ධර්මයෙන් හෙළිවන රෝග නිවාරණ විධි
බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි තෝදෙය්‍ය නම්
පුරෝහිත බමුණාගේ පුත් සුභ නම් මානවකයා උන්වහන්සේ වෙත පැමිණ "තථාගත
බුදුරජාණන්වහන්ස, මා මේ ප්‍රශ්න සියල්ලක් ම විමසනු ලබන්නේ මනුෂ්‍යයන්
පිළිබදවයි මේ මනුෂ්‍යයන් අතර විවිධාකාර වෙනස්කම් ඇති මනුෂ්‍යයෝ සිටිති. මේ
පිළිබද විමසා දැන ගැනීම මගේ බලවත් කැමැත්තයි. මා අසන මෙකී කරුණු දාහතර
පිළිබද ව ඔබවහන්සේ කාරුණික අවධානය යොමු කොට පැහැදිලි කර දෙනු මැනවි" යැයි පැවසුවහ.
බුදුන් වහන්සේ වෙත ප්‍රශ්න දාහතරක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ ප්‍රශ්න අතරින්
සුභ මානවකයා බුදුන් වහන්සේගෙන් විමසු තෙවෙනි සහ සිව්වන ප්‍රශ්නය වූයේ,
"බුදුරජාණන්වහන්ස, මේ ලෝකයෙහි විවිධ රෝගාබාධ සහිතව ජීවත්වන්නෝ සිටිති.
භයානක රෝගයන්ටද ගොදුරුව බොහෝ දුක් විඳිති. කැස්ස, පීනස, පිළිකා රෝග, උණ
රෝග, පපුවේ රෝග මේ ආකාරයට නොයෙකුත් චර්ම රෝග සහ අට අනූවක් වූ
රෝගයාබාධයන්ගෙන් සහ එකක් දෙකක් හෝ තුනක් නිසා වේදනා විඳින්නෝ බොහෝය. මෙයට
හේතුව කිමෙක්ද?"
"බුදුරජාණන්වහන්ස, එසේම රෝගාබාධ නැතැයි කිව හැකි තරම්
අයද ඉතා අඩුවෙන් කලාතුරකින්, රෝගාබාධයක් වැළදෙනන් අප අතර සිටිති. කෙනෙක්
ඉහත සඳහන් කල පරිදි අපමණ රෝග ආබාධයන්ගෙන් පීඩා විඳීමටත් තව කෙනෙකු කිසිඳු
රෝගයක් නොමැතිව ජීවත් වීමටත් හේතුව කුමක්ද?"
එයට පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ මෙසේ වදාරන ලද සේක.
"මානවකය තම තමන් කරනු ලබන හිංසාකාරී ක්‍රියාවන්ගෙන් ලැබෙන විපාක පිළිබද
සිතා නොබලන බොහෝ දෙනා සත්ත්වයන්ට අතින්, පයින් පහර දෙති. අන් අයට අතින්
පයින් ගසති. අවමන් කෙරෙති. නින්දා අපහාස කෙරෙති. අනුන්ගේ ගුණ මැකී යන පරිදි
කතා කරති. ඕපාදූප කතා කරමින් අන් අයට නිග්‍රහ කෙරෙති. කෙනෙකුට හෝ
සත්ත්වයෙකුටවත් ආහාර පාන ටිකක් නොදෙති. සැලකීමක් නොකරති. කාට හෝ වේවා
නින්දාවක් ඇනුම් පදයක් කියති. බේත්-හේත් නොදෙති. ආත්මාර්ථකාමී ව වසංගත රෝග
බෝවන හේතුවක් දුටු විට ඒවා වැළක්වීමට කිසිඳු වෑයමක් නොගනිති. අන් අයගේ
දියුණුවට ඊර්ෂ්‍යා කෙරෙති. කෝපවන ගතියෙන් යුතුව නිතරම අන් අයට හිංසා පීඩා
කරති. සතුන් කෙරේද කිසිඳු මානව දයාවක් නොදක්වති."
සුභ මානවකය මෙවන්
වැරදි දේ අකුසල් කර ගත් ස්ත්‍රී පුරුෂ දෙපිරිසම ඔවුන් උපන් උපන් ආත්මවල
අපරිමිත රෝගයන්ගෙන් පීඩිතව, ලැබූ ජීවිතය ප්‍රයෝජනයක් ගත නොහැකිව තදබල
කුෂ්ඨරෝග, උමතු රෝග, අතපය අහිමිවීම් වැනි රෝගාබාධයන්ගෙන් අන් අයට එපාවුණු
පුද්ගලයන්ව කාගේත් ඇනුම්,බැනුම් මත පිළිසරණයක් නොමැතිව ජීවත් වීම ඉහත සඳහන්
අකුසල කර්මවල විපාක වශයෙන් සැලකිය යුතු යැයි වදාළ සේක. රෝග පීඩාදියට හේතු
වශයෙන් මෙම කරුණු වදාළ පසු නිරෝගිතාවයෙන් යුතු ලෙඩ දුක් නැති ජීවිතයක්
ලැබීමට හේතුව කුමක්දැයි සුභ මානවකයා ඊළඟට ප්‍රශ්න කළේය.
එයට පිළිතුරු
දෙමින් බුදුන් වහන්සේ 'සුභ මානවකය, මොලොව දී ගුණයට ගරු කරන බොහෝ දෙනා
සිටිති. ඔවුහු තව කෙනෙකුට වචනයෙන්වත් හිංසාවක් නොකරති. අවමන් නොකරති.
අනුන්ගේ ඇද පලුදු නොසොයති. කෙකෙකුගේ ගුණය ඉස්මතු කොට පෙන්වති. කෝප
නොවෙති.ඊර්ෂ්‍යා නොකරති. අනුන්ගේ දියුණුවට කැමතිවෙති. කාටත් සැපතක් වේවායි
මෛතී‍්‍ර සහගත සිතම ඇත්තෙක්ව වෙසෙති. කරුණාවෙන් යුක්තය. ප්‍රියශීලීගති
පැවතුම්වලින් යුක්තය. තව කෙනෙකුට කිසිඳු අයුරකින් හිරිහැරයක් හිංසාවක්
නොකිරීම මෙබඳු අයගේ සිරිතයි. ගිලනුන්ට ඇප උපස්ථාන කෙරෙති. ගිලන් ශාලා
ආරෝග්‍ය ශාලා තැනවීමට ඒවා ආරක්ෂා කිරීමට දියුණු කිරීමට ක්‍රියා කරති. ලෙඩ
දුක් වසංගත රෝග වැළඳෙන ක්‍රම රෝග වැලක්වීමට කටයුතු කෙරෙති. රෝගීන්ට ඇප
උපස්ථාන කෙරෙති.මෙවන් පුද්ගලයන් උපදින හැම ආත්මයකදීම ලෙඩ දුක් කරදර
හිරිහැරවලින් තොර නිරෝගී සම්පතින් දුටු දුටුවන් පිනවන පැහැපත් පෙනුමකින් හා
ප්‍රියශීලී කතා බහින් යුත් ඇත්තන් සේම උපත ලබතියි.' වදාළ සේක.
බුදුන්
වහන්සේ තම ධර්මය දේශනාවන්ට පමණක් සීමා නොකොට ක්‍රියාවෙන් ම ඔප්පු කොට
වදාළහ. ගිලනුන්ට උපස්ථාන කිරීම, වසංගත රෝග පීඩාවල දී රෝගීන් එයින් මුදා
ගැනීම සඳහා සිදුකල කර්තව්‍යයන් පිළිබද ව සැලකීමේදී ඒ පිළිබද මනා ලෙස
පැහැදිලි කර ගත හැකිය.
ගිලානෝපස්ථානය මෙන්ම වෛද්‍ය වෘත්තීය පිළිබද බුදු
දහමේ විවිධ තැන්වල සඳහන් වේ. බුදුන් වහන්සේ බුදුවීමට පෙර සිටම ඉන්දියාවේ
රෝගීන් සුවපත් කිරීම සඳහා භාවිත කර ඇත්තේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයයි.
බුදුදහම සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අතර වෙසෙසි සම්බන්ධතාවයක් ඇත.
බෞද්ධ
දර්ශනය සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පෙරදිග ආරම්භ වූ දර්ශනයකි. මූලික ව
පැරණිවේද දර්ශනයන් වන ආයුර්වේදය සිද්ධාර්ථ කුමාරයා හැදෑරූ බව පැහැදිලි
කරුණකි.
