සරණගමනිය හිමි අනෝමදස්සිී බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි නිසභ තෙරුන්ගෙන් තිසරණ සමාදන් විය. ඒ හිත පහදා ගෙන තැම්පත් සිතින් තිසරණ ගත් පිනින් අසූවාරයක් සක් දෙවිඳුව උපන්නේ ය. හැත්තෑපස් වාරයක් සක්විති රජකම ලැබුනේ ය. මේ බුදු සසුනේ දී හත් අවුරුදු වියේදී ම රහත් වීමට ද ඒ පින උපකාරී විය. (අපදානපාලියේ 23 වන අපදානය)
පඤ්ච සීල සමාදනීය හිමි පෙර ඒ නිසභ හිමිගෙන් පන්සිල් සමාදන් වු පිනින් තිස් වතාවක් සක් දෙවිඳු විය. හැත්තෑ පස් වතාවක් සක්විති රජකම ලැබුණා. අප බුදු සසුනේ දී විශාලා මහනුවර දී පන්සිල් ගැනීමේ දී ම රහත් වීමට ඒ පෙර පින ද උපනිශ්‍රය වි ඇත. (අපදාන පාලියේ 24 වන අපදානය)
යමෙක් පැහැදුනු සිතින් බුදුන් දහම් සඟුන් සරණ කොට පිහිට කොට වාසය කරයි නම් ඒ අය අපායට නො යන බව මෙසේ දක්වා ඇත.
“යේ කේචි බුද්ධං සරණං ගතාසේ න තේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපුරෙස්සන්ති”
මෙයින් දක්වා තිබෙන්නේ බුදුන් සරණ යන අය අපායට නො යන බව ය. ඒ වගේ ම තමයි ධර්මය ද සංඝයා ද යමෙක් පිහිට කොට සරණ කොට වාසය කරයි නම් ඒ අයද සුගති පරායනය වේ. එසේ ම එක තිරිසන් සතෙකුට දානයක් දෙන ලද්දේ නම් ආත්ම සියයක් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් ගෙන දේ. එසේම මසුන් මරණ අනුන්ට පීඩාකර ජීවත් වන දුස්සීල පුහුදුන් පුද්ගලයෙකුට දානයක් දෙන ලද්දේ නම් ආත්ම භාව දාහක් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් ගෙන දේ. එසේම ඇති අගුණ වහන ස්වභාව නැති, නැති ගුණ පෙන්වන ස්වභාව නැති, අනුන් නො පෙළා දැහැමෙන් සෙමෙන් කෘෂි වෙළඳ ආදී කර්මාන්ත වල යෙදී ජීවත් වන පුහුදුන් සිල්වතෙකුට දුන් දානයේ විපාක ආත්ම භාව ලක්ෂයක් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් ගෙන දේ. තව ද කර්ම ඵල විශ්වාස කරන කර්ම වාදී, කිරිය වාදී කාමයන් කෙරෙහි වීතරාගී සිත් ඇති ලෞකික පඤ්ච අභිඤ්ඤාවන් ඇති බාහිර තාපසයෙකුට දෙන දානයේ විපාක ආත්ම භාව කෝටි ලක්ෂයක් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් දෙන්නා හ.
තිසරණ ගත උපාසක කෙනෙකුට දෙන දානයේ විපාක මෙපමණය කියා කිව නො හැකි ය. අසංඛෙය්‍ය අප්පමෙය්‍ය වශයෙන් මජක්‍ධිම නිකා අටුවාවේ දක්වා ඇත. එයට වඩා පංච සීලයෙහි පිහිටියෙකුට දෙන දාන මහත් ඵලවේ. ඊටත් වඩා දස සීලයක පිහිටියෙකුට දෙන දාන මහත් ඵල වේ. ඊටත් වඩා වත්ත සම්පන්න භික්ෂුවකට දෙන දානය මහත් ඵලය. එයටද වඩා අරඹන ලද විදර්ශනා ඇති භික්ෂුවකට දෙන ලද දානය මහත් ඵල වේ. සෝවාන් උතුමෙකුට දෙන දානයට ද වඩා අරඹන ලද විදර්ශනා ඇති උතුමෙකුට දෙන දානය මහත් ඵල වන බව දක්ඛිණාවිභඩ්ග අටුවාවේ දක්වා ඇත.
තව ද වේලාම සුත්‍රයට අනුව සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක සකෘදාගාමි කෙනෙකුට ද සකෘදාගාමි සියදෙනෙකුට දෙන දානයට වඩා එක් අනාගාමී උතුමෙකුට දෙන දානය ද අනාගාමී උතුමන් සියදෙනෙකුට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය ද රහතන් වහන්සේලා සියක් නමකට දෙන දානයට වඩා එක් පසේබුදු කෙනෙකුට දෙන දානයේ විපාක සතසහස්ස ගුණයෙන් වැඩි වන්නා හ. ඒ වාගේ ම පසේබුදුන් සියයකට දෙන දානයට වඩා එක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට දෙන දානය මහත් ඵල මහානිසංස වේ. එයටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානය මහත් ඵල මහානිසංස වන්නා හ.
එයට ද වඩා සතර දිගින් වඩිනා මහා සංඝයා උදෙසා විහාරයක් කරවන්නේ නම් එය මහත්ඵල මහානිසංස වන්නා හ. එයටද වඩා යමෙක් ප්‍රසන්න සිතින් බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය සරණ යා නම් මහත්ඵල වේ. එයටද වඩා යමෙක් පැහැදුනු සිතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වන්නේ නම් මහත්ඵල මහානිසංස වන්නා හ. එයටද වඩා යමෙක් සුවඳක් ආඝ්‍රාණය කරන තරම් සුළු කාලයක් නමුදු මෙත් සිත පතුරවන්නේ නම් එය මහත්ඵල මහානිසංස වන බව දත යුතු ය. මෙයට ද වඩා අසුරු ක්‍ෂණයක් තරම් කාලයක් නමුදු අනිත්‍ය සංඥාව වඩයි නම් මහත් ඵල මහානිසංස වන බව වේලාම සුත්‍රයේ දක්වා ඇත.

No comments:
Post a Comment