නිරයකට යම රජවරුන් සිව් දෙනා බැගින් මහා නිරය අටට යම රජවරු තිස් දෙදෙනෙක් සිටිති. ඔවුහු එම නිරයන්හි සිව් දිග දොරටු පාලනය කරති. මේ යම රජවරුන් හැර ‘නිරය පාල’ නමින් හැඳින්වෙන විශාල පිරිසක් ද මෙහි සිටිති. යම රජවරුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ අපාගත සත්ත්වයන්ට දිය යුතු දඬුවම් තීරණය කොට, ඒවා ක්‍රියාත්මක කිරීමට අණදීම යි. නිරයපාලයන්ගේ රාජකාරිය වන්නේ හැම නිරයක ම උපන් පුද්ගලයන්ට නියම කළ දඬුවම් පැමිණවීම යි.
බොහෝ බෞද්ධයෝ පවා මෙබඳු කතා හුදු ප්‍රබන්ධ ලෙස සලකති. රාජ්‍ය පාලනයේ පහසුව සඳහා පුද්ගලයා දුසිරිතෙන් ඈත් කොට තැබීමට නිර්මාණය කරන ලද සංකල්පයක් ලෙස ඔවුහු අපාය හඳුන්වති. එසේ ම මෙම කතා සත්‍ය නම් වඩාත් ම දරුණු දුක විඳින්නේ නිරයට පැමිණෙන අප්‍රමාණ සත්ත්වයන්ට දඬුවම් පමුණුවමින්, නිරයේ ම කල් ගෙවන යම රජු නො වේ දැ යි ඔවුහු ප්‍රශ්න කරති. එහෙත් යම රජවරු ද, නිරයපාලයෝ ද සැබැවින් ම අපාගත පුද්ගලයෝ නො වෙති. ඔවුහු චාතුම්මහාරාජික දිව්‍යලෝකයට අයත් වූවෝ වෙති. ඔවුන් හැඳින්වෙන්නේ ‘වේමානික පේතා’ යන නමිනි. ඔවුහු තමන් පෙර ආත්මභාවවල කළ යහපත් කර්මයන්ගේ විපාක වශයෙන් දිව්‍ය සම්පත් අනුභව කරති. එසේ ම තමන් විසින් පෙර ආත්මභාවවල කරන ලද ඇතැම් පාපකර්මයන්ගේ විපාක ඔවුහු වශයෙන් නිරයෙහි රාජකාරි ඉටු කිරීම සඳහා යවනු ලබති.
නිරයෙහි අධිපති හෙවත් පාලක තනතුර දරනුයේ පෙර ද කී සේ යම රජු ය. නරකාදිය, අපාය ආදි නම්වලින් නිරය හඳුන්වන්නා සේ ම යම රජු ද විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලැබේ. අපක්‍ෂපාත විනිශ්චයකරුවා යන අර්ථයෙන් ‘සමවෘත්ති’ යන නාමය ද, පින් පව් දෙක බේරුම් කරන්නා යන අර්ථයෙන් ‘සමථ’ යන
නාමය ද, දිවි කෙළවර කරන්නා යන අර්ථයෙන් ‘කෘතාන්ත’ යන නාමය ද, මුගුරක් දරන්නා යන අර්ථයෙන් ‘ධන්සි’ යන නාමය ද, නියමිත කාලයට පැමිණෙන්නා යන අර්ථයෙන් ‘කාල’ යන නාමය ද යම රජු වෙනුවෙන් ව්‍යවහාර කැරෙන බව පොතපතෙහි සඳහන් වේ.
යම රජුගේ මුහුණ පෙනුමෙන් බියකරු ය.
මුළු ශරීරය ම තද කොළ පැහැයෙන් යුක්ත ය. එක් අතකින් මල පුඬුවක් සහිත රැහැනක් ද, අනෙක් අතින් මුගුරක් ද දරයි. නිරතුරු ව ම රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටී. යම රජුගේ වාහනය මී ගවයෙකි. යම රජුගේ වාසභවන ‘කාලිච්’ නමින් හැඳින්වේ. ඔහු අසුන් ගෙන සිටින ආසනය ‘විචාරභ’ නම් වේ.
යම රජු අපායගාමී සත්ත්වයන්ගේ පින්-පව් සලකා බලා තීන්දු දෙන ධර්මාධිකරණයේ ආරක්‍ෂාව පිණිස සේවයෙහි යොදවන ලද දොරටු පාලයෙක් සිටී. ඔහු ‘වෛද්‍යයන’ නමින් හැඳින්වේ. යම රජුට සියලු දේ වාර්තා කරන ‘චිත්‍රගුප්ත’ නමින් හැඳින්වෙන ලේකම්වරයෙක් ද සිටී. ඔහු විසින් ලොව වසන සියලු දෙනාගේ ම පින්-පව් ලියා තබන පොතක් පවත්වාගෙන-එනු ලැබේ. එම පුස්තකය හඳුන්වනු ලබන්නේ ‘අග්‍රසන්ධානි’ යන නමිනි.
නිරයෙහි අධිපති යම රජුට තම කාර්ය පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය පිණිස සේවක මණ්ඩලයක් ද සිටී. එහි ප්‍රධාන සේවක සමූහයා ‘මහා මණ්ඩ’ නමින් හැඳින්වේ. ඉහත සඳහන් කළ යම රජුගේ දොරටු පාලයා මෙන් නිරයේ වැටෙන පව්කාරයන්ට රැකවල් පිණිස සුනඛයෝ දෙදෙනෙක් ද යම රාජ සේවයෙහි යෙදී සිටිති. එම සුනඛයන්ගේ විශේෂත්වය වනුයේ ඔවුන්ට ඇස් හතර බැගින් තිබීමත්, විශාල නාස්පුඬු තිබීමත් ය.
ලෝකයෙහි උපදින සියලු මනුෂ්‍යයෝ තම ජීවිත කාලයේදී හොඳ නරක දෙක ම කරති. ඔවුන් මියගිය පසු යම පල්ලෝ ඔවුන්ගේ ප්‍රාණය ලණුවකින් බැඳගෙන ගොස් යම රජු වෙත ඉදිරිපත් කරති. අනතුරු ව යම රජු
විසින් ඔවුන් ජීවත් ව සිටියදී කරන ලද පව්-පින් මොනවා දැ යි විමසනු ලැබේ. තමන් කළ පව් පින් මොනවා දැ යි හොඳින් පැහැදිලි කිරීමට කෙනකු අපොහොසත් වුව හොත් යම රජු
චිත්‍රගුප්ත ලේකම්වරයා ගෙන්වා, අග්‍රසන්ධාන නම් පින්-පව් ලියන පොත පරීක්‍ෂා කොට එය ඔහු ඉදිරියේ ම කියවා ඔහු සිදු කොට ඇති පින් හා පව් කිරා බලා සුදුසු තීරණයක් ගනී. කළ පින් වැඩි නම් ඔහු දිව්‍ය ලෝකයට යවන බවත්, පව් වැඩි නම් අපායෙහි ම රඳවාගෙන කරන ලද පව්වලට සාපේක්‍ෂ ව දඬුවම් පමුණුවන බවත් පවසයි.
මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රයේ සඳහන් වන ආකාරයට මිනිස් ලොවෙන් මිය පරලොව යන මිනිසුන් වෙන් වෙන් ව අල්ලා ඇදගෙන ගොස් යම රජු වෙත ඉදිරිපත් කොට ඔහුට මෙසේ කියනු ලැබේ:
“මහරජතුමනි, මේ මිනිසා තම මවට ගෞරව නො කළේ ය; පියාට ගෞරව නො කළේ ය; බ්‍රාහ්මණයන්ට ගෞරව නො කළේ ය; පවුලේ වැඩිහිටියන්ට ගෞරව නො කළේ ය. මහරජතුමනි, ඔහුට සුදුසු දඬුවම් පමුණුවනු මැනවි.”
මේ අවස්ථාවේදී යම රජු මනුලොවදී පස්විධ දේවදූතයන් නුදුටු දැ යි ප්‍රශ්න කරමින් ඔහු විනිශ්චයට භාජනය කරයි. දේවදූත සූත්‍රයෙහි සඳහන් වන දේවදූතයෝ පස්දෙන මෙසේ ය:
01. අලුත උපන් ළදරුවා
02. වයෝවෘද්ධ පිරිමියා හෝ ගැහැනිය
03. රෝගී මනුෂ්‍යයා
04. රජවරුන් අතින් විවිධ දඬුවම්වලට ලක් වන පුද්ගලයා
05. මියගිය මිනිසා හෝ ගැහැනිය
සසර දුක් විඳින මිනිසුන්ට සසර ඉපදීම දුක් සහිත බව මතක් කොට දෙන අය ‘දේව දූතයෝ’ වෙති.
පළමු දේවදූතයා නුදුටු බව සිහිපත් කොට, තමා වෙත ඉදිරිපත් කළ පුරුෂයාගෙන් යම රජු මෙසේ ප්‍රශ්න කරයි: “එම්බල පුරුෂය, තෝ මිනිසුන් අතරෙහි සිටින පළමුවන දේවදූතයා නුදුටුවෙහි ද?” ඔහු “නොදුටුවෙමි, ස්වාමීනි” යි උත්තර දෙයි. එවිට යම රජු “එම්බල පුරුෂය, තෝ නුවණ මඳ වූ, උඩුකුරු ව හෝනා වූ තමාගේ ම මල මූත්‍රවල ගැලී සිටින ළදරුවකු නොදුටුවෙහි දැ යි අසයි.
එවිට “දුටුවෙමි ස්වාමීනි” යි ඔහු කියයි. අනතුරු ව යම රජු “එම්බල පුරුෂය, දැනුම ඇති, වැඩිමහලු වූ තට ‘මමත්, ඉපදීම ස්වභාව කොට ඇති ඉපදීම නොඉක්ම වූ කෙනෙක්මි. මම ද තිදොරින් පින් දහම් කරන්නෙමි’ යි අදහසක් ඇති නො වී ද?” යි ප්‍රශ්න කරයි. එවිට ඔහු මෙසේ කියයි: “ස්වාමීනි, මට පින් දහම් කිරීමට නොහැකි විය. මම ප්‍රමාද වීමි.” එවිට යම රජු “එම්බා පුරුෂය, තා ප්‍රමාද වූ නිසා පින් දහම් නොකළෙහි ය. එහෙයින් ප්‍රමාද වූවකුට කරන්නාක් මෙන් තට දඬුවම් කළ යුතු ය. තාගේ මේ පාපකර්මය මවුපියන්, සහෝදරසහෝදරියන් මිත්‍ර අමාත්‍යයන් සහ ලේ නෑයන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් හෝ දෙවියන් විසින් කරන ලද්දක් නො වේ. මේ පාපකර්මය තා විසින් ම කරන ලද හෙයින් එයට අනුරූප විපාක ද තා විසින් ම වින්ද යුතු ය” යි කියයි.
යම රජු දෙවන දේව දූතයා ගැන ද ඔහුට මතක් කොට දෙමින් මෙසේ අසයි: “එම්බල පුරුෂය, තා මිනිසුන් ඇසුරේ සිටින අසූ වයස් වූ හෝ අනූ වයස් වූ හෝ සියයක් වයස් වූ හෝ දිරූ ඇල වූ පරාලයක් මෙන් කුදු වූ බිඳුණු සිරුරු ඇති ව සැරයටි වාරුවෙන් යන වෙව්ලන, තරුණ බව පිරිහී ගිය, කෙස් පැසුණු, ඇස් ගිලුණු, ඇඟ රැළි වැටුණු, කැළැල් සහිත සිරුරු ඇති ස්ත්‍රියක හෝ පුරුෂයකු නොදුටුවෙහි ද?”No photo description available.
එවිට ඔහු “දුටුවෙමි ස්වාමීනි” යි පිළිතුරු දේ. එවිට යම රජු ඔහුට මෙසේ කියයි: “දැනුම් තේරුම් ඇති තට එබඳු මහලු වියට පැමිණි අය දුටු විට ‘මම ජරාව ස්වභාව කොට ඇත්තෙමි. ජරාව නොඉක්මවූයෙමි. එහෙයින් සිත කය වචනයෙන් කුසල් කරන්නෙමි’ යි නොසිතුණේ ද?” එවිට ඔහු “මා හට කුසල් කිරීමට නොහැකි විය. මම ප්‍රමාද වීමි” යි පවසයි. යම රජු එවිට ඔහුට මෙසේ කියයි: “එම්බා පුරුෂය, තුන් දොරින් කුසල් කරන්නට ප්‍රමාද වූ තා හට ප්‍රමාද වූවකු හට කරන දඬුවමින් දඬුවම් කළ යුතු ය. මෙම පාප කර්මය අනෙකකු විසින් නො ව, තමා විසින් ම කරන ලද්දක් හෙයින් තමා ම එයට අනුරූප විපාක වින්ද යුතු ය.”
තෙවන දේවදූතයා ද හඳුන්වා දෙන යම රජු සහ අපායගාමී පුරුෂයා අතර මෙබඳු සංවාදයක් ඇති වේ: “එම්බල පුරුෂය, මිනිසුන් අතරෙහි සිටින, හට ගත් ආබාධ සහිත, දුක් ඇති, දැඩි සේ ගිලන් වූ, තමාගේ ම මලමූත්‍රයෙහි ඇලීගැලී එහි ම සයනය කරන, අනුන් විසින් නැගිටුවනු ලබන, අනුන් විසින් සයනය කරවනු ලබන ස්ත්‍රියක හෝ පුරුෂයකු තා විසින් නොදුටුවෙහි ද?” “දුටුවෙමි ස්වාමීනි.” “එසේ නම්, දැනුම් තේරුම් ඇති වයෝවෘද්ධ තට ‘මම ද ලෙඩ රෝග ඇත්තෙක්මි. මම ලෙඩ රෝග නොඉක්මවූ කෙනෙක්මි.
එහෙයින් මම තිදොරින් යහපත් ක්‍රියා කරන්නෙමි’ යි අදහසක් ඇති නො වී ද?” “ස්වාමීනි, මම ප්‍රමාද වීමි. කුසල් දහම් කරන්නට නොහැකි වීමි.” “එම්බල පුරුෂය, ප්‍රමාද වූ නිසා කුසල් දහම් වඩන්නට නොහැකි වූ තට ප්‍රමාද වූවකුට කරන දඬුවම් කළ යුතු ය. තාගේ මේ පාපකර්මය අනෙකකු විසින් කළ දෙයක් නොවන හෙයින් එහි විපාකය ද තා විසින් ම විඳිය යුතු ය.”