ආයුර්වේද වේදයේ කොටසක් වන අථර්වන් සහ සෘග්වේදයේ ආභාෂයක් මෙහි
දක්නට ඇති බව පැහැදිලිය. එමෙන් ම බොහෝ අය දක්වන්නේ බුදුදහම ලෝකෝත්තර හා
මිනිසාගේ ආධ්‍යාත්මිකත්වය සහ හිත සම්බන්ද වැඩිපුර යොමුවක් ලෙසය. එය ලඝුකර
දැක්වීමේදී කායික පාර්ශවයෙන් නොව මානසික අංශයට වඩා යොමු වූවක් ලෙස සැලකිය
යුතුවේ. එහෙත් නමුත් බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථයක් පෙර හැදෑරීමේදී,
විනය පිටකයේ මහාවග්ග පාලියේ භෛෂජ්ජඛන්ධක සූත්‍රයෙහි,
ශරීරයෙහි හට ගන්න වූ රෝග හා ඒවාට ප්‍රතිකාර සඳහන් ව ඇත. මේ සියල්ල ආයුර්වේද මූලධර්ම මත පිහිටා කරන විග්‍රහයන්ය.
තවද විනය විනිශ්චය, සිඛවලද විනිස වැනි පොත්වලද ඕනෑම පැරණි බෞද්ධ සාහිත්‍ය
ග්‍රන්ථයකද අඩංගු බෞද්ධමය හා සෞඛ්‍යමය කරුණු ආයුර්වේද මූලධර්ම පදනම් කර
පවතී.
ත්‍රිදෝෂ පංචෙන්ද්‍රිය , පංචඤාන , සප්තධාතු පදනම් වූ දර්ශනයක්
ආයුර්වේදයේ ඇත. මින් අදහස් කරනුයේ බුදුදහමට පෙර බිහි වූ ආයුර්වේද වෛද්‍ය
ක්‍රමයක් (ආයුර්වේද චතුර්වේදයේ අංගයකි.) බුදුදහම විසින් පෝෂණය කල බවත් එය
එසේ වීම යුක්තියුක්ත බවත්ය.අනිත් වැදගත් කරුණ වන්නේ,
ආයුර්වේද මූල
ග්‍රන්ථයන්ගේ ප්‍රධාන ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ දැක්වෙන මෙම ඡේද අතිශය
වැදගත්ය. බුදු දහම සහ ආයුර්වේදය අතර ඇති සම්බන්ධතාවය මෙන්ම ආයුර්වේදයේ හා
බුදුදහම එකම මාර්ගයක ගමන් ගත්තා යැයි සිතිය හැක. එනම්,
දර්ශාදී ඉන්ද්‍රියත් සැපතට හා දුකට හේතු නොවේ. රූප ආදී ඉන්ද්‍රයාර්ථයෝත් සුඛ-දු:ඛම හේතු නොවෙති.
ආත්ම - ඉන්ද්‍රි - මනස - බුද්ධිය ගෝචර වූ සැප - දුක කර්මයෙන් තොරව
නොවන්නේය. සැප දුක් දෙකින් ඉච්ඡා ද්වෙෂාත්මක තෘෂ්ණාව පැමිණෙන්නේය.(උපදී)
නැවත තෘෂ්ණාව ද සුඛ - දුකට කාරණයන්ය. තෘෂ්ණාව වේදනාවන්ගේ ආශ්‍රයයි.
රජස් නමස් ගුණයන්ගේ අභාවය කර්මයන්ගේ ක්ෂය වීම කර්ම සංයෝගයන්ගේ වියෝගය නිසා ඇතිවේ. අපූනර්මය (නැවත නොඉපදීම)නිවනට පත්වේ.
ඉපදීමෙන් මිදුනා වූ පුරුෂයන් විසින් මේ ස්මුර්තිය ම මොක්ෂයාගේ එකම උපාය
යැයි නිර්දේශ කරන ලදී. යෝග කරණකොටගෙන ස්ව ස්මතෘ රූප මේවායේ බලලැබුවා වූ
යොගීහු ශරීර හැර දැමීමෙන් පසු නැවත නොඋපදී.(නැවත නූපදී ) ත්‍රිපිටකයේ
සඳහන්වන සෞඛ්‍ය විධි විධාන ආයුර්වේද මූල ග්‍රන්ථ හා එකඟ වූවක් වන අතර විශ්ව
සාධාරණ මතයන්ය. මිනිසාගේ මෙන්ම සඳහන් කර සෞඛ්‍යට හිතකරය.
භික්ෂූන්
වහන්සේ අරබයා කල දේශනා සහ ප්‍රකාශවල භික්ෂූන්ට සුදුසු ස්ථාන ශාලා, ආහාර
ශාලා, වැසිකිලි හදන ස්ථානය, භාවනා ස්ථාන ගැන පැහැදිලි කර ඇත.
ගිරිමානන්ද සූත්‍රය ද බුදුන් වහන්සේ සතුව තිබූ වෛද්‍ය ඥානය පැහැදිලි ව
දක්වාලයි. බලවත් සේ ගිලන් වූ ගිරිමානන්ද තෙරණුවන් අරභයා උන්වහන්සේ ආනන්ද
හිමියන්ටද සංඥා දේශනා කල සූත්‍රය "ගිරිමානන්ද සූත්‍රය"යි. ආනන්ද හිමියෝ
ගිරිමානන්ද තෙරුන් වෙත එළඹ මේ සූත්‍රය දේශනා කල කල්හි එම තෙරුන් සුවපත් වූ
බව සූත්‍රයේ සඳහන්ය.
දස සංඥා අතරින් බුදුන් වහන්සේ ආදීනව සංඥා කවරේද යත් මෙසේ වදාළහ.
"ආනන්දයෙහි, මේ සස්නෙහි මහණ වනයට ගියේ වේවායි රුක් මුලට ගියේ වේවායි
ශුන්‍යාගාරයට ගියේ වේවායි මෙසේ පළ කරන්නේය. බොහෝ දුක් ඇති මේ කය බොහෝ ආදීනව
ඇත්තේය.මෙසේ මේ කයෙහි විවිධ ආබාධයෝ උපදනාහ. ඔහු කවරේද යත්?
චක්ඛු
රෝගය, සෝත රෝගය, ඝාත රෝගය, ජීව්හා රෝගය, කාය රෝගය, සීස රෝගය,කණ්ණා රෝගය,
දන්ත රෝගය, කසාය, ශ්වාසය, පීනසය, දාහය, පවරය, තුව්ජ් රෝගය, මුර්ජාය,
පක්ඛන්දිකාය, ශූලය, විතූපිකාය, කුෂටය, ගණ්දය, කීලාසය, ස්වාසය, අපස්මාරය,
දද්දුය, කණ්ඩුය, කච්ජුය, රඛසාය, විතච්ඡකාය, ලෝහිත පිත්තය, මධුමේහය, අසය,
පිළිකාය, භගන්දරාය, පිතින් උපදිනා ආබාධය, වාතයෙන් උපදිනා ආබාධය, සන්නිපාතික
ආබාධය, සෘතු පරිතාවයෙන් වන ආබාධය ,විෂම පරිහාරයෙන් උපදනා ආබාධය ,
උපනුවයෙන් උපදනා ආබාධය, කර්ම විපාකයෙන් උපදනා ආබාධය, ශීතය, උෂ්ණය, සා ය
පව්‍යය, උච්චාරය, පස්සාවයි..." මෙසේ දක්වන ලද සියලුම රෝගාබාධයෝ
ආයුර්වේදයෙහි ද දක්වා තිබේ.
ධම්පියා අටුවා ගැට පදය සහ ආයුර්වේද බෞද්ධ
විද්‍යාව අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇත. එහි සඳහන් ආයුර්වේද වෛද්‍ය වාක්‍ය
වචන බොහොමයක් පවතී.
සුභානුපස්සිංහ විරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමන්තඤ්ඩිං
කූසිත හීන වීරියං
තාවෝ පහසති මාරෝ
වනෝ රුක්ඛං ච දුබ්බලං
යමෙක් රූපාදී අරමුණු සුබ වශයෙන් සලකමින් ඉන්ද්‍රිය සංවරයකුත් නැතිව කාමෙහි
පමණකුත් නොදැන මාලිව වීර්යෙන් හීනව වෙසේද මාරයා හෙවත් මරණය ඔහු මැඩලයි.
දුබල ගසක් මුලින් උපුටා හෙලන්නාක් මෙනි. (ධම්මපදය යමක වග්ගය)
ආරෝග්‍ය පරමා ලාභා
සන්තුඨී පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බාණං පරමං සුඛං
සියලු ලාභවලට වඩා උතුම්ම ලාභය නිරෝගීකමයි. සතුටුවීම තරම් උසස් ධනයක් නැත.
විශ්වාසය තරම් වෙන නෑයෙක් ද නැත. නිවන තරම් උසස් සුවයක් නැත.
මෙකී කරුණු හැදෑරීමේ දී හා ගැලපීමේදී පෙනී යන්නේ බුදුදහමේ අඩංගු කරුණු ආයුර්වේදයේද අඩංගු බවය.
Wednesday, July 12, 2017
පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ
ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි තවත් උතුම් රහතන් වහන්සේ නමක් තමයි පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ. ‘මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර සිංහනාද කරන භික්ෂූන් අතර අග්‍ර වන්නේ පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්’ යැයි භාග්‍යවතුන් වහන්සේ අග තනතුරු ද ප්‍රදානය කළ සේක.
උදේනි රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුතු ලෙස උපත ලැබූ භාරද්වාජ කුමරු කෙටි කලකින්ම ත්‍රිවේදය ඉගෙන ගත්තා. ඉන්පසු පන්සීයක් පමණ බ්‍රාහ්මණ තරුණයින්ට ත්‍රිවේදය ඉගැන්වූවා. රජගහනුවර දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ දහම් අසා පැහැදුණ භාරද්වාජ කුමරුන් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව බුදු සසුනේ පැවිදි බව ලබා ගත්තා. පැවිදි බව ලබා කෙලෙස් තවන වීර්යයෙන් යුතුව විදර්ශනා වඩා කෙටි කලකින්ම චතුපටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. අරහත්වයට පත් වූ භාරද්වාජ තෙරුන් රහත් වූ දින පටන් විහාරයේ යතුරු කැරැල්ල රැගෙන විහාරයෙන් විහාරයට යමින් දොරවල් හැර ‘යම් කෙනෙකුට නිවන්මඟ ගැන හෝ ඵලයන් ගැන හෝ යම් සැකයක් ඇත්නම් මගෙන් විමසත්වා! යැයි කියා ශ්‍රාවකයන් මැද අභීත සිංහනාද පැවැත්වුවා. තථාගතයන් වහන්සේට වන්දනා කොට භාග්‍යවතුන් වහන්ස, මම බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා යැයි සිංහනාද කළා. එම නිසා ශ්‍රාවකයන්ට අගතනතුරු පිරිනමන විට ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං සීහනාදං නදිතං යදිදං පිණ්ඩෝල භාරද්වාජෝ’ ති කියා සිංහනාද පවත්වන ශ්‍රාවකයන් අතර අගතනතුර ප්‍රදානය කළා. ධූතාංගධාරී අල්පේච්ඡ දිවියක් ගත කළ භාරද්වාජ රහතන් වහන්සේ දිනක් අරහත්ඵල සමාපත්තියට සමවැදි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වැඩ සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේගේ මුවින් මේ සොඳුරු උදානය පැන නැඟුණා
අනුපවාදෝ අනුපඝාතෝ
පාතිමොක්ඛේ ච සංවරෝ
මිත්තඤ්ඤතා ච භත්තස්මිං
පන්නඤ්ච සේනාසනං
අධිචිත්තේ ච ආයෝගෝ
ඒතං බුද්ධාන සාසනං’ති
අන් අයට නින්දා අපහාස නො කිරීමත්, අනුන්ට පීඩා නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැනගෙන වැළදීමත් දුර ඈත වන සෙනසුන් සේවනය කිරීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත් යන කරුණු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව වන්නේ යැයි වදාළා.
දිනක් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් උදේනි රජතුමාගේ සුන්දර වන උයනේ දිවා විහරණය ගත කරමින් වැඩ සිටියා. එදින උදේනි රජු හොඳටම මත් බීමත්ව අන්ත:පුර ස්ත්‍රින්ද සමඟින් උයනට පැමිණුනා. මත් වී සිටි රජතුමාට නින්ද ගිය විට ඒ ස්ත්‍රීන් උයන් සිරි විඳිමින් ඇවිද යද්දී තෙරණුවන් දැක පැහැදී දහම් සාකච්ඡවක යෙදුණා. රජතුමා නැගිට ඔවුන් සොයද්දී එය දැක හොඳටම කිපී දිමි ගොඩුවක් කඩා තෙරුන්ගේ ඇඟට වීසි කළා. භාරද්වාජ තෙරණුවෝ ක්ෂණයෙන් අහසට පැන නැගී අහසේ සිට රජතුමාට ධර්මාවවාද සිදුකළා. භාරද්වාජ රහතන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදුණ රජතුමා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත්ව සසුනට බෙහෝ ඇප උපකාර කළා.
වරක් රජගහනුවර සිටුතුමා සඳුන් පාත්‍රයක් තනා උණ ගස් කීපයක් එකට තබා බැඳ එහි මුදුණේ සඳුන් පාත්‍රය තබා එය අහසේ රැඳවූවා. ඉන්පසු ‘ඉතින් ලෝකයේ සෘද්ධිමතුන්, රහතුන් සිටිත් නම් අහසින් පැමිණ මාගේ මේ සඳුන් පාත්‍රය ගනිත්වා යි ප්‍රචාරය කළා. ව්‍යාජ සෘද්ධිමත් බවක් රහත් බවක් ලොවට පෙන්වා මිනිසුන් මුලා කළ නිඝණ්ඨනාථපුත්ථ ආදී අන්‍ය තිර්ථකයන් පසු බා ගියා. එනමුත් මුගලන් මහ රහතන් වහනසේගේ ඉල්ලීම පරිදි පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ සෘද්ධියෙන් වැඩම කොට රැස්ව සිටි දහස් සංඛ්‍යාත පිරිසගේ සාධුකාර මැද පාත්‍රය අරගත්තා. ඊට පළමුව තමන් වැඩසිටි ගල්තලාව සෘද්ධි බලයෙන් ඔසවාගෙන රජගහනුවර වටා ආකාසයේ තුන්වරක් සැරිසැරුවා. ඒ විශාල ගල්තලාවට පා පහරක් දී එය තිබූ තැනම තැන්පත් කළා. ඉන්පසු රැස් වූ මිනිසුන්ගේ ඉල්ලීම පරිදි විදුලි වේගයෙන් නැවත වරක් අහසට පැන නැඟී විටෙක කයෙන් දුම් පිට කරමින්ද, විටෙක මුළු කයම බබුළුවමින්ද, විටෙක ආකාසයේ සක්මන් කරමින්ද බොහෝ ප්‍රාතිහාර්යයන් දැක්වූවා. ඒසා අසිරිමත් ප්‍රාතිහාර්යය බලයකින් සමන්විතවයි උන්වහන්සේ වැඩ සිටියේ. දිනක් භාරද්වාජ රහතන් වහන්සේගේ ගිහිකළ යාහළුවෙකු වූ මිත්‍යාදෘෂ්ඨික මසුරු බ්‍රාහ්මණයෙක් තෙරුන් වෙත පැමිණුනා. ඔහුට අනුකම්පාවෙන් දන් දීමේ වටිනාකම් ගැන දහම් දෙසූ විට ‘මේ තෙරුන් මාගේ ධනය නාස්ති කිරීමට කියනවා’’ යැයි වැරැදි මතයක් ගත්තා. ඇතැමුන් මැබ හකුළුවාගෙන ඔබ වහන්සේට එක බතක් දෙමි කීවා.
එවිට තෙරුන් වහන්සේ ඒ බත සංඝයාට පූජා කරන්න මා හට නො දෙන්න’ යැයි පැවසුවා. මගේ දානය බොහෝ දෙනෙකු උදෙසා දෙන්නට කීවා යැයි බමුණා තවත් අපැහැදීමට පත්වුණා. එනමුත් ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරතන් වහන්සේ ගෙන් දානානිශංස ශ්‍රවණය කළ බමුණා පැහැදුණ සිතින් තෙරුවන් සරණ ගියා. සැදැහැති උපාසකයෙකු බවට පත් වූ ඒ බ්‍රාහ්මණයාට කරුණු වදාළ භාරද්වාජ තෙරුණුවෝ ථේර ථේරී ගාථා හි ඇතුළත් මේ ගාථා දේශනා කොට වදාළා.
නයිදං අනයෙන ජිවිතං
නාහාරෝ භදයස්ස සන්තිකෝ
ආහාරට්ඨිතිකෝ සමුස්සයෝ
ඉති දිස්වාන වරාමි ඒසනං
ආහාර නැති වුණොත් ජීවිතය පවතින්නේ නැහැ. නමුත් ආහාරවලින් හිතේ සැනසිල්ල නම් උදා කරන්නේ නැහැ. ආහාරයෙන් කරන්නේ ශරීරයේ පැවැත්මට උදව්දීම. මේ කාරණය තේරුම් අරගෙන තමයි මා පිණ්ඩපාතයේ වඩින්නේ.
පංකෝති හී නං අවේදයුං
යායං වන්දනපූජා කුලේසු
සුඛුමං සල්ලං දුරුබ්බහං
සක්කාරෝ කාපුරිසේන දුජ්ජහෝ
මේ සමාජයෙන් ලැබෙන වැඳුම් පිදුම් ගැන බුද්ධාදී උතුමන් දැනගෙන සිටියේ මඩ ගොහොරුවක් හැටියට යි. එයට තිබෙන ඇලීම වනාහී උදුරා දමන්නට දුෂ්කර වූ සූක්ෂ්ම යකඩ හුලක් වගේ. අසත්පුරුෂයාට මේ ලාභ සත්කාර අත්හරින්න බැහැ.’
නිකෙලෙස් සිතින් යුතුව ධූතාංගධාරීව දුර ඈත වන සෙනසුන වල සමාපත්ති සුවයෙන් කල් ගෙවූ පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ තමන් වහන්සේ ලද විමුක්ති සුව ගැන මෙසේ උදන් ඇනුවා. ‘මා විසින් රාග, ද්වේශ, මෝහාදි සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා. සියලු භවයන් සිඳ බිඳ දැම්මා. සියලු බැමි සිඳ බිඳ දැමූ ඇත්රජකු මෙන් සියලු ආශ්‍රව නසා දමා ආශ්‍රව රහිත නිකෙලෙස් සිතිනුයි මම වැඩ සිටින්නේ.
බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතට සපැමිණි මට යහපතක්ම සිද්ධ වුණා. පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතුපපාත ඥාණය, ආසවක්ඛ්‍ය ඤාණය යන ත්‍රිවිද්‍යාවන් මා ලබා ගත්තා. අර්ථ, ධම්ම, නිරුක්ති පටිභාන යන සිව්පිළිසිඹියාවන් ද ලබා ගත්තා. අෂ්ටවිමෝක්ෂයන් ද සාක්ෂාත් කළා. ෂඩ් අභිඤ්ඤාවන්ද අඩුවක් නැතිව ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මැනවින් සිදු කළා.
භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශාස්තෘත්වයේ පිහිට, පිළිසරණ ලබා නිකෙලෙස් සිතින් විමුක්ති සුව විඳිමින් වැඩසිටි ඒ රහතන් වහන්සේලා ගැන වඩ වඩාත් සිත පහදවා ගනිමු. පහන් සිතින් යුතුව සරණ යමු. අග්‍ර වූ පුද පූජාවන් සිදු කරන්න. සීලයෙන්, සමාධියෙන් ප්‍රඥාවෙන් සමන්විත රහතුන් වැඩීමග ඔස්සේ අපේ දිවිය ද හසුරුවාගෙන ගෞතම බුදුසසුනේ සනාතන පිළිසරණ ලබමු.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

සටහන : නයනා නිල්මිණි

Sunday, July 2, 2017
පින්
සනීපය ආරක්ෂා කැරැගැන්මෙන් ඇඟ හොඳට වැඩෙයි. ඇඟේ හයි හත්තිය ඇති වෙයි. වැඩි කලක් සැප සේ ජීවත්විය හැකි වෙයි. එසේ ම හිතේ සනීප ගතිය රැක ගැන්මෙන් හිතේ සක්තිය, හිතේ හයිය වැඩි වෙයි, හිත දියුණු වෙයි.
හොඳ ගුණයට පැහැදීම, නරක ගතියෙක් තමා තුළ ඇති නො වන්නට පරිස්සම් වන ගතිය, නරක කැත ගතිවලට නො කැමති කම (හෙවත් පිළිකුල), ලෝභ නැති කම, තරහ නො වෙන ගතිය, ඇත්ත ඇති හැටියට දකින ගතිය යන ආදි ගති ලෙඩ නැති හිතේ ලකුණු ය. මේ හොඳ ගති හිතේ පුරුදු වීමෙන් සිත තුළ වැඩී යෑමෙන් හොඳ දෑ කිරීමට හිත නැමේ. මෙ සේ හොඳ හිතෙන් කරන ඒ හොඳ දෑවලට පින් ය කියා නෙමෙකි. ‘පින්’ යන වචනයේ මුල් තේරුම නම් “එය කරන්නහු ගේ හිත සුද්ද කරන දැ ය” යනුයි. හිතේ හොඳ ගති දියුණු වීමෙන් කරන හොඳ ක්‍රියා දහවගෙකි. ඒවාට දස පින් යැයි කියත්.
1. ඉන් පළමු වැන්න දීම යි.
අපට වැඩියෙන් හොඳ වු අය සිටිති. අපට වඩා හික්මීම ඇති, අපට වඩා කරුණාවන්ත, ලොව හැම දෙනා ම ගැන තමාට මෙන් ම ආදරය පවත්තන, අනුන් ගැහුවත් බැන්නත් තරහ නැති ව ම ඒ සියල්ල ඉවසන, මේ ආදි වශයෙන් හොඳ ගතිවලින් අපට වඩා දියුණු වුණු අය සිටිති. එබඳු හොඳ ගුණ, උසස් උතුම් දෑ හැටියට සලකන අප තුළ, එබඳු ගති ගුණ අපට වඩා දියුණු වී ඇති අය ගැන ද සැලකිල්ලත් ආදරයක් ඇති වේ. එබඳු අයට සැලකිලි දක්වන්නට, වඳින්නට පුදන්නට, අපේ හිත නැමෙයි. එහෙම ඇත්තනට එතුමන් පුරන ඒ ගුණ දහම් දියුණු කිරීමට උදව් දීමක් වශයෙන් සලකන්නට ද අපේ සිත නැමේ. අප සතු දෑ කෙරෙහි අප තුළ ඇති ඇල්ම පවා අත්හැරලා ඒ වා වියදම් කැරැ ඒ උතුමනට හොඳින් සලකන්නට අපට සිතෙයි. එබඳු උතුමනට කෑම පීම ආදිය දීමෙන් සැලැකිලි දැක්වීම එක් දීමෙකි.
අපට වඩා දුප්පත් අසරණ අය පෙනුණා ම අපේ හිතේ ඔවුන් විඳින දුක ගැන කනගාටු ගතියෙක්, කරුණාවෙක්, අනුකම්පාවෙක්, පපුව උණු වීමෙක් ඇති වේ. අප කොතරම් ආශාවකින් රැකගෙන තිබෙන දෑ වූවද ඔවුන් හට දී ඔවුන් සනසන්නට සිත් වෙයි. ඒ කරුණාව උඩ අසරණ අයට සංග්‍රහ කිරීමත් එක් දීමෙකි.
මෙසේ ගෞරවයෙන් දෙන දීමත්, කරුණාවෙන් දෙන දීමත් යන දෙක ම දාන (දීම) නමැති පින්කමයි.
2. දෙවෙනි පින්කම සිල් රැක්ම යි.
සිල් නම් හීලෑ ගුණය යි. සතුන් මැරුම්, අන්සතු දෑ අයුතු අන්දමින් ගැනුම්, නරක ආශාවෙන් නො හොබනාකම් කැරැම්, මත්පැන් බීම, බොරු කීම්, කේලාම් කීම්, නපුරු වචන කීම්, වැද ගැම්මකට නැති දෑ දෙඩීම්, අයුතු දෑ කිරීමෙන් ජීවිකාව කිරීම් යන මේවාහැඩි නො හීලෑ (දුස්සීල) කම් ය. ඒ නො හීලෑ කම්වලින් වැළැකී හෙවත් ඒවා අත්හැර හීලෑගතිය, ඛ්ඹ්ක්මුම්කම ඇති කැරැ ගත යුතු යි. මෙ සේ හික්මුම සීල (සිල්) නම්, මෙය ද හිතේ හොඳ ගති නිසා ම ඇති වන එකෙකි.
3. තෙ වෙනි පින් කම භාවනාව යි.
අපේ හිත ඒ මේ අතට දුවන්නට වුණා ම නොයෙක් නරක ගති හිතේ ම ඇති වන්නට ඉඩ තිබේ. ප්‍රිය නැති කෙනෙකු දුටුවා ම තරහ ඇති වේ. යමක් ලබා ගැන්මේ ආශාව නිසා හිත තුළ නොසන්සුන්කමද ඇති වේ. මෙසේ නොයෙක් අතට හිත යෑමෙන් හිතේ කලබල ගති හැදේ. ඒවායින් හිත වෙන් කැර ගෙන යම් කිසි හොඳ ගතියකට ම හිත නමා ගෙන, එහි ම හිත බැඳ තබන්නට පුරුදු වුණොත් නරක – ගතිවලට හිතේ ඉඩ නො ලැබේ. එබැවින් නරක අතට හිත නො නැමෙන්නටත්, හිතේ හොඳ ගුණ තහවුරු වෙන්නටත් අප විසින් පුරුදු කළ යුතු හොඳ වැඩෙක් තිබේ. එ නම් හොඳ අන්දමට හිත එකඟ කැරැ, හිත එක දැයකට ම නමා තබා ගෙන ඉඳීම යි – “මුළු ලෝකයේ හැම දෙනාට ම හොඳක් ම වෙච්චාවේ” කියා හිතින් කැමැති වෙමින්, ඔවුන් සැප සේ ඉන්ද යුතු අන්ද ම හිතෙන් දැක දැක එයට කැමැති කම දියුණු කරමින් අපට ඉන්නට පිළිවන. මේ ආදී යම් කිසි හැටියෙකින් හිතේ එකඟකම දියුණු කිරීමෙන් හිත වැඩෙයි. මෙ සේ හොඳ අතට හිතේ එකඟකම දියුණු කිරීම එක් භාවනාවෙකි.
අපේ ඇඟ වෙනස් වන හැටි, දිරන හැටි, හිත වෙනස් වන හැටි, හිතත් හිතේ ගතිත් ඇඟත් දුක් වන සැටි, ඒවායේ නො නැසෙන හර ගතියක් නැති සැටි හිතින් බලමින් ඒ ගැන දැනීම දියුණු කළ යුතු. මෙසේ ඒ දැනුම වැඩීමෙන් ඒ කිසිවක් ගැන ආශාවක් ලෝබයක් ඇති නො වේ. ඒ කිසිවකට අනුන් ගෙන් කරදරයක් වුණාට තරහවකුත් ඇති නො වේ. ඒ වා නිසරු බව දැනෙන බැවිනි. මෙසේ ජීවිතයට ඇති සැටි දන්නා නුවණ වැඩීම ද එක් භාවනාවෙකි.
මේ හිතේ එකඟකම වැඩීම සමාධි භාවනා නමි, නුවණ වැඩීම විපස්සනා භාවනාව නමි.
මෙය පුරුදු කිරීමෙන් හිතේ නරක ගති දුරු වේ. හොඳ ගති දියුණු වේ. නුවණ ද වැඩේ.
4. සිවුවන පින්කම නම් යටත් පහත් කම පෑම යි.
මා පියනට වැඩි හිටියනට ගුරුවරුනට ගුණවනයනට යටත් පහත් කම් දැක්වීම, ගරු බුහුමන් දැක්වීම, වැඳුම් පිදුම් යන මේ සියල්ල එයට ඇතුළති. මෙය පුරුදු කිරීමෙන් උඩ¼ගු කම් ආදී නරක ගති නැතිවී හිත ශුද්ධ වේ. පාලි භාෂාවෙන් මෙයට අපචායන යන නම බැවහර යි.
5. පස් වන පින්කම නම් මා පිය ආදීනට වතාවත් කිරීම යි.
ඔවුනට ලෙඩ දුකේ දී සාත්තු කිරීම, ඔවුනට කෑම් බීම් ආදිය පිළියෙල කරදීම, දර වතුර ගෙනවුත් දීම, අත් පා මිරිකීම, ගමන් බිමන්වල දී ඔවුන් හා යෑම් ආදියෙන් උපකාරී වීම යන ආදිය මෙයට ඇතුළත්ය. මෙය පුරුදු කරන්නා ද මෙයින් ලෝබ තරහ උඩගුකම් ආදි නරක ගති හිතින් දුරලයි. ඔහුගේ හිත හොඳ ගතිවලින් පිරෙයි. ශුද්ධ වෙයි. මෙයට පාලියෙන් වෙයියාවච්ච යන නම වැහැරැවේ.
6. හවන පින්කම නම් පින් දීම යි.
හොඳ දෑ කිරීමෙන් ගුණ නුවණ වැඩේ. කෙනෙකු කරන හොඳ දැයට සතුටු වීම ඒ හොඳ දෑ හිතින් පිළිගැනීමයි. අන් කෙනකු දන්දීම්, සිල් රැකීම් ආදි වශයෙන් හොඳ වැඩ කරනවා. දැක අප එයට සතුටු වෙනවා නම් එයින් අපේ සිතින් ඒ පින කළා නම් වේ. ඉතින් අපත් පිනක් කොට එයට අන් අය සතුටු කැරැවීමෙන් ඔවුන් තුළද හොඳ ගති ඇති වේ. එයින් අපට මෙන් ඔවුනට ද යහපතෙක් ම සැලැසේ. මෙසේ හෙයින් අප පිනක් කළා ම “මේ පින අන් සත්ත්වයනට ද සතුටට හේතු වේ වා. මේ පිනට සතුටු ව ඔහු ද සැප ලබත්වා’යි සිතින් සිතීම, වචනයෙනුත් කීම අනුන් හට උපකාර කිරීමෙකි. මෙ සේ කිරීමේදී මෙයට බලාපොරොත්තු වන සමහර දෙවිවරුද, අපේ අදහස්, අපේ වචන තේරුම් ගත හැකි අන් සත්ත්වයෝ ද අප කළ පිනට සතුටු වෙති. එයින් ඔහු තමන් තුළ ද හොඳ අදහස්, පින් සිත් ඇති කැර ගනිති. එයින් සැප ලබති. අපේ නැසී ගිය නෑදෑයන් ගෙන් යම් යම් අය එබඳු පින් ගන්නට හැකි පේ‍්‍රත ජන්මයෙක ඉපිද හිටියොත් අප පින්දීමේ දී ඒවා අනුමෝදන් කොට ගෙන හෙවත් ඒවාට සතුටුව කුසල් වඩා ගෙන සැපතට පැමිණෙති. එබැවින් අනුන් හට පින්දීම පින් අනුමෝදන් කැරැවීම හිතවත් කමින් කරන උපකාරයෙකි. උතුම් පිනෙකි. මෙයට පාලියෙන් පත්ති දාන යන නම වැහැරැවෙයි.
7. හත්වන පින නම් පින් ගැනීම යි.
උඩ කී පරිදි අප අනුනට පින් දෙන්නා සේ ම අන් අය අපට ද පින් දෙති. ඉතින් පින් කැමැති අප විසින් ඔවුන් හිතවත් කමින් අපට දෙන පින් සතුටින් ගත යුතු යි. හෙවත් ඔවුන් තමන් කළ පින් අපට අනුමෝදන් කරන විට අපත් ඒවා අප කළ දෑ සේ ම සිතා සතුටු විය යුතුයි. මේ අනුන් දෙන පින් ගැනීමට පාලි භාෂාවෙන් පත්තානුමෝදනා යැ යි කියනු ලැබේ.
8. අට වන පින්කම බණ කීම යි.
අනුන් නරක සිතුම් පැතුම්වලිනුත් නරක කියුම් කැරුම්වලිනුත් බේරා ගෙන හොඳ අතේ යවන අදහසින් උපදෙස් දීම, හොඳ දෑ කියා දීම බණ කීම නමි, ධර්ම දේශනා කියන්නේත් මෙයටම යි. අනුනට බණ කියන්නේ ඔවුනට හිතවත් බැවිනි. කරුණාවෙනි. එය කරන්නහු ගේ හිත එයින් වඩ වඩා පිරිසිදු වේ.
9. නව වන පින්කම නම් බණ ඇසීම යි.
අපට අපේ යහපත පිණිස හොඳ අය උපදෙස් දෙති. අපේ මවු, පියා, ගුරුවරු, සිල්වත් ගුණවත් හාමුදුරුවරු දැනුමැතිකම් දෙති. පින් පව් තෝරා කියා දෙති. ඒවා අසා තේරුම් ගැනීම අපේ යුතු කම යි. මෙ සේ බණ ඉගැන්මෙන් දැනීම ඇති වේ. එයින් හිත නරකින් ඉවත් ව හොඳ වේ. හෙවත් පිරිසිදු වේ. ධර්ම ශ්‍රවණය කියා බැවහැර වන්නේ බණ ඇසීමට යි.
10. දස වන පින්කම නම් නිවැරැදි දැකීම හෙවත් හරි නුවණ ඇති කැර ගැන්මයි.
සමහරු “සත්ත්වයා මෙයින් ම අවසන් වෙතැ”යි වරදවා සලකති. එය ඇදට දැකීමෙකි. තව කෙනෙක් “මෙහි අප තුළ වෙනස් නො වී එක ලෙස ම පවත්නා යම් කිසි හරයක්, ‘ආත්මය’ කියා එකක් ඇතැයි”යි ද “එය දිගින් දිගට අලුත් අලුත් ශරීරවලට එකතු වෙවී යතැ”යි ද වරදවා සිතති. මේ දෙක ම වක් වූ ඇද වූ දැකුම් ය. වැරැදි සැලැකුම් ය. බණ දහම් ඇසීමෙන් සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් මේ වැරදි හැර දමත හැකි යි.
සත්ත්වයා යනු එක් අන්දමකට ම තිබෙන වෙනස් නො වී සිටින කිසියම් දැයක් නො වේ යැ යි ද, නිතර වෙනස් වෙවී යන ස්වභාව වැලක් යැයි ද දැනීම නිවැරැදි යි. එය හරි දැක්මෙකි.
තව ද හේතුවක් කාරණයක් නැති ව, ලොව යම් යම් දෑ ඉබේ ම ඇති වේ යැ යි සමහරු සලකති.
තව කෙනෙක් සියල්ල දන්නා දක්නා සියලු බලැති කෙනකු ගේ කැමැත්ත අනුව ලොවෙත් සත්ත්වයන්ගේත් පැවැත්ම වේ යැයි සලකති.
තවත් අයෙක් මේ අත්බැව්හි සිදුවන සියල්ල පෙර අත්බැව්හි කළ කර්ම නිසාම වේ යැ යි සලකති.
මේ හැම දැකුම් සැලැකුම් වැරැදි ය, ඇද ය.
හේතුවක් නැති ව කිසිවක් ඇති නො වේ. යමක් වීමට හේතුවක් තිබිය යුතු ය. සත්ත්වයා ගේ මෙහි සිදුවීම්වලින් ඇතැම් දෑ මෙ අත්බව්හි ම වු ඇතැම් කරුණින් වේ. ඇතැම් දෑ පෙර අත්බව්හි කළ කර්ම නිසා වේ. ඇතැම් දෑ මෙ අත් බව්හි කරන දෑ නිසාම සිදුවේ. ඇතැම් දෑ මෙ අත්බව්හි කරන දෑත් පෙර අත් බව්හි කළ කර්මත් යන දෙකෙන් ම සම්බන්ධයෙන් වේ. මේ හරි දැක්මයි, ඇද නැති දැක්ම යි. සෘජු දෘෂ්ටිය යි. සම්‍යක්දෘෂ්ටිය යනු ද මෙය යි. දස වන පින හැටියට දැක්වුණේ මේ සම්‍යක්දෘෂ්ටිය ඇති කැර ගැන්ම යි.
.
බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමි

නිවස තුළම සිටින සතුරෝ
බුදුසමය අතිශයින්ම ප්‍රායෝගික දර්ශනයකි. ලෞකික හා ලෝකෝත්තර ජීවිත ක්‍ෂාත් ක්‍ෂාත් කරගත හැකි මාර්ග ඉතා පැහැදිලිව එහි දක්වා තිබේ.
භෞතික ජීවිතය සාර්ථක කරගත හැකි මග කුමක්ද? එහි සාර්ථකත්වය මනිනු ලබන්නේ කෙසේද යන්නත් ඉතා සංකීර්ණ ප්‍රශ්න බව පැහැදිලිය. එහෙත් මේ ජීවිතය යම් ප්‍රමාණයක ඵලදායි බවින් යුතුව පවත්වා ගෙනයාමට අවශ්‍ය මූලික කරුණු බුදු සමයෙහි ගැබ්වේ. සමාජය පවුරක් සේ ගතහොත් මේ සමාජ පවුර අපට හරස්වන අපේ අපේක්‍ෂාවන් බිඳ දමන එකක් වැන්න. අප එය ජය ගැනීමට ගන්නා නිරන්තර අරගලයක්ද වේ. මේ අරගලය අපට තනිව ජයගත නොහැකිය. දෙමව්පියන්, ගුරුවරුන් මෙන්ම මිතුරන්ද එයට අමතරව අප විසින් ලබා ගන්නා ලද දැනුම හා අත්දැකීම්ද ජීවිතයට නොමද අනුබලයකි. ඒවා සත්තකින්ම අපට ශක්තියකි. ආශිර්වාදයකි. ඉච්ඡාභංගත්වයට පත්ව පීඩිතව සිටින මොහොතක මෙබඳු අයෙක් අප වෙත සිටිත් නම් කෙබඳු සහනයක්ද?
අපගේ ජීවන කුසුම පුබුදුකරවීමට අනුග්‍රහය දක්වන එක් පිරිසක් වෙත් නම් ඒ කලණ මිතුරෝය. ඔව්හු අප රකිති. අප වෙනුවෙන් වෙහෙසෙති. සැප ළඟා කර ගැනීමට ද විපත් දුරලීමට ද ඔව්හු අනුග්‍රහ දක්වති. බුදුන්වහන්සේ මේ කල්‍යාණ මිතුරන් සතර දෙනෙක් ගැන විග්‍රහ කර තිබේ. උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායී, අනුකම්පක යනු මේ සතර දෙනායි. මේ හැර මිත්‍ර වේශයෙන් ඔබ සොයා එන තවත් සතර දෙනෙක්ද වෙති. ඔව්හු ඔබ සොයා එන්නේ ඔබට අපායේ දොර විවර කිරීමටය. අඳුරු අගාධයට තල්ලු කිරීමටය. මෙම මිත්‍ර ප්‍රතිරූපකයන් ගැනද බුදුහු විග්‍රහ කළහ. මොව්හුද හතරකට බෙදෙති. මිත්‍ර වෙසින් පෙනී සිටිමින් සමාජය ආවරණ කෙරෙන මොවුන් හඳුනා ගැනීම පවා දුෂ්කරය. අඤ්ඤුදත්ථුහර, වචීපරම, අනුප්පියභාණි, අපාය සහාය යනු මේ හතර දෙනාය. මොව්හු පාප මිත්‍රයෝය.
“සමන්තා පාප මිත්තාව“ යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කළේ හාත්පස හෙවත් හැම තැනම වාසය කරන මෙබඳු පාප මිත්‍රයන්ගෙන් ආරක්‍ෂාවීමට සත්පුරුෂ ඥානවන්තයා බුද්ධිමත් විය යුතු බවය.
ලෝකය යහපත් වන්නේ ජගත් සමාජය යහපත් වුවහොත්ය. මන්ද ලෝකය නිමවෙන්නේ විවිධ සමාජ හා විවිධ ජනතාවගෙනි. මේ විවිධත්වය නිසාම හොඳ නරක පිළිබඳවද විනිශ්චය විවිධ වේ. සුරාව, ප්‍රාණඝාතය, බුදු දහමට එකඟ නැත. එහෙත් ඒවා සමාජයක අනිවාර්ය අංග ලෙස පිළිගත් රටවල් තිබේ. බුදුන් වදාළ මිථ්‍යාදෘෂ්ටි හා සම්‍යක්දෘෂ්ටි විග්‍රහයද මෙහිදී සිහිපත් වේ. බුදුසමය සම්මාදෘෂ්ටිය හෙවත් නිවැරදි දැක්ම අවධාරණය කරයි. එනිසා බෞද්ධ සමාජය තුළ අගයන දේ අපට වැදගත්ය. මත්පැන් දුරාචාරයට හේතු වන අයුරු ඉතා ප්‍රායෝගිකව බුදු දහම පෙන්වා දෙයි. එහෙත් බේබදුකම තුළ ගිලුනු බෞද්ධයෝ කොපමණ සිටිත්ද? මේ විනාශයට පොළඹවන පාප මිත්‍රයෝද සිටිති.
බේබදුකම සමාජශීලි ගුණයක් සේ සලකන මුග්ධයෝද සිටිති. බේබදුකමින් ලබන “සෝෂල් බව“ ව්‍යාජයකි. පුද්ගල ජීවිතය අඳුරට හෙලන මේ මිත්‍ර ප්‍රතිරූපකයෝ කොහි සිටිත්ද? මෙයට දිය හැකි සරල පිළිතුර නම් ඔවුහු ඔබ සමඟ ඔබ නිවසේම සිටිති යන්නය. ඇතැම් විට ඔබේ ස්වාමියා ලෙසද ඔබේ බිරිඳ හෝ සැමියා ලෙසද මව හෝ පියා ලෙසද දරුවන් ලෙසද මේ මිත්‍ර ප්‍රතිරූපකයෝ සිටිති. ඔවුන්ගෙන් කවුරුන් හෝ ඔබ අගතියකට යොමු කරයිද එසේ නම් ඔහු හෝ ඇය නිසැකවම පසමිතුරෙක් සේ දතමනාය.
“මාතා මිත්තං සකේ ඝරේ” ගෙදර සිටින හොඳම මිත්‍රයා මව බව බුදු වදනකි. එහෙත් මේ මිත්‍ර රූපය හෙවත් මව සිය දරුවා දෙස බලන ආකාරය තුළ ඔහුට දෙන විනය හා ශික්ෂණය මත ඇයගේ සතුරු මිතුරු ගුණ රැඳෙනු ඇත. මවුපියන්ට දරුවා තරම් සම්පතක් නැත. එනිසාම දරුවා නොමග නොයැවීමට අවශ්‍ය සියල්ල සම්පාදනය කිරීම නැණැති මවකගේ ලක්ෂණයයි. සාරය හා අසාරය හැඳින ගැනීමට දරුවාට රුකුල් දිය යුතුය. ජීවිතය යහපත්ව හා ධාර්මිකව පවත්වා ගැනීමට වුවමනා දේවල් අතර යහපත් සිතිවිලිද ප්‍රධානය.
දුසිරිත් දුරුකොට සුසිරිත් වඩන මග දරුවාට පෙන්වා නොදෙන මව මිත්‍ර වෙසින් සිටියද සතුරෙකි. ළමා වියෙහි හුරතලයට කරන වැරදි වියපත් වූ විට ජීවන වෘත්තීය බවට පත් වන්නේද මේ මන්දබුද්ධික මවුවරුන් නිසාය. දරුවාට ආදරය කරන මවක් සියල්ල ඉවසා දරුවා කවා පොවා මහත් කිරීමට පමණක් වෙහෙසේ නම් එයම ඒ දරුවාගේ විනාශය වනු ඇත. ඔහුගේ සිරුර වැඩෙයි. මනස නොවැඩෙයි. ඔහු සොරකු හෝ අපරාධකරුවකු විනා යහපත් සත්පුරුෂයකු නොවේ.
තම ස්වාමියා විනාශ මුඛයට ඇද දමන භාර්යාවෝ කොපමණ සිටිත්ද? පිරිමිකම ප්‍රදර්ශනය කරන මිම්මක් ලෙස බේබදුකම පිළිගන්න මේ බිරියන් සිදු කරන විනාශය අප්‍රමාණය.
“අනේ මගේ මහත්තයානං ඉඳල හිටල බොන්නෙ. ඔය පාටියකට ගියාම විතරයිනෙ. එහෙම නොබිව්වොත් කොන් වෙනවනේ” කියන නෝනාවරු තම මහත්වරුන් ඇද දමන්නේ මහා ප්‍රපාතයකටය. බෝතලයට ඇදී එන අනෙක් පාප මිත්‍රයන් සමඟ රැඳෙමින් ඔවුන්ට අඩුවැඩිය සපයන නෝනලාද සිටිති. ඔවුන් කියන්නේ ගෙදරදී බීම වරදක් නොවන බවකි. නොකළ යුත්ත යනු කොතැනකදී හෝ නොකළ යුත්තකි. පිටදී කරන වරද ගෙදරට රැගෙන ඒමට අනුබල දෙන නෝනලා නිසා ගෙදරම තැබෑරුමක් බවට පත් නොවේද? එපමණක් නොව එය වැඩෙන දරුවාගේ සිතට කරන බලපෑම කුමක්දැයි සිතා බලන්න.
මේවා මිත්‍රයන්ගේ අනුග්‍රහයෙන් නොව පස මිතුරන්ගේ විනාශකාරී පෙළඹවීමය. මතට, දුමට තම ආදරවන්තයා පොළඹවන අය කරන්නේ උදවුවක්ද? ඉන් වැනසෙන්නේ පවුලම නොවේද? ගෙදර තැබෑරුමක් වූ විට එහි රැඳෙන ශාන්තිය කුමක්ද?
ගංගොඩවිල සෝම හිමි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

කාමේසුමිච්ඡාචාරා හෙවත්
වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම
Sexual Misconduct
අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' යනුයි. එහි සාමාන්‍ය අදහස ''මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි'' යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්Cඛාපදං සමාදියාමි'' සිල් පදයේ අදහසයි.
මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්Cධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්‌තා පීතූරක්‌තා මාතා පිතූ රක්‌තා භාතුරක්‌තා භගිනි රක්‌තා C¹තිරක්‌තා ගොත්ත රක්‌තා ධම්ම රත්තා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''
ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක් මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්
1. මාතු රක්‌තා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
2. පිතූ රක්‌තා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
3. මාතා පිතූ රක්‌තා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
4. භාතු රක්‌තා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
5. භගිනි රක්‌තා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
6. C¹ති රක්‌තා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
7. ගොත්තරක්‌තා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
8. ධම්ම රක්‌තා - ධර්මය රකින්නී.
9. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
10. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.
දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,
1. ධනක්‚තා - මිලයට ගන්නා ලද්දී
2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
4. පටවාසිනී - වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
5. ඔපත්තකිනී - අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.
ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කෙසේ වුවත් තවදුරටත් පසුව මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක් සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු
2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං
3. සේවනය කිරීමට උත්සාහය - උපක්‍රමය - සේවන පයෝගෝ
4. සේවනය ඉවසීම - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම් ''සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුqරුෂයන්ට පමණක් කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.
ඇත්තවශයෙන්ම ඉහතකී කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත, පීතු රක්‌ත, මාතාපිතූ රක්‌තා, භාතු රක්‌තා, භගිනි රක්‌තා, Cඳාති රක්‌තා, ගොත්ත රක්‌තා, ධම්ම රක්‌තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක් හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක් සිදුවෙනවා. මඡ්ජිම නිකායේ ජීවක සූත්‍රය අනුව ඒ බව පැහැදිලි වෙනවා. මේ සෑම ධර්ම කරුණකින්ම පැහැදිලි කරන්නේ මිනිසාගේ යහපත් සුන්දර ජිවිතයකට වටිනාකමයි. මේ පැහැදිලි කිරීම අනුව යමෙක් වරදවා තේරුම් ගන්න හැකිවන නිසා ඉදිරියේදී ඉහත කරුණු ගැන පහදා දෙනවා.
කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.
''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
සංවත්තනිකො හොති''
මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.
ලෝවැඩ සඟරාවේ මේ ගැන සඳහන් කරන්නේ
කාම් මිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියාය. එනම්
අසු කොට ගත නොතබති ආදර ය
වද කොට මැරුවත් නැත එ විචාර ය
ලගු කොට නොසිතමි පව් පරදාර ය
නිරයට ඇදගෙන යන එම පා රය
මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්,
''ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙCධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක් පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා.
සංස්‌කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්‌වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස් වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා.
"තෘප්තිර්නාස්‌තිJධනෛරග්නෙර්
නාම්භසා ලවණාම්භසඃ
නාපි කාමෙඃ සතෘෂ්ණස්‌වි
තස්‌මාත් කාමාන තෘප්තයේ"
ගින්නට දරවලින් තෘප්තියක් නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක් නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක් නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ.
අරියකන්ත ශීලය හෙවත් පඤ්ච ශීලයේ තෙවැනි "කාමෙසුමිච්ඡාචාරා යන ශික්‍ෂා පදය හුදෙක් ස්‌ත්‍රී පුරුෂ සංභෝගයම අදහස් කරනවා. ඒ නිසා ඒ ඒ සත්ත්ව නිකායවල මෛථුන සම්භෝගය හෙවත් ලිංගික සංසර්ගය පිළිබඳ තලල්ලේ ධම්මානන්ද මහානායක හාමුදුරුවන්ගේ
"ත්‍රිපිටකයෙහි සංස්‌කෘතික ලක්‍ෂණ "ග්‍රන්ථය ආශ්‍රයෙන් කරුණු දක්‌වන්නම්.
එනම්, නරකයෙහි උපන් සත්ත්වයන් තුළ මෛථුන සම්භෝගයක් කුලම (කොහෙත්ම) නැහැ. එහි නිරතුරුව ඇති දුකින් පුරුෂයනට ස්‌ත්‍රීන් කෙරෙහි හෝ ස්‌ත්‍රීන්ට පුරුෂයන් කෙරෙහි හෝ උපදනා කාමච්ඡන්දයක් නොවෙයි. එසේ අෙන්‍යාන්‍ය කාමච්ඡන්ද වශයෙන් පවත්නා චිත්තෝත්පාද මාත්‍රයක් හෝ නැති ඔවුනට මෛථුන සම්භෝගයක් ඇති වන්නේ ම නැත. සුවදුක් මිශ්‍රව පවත්නා තිරිසන් ප්‍රේත, මනුෂ්‍ය යන මොවුන් අතර මෛථුන සම්භෝගය වෙයි. ඔවුන්ගේ අෙන්‍යාන්‍ය (ඔවුනොවුන්) සම්භෝගයෙන් ශුක්‍ර ශ්‍රොaණිතයන්ගේ නික්‌මීමද වෙයි. කාමාවචර දෙවියන් අතර මෛථුන සම්භෝගය ඇතත් ශුක්‍ර ශ්‍රොaණිත වහනය නොවේ. ඔවුන්ගේ සම්භෝගපෛdහෙයන් නික්‌මෙන්නේ වායුව පමණකි. චාතුර්මහාරාජකායික දෙවියන් තෘප්තිමත් වන්නේ ද්වයංද්වයසමාපත්තියෙනි. ඒ චාතුර්මහාරාජකායිකයන් සෙයින්ම තාවතිංසය, යාමය යන දෙව් ලෝ වැසි දෙවියෝ ද ඔවුනොවුන් වැළඳ ගැනීම් පමණකින් කාම ඩාහය සන්සිඳුවා ගනිති. තුසිත වැසි දෙවියෝ ඔවුනොවුන් පරිග්‍රහණය (අල්ලා ගැනීම) මාත්‍රයෙන් ද නිර්මාණරති දෙවියෝ ඔවුනොවුන් සිනාසීම් පමණින්ද පරනිර්මිත වසවර්ති දෙවියෝ ඔවුනොවුන් දර්ශන මාත්‍රයෙන්ද (දැකීම් පමණකින්ද) කාමඩාහය සන්සිඳුවා ගනිති.
මෙතෙක් අප සාකච්ඡා කරන ලද කරුණුවලින් පැහැදිලි කරන්නේ "කාමෙසුමිච්ඡාචාරා" යන පදයෙහි අදහස වැරැදි ලෙස මෛථුන හෙවත් මෙවුන් දම් සේවනය කිරීමමයි. ඇතැමෙක් කාමෙසු " යන බහුවචන රූපය නිසා මෙය "කාමයන්හි" යනුවෙන් අරුත් කියනවා. ගිහියා අරබයා එවැනි නිගමනයකට කොහෙත්ම එන්නට බෑ. ඒ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන්ට අපේක්‍ෂා කරනවා.
ඉහත දැක්‌වූ සාලෙය්‍යක සූත්‍රයේදී කාමය වරදවා හැසිරීමට හේතු වන ස්‌ත්‍රීන් පිළිබඳව සඳහන් කළා. ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රිය සංවරය "කාමෙසු" වශයෙන් දේශනා කළා නම් එහි ස්‌ත්‍රී වර්ග කිරීමක් සිදුවන්නේ නැහැ"
කාමෙසුති, මෙථුන සමාචාරෙසු මෙථුනවත්ථුසුවා
එහි තේරුම - කාමෙසු යනු මෙවුන්දම් පිණිස හැසිරීම්වලදී හෝ මෛථුන වස්‌තූන්හි දී හෝ යනු මිච්ඡාචාරොති, එකන්ත නින්දිතො ලාමකාචාරෝ මිච්ඡාචාර යනු ඒකාන්තයෙන්ම නින්දිත ලාමක (පහත්) හැසිරීමයි. මෙසේ පැහැදිලි කරන්නේ දීඝ නිකාය අටුවාවයි. ඒ නිසා කාමමිච්ඡාචාරය යනු පුරුෂයන්ට අන් ස්‌ත්‍රීන් සේවනයේද, ස්‌ත්‍රීන්ට අන් පුරුෂ සේවනයේද උපදින ආස්‌වාද ෙච්තනාවයි. තෙවැනි සික පදය පිළිබඳ ව්‍යාකරණමය ස්‌වරූපය තවදුරටත් පසුව කතා කරනවා. කෙසේ වුවත් පරදාර සේවනය මහත් ගිනි ජාලාවක්. මාරාන්තික ඒඩ්ස් වැනි රෝගාබාධයන්ට තිබෙන හොඳම බෙහෙත බුදුරජාණන් වහන්සේ වදාළ මෙම තුන්වැනි ශික්‍ෂාපදය ආරක්‍ෂා කිරීමයි.
"සංයුක්‌ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක් පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්‌ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්‌ස පියං මනාපං අහඤ්ෙච්ච ඛො පන පරස්‌ස දාරෙසු
චාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්‌සපි තං අස්‌ස අප්පියං අමනාපං, යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්‌ස පෙසො ධම්මෝ අප්පියෝ
අමනාපො යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්‌ණං භාසති, එවමස්‌සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
යමෙක් මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක් මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය.
එය නොවරදින දහමකි. ඒ අනුව හික්‌මෙන්නේ නම් මේ සමාජය කොතෙක් දුරට සුන්දර නොවෙයිද?
********
රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ
හෑගොඩ විපස්‌සී හිමි

කල්‍යාණ මිත්‍රයා හා පාප මිත්‍රයා
බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනකුන්ට පණ්ඩිත අමාත්‍යයෙක් සිටියේය. රජතුමා සෙසු ඇමතියන්ට වඩා හිතවත් කමක් ඔහුට දැක්වීය. මේ නිසා සෙසු ඇමතියෝ පණ්ඩිත ඇමතිට ඊර්ෂ්‍යා කළහ.
රජු ඔහු කෙරෙහි බිඳුවීමේ අදහසින් ඔහුගේ නැති වැරදි ඇතිසේ පෙන්නූහ. රජතුමාද විචක්ෂණයකු වූ හෙයින් ඔහු නොමග යැවීමට ඒ ඇමතිවරු අසමත් වූහ. දිනක් රාජසභාවේ ඇමතිවරුන් ඉදිරිපිටදී මේ අවුල විසඳීමට රජතුමා තීරණය කළේය. යම් පුද්ගලයකු මිත්‍රයකු වශයෙන් හෝ අමිත්‍රයකු වශයෙන් පිළිගැනීමට ඒ පුද්ගලයාගේ කවර ක්‍රියා කවර වචන හේතුවන්නේ දැයි රජතුමා විමසුවේය.
මීට පිළිතුරු වශයෙන් කල්‍යාණ මිත්‍රයා හඳුනා ගැනීම සඳහා කරුණු සොළොසක්ද මිත්‍ර ප්‍රතිරූපකයා හෙවත් පාපමිත්‍රයා හඳුනාගැනීමට කරුණු සොළොසක්ද ඒ පණ්ඩිත අමාත්‍යයා විසින් පෙන්නා දෙන ලදී.
කල්‍යාණ මිත්‍රයාගේ ලක්‍ෂණ :-
1. මිතුරා තමාගෙන් ඈත තැනක වාසය කරන්නේ නම් නිතර සිහිපත් කිරීම.
2. මිතුරා පැමිණිවිට දැක සතුටුවීම.
3. මිතුරාගේ අන්‍ය මිතුරන්ද සුහදව ඇසුරු කිරීම
4. යම්කෙනකු මිතුරාගේ නුගුණ කියනු ඇසුනොත් එය වැළැක්වීමට උත්සාහ කිරීම.
5. මිතුරාගේ ගුණ කියන්නන්ට ප්‍රසංසා කිරීම ඊට අනුබල දීම.
6. තමාගේ රහස් මිතුරාට කීම.
7 . මිතුරාගේ රහස් හෙළිදරව් නොකිරීම.
8. මිතුරාගෙන් ලැබුණු සුලු දේ වුවත් ඉහළින් අගය කිරීම.
9. මිතුරාගේ බුද්ධිය උසස්කොට සැලකීම.
10. මිතුරාට අභිවෘද්ධියක් යහපතක් සිදුවූ විට සතුටු වීම.
11. මිතුරාට කරදරයක්, අලාභයක් සිදුවූවිට සංවේග වීම.
12. දුර්ලභ ආහාර පානාදියක් ලැබුණුවිට මිතුරාටත් දී නැතහොත් මිතුරාටත් දෙන්න ඇත්නම් හොඳයයි සිතා අනුභව කිරීම.
13. මිතුරාට කිසියම් කරදරයක් සිදුවුවහොත් ඔහු ද ඔහුගේ අඹුදරුවන් හා දේපළ ද ආරක්‍ෂා කිරීම.
14. මිතුරා අයහපත් – පාපක්‍රියාවල යෙදේ නම් ඉන් වළකා යහපත් ක්‍රියාවල යෙදවීම.
15. මිතුරාට යම්දෙයක් අවශ්‍ය වූ විට, අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් දීම.
16. මිතුරා නොදන්න දේ කියාදීමෙන් ඔහුගේ දැනුම වර්ධනය කිරීම.
මිත්‍ර ලීලාවෙන් සිටින මිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්‍ෂණ
1. ඇසුරු කරන්නා දැකීමෙන් සතුටු නොවීම.
2. ඇසුරු කරන්නා කතාකරනු ඇසීමෙන් සතුටු නොවීම.
3. ඇසුරු කරන්නා තමාදෙස බලන විට අහක බැලීම.
4. ඇසුරු කරන්නා කියන කරුණට එකඟ නොවීම. විරුද්ධ වීම.
5. ඇසුරු කරන්නාගේ සතුරන් හා සම්බන්ධතා පැවැත්වීම.
6. ඇසුරු කරන්නාගේ වැදගත්, උසස් ගතිගුණ, දක්‍ෂතා ආදී ගුණාංග අගය නොකිරීම.
7. ඇසුරු කරන්නාගේ බුද්ධිය අගය කොට නොසැලකීම. ඊට ප්‍රශංසා නොකිරීම.
8. ඇසුරු කරන්නාට විපතක් කරදරයක් සිදුවූවිට ඊට සතුටු වීම.
9. ඇසුරු කරන්නාට ලාභයක්, අභිවෘද්ධියක් සිදුවූ විට සතුටු නොවීම.
10. දුර්ලභ ආහාර පානාදියක් ලැබුණුවිට ඉන් කොටසක් දීමට අදහස් නොකිරීම.
11. හිස් අතින් ඇසුරු කරන්නා වෙත පැමිණ ඔහුගෙන් යමක් ගෙන යන්න උත්සාහ කිරීම.
12. උදවු - උපකාර සියල්ල වචනයට පමණක් සීමාවීම.
13. ඇසුරුකරන්නා කරන්න යන ක්‍රියාවෙන් ඔහුට හානියක් සිදුවන බව පෙනී ගියත් ඒ ක්‍රියාව අනුමත කොට ඊට අනුබල දීම.
14. ඇසුරු කරන්නා සුරාව-සූදුව වැනි පාපක්‍රියාවලට යොමු කිරීම.
15. තමන්ට පැමිණි බිය දුරුවෙන තුරු පමණක් මිත්‍රලීලාවෙන් ඇසුරු කිරීම.
16. තමන්ගේ ප්‍රයෝජනය සඳහාම ඇසුරු කිරීම.
පණ්ඩිත ඇමතිවරයා විසින් මේ කරුණු දක්වනු අසා උන් රජතුමා ඔහු කෙරෙහි වඩාලාත් පහන් වූ සිත් ඇතිව වැඩි වැඩියෙන් සම්පත් සලසා දීමට පියවර ගත්තේය.
කැලිගම විජිතනන්ද හිමි

Subscribe to:
Posts (Atom)