Wednesday, July 12, 2017

ශරීරයට පුරුදු පුහුණු කරන කිසිවක් මරණින් මතු රැගෙන යන්නේ නැහැ

"ශරීරයට පුරුදු කළ යමක් ෙවි නමි, ශරීරයත් සමඟ නැතිව ගොස් සිත පමණක් ඉතිරි වෙනවා. සිතට පුරුදු කළ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ෙවිවා සිත වැරැදි ලෙස පුරුදු පුහුණු කරන්නේ නමි, එය ඊළඟ ආත්මභාවයට කිසියම් හෝ බලපෑමක් ඇති කළ හැකියි. ලෝභය, ද්වේෂය, මෝහය පුරුදු පුහුණු කරන්නේ ශරීරයට නොවෙයි සිතටයි ."

අපගේ ජීවිත තුළ අපට ලැබිල තිබෙන ශරීරයට අමතරව අපගේ සසර ගමනට අප ගෙන යන විඤ්ඤාණයක් තිබෙනවා.අපගේ තේරුම් ගැනීමේ පහසුව සඳහා එම විඤ්ඤාණය සිත ලෙස හඳුනා ගනිමු.

ආහාර පාන ,බේත් හේත් , ලබාදෙමින් ශරීරයට පුරුදු පුහුණු කරන කිසිවක් මරණින් මතු රැගෙන යන්නේ නැහැ.කය බිඳී ගොස් ඊළඟ උප්පත්තිය ලබන කාලයේදී, මෙම ශරීරයට නැතිව වෙනත් ශරීරයකට ගමන් කරන විඤ්ඤාණය වර්තමානය තුළ පුරුදු පුහුණු කළා වූ දේ තුලින්ද ව්ඤ්ඤාාණය සමන්විත වෙනවා. අප ලබාගත්තාවූ ශරීරය ක්‍රමානුකූලව වර්ධනය වුණත් එයට හිමිකාලය අවසන් වූණාට පසුව එම ශරීරය අතහැරල අප යනවා.යමිකිසි රියැදුරෙකු අලුතෙන් ලබාගත්තාවූ වාහනය කාලයක් පරිහරණය කිරීමත් සමඟ එය දිරාපත්වන විට එය අතහැර වෙනත් වාහනයක් ලබාගෙන නැවතත් ගමන ආරම්භ කරන්නාසේ, එම රියැදුරා පුහුණු කලාවූ කිසියම් ශිල්පයක් ෙවිද,එම ශිල්පයම යොදාගෙන ඊළඟ වාහනය භාවිත කරනවා විය හැකියි.කිසියමි ආකාරයකින් මෙම ශරීරයට වැළඳුන රෝගයක් වෙයි නමි, ශරීරයත් සමඟ මිය යනවා. ශරීරය තුළ පැවතුන ජායාරූපයත් ශරීරය සමඟ නැතිව යනවා. ශරීරයට පුරුදු කළ යමක් ෙවි නමි, ශරීරයත් සමඟ නැතිව ගොස් සිත පමණක් ඉතිරි වෙනවා. සිතට පුරුදු කළ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ෙවිවා සිත වැරැදි ලෙස පුරුදු පුහුණු කරන්නේ නමි, එය ඊළඟ ආත්මභාවයට කිසියම් හෝ බලපෑමක් ඇති කළ හැකියි. ලෝභය, ද්වේෂය, මෝහය පුරුදු පුහුණු කරන්නේ ශරීරයට නොවෙයි සිතටයි . සටන් පුරුදු කරන්නේ ශරීරයටයි. එම නිසා අධ්‍යාපනය විසින් මස්තිස්කයේ සෛලයන් පුරවන්නාවූ දත්ත ඥානය ලබාගැනීමද ,ඇතැමි විට ඊළඟ ආත්මය වෙත ටිකක් හෝ රැගෙන යා හැකියි. කිසිදා සොරකමකට සම්බන්ධ නොවුන පවුලක ,සොරකම උපතින්ම රැගෙන පැමිණි පුද්ගලයකු සිටිය හැකියි.වෛරයද , ද්වේෂයද එසේ උපතින්ම රැගෙන පැමිණි පුද්ගලයන් ඇතැමි විට සිටිය හැකියි.පැවිදි සිතකට, තාපස සිතකට,හෝ සන්සුන් සිතකට වේවා නුහුරු පුරුදු පවුලක එබඳු අයෙකු උප්පත්තිය ලැබිය හැකියි. මවද , පියාද, නැටුම් නොදන්නා පවුලක නැටුම් දන්නා දරුවෙකු ඉපදීමට හැකියි. පියාද, මවද නොදන්නා තාක්ෂණය පිළිබඳව දැනුම උපතින්ම ඇති දරුවකු උප්පත්තිය ලැබිය හැකියි. මෙය කිසියමි ආකාරයක පරණ මතකයන් අවදි වීමක් විය හැකියි. “අච්රං වතයං කායෝ” මෙම ශරීරය ටික කාලයක් බව කියවුණද , මෙම සිත ටික කාලයක් බව කියවෙන්නේ නැහැ.අප ජීවිතය සැළසුමි කළ යුත්තේ “කය” මුල් කරගෙනද?“සිත” මුල් කරගෙනද ?