හතරවන දේවදූතයා ද හඳුන්වා දෙන යම රජු සහ අපායගාමී පුරුෂයා අතර මෙබඳු සංවාදයක් ඇති වේ: “එම්බල පුරුෂයා, රජ දරුවෝ මිනිසුන් අතර අපරාධ කරන සොරුන් අල්වා විවිධ දඬුවම් දෙති; රත් වූ තෙල් ඇඟට ඉසිති; හිසගසාදමති; සුනඛයන් ලවා කවති; පණ පිටින් දිවස් හුල හිඳුවති. මේ අපරාධකාරයන් තා නොදුටුවෙහි ද?” “දුටුවෙමි ස්වාමීනි.” “දැනුම් තේරුම් ඇති වයෝවෘද්ධ තට පව් කරන්නාට මෙලොවදී ම විවිධ දුක් කම්කටුලු පැමිණේ. එහෙයින් තට තිදොරින් පින් දහම් කිරීමට අදහසක් නො වී ද?” “ස්වාමීනි, මම තිදොරින් කුසල් දහම් වැඩීමට ප්‍රමාද වූයෙමි.” “එම්බල පුරුෂය, ප්‍රමාද වීම නිසා කුසල් දහම් වැඩීමට නොහැකි වූ තට ප්‍රමාද වූවකුට කරන දඬුවම් කළ යුතු ය. මේ පාප කර්මය තා විසින් ම කරන ලද්දක් වන හෙයින් එහි විපාක ද තා විසින් ම විඳිය යුතු යි.”
පස්වන දේව දූතයා ද හඳුන්වා දෙන යම රජු සහ අපායගාමී පුරුෂයා අතර මෙබඳු සංවාදයක් ඇති වේ: “එම්බල පුරුෂය, තෝ මිනිසුන් අතර සිටියදී මැරී එක් දිනක්, දෙදිනක්, තුන් දිනක් ගත වූ, ඉදිමී නිල්පාට වූ සැරව වැගිරෙන ස්ත්‍රියක හෝ පුරුෂයකු නොදුටුවෙහි ද?” “දුටුවෙමි ස්වාමීනි.” “එසේ නම්, ‘මමත් මෙසේ මිය යන්නේ ය; ඉදිමෙන්නේ ය; ඕජා වැගිරෙන්නේ යැ’ යි වැඩිහිටි වූ තා හට වටහාගත නොහැකි වී ද?” “එසේ ය ස්වාමීනි, එය මා හට මිනිස් ලොවේදී වැටහී ගියේ නැත. මම ප්‍රමාද වූයෙමි.” “පාපී පුරුෂය, ප්‍රමාද වීම නිසා කුසල් දහම් වැඩීමට නොහැකි වූ තා හට ප්‍රමාද වූවකුට කරන දඬුවම් කළ යුතු ය. මේ පාප කර්මය තා විසින් ම කරන ලද්දක් වන හෙයින් එයට අනුරූප විපාක ද තා විසින් ම විඳිය යුතු ය.”
මෙසේ පස්වැනි දේවදූතයා දක්වා කරුණු තේරුම් කර දීමෙන් පසු යම රජු නිහඬ වෙයි. එහෙත් නිරය පාලයන්ගෙන් ඔහුට ගැලවීමක් නොලැබේ. නිරය පාලයන්ගේ අප්‍රමාණ වධ බන්ධනයන්ට ලක් වීමට ඔහුට සිදු වේ.
ලංකාවේ තිබුනා උද්දලෝලක කියලා පන්සලක් මේ පන්සලේ හැමදාම වගේ බණ කියනවා මේ පන්සල ගාව හිටියා වැද්දෙක් මේ වැද්දා මුවන් දඩයම් කරලා ජීවත් වෙන්නේ .දවසක් එක් මුවෙක් හොඳට බඩ පිරෙන්න කාලා වතුර බොන්න දියකඩිත්තක් ලගට යනවා ඔය යන අතර තුරෙදි මේ මුවාට අර පන්ස‍ෙල් බණ කියන සද්දෙ ඇහිලා වතුර බොන්න යන ගමන එහෙන්ම නැවැත්තුවා .දැන් මේ මුවා ඉන්නේ එක කකුලක් උස්ස‍ාගෙන ඒ නැවතුණ ගමන්මයි.
අර මුලින් කිව්ව වැද්දා බලන් හිටියේ මුවෙක් මෙතෙන්ට එනකන් මුවා දැක්කා විතරයි වැද්දා මොකද කලේ දුන්න අත‍ට අරන් විද්දා මුවාට .ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ මුවා‍ට වෙච්ච දේ .මුවා එතනම මිය ගියා .මුවා මිය ගිහිල්ලා ඉපදුනේ අර මුලින් කිව්ව පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ නංගිගේ කුසේ .මෙහෙම කාලයක් ගියාම අර කුමාරයා දැන් ටික ටික ලොකු ‍ෙවනවාඅවුරුදු 07 ක් ගිය තැන මේ කුමාරයා පැවිදි වුණා .අර මුවා වෙලා ඉපදුන ආත්මයේ බණ ඇසීමේ පිණ නිසා මහණ කරණ විටදිම රහත් බාවය ලබ‍ා ගත්තා .නමුත් ඒ පොඩි හාමුදුරුවන්ගේ ලෙ‍ාකු හාමුදුරුවෝ පඤ්ච අභිඤ්ඥා විතරයි ලබල තිබුනේ .රහත් වෙලා නෑ.දවසක් මේ ලොකු හාමුදුරුවෝ ඉර්දි බලයෙන් අතින් සඳ මඩල පිරිමදිමින් හිටියා.පොඩ් හාමුදුරුවෝ ලොකු හාමුදුරුවොන්ට පවසනවා ස්වාමීණි මෙය රැක ගැනීම සුදුසු වන්නේය .නමුත් ඒ අභය හාමුදුරුවෝ එම කීම පිළීගත්තේ නෑ මොකද දන්නවද අභය හිමි දැන ගෙන හිටියේ නෑ පොඩි හාමුදුරුවෝ රහත් වෙලා කියලා .ඉන් පස්සේ පොඩ් හාමුදුරුවෝ ඉර්දි බලයෙන් දහසක් චන්ද්රයන් මැවුවා මවලා අභය හාමුදුරුවොන්ට කියනවා ,චන්ද්රයන් දහසක් ගෙනහැර පෑම අපහසුනොවේ .නමුත් යමෙක් තෘෂ්ණාව දුරු කරනවනම් ඒක ඉතාම උතුම් .මෙහෙම කියලා පොඩ් බණකුත් කිව්වා .පොඩ් හමුදුරුවන්ගෙන් බණ අහල‍ා ලෙ‍ාකු හැමුදුරුවෝ රහත්වුණා.
ඊට පහුවෙනිදාම අභය හාමුදුරුවන්ගේ නංගි ඇවිදින් ආරාධනාවක් කළා .අභය හිමි තමන්ගේ නංගිට මෙහෙම කියනවා .නැගණිය නුඔ විසින් අද බෙ‍ාහෝ හිමිවරු දැකලා හිත පහදා ගන්න ඕන හැබැයි දානය සකසන්න ඕන අපි දෙන්නට විතරයි .මේක අහපු නංගි පුදුම වෙලා ගිහින් ඒ විදියටම කළා .දැන් අභය හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි දෙන්නම දානයට වැඩියා .අසුන් මත ඉඳ ගත්තා විතරයි උන්වහන්සේලාගේ ආනුභාවයෙන් දහසක් පමණ හාමුදුරුවරු මැව්නා.ඒ ගේත් විශාල වුණා .දෙනමකට සුදානම් කළ දානය දහස් නමකටම ඇතිවෙන්න ඉබේම මැවුනා .ඒ දහස් නමම දානය වළඳල‍ා අවසානයේ අර පොඩ් හාමුදුහුවන්ගේ අම්මා ඒ කියන්නනේ අභය හිමිගේ නංගි අනුමෙවනි බණ කියන්න තමන්ගේ පුතාගේ පාත්රය ගත්තා .ඒ පොඩි හාමුදුරුවොත් බොහොම ලස්සනට ධර්මය දේශනා කලා .දේශනාව අවසානයේ එම උවසිය ප්රධාන පන්සීයක් කුල කාන්තාවන් සොවාන් වුණා.
පේනව නේද සත්තු වුණත් බණ වල නිමිත්ත විතරක් අරගෙන ස්ව්ර්ග මොක්ෂ සැප සම්පත් ලබාගත් බවImage may contain: text
== ලොව පුරා බුදු දහම ==
ලොව පුරා බෞද්ධයින් මිලියන 500 ක් (ලෝක ජනගහනයෙන් 7%) පමණ මේ වන විට සිටින බවට ලෝක ප්‍රසිද්ධ Pew පර්යේෂණ ආයතනය වාර්තා කරන අතර ඉගැන්වීම් සහ පිළිපැදීම් මූලික කොටගෙන බුදු දහම ප්‍රධාන ආකාර තුනකට ලොව පුරා පැතිරී තිබේ.
1. ථේරවාදී බුදු දහම.
2. මහායාන බුදු දහම.
3. වජ්‍රයාන බුදු දහම.
== ලෝකයේ වැඩිම බෞද්ධයින් වෙසෙන රටවල් ==
ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රට ලෙස චීනය වාර්තා වන අතර livepopulation වෙබ් අඩවියට අනුව මේ වන විට චීනයේ බෞද්ධයින් 249,984,513 ක් වෙසෙන අතර එය චීන ජනගහනයෙන් 18.2% ක් ලෙස සඳහන්.
ලොව දෙවැනි ඉහළම බෞද්ධයින් වෙසෙන රට ලෙස ජපානය සැලකෙන අතර මේ වන විට ජපානයේ බෞද්ධයින් 84,637,025 වාසය කරයි. එය ජපාන ජනගහනයෙන් 66.8% කි.
තායිලන්තය ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රටවල් අතරින් තුන්වන තැනට පත්ව ඇති අතර මේ වන විට එහි බෞද්ධයින් 60,383,597 ක් වාසය කරයි.
බෞද්ධයින් 50,063,246 ක් වෙසෙන මියන්මාරය හෙවත් බුරුමය ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රටවල් අතරින් සිව් වන තැනට පත්ව තිබෙන්නේ මුළු ජනගහනයෙන් 89% ක් බෞද්ධ වෙමිනි.
ශ්‍රී ලංකාවට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ පස්වන ස්ථානය වේ. ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණන වෙබ් අඩවියට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ බෞද්ධයින් 14,272,056 ක් වෙසෙන අතර එය ශ්‍රී ලංකා ජනගහනයෙන් 70.1% ක් ලෙස සඳහන්.
== ජනගහනයට සමානුපාතිකව ඉහළම ප්‍රතිශතයකින් බෞද්ධයින් වෙසෙන රටවල් ==
ජනගහනයට සමානුපාතිකව ලොව ඉහළම ප්‍රතිශතයකින් බෞද්ධයින් වෙසෙන ප්‍රමුඛ රටවල් 5 පහත පරිදි වන අතර ශ්‍රී ලංකාව එහි පස්වන ස්ථානයේ පසුවෙයි.
1) කාම්බෝජියාව - 96.9%
2) තායිලන්තය - 93.6%
3) මියන්මාරය - 89.0%
4) භූතානය - 75.3%
5) ශ්‍රී ලංකාව - 70.1%Image may contain: text
ලොව ප්‍රධාන බෞද්ධ රටවල සිදු කෙරෙන ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් සහ පිළිපැදීම්
== මහායාන බුදු දහම ක්‍රියාත්මක රටවල් ==
චීනය
ජපානය
නේපාලය
භූතානය
වියට්නාමය
තායිවානය
කොරියාව
මැලේසියාව
සිංගප්පූරුව
== ථේරවාදී බුදු දහම ක්‍රියාත්මක රටවල් ==
කාම්බෝජියාව
තායිලන්තය
මියන්මාරය
ශ්‍රී ලංකාව
ලාඕසය
== වජ්‍රයාන බුදු දහම ක්‍රියාත්මක රටවල් ==
ටිබෙටය
මොන්ගෝලියාව
මරණාසන්න වූවන්ගේ අත්දැකීම්
(මරණාසන්න වූ කීප දෙනකුගේ අත්දැකීම් විස්තර කැරෙන මේ ලිපියෙන් ඇලීමෙන්, බැඳීමෙන් තොර වීමෙන් ලැබෙන සතුට ගැන ද කියැවේ.)
.
මේ කියන මහාචාර්ය ‘පින් වැන් ලෝමල්’ හට මරණාසන්න වූවන් පත් වන සිද්ධිවලට සම්බන්ධ කතන්දර, හුදු කතාන්දරවලට සීමා නොකොට මේවා ඇත්තද කියා විද්‍යාත්මකව සොයා බලන්න ඕනෑ වුණා. ඔහු මේ පිළිබඳ කළ පර්යේෂණය සම්බන්ධව සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යා සඟරාවක් වූ ‘ද ලන්සෙට්’ සඟරාවේ 2008 කලාපයේ පළ වී තිබෙනවා.
ඔහුගේ පර්යේෂණයට පාදක වුණේ නෙදර්ලන්තයේ රෝහල් දහයක්. ඔහුගේ නියැදි කණ්ඩායම වූයේ මේ රෝහල් දහයට ඇතුළු වන හෘදයාබාධ සෑදී හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර වී, එහෙත් පණ රැකගත් රෝගීන්. හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර ව රෝහලට පැමිණි සෑම රෝගියකුටම ඔහු ප්‍රශ්නාවලියක් දුන්නා. මේ ප්‍රශ්නාවලියෙන් අසා තිබුණේ හෘදයාබාධය උත්සන්න වී සිහිසුන්ව, නැත් නම් තාවකාලික මරණයට පත් වූ කාලපරාසයක් ගැන ඔවුන්ට කිසියම් මතකයක් තිබෙනවාද යන්නයි.
ඒ වගේම සැත්කම් කාමරයේදී සිදු වූ දේවල් ද ඔහු වාර්තා කර තැබුවා. මේ මගින් ඔවුන්ගේ මතකයන්ගේ නිරවද්‍යතාව පිරික්සා බලන්නට හැකි වුණා. ඔහුගේ පර්යේෂණයට භාවිත වූ නියැදියෙන්, හෘදයාබාධයට ලක් වී තාවකාලික මරණයට පත් වූවන්ගෙන් සියයට 10කට මරණාසන්න අත්දැකීම් තිබුණා. තමන් තාවකාලික මරණයට පත් වූ පසු සිදු වූ සිද්ධි පිළිබඳ අත්දැකීම් ඔවුන් විස්තර කළා.
තමන්ගේ ශරීරයෙන් වෙන් වී ඉවතට පා වී ගිය අයුරුත්, ඉන් පසු ඇසීමට නැත් නම් දැකීමට හැකි වූ අයුරුත් ඔවුන් විස්තර කළා. මේ මතකයන් සිතේ මවාගත් මතකයන්ද නැත් නම් ඇත්තටම ඇත්ත මතකයන්දැයි මහාචාර්යවරයා විමසා බැලුවා. ඔවුන් විස්තර කළ දේවල්, සිදු වූයේයැයි කියූ දේවල් පරීක්‍ෂා කිරීමේදී ඇත්තටම සිදු වී ඇති බව මහාචාර්යතුමාට සනාථ වුණා.
මහාචාර්යවරයාගේ මෙම පර්යේෂණයේ සිත ඉතාම කුල්මත් කරන කොටස නම් මරණයට පත් වී, පසුව සිහිය ඇවිත් සිය මරණාසන්න අත්දැකීම් ප්‍රකාශ කළ මේ සියයට දහයේම මොළය මැරී තිබීමයි. මරණාසන්න වූවන්ගේ අත්දැකීම් පිළිබඳ මෙම පර්යේෂණයෙන් අනාවරණය වූ සුවිශේෂම කාරණය මේක තමයි. මොළයේ ක්‍රියාකාරීත්වය එහෙම පිටින්ම අක්‍රියව තිබියදී, සිහිය තමන් කරන කියන දේවල් ගැන දැන සිටීමයි, සක්‍රීයව තිබීමයි. මහාචාර්යවරයාගේ පර්යේෂණයේ මුල කොටසින් අනාවරණය වන වැදගත් නිගමනය මේකයි.
ගැඹුරු භාවනාවේදීත් සිදු වන්නේ මෙයම තමයි. මම මේ සම්බන්ධ සිද්ධියක් දැන් ඔබට කියන්නම්. මේ කියන්න යන්නේ මෙහි අපේ දායකයකු සම්බන්ධ සිද්ධියක්. අද සැඳෑවේ නම් ඔහු මෙහි ඇවිත් නැහැ. ඔහුගේ අවසර ඇතිව මම මේ විශිෂ්ට කතාව මගේ පොතකද පළ කළා.
ඔහු ඉතා ගැඹුරු භාවනාවන්හි නියැලෙන කෙනෙක්. දවසක් ගෙදර, කාමරයේදී ගැඹුරු භාවනාවකට සමවැදී සිටි ඔහු ගැන විපරම් කළ ඔහුගේ භාර්යාව තම සැමියා කිසිම සද්දයක් නොකර නිසොල්මන් වී සිටින හැටි දැක්කා. ඇඟපත අල්ලා සෙලවූවත් ඔහු අවදි වුණේ නැහැ. තම සැමියා මරණයට පත් වන්නට ඇතැයි සිතූ ඇය, ගිලන් රථයක් කැඳවා චාල්ස් ගාර්ඩිනර් රෝහලට ඔහු රැගෙන ගියා. රෝහලේදී ඊසීජී හා ඊඊජී පර්යේෂණවලින් ඔහුගේ හෘදය වස්තුවත්, මොළයත් සක්‍රීයව තිබෙනවාදැයි පිරික්සුවත් ඒවා අකර්මණ්‍ය වී තිබුණා. පරීක්ෂණයේදී හෘදයවස්තුව දිගු වේලාවක් තිස්සේ ස්පන්දනය නොවන බවත්, ඊඊජී පරීක්ෂණයේදී මොළය අක්‍රියව ඇති බවත් අනාවරණය වුණා.
ඉන් පසු විදුලි සැර වැද්දීම්, පපුව තෙරපීම් වැනි නොයෙකුත් හදිසි ප්‍රතිකාර කළත් ඔහු ජීවත් වන ලකුණක් දැකගන්නට ලැබුණේ නැහැ. මේ අතරවාරේ ඔහු, ඔහුගේ භාවනාව නිම කොට, පියවි සිහියට එළඹුණා. ඔහු භාවනාව නිම කළ සැණින් ඊසීජී යන්ත්‍රයත්, ඊඊජී යන්ත්‍රයත් ක්‍රියාකාරී වෙන්නට පටන් ගත්තා. ඔහු වටපිට බලන විට තමා රෝහලක සිටින්නේ මක් නිසාදයැයි විස්මයට පත් වුණා. වෛද්‍යවරුන් බොහෝම කඩිනම් පරීක්ෂණයක් කළත් ඔහු ගැන කියන්නට කිසිම වරදක් නැති බව හෙළි වුණා. ඉන් පසු ඔහු ආපසු ගෙදර ගියා. ඇත්තටම ඔහු රෝහලේ සිට ආපසු පයින්ම ගෙදර ගියා. පයින් යා හැකි තරමට ඔහු නීරෝගීව සිටියා.
විස්මයජනක කාරණය නම් මේ කියන මුළු කාලය තුළ ඔහු හොඳ සිහියෙන්, සෝදිසි ඥානයෙන් යුක්තව සිටීමයි. මා මේ කතාව කිව්වේ මේ කතාවට සම්බන්ධ තැනැත්තා මෙහි එන යන අයකු නිසාත්, ගැඹුරු භාවනාව තුළින් සිදු වන්නේ කුමක්දැයි හඳුනාගැනීමට මේ කතාව ප්‍රයෝජනවත් වන නිසාත්ය. මේ විදිහට මොළයේ ක්‍රියාකාරීත්වය නතර වූ විට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙවැනි සාක්ෂි අප්‍රමාණව තිබෙනවා. මෙවැනි අවස්ථාවල තාවකාලිකව මරණයට පත් වීමක් සිදු වන නිසා අපි මෙවැනි අවස්ථා මරණාසන්න අත්දැකීම් ලබාදෙන අවස්ථාව ලෙස හඳුන්වනවා.
දීර්ඝ කාලීන ලෙස, සහමුලින්ම මරණයට පත් වීම අපි මරණය නමින් හඳුන්වනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වුණාම සිදු වන්නේ කුමක්ද යන්න ඒත්තු ගැනීමට මේ මගින් යම් යම් සාක්ෂි අපට ලබාදෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වීමෙන් සිදු වන තාවකාලික මරණය පිළිබඳ වැදගත්ම කාරණය නම් එය ඉතා ආනන්දජනක අත්දැකීමක් වීමයි; ප්‍රමෝදජනක අත්දැකීමක් වීමයි. මේ අත්දැකීම අත්විඳි සියල්ලන්ටම එය එසේමයි.
එය එසේ වන්නේ ඇයි? මේ වේදනාකාරි ශරීරයෙන් නිදහස ලැබීමට හැකි වීමයි. ගැඹුරු භාවනාවෙන් සිදු වන්නේ මෙයම තමයි. ඔබට මෙය මා මෙය කී සැරයක් කීවාදැයි මා දන්නේ නැහැ. එහෙත් මා මේ ගැන ඉතා අවංක විය යුතුයි. සමහර විට මෙය මා නොකිය යුතුයැයි ඔබ සිතන්නට පුළුවන්. ඒ කෙසේ වුවත් කිසිවක් සඟවන්නට අවශ්‍ය නැති නිසා මම මෙය කියනවා.
ගැඹුරු භාවනාවෙන් ලබන ප්‍රමෝදය, කාමාස්වාදයෙන් ලබන ප්‍රමෝදයට වඩා ඉහළයි. මම භික්ෂුවක් වීමට පෙර කාමාස්වාදය විඳ තිබෙනවා. නමුත් පසුගිය හතළිස් වසර තුළ මම කාමාස්වාදයෙන් තොරව බඹසර රැක්කා. එය එසේ වුවත් මට හොඳ මතකයක් තිබෙනවා. දැන් මම ගැඹුරු භාවනාවෙන් සතුටක් ලබනවා.
මක් නිසාද කිව්වොත්: භාවනාවට සමවැදුණාම ශරීරය අතුරුදන් වෙනවා. නැති වී යනවා. ඔබ මරණයට පත් වුණාමත් සිදු වන්නේ මෙන්න මේකම තමයි. මේ නිසා ශරීරයෙන් නිදහස් වීම අතිශයින්ම ආනන්දජනකයි; ප්‍රමෝදජනකයි.
මා මේ ඔබට දැන් කියන්නට යන්නේ හාස්‍යජනක කතාවක්. මා මේ කතාවට කැමතියි. එක්තරා කාන්තාවකට සැත්කමක් කරමින් සිටින අතරවාරයේ තාවකාලික මරණයට පත් වුණා. ඇය ශරීරයෙන් වෙන් වී ගොස් ඉහළ සිට පහළ සිදු වන දේවල් දිහා බලා සිටියා. ඇය කියන විදිහට මෙසේ සිටියදී මොකක්දෝ භූත බලවේගයක් ඇයට මෙහෙම කිව්වාලු:
“මේක නොවෙයි ඔයාගේ වෙලාව. ඔයා ආපහු යන්න ඕන.”
“මට බැහැ!” ඇය කිව්වා. “මම ආපසු යන්නෙ ඇයි? මම හරි සතුටෙන් ඉන්නෙ. මට ආපසු යන්න බැහැ” ඇය උත්තර දුන්නා.
“ඔයා ආපසු යන්නම ඕන!” භූත බලවේගය බල කර කියා සිටියා.
“මට ඕවයින් වැඩක් නැහැ. මම ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.
මේ කාලයේ ජනයා නිදහසේ වැඩ කරන්න කැමැතියි. ඔබ ඔබේ දෙමාපියන්, ඔබේ ආණ්ඩුව හෝ ඒත් නැත් නම් දෙවියන් හරි වෙන කවුරු හරි කියන විදිහට ඔබ වැඩ කරන්න කැමැති නැහැ. ඇයත් නිදහසේ වැඩ කළ කෙනෙක්. ඒ නිසා ඇයට කවුරුවත් කියන විදිහට වැඩ කටයුතු කරන්න ඕන වුණේ නැහැ.
මම බොහෝම සතුටෙන් ඉන්නවා. මම නම් ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.
ඒක තමයි නිදහස. අපට ආයෙත් කොහොමටවත් ආපසු යන්න ඕනකමක් තිබුණේ නැහැ. මේ විදිහට භූත බලවේගයත්, මේ කාන්තාවත් තර්ක විතර්ක කරමින් සිටි අතරවාරේ අර භූත බලවේගය ඇය අල්වා ආපහු ඇගේ ශරීරය ඇතුළට විසි කළා. ඉන් පසු පෙර තිබුණු රුදාවල්, වේදනාවල්, පීඩාවන් ආපහු ඇයට දැනෙන්නට පටන් ගත්තා.
ඇය ඇත්තටම අර භූත බලවේගය ගැන කෝපයෙන් පසු වෙනවා. මේ සිදුවීම පිළිබඳ සම්මුඛ සාකච්ඡාවේදී ඇය මෙන්න මෙහෙම කව්වා:
“මම ඊළඟ සැරේ මැරුණාම, අර හාදයා කොහොම හරි සොයාගත්තොත්, මම එයාට හොඳ පාඩමක් උගන්වනවා! ඒ හාදයා මට කරපු වින්නැහිය බලන්නකො...”
මේ කතාව හාස්‍යජනක වුවත් එයින් ලබාගත හැකි පාඩම වැදගත්. කථාවෙන් කියවෙන දෙයත් බොහෝ අයට හරිම ප්‍රයෝජනවත් වෙනවා. මරණය කොයි තරම් ප්‍රසන්න අත්දැකීමක්ද කියන පාඩමයි.
මරණාසන්න අත්දැකීම් විඳ ආපසු ශරීරයට ආ සෑම දෙනෙක්ම පවසන එක දෙයක් තිබෙනවා:
“මම දැන් මැරෙන්න බය නැහැ!” ඔවුන් සෑමදෙනාම කියනවා. “ශරීරය අත්හැර යෑම හරිම ආස්වාදජනකයි; ඒ වගේම හරිම ප්‍රමෝදජනකයි. අප්‍රමාණ නිදහසක්, සමාජයක් භුක්ති විඳින්න ලැබෙනවා. ඒ කාලය හරිම ප්‍රසන්න කාලයක්” ඔවුන් කියනවා.
මෙය කවුරු වුණත් දැනගත්තාම ලොකු ප්‍රයෝජනයක් තිබෙනවා. මේ බව දැනගත්තාම ඔබේ මරණය ගැන ඔබ තුළ ඇති බිය නැති වෙනවා. ඔබ ආදරය කරන කෙනකු මරණයට පත් වුණාම හඬාවැලපී ශෝක වීමද ඔබෙන් ඉවත් වෙනවා.
කෙනෙක් මරණයට පත් වූ පසු ‘ඔහු දැන් යහතින් ඉන්නවා’ යැයි කියා ඔබට සතුටු වෙන්න පුළුවන්. මරණයට පත් වූවන්ගේ අත්දැකීම් අනුව ඔබට මේ පිළිබඳ සාක්ෂි තිබෙනවා. ඔවුන් මරණයෙන් පසු සතුටින් සිටින බව ඔබ දන්නවා. මේ බව දැනගැනීමෙන් පුද්ගලයන් පිළිබඳ විශාල වෙනස්කම් ඇති වෙනවා.
නමුත් සියලු දෙනා මරණයෙන් පසු සතුටින් සිටින්නේ නැහැ. ඒ ඇයි? කියා ඔබ දන්නවා. සතුටු වෙන්න බොහෝ කාරණා තිබුණත් ‘මම මේ සතුට ලබාගන්න සුදුසු නැතැයි’ සමහරු සිතනවා. මෙය ඔවුන්ගේ මරණයෙන් පසු ජීවිතයට බලපානවා.
ජීවත් වීමේදී දක්වන ප්‍රතික්‍රියාවන් මරණයෙන් පසු ජීවිතයට බලපානවා. මේ මොහොත ඔබ සතුටට පත් වී සිටින මොහොතක්, සතුටෙන් සිටින කාලයක්, සතුටෙන් සිටින සති අන්තයක් කියා සතුටු වෙන්න පුළුවන් වුණත්, ‘මම ඒ වගේ සතුටක් ලබන්න සුදුසු නැතැයි’ කොයිතරම් දෙනෙක් සිතනවාද? ඔබ ඔබේ සතුට විනාශ කරගන්නවා. එය එසේ වෙන්න බැහැ. මම මගේ සතුට විඳිනවා. තමන් වරදක් කර ඇතැයි සිතීම, අසුභවාදී වීම නැත් නම් නිෂේධාත්මක වීම, නිතරම වැරදි සෙවීම, මනුෂ්‍යයන්ගේ දුර්වල ගුණාංගයක්. මේ ජීවිතයේදී එම ගුණාංග වැඩිදියුණු කරගත්තාම ඒවා ඒ විදියට මරණයෙන් පසු ජීවිතයටත් ගමන් කරනවා. මේ ජීවිතයේදී හොඳින් කල්ගත කරන්න ලස්සන අවස්ථා තිබුණත් සමහරු ඒ අවස්ථාව මගහරිනවා; තල්ලු කරදමනවා. “එහෙම වෙන්නේ කොහොමද? මම සතුටින් ඉන්න සුදුසු නැහැ. මම නරක මිනිහෙක්. මම නරක වැඩ කර තිබෙනවා” කියා සිතීම, වැරදි අඩුපාඩු සෙවීම, නිෂේධාත්මක වීම නතර කරන්න. එවිට ඔබ නිදහස්. සිකුරාදා පවත්වන දේශනාවලදී වැරදි කර ඇතැයි යන හැඟීම ඉක්මවා සුබදායක ලෙස සිතීම ගැන අප බොහෝ දේවල් කියා තිබෙනවා.
ජීවිතය ගැන සුභවාදී වෙන්න. ඔබේ අතීතය පිළිබඳ වේදනාවන් අත්හැරදමන්න. අතීත ස්මරණවල රැඳී, අතීතයේ සිරකරුවකු නොවන්න. බිත්තියක් බැන්ද පසු එහි ගඩොළු නවසිය අනූඅටක් නිවැරැදිව තැබූ ඔබ වැරදියට තැබූ ගඩොළු දෙක ගැන සිතමින් ළතවන්න එපා. ඇත්තටම මෙලෙස කටයුතු කිරීමෙන් ඔබ සුබවාදී ආකල්පවලින් නොව අසුබවාදි ආකල්පවලින් යුක්ත වෙනවා. මම ජීවිතය පිළිබඳ සුභවාදි ආකල්ප කියන යෙදුමට කැමැති නැහැ. එය තරමක් පට්ට ගැසූ සංකල්පයක්. ඒ වෙනුවට හැම වේලාවෙම සාධාරණ වෙන්න; යුක්ති සහගත වෙන්න; හේතු සහගත වෙන්න. ඔබ ගැන සිතුවොත් ඔබ නරක පුද්ගලයෙක් නොවෙයි. මගේ මුළු ජීවිත කාලය තුරාවටම මට නරක පුද්ගලයෙක් හමු වෙලා නැහැ. මට මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, හිරකරුවන් හමු වී තිබෙනවා. ඒ කවුරු වුණත් ඔවුනුත් මිනිස්සු. නමුත් ඒ සෑම කෙනකුගේම යහපත් පැත්තක්, සුන්දරත්වයක් මා දැක තිබෙනවා. ඔවුනුත් මිනිස්සු. ඔවුන්ට වෛර කිරීමට, ඔවුන් විනාශ කිරීමට නුසුදුසුයි. කිසිම මිනිසකු විනාශ නොකළ යුතුයි. සෑම මිනිසකුගේම හොඳ පැත්තක්, සුන්දරත්වයක් තිබෙනවා. මෙය තේරුම් ගැනීමට වටිනා සුන්දර දෙයක්. ඔබ ගැනත් එසේ සිතන්න. ඔබ සතුටක් ලැබීමට සුදුස්සෙක්.
ජීවිතයේ අර්ථය කුමක්ද කියා ඇසුවොත් ඒ ප්‍රශ්නයට දිය හැකි උත්තරය නම් ඔබ සතුටු වීමට සුදුසුයි යන්නයි. එය තමයි ඔබේ ජීවිතයේ අර්ථය. එහි විශාල අර්ථයක් තිබෙනවා. ඔබට ඔබේ වේදනාවන් අත්හැරදමන්න පුළුවන්. ඒ වගේම සාමය සතුට පී‍්‍රතිය ළඟා කරගන්න පුළුවන්. ඔබ මරණයට පත් වීමෙන් පසු ඒ කරුණාවන්තකම ඔබත් දක්වන්න. භය බොහෝ දෙනකුගේ ජීවිතය වෙළාගෙන සිටිනවා. මා මේ දේශනය පවත්වන්නේ ඔබ වෙළා සිටින භය ඔබෙන් ඉවත් කරන්නයි.
බොහෝ පුද්ගලයන්ට මේ ලෝකය සමඟ තද බැඳීම් තිබෙනවා. තමන්ට අතහැරදමා යන්නට සිදු වන තැනැත්තන්, අත්හැරදමා යන්නට සිදු වන දේපළ හා වස්තු සම්භාරයට බැඳී සිටිනවා. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න සිදු වනවායැයි බුද්ධාගම කියන්නේ මේ නිසයි. ඔබට මේවාත් උසුලාගෙන යන්න බැහැ. එය ඉතා පැහැදිලි කාරණයක්. ඔබ දන්නවා අත්හැර යෑමට ඔබ උගත යුතුයි; පුරුදු විය යුතුයි.
ඔබ ඔබේ ඇලීම් බැඳීම් අත්හැරයෑම නිසා ජීවිතයේ සතුට විඳින්න ලැබෙන්නෙ නැතැයි සිතන්න එපා. ඔබ, ඔබ සමඟ සිටින පුද්ගලයන් ගැන සතුටු වෙනවා. දවස නිම වූ පසු “අද කොයි තරම් විශිෂ්ට දවසක්ද?” කියා ගත වූ දවස ගැන සිතමින් ඔබට නිදාගන්න ඇඳට ගොඩ වෙන්න පුළුවන් වෙනවා. අත්හැරදමන්න. හෙට තවත් දවසක් උදා වෙනවා. මා මේ සඳහා භාවිතා කරන්නේ විශිෂ්ට සංගීත ප්‍රසංගයක් පිළිබඳ උපමාවයි. මේ ලස්සන උපමාව මට ලැබුණේ මගේ පියාගේ මරණයෙනුයි. මගේ පියා මා සමඟ අවුරුදු දාසයක් ජීවත් වූ බව මම දන්නවා. ඒත් ඔහුගේ මරණය නිසා මම ශෝකයට පත් වුණේ නැහැ. මම කිසිම පසුතැවිල්ලකට පත් වුණේ නැහැ. මා අවුරුදු දාසයක් පමණ ඔහු සමඟ සිටියා. චමත්කාරජනක අවුරුදු දාසයක මා මගේ පියා සමඟ ගත කළා. ඔහු සමඟ ජීවත් වීමට ලැබීම කොයිතරම් වාසනාවක්ද? මෙය අතිවිශිෂ්ට ප්‍රසංගයක්. සෑම ප්‍රසංගයකම අවසානයක් තිබෙනවා. ප්‍රසංග බලන්න ගිය ඇත්තන්ගෙන් කීදෙනෙක් ප්‍රසංගය නිම වුණාම ශෝකයෙන් හඬා වැලපෙනවාද? “අනේ! ප්‍රසංගය ඉවරයි. තවත් ඉතින් ඒ ප්‍රසංගය බටහිර ඕස්ට්‍රේලියාවට එන්නෙ නැනැ” කියා කී දෙනෙක් වැලපෙනවාද?
එක ප්‍රසංගයක් ගියත්, තව ප්‍රසංගයක් එනවා; ඊළඟ සතියේ එන්න ඉඩ තිබෙනවා. මේ විදිහට පුද්ගලයන්ද එනවා - යනවා. ජීවිතය පිළිබඳ යහපත්ම දෙය මේක තමයි. ජීවිතය කියන්නේ ප්‍රසංග මාලාවක්. සතුටින් සිටින මොහොතවල් තිබෙනවා. අප පී‍්‍රතියෙන් ඔදවැඩී සිටින මොහොතවල් තිබෙනවා. නමුත් මේවා අවසාන වෙන බවත් අප දන්නවා. ප්‍රසංගය අවසාන වුණා වගේ අපි සතුටින් සිටින මොහොතවල් අවසාන වුණාට අඬා වැලපෙන්නේ කුමකටද? එක ප්‍රසංගයක් ඉවර වුණාම ‘ඒක හරි විශිෂ්ටයි’ කියා සිතමින් අපි ඊළඟ ප්‍රසංගයට මාරු වෙනවා. එක දවසක් නිම වී අපි තවත් දවසකට මාරු වෙනවා. ඒ වගේම එක් ජීවිතයක් නිම වී අපි තවත් ජීවිතයකට මාරු වෙනවා. ඔබට ඔබේ ජීවිතය ගැනද මේ විදිහට සිතන්න හුරුපුරුදු වෙන්න පුළුවන්. භාවනාවේදී සිදුවන්නේ මේකයි. අපි අතීතය අත්හැරදමනවා; අතීතයෙන් නිදහස් වෙනවා; උදා වූ මොහොත ආස්වාදය කරනවා. සතුටින් පිරුණු, සාමයෙන් පිරුණු භාවනාවෙන්ද සිදු වන්නේ මේකයි. ඔබ මරණයට පත් වුණාම සිදු වන්නේ මෙන්න මේක තමයි.Image may contain: 1 person, sitting and text
අතීතය අත්හරින්න. අනාගතය ගැන බිය නොවන්න. මේ මොහොත කරුණාභරිතව, අනුකම්පාවෙන්, සිතේ සාමදානයෙන් ගත කරන්න.
මේ ගැන මා නිතර භාවිත කරන උපමා කතාවක් තිබෙනවා. ඒක තමයි ඔලොගු දෙකේ කතාව. ඔබේ අත් දෙකේ බර ඔලොගු දෙකක් ඇතැයි සිතන්න. වම් අතේ ඇත්තේ අතීතය පිළිබඳ බර පුරවාගත් ඔලොගුවයි. දකුණු අතේ ඇත්තේ අනාගතය පිළිබඳ බර පුරවාපු ඔලොගුවයි. මේවා උසුලාගෙන යන්න බැරි තරම් බරයි. ඔබ අතීතය පිළිබඳ ඔලොගුවත්, අනාගතය පිළිබඳ ඔලොගුවත් බිම තැබුවොත් ඔබේ බර සැහැල්ලු වෙනවා. ඔබ දැන් බිම තැබූ ඔලොගු දෙක අතර, ඔබේ අතීතය හා අනාගතය අතර මොහොතේ පසු වෙනවා.
ඔබ මරණයට පත් වීමේදී කළ යුත්තේ මේකයි. අත්හැරදමන්න ඔබේ අතීතය. ඔබේ පසුකාලීන ජීවිතය පිළිබඳ මුළු අතීතයම අත්හැරදමන්න. ඔබේ ජීවිතයේ බොහෝම ලස්සන, සතුටුදායක අත්දැකීම් ඇතුවා වගේම අප්‍රසන්න අත්දැකීම්ද තිබෙන්න ඇති. ප්‍රසන්න අත්දැකීම් හරියට නිවාඩු කාලය වගෙයි. ඔබේ දුෂ්කර අවස්ථා ඔබේ වැඩ රාජකාරි වගෙයි. ඔබ වැඩ කරන විට ඉන් ඉගෙනගන්නවා; ඉගෙනගනිමින් ඉදිරියට කරනවා. ප්‍රසන්න අත්දැකීම්වලින් ඉගෙනගන්න. අප්‍රසන්න අත්දැකීම් හරියට ඔබේ වැටුප් පත වගේ. ඔබට දැන් හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන්. එය ජීවිතේම කොටසක්. ඔබ මැරුණාම මේ සියල්ල අවසන් වෙනවා. ඔබට කිසිවක් ගෙන යා නොහැකියි. ඔබට කිසිවක් ගෙන යා නොහැකි බව කවුරුත් කියනවා. ඒත් ඔබ ඒවාත් රැගෙන යන්න හදනවා. මේක ගැටලුවක්. ඔබ අතීතය අත්හැරදමන්නට පුහුණු වුණාම ඔබට උදා වූ මේ මොහොත රස විඳින්න පුළුවන්.
බොහෝ දෙනෙක් ජීවිතය රසවිඳීම නවතා තිබීම හරි පුදුමාකාර දෙයක්. අතීතය ගැන සිතා වර්තමාන සතුටත් නැති කරගන්නවා. අතීතයේ ඔබ කළායැයි සිතන අතීතයේ ඔබ කළා කියන දේවල් ගැන සිතන්න එපා. ඒවා අතීතයයි. ඒ වගේ අතීත ස්මරණයන් ගැන සිතසිතා මේ මොහොතේ සතුට පාලන කරගන්නට හදන්නෙ ඇයි? බුදුදහමේ ඉතාම බලසම්පන්න ඉගැන්වීමක් නම් ඔබ ඔබේ අතීතය ඔසවාගෙන වර්තමානයට නොයා යුතුයි යන්නයි. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න පුළුවන්. එසේ කිරීමට බාධාවක් නැහැ. එය කළ යුතුයි. එමගින් ලොකු සහනයක් ලබාගන්න පුළුවන් වෙනවා. ඔබට ලොකු නිදහසක් ලබාගන්න පුළුවන්. කිසිම වරදක් කර නැති, සහමුලින්ම පරිශුද්ධ කෙනෙක් නැහැ. ඔබ කළ වරද තවත් කෙනෙකු කර තිබෙන්න පුළුවන්. ඒ නිසා වරදක් කළාය කියන හැඟීම, අතීත ස්මරණ අත්හැරදමන්න. ද
.
පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි
පරිවර්තනය - නීතිඥ සමරසිංහ ගුණසේකර