දිගුකාලීන සිත

ශරීරය දුවන කාලය අඩියක් නම්,සිත දුවන කාලය කිලෝමීටරයකටත් වඩා වැඩි කාලයක්. නමුත් අප ඉපදුනදා සිට සැළසුම් කරන්නේ,ශරීරය පවත්වාගෙන යන්නාවූ කෙටි කාලයක් සමිබන්ධයෙන්ද,සිත පවත්වාගෙන යන්නාවූ දිග කාලයක් වෙනුවෙන්ද? කියා ඔබ විසින් සිතිය යුතුයි

.ක්‍රි. වර්ෂ පළමු වන සියවසේ සිට 2016 දක්වා සියයයේ කොටස් විස්සකට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. අප එකල සිට ලක්දිවම උපන්නාම නමි,මිනිසුන්ව උපන්නා නමි, උපන් සැම විටම වසර සියයකට ආසන්නව ජීවත්ව සිටියාම නමි,විසිවතාවක් ඉපදී සහ මිය ගොස් තිබෙනවා. ජායාරූප තිබුණා නමි, ජායාරූප විස්සක් තිබෙනවා.ක්‍රි.වර්ෂ පළමු වන සියවසේ සිට සංසාරය පටන් ගත්තා නම්, කෙතරම් ජායාරූප ප්‍රමාණයක් එකතු වෙනවාද?සැම වතාවක්ම ඉපදිලා සැම වතාවක්ම මරණයට පත්වෙලා, මංගල උත්සව සියයක් ,මළ ගෙවල් සියයක් , ශෝක ප්‍රකාශ සියයක්, ගුණ කතන සියයක් තබා ඇත.ක්‍රි. වර්ෂ පළමු වන සියවසේ සිට ගණනය කර බැලුව හොත් මිනී පමණක් කෙතරමි ප්‍රමාණයක් ගණනය කළ හැකිද?. අප දකින්නාවූ සොහොන් කොත් අපේම ඒවා විය හැකියි. අප ලියූ කවි අපම කියවනවා විය හැකියි. පරණ පුවත්වත තිබෙන පින්තූරය අපේම විය හැකියි. අප එකල කියූ සහ ලියූ දේමත් විවේචනය කරමින් ලියනවා වෙන්නට පුළුවන්. එසේ වීමේ හැකියාව එසේ නොවීමේ හැකියාවට වඩා තිබෙනවා.

කෙටිකාලීන ශරීරය

අචිරං වතයං කායෝ ශරීරය ටික කලකි . යන පාඨය නිතර දකින ස්ථානයක ලියා තැබීමට වටිනා ප්‍රකාශයක්.මෙම ශරීරය ටික කාලයක් බවට දැනගත් විට අපට ලැබෙන්නාවූ වාසි කෙසේද?අප ශරීරයත් සමඟ කරන ගණුදෙනු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ශරීර නිසා නඩු කියනවා.ශරීරය නිසා සිත නාස්ති කරගන්නවා, ශරීර නිසා ජීවිතයේ සතුට නැති කරගන්නවා. ශරීරයට දමන නමට නොම්මරයක් ලැබුණ විට එම නොම්මරයට පින්තූරයක් දමාගෙන හදන කාඩිපත හැඳුනුම් පත ලෙස හඳුන්වනවා. එම හැඳුනුම්පතට ඔප්පුව ලියනවා.ශරීරයට ඔප්පු ලියනවා මිස සිතට ඔප්පු ලියන්නේ නැහැ.නඩු දමන්නේ ඔප්පුවට, එම ඔප්පුව තිබෙන්නේ හැඳුනුම් පත් අංකයටයි. අවසාන විග්‍රහයට අනුව ෙමි සියල්ල ලැබී තිබෙන්නේ ශරීරයට පමණයි.

ශරීරයත් සමඟ තිබෙන ගණුදෙනුව සම්බන්ධයෙන් සෝපාහසයෙන් බැලිය යුතුයි. එසේ වූවිට වෛරයට ඉඩ නැහැ.ශරීරයට වෛර කරන එකේ තේරුමක් නැහැ.

අපේක්ෂාභංගත්වය

ගෙවල් දොරවල් , හදමින් බූදලය ආරක්ෂා කරන්නේ ශරීරය වෙනුවෙන් ශරීරය අතහැර යන නිසා මේ ආකාරයෙන් නිරෝගීව තබා නොගෙන ලෝකයේ කිසිදෙයක් අවශ්‍ය නැති තැනට පැමිණුන හොත් මිනිසුන් අපේක්ෂා භංගත්වයට පැමිණිය හැකි නේද? යනුවෙන් ඔබ සිතිය හැකියි.මෙසේ සිතීම තුළ අපේක්ෂාභංගත්වයට පත්වී සිය දිවි හානිකරගනීවිද? ශරීරය පිළිබඳ දැවැන්ත ඇල්මක් සමඟ ශරීරය පිළිබඳ පමණක් සිතන තැනක සිත අතහැරිය හොත් වෙනදේ?

අපත් සමඟ යන ගමනට සිත ද රැඳෙනවා.අපට සමීපව සිටි පුද්ගලයකු අප අතහැර යන අවස්ථාවක එම පුද්ගලයා හරිහමිබ කළදෙයක් නොමැතිව සිටිය හොත්,ඔහු පත්වෙන තත්වය කුමක්ද? අප ළඟ කිසිවක් නොමැති බව සිතුව හොත් , ගෙවල් දොරවල් අතහැර දමා මහපාරට වැටුණහොත් , කුඩා කවරයකට ඇඳුමි කඩමාල්ලකුත් දමාගෙන ඇඳිවත පමණක් රැගෙන ගමනක් යා නොහැකියි.අතේ සතේ නැතිව යන ගමන දුෂ්කරයි. අතේ මුදල් නැතිව , වාහනයක් නැතිව දියබුබුළු එනතෙක් මහපාර දිගේ ඇවිදගෙන මිය යන තෙක් දුෂ්කර ගමනක් යාමට සිදුවෙනවා. යමෙක් නිවහන අතහැර මහපාරට බහින්නේ, විශාල ගිණුම් කාඩිපත් සුව්සල් යාන වාහන , තිරප්පු සමඟ යමෙක් මහපාරට බහිනවා නමි, ඔහුගේ ජනප්‍රියත්වයත් සමඟ පහසු ගමනක් යාමට බොහෝ දෙනෙක් සූදානමිව සිටිනවා . තවත් යාන වාහන,මිළමුදල් නවාතැන් පහසුකම්, සහිත ගමනක් යා හැකියි.

අප යාමට සූදානමි විය යුත්තේ දුෂ්කර ගමනකටද? සුවපහසු ගමනකටද? එය සුගතිය සහ දුගතියයි.එම සුගතිය සහ දුගතිය එකතු කරන්නේ සිත නිසයි. ශරීරය විසින් ක්‍රියාත්මක කළද? එකතු කරනු ලබන්නේ සිත විසින් මයි. ලෝභ දෝෂ මෝහ කවදාවත් ශරීරයට සැම විටම සිතට සංවේදනය වන්නාවූ සකළ විධ සංවිිඤ්ඤාණකත්වයන් සුපැහැදිළි ලෙසම සිතට බලපාන්නාවූ තත්වයන් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.

එම නිසාම අකුසල කර්ම සිදුකරන්නාවූ සිතිවිලි තුළින් විනිර්මුක්ත වීමට සිදුවෙනවා. යමෙක් ශරීරය පිළිබඳව පමණක් සිතනවා නම්, ඕනෑම අපරාධයක් කොට, ඕනෑම ද්වේෂ සහගත ක්‍රියාවක් කොට ශරීරය පවත්වාගෙන යාම,පමණක් තමන්ගේ දිවිය යැයි සිතනවා නම්,එම තැනැත්තාට හෝ තැනැත්තියට ශරීරය තුළ තිබෙන්නාවු පණ ගැටගසා ගැනීම පමණයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

- හේමමාලා රන්දුනු

ශ්‍රී ලංකා අක්‌ෂිදාන සංගමය.
"මේ රටේ කොහේ හෝ රෝහලකදී කෙනෙකු මියගියහොත් පැය 4 ක්‌ යැමට මත්තෙන් දැනුම්දීමක්‌ කළොත් ඇස්‌, පටක තවත් කෙනෙකුට පරිත්‍යාග කිරීමද සිදු කරනවා. අද හුඟක්‌ අය කෙනෙකු මැරුණු ගමන් මල් ශාලාවක්‌ වෙත ගෙනයෑමයි සිදු කරන්නේ.
නමුත් කෙනකු මියගිය හොත් අක්‌ෂිදාන සංගමයට ඒ මියගිය අයගේ ඇස්‌, පටක පරිත්‍යාග කරනවා නම් ඒ තුළින් ඇස්‌ අන්ධ අයකු පෙනීම ලබාවී. ඇවිදින්නට බැරි අයකු ඇවිදගෙන යාවි. මේ ඇස්‌, පටක දන්දීම තුළින් මියගිය අයට මෙන්ම ඔහුගේ ඥතීන්ට ලැබෙන පින කියා නිමකරන්න බැහැ."
"හුඟක්‌ අය මේ අක්‌ෂිදාන සංගමය මගින් රටට සිදු කරන මෙහෙය ගැන දන්නේ නැහැ. මේ හැමදෙයක්‌ම කරන්නේ මුදල් පරමාර්ථයෙන් නොවෙයි. පුණ්‍ය කටයුත්තක්‌ ලෙස සලකලයි. ඉතිං මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම්,
0112-698040,
0112-692051,
0112-696109,
යන අංකයන්ට කතා කරලා දැනගන්න පුළුවන්.
සැ.යු - මරණය සිදු වී පැය හතරක් ඇතුළත ඇස් දන් දීම සිදුකළ යුතු අතර එතෙක් දේහය නෑවීම, එම්බාම් කිරීම ආදිය නොකළ යුතුය...( සිරුරේ කොටස් දන් දීම පැය 12ක් ඇතුළත සිදු කළ යුතුය..) ඇස් දන් දීමේදී වයස් සීමාවක් නොමැති අතර සිරුරේ කොටස් දන් දීමෙදී වයස අවුරුදු 70ට අඩු විය යුතුය.
මෙම වටිනා පණිවුඩය අනෙක් අයටත් දැනුම් දෙන්න
පතිවත රැකීමේ ආනිසංස
රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
උණුවතුරබුබුලේ මහින්ද හිමි
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක වූවා ය.
සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළ ඈ ධාන්‍ය කොටන විට ඉතිරිවන කුඩු පවා ඉවත නොදමා ගත හැකි ප්‍රයෝජන ගැනීමට තරම් සුපරීක්‍ෂාකාරී වූවා ය. රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව ඇති ව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන්හි ව්‍යාවෘත වූවා ය. ඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්‍යවාදී බවය. මේ අන්දමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඈ කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියා ය.
ජීවත්ව සිටියදී අමුතු පින්කමක් නො කළ ද ඇය මහත් භක්තියෙන් ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ බලයෙන් තව්තිසා දෙව්ලොව අලංකාර දිව්‍ය විමානයක උපන්නාය. විශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුවා ය.
මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනය. මිනිස් ලොව දී ඇය ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත්, ඇගේ මුවින්ම එය කියවීම පතිව්‍රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ විමසූහ.
‘පින්වත් දේව දියණියෙනි, ඔබගේ දිව්‍ය ඓශ්චර්යය වර්ණනා විෂයාතික්‍රාන්තය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්‍ය ස්ත්‍රීන්, විසිතුරු දිව්‍ය විමානය, සෘද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහිය. ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේ ය. ඔබගේ විධානය පක්‍ෂි නාදයෙන් ගීතවත් ය. මෙසේ මහානුභාව සම්පන්න දිව්‍ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්‍ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්‍යකර්මයක් නිසාද?
ඊට පිළිතුරු වශයෙන් ඇය මිනිස් ලොව දී ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයත්, ආගමානුකූල ඇවතුම් පැවතුම් රටාවත්, පිරූ ගුණ ධර්මත් විස්තර වශයෙන් උන්වහන්සේට හෙළි කළේ අධිකතර සන්තෝෂයෙනි. ‘ස්වාමිනි, මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්‍රතාව ආරක්‍ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය.
එම දෙවඟනගේ කථාව මුල් කර ගනිමින් සෙසු දෙවඟනන්ට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ පෙරළා මිනිස් ලොවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද සැළ කර සිටියහ. ඊට සවන් යොමු කළ උන්වහන්සේ ඇයගේ දහම් දිවි පෙවෙත අගය කරමින් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. ඒ ධර්ම දේශනය බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වූයේ ය.
පතිව්‍රතා දර්මය යනු මෙලොව විවාහක ස්ත්‍රියකට ඇති ඉහලම ගණයේ ආභරණයකි.මෙලොව කෙතරම් ආභරණ පලඳා ගත් ස්ත්‍රීන් සිටියද ඔවුන්ගේ ආභරණ වල ව්ටිනා කම මෙලොවට පමණි නමුත් මෙම උතුම් ගුණ දරාගත් ස්ත්‍රියකගේ වටිනාකම රන් ආභරණ කෝටියකට වඩා උසස්ය.මෙවන් උතුම් ගුණ ඇති ස්ත්‍රිය මෙලොව පරලොව දෙකෙහිදීම සැපයෙන් සැපයටම පත්වන බව අවිවාදිතය.
තෙරුවන් සරණයි!
ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න.
උපුටාගැනීම :- බුදුසරණ අන්තර්ජාල කලාපය

මට්ටකුණ්ඩලී කුමරුගේ කථා වස්තුව
“පිනක් කළෝතින් සැපමයි ලැබෙන්නේ…
පින්වතුනේ, පින්වත් දරුවනේ,
අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටින කාලයේ අදින්නපුබ්බක නමින් ඉතාම ලෝභ තාත්තා කෙනෙක් හිටියා. එයාගේ එකම පුතාගේ නම මට්ටකුණ්ඩලී. ඒ පුතාට කණේ පළඳින ආභරණ සාප්පුවෙන් ගත්තේ නැහැ. ඒ තාත්තා මොකද කළේ? රන් කැබලි දෙකක් තමන්ම තලලා කරාබු ජෝඩුවක් හදලා පුතාගේ කණේ පැළඳුව නිසා තමයි පුතාට මට්ටකුණ්ඩලී යන නම ලැබුනේ. පවුලේ කාටවත් කෑම බීමවත් හරියකට ලැබුනේ නැහැ. අන්තිමේදී මේ දරුවාට පාණ්ඩු රෝගය හැදුනා. මුදල් වියදම් වෙන ලෝභයට අදින්නපුබ්බක, වෙදමහත්නරු ළඟට ගිහින් කථා බස් කරමින් සිටිනා අතරේ “ම්… ම්…. වෙද මහත්තයෝ පාණ්ඩු රෝගයක් හැදුනොත් මෙන වගේ බෙහෙතක්ද හොඳ?” කියලා අහනවා. වෙද මහත්තුරු දැනගත්තා මෙයා කරන්නේ කපටිකම බව. ලෙඬේ වැඩි වෙන බෙහෙත් කිව්වා. අදින්නපුබ්බක ඒ බෙහෙත් ගෙනැවිත් තම පුතාට පොවනවා. ලෙඬේ වැඩි වුනා. මරණාසන්න වුනා.
ලෙඩාව බලන්න අහළ පහළ උදවිය ගෙදර ආවෙතින් දේපොල වස්තුව දකීවි යන බියෙන් ගෙයි පිළිකන්නේ ලෑලි ඇඳක පුතාව නිදි කෙරෙව්වා. එදා මරණාසන්න වේදනාවෙන් පෙලුන මේ දරුවා පින්වන්ත කෙනෙක් බව බුදුරජාණන් වහන්සේ දිවැස් නුවණින් දැක්කා. දැකලා ඒ දරුවා දෙසට බුදු රැස් මාලාවක් එව්වා. බිත්තිය පැත්තට හිස දමා හාන්සිවී සිටි මට්ටකුණ්ඩලී ඒ රැස්මාලාව දැක්කා. හිස හරවා බැලුවා. එසේ බලද්දී කරුණාබර දෑස් ඇති බුදුරජාණන් වහන්සේව තමයි මට්ටකුණ්ඩලීට දකින්න ලැබුනේ. මට්ටකුණ්ඩලීට හරි සතුටුයි.
”මට තාත්තා සැළකුවෙත් නැහැ. ගෙදර කවුරුවත් ආදරය කළෙත් නැහැ. අනේ ඒත් මං අමාරුවෙන් ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ මාව බලන්න වැඩියා. උන්වහන්සේ මං වගේ පොඩි දරුවන්ට කොයිතරම් ආදරේද! අනේ සාදු! සාදු!! මමත් බුදුරජාණන් වහන්සේට තමයි ආදරේ. බුදුරජාණන් වහන්සේ ළඟ මට හැමදාම ඉන්න ඇත්නම් කොයිතරම් හොඳද”
මට්ටකුණ්ඩලී හැම දුකක්ම අමතක කරලා හරිම සතුටු සිතින් සිටියා. අම්මාට තාත්තාටත් මෙත් සිත වැඩුවා. සතුටු සිතින් මිය ගියා. දිව්‍ය කුමාරයෙක් වෙලා දෙව්ලොව උපන්නා. බුදුරජාණන් වහන්සේ ඒ ගැන ගාථාවකින් වදාළේ මෙහෙමයි.
මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති ඡායාව අනපායිනි
කරන සියලු පින පවටම – සිත මුල් වෙනවා හැම විට
පෙරටම එනවා ඒ සිත – සිතෙන් හැදෙනවා සියල්ල
කෙනෙක් පහන් සිතින් යුතුව – වචනෙන් පින් කරනා විට
යහපතටම යොදවා සිත – කයෙනුත් පින් කරන කලට
පල දෙනවාමයි ඒ පින – එනවා සැප ඔහු පසුපස
තමාව අත් නොහැර ළඟින් – සිටිනා සෙවණැල්ල විලස
ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, මට්ටකුණ්ඩලී මැරුණට පස්සේ තමයි ලෝභ තාත්තාගේ ඇස් දෙක ඇරුණේ. එයා සොහොනට ගිහින් පුතා ගැන සිහි කර කර අඬනවා. මට්ටකුණ්ඩලී දිව්‍ය කුමාරයාට මෙය දිවැසින් දැකගන්න ලැබුනා. ”අනේ මේ මගේ තාත්තා නේද! මං අසනීපව සිටිද්දී මට ආදරේ කළේ නැහැ. මං මැරුණට පස්සේ අඬනවා. මෙය නුවණැති කෙනෙක් කරන දෙයක් නොවෙයි කරන්නේ. තාත්තා මට ආදරේ නැතුවට මං තාත්තාට ආදරෙයි. තාත්තාට නුවණ ලබා දීලා පින් කරන්න පුරුදු කළොත් ඒකෙන් පින් සිදු වෙන්නෙත් මට මයි” කියලා මට්ටකුණ්ඩලී දිව්‍යපුත‍්‍රයා එදා සෙහොනේ පැත්තකින් වාඩිවෙලා ඉකි ගස ගසා ඇඬුවා. අදින්නපුබ්බකට සොහොනේ අඬන දරුවෙකු දකින්න ලැබුනා. ඉතින් ඔහු මේ දරුවා ළඟට ගියා. ආදරයෙන් කථා කළා.
”අනේ පින්වත් ලස්සන පුතේ, ඇයි ඔයා ඔය අඬන්නේ? ඔයා ඉල්ලන ඕනම දෙයක් දෙන්නම්.”
”අනේ මාමේ, මගේ කරත්තයට රෝද දෙකක් ඕන. එක නැතිකමටයි මං අඬන්නේ.”
”අයියෝ පුතේ, එක සුළු දෙයක් නෙ. මට පුළුවනි ඔයා කැමති නම් රත්තරනින් හරි, රිදියෙන් හරි ලස්සන රෝද දෙකක් හදලා දෙන්න.”
”එපා…! එපා…! මට ඕන ඒ රෝද නොවෙයි. ඉරත් හඳත් දෙක තමයි මං කැමැති රෝද දෙක.”
අදින්නපුබ්බකට හිනා ගියා. ”හොහ් හෝ … මෝඩ දරුවෝ, ඔයාට තේරෙන්නේ නැද්ද? ඔය ඉර හඳ දෙක රෝද හැටියට ගන්න පුළුවන්ද?”
”මමද මෝඩ? මාමද මෝඩ? මම අඬන්නේ ඇස් දෙකට පෙනෙන දෙයක් ඉල්ලලයි. ඔයා අඬන්නේ ඇස් දෙකට නොපෙනෙන දෙයක් ඉල්ලලයි. ඉතින් මමද මෝඩ?”
අදින්නපුබ්බක කල්පනාවට වැටුනා. පුදුම හිතුනා. මේ ළමයා හරි නුවණක්කාරයෙක්. මගේ යහපතටමයි මේ ඇවිදින් ඉන්නේ. ”අනේ පුතේ, ඔයා කවුද?” ළමා වේශය නැති වෙලා දිව්‍ය කුමාරයෙක් පෙනී සිටියා.
”තාත්තේ, මං මට්ටකුණ්ඩලී. මාව බේරගත්තේ බුදුරජාණන් වහන්සේ. ඉතින් තාත්තාත් බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ඔය හැඬීම නවත්වලා, තියෙන මිළ මුදල් වියදම් කරලා, පොඩි දරුවන්ට උදව් කරන්න. නැති බැරි අයට පිහිට වෙන්න. වෙහෙර විහාර හදන්න. එතකොට තාත්තටත් පින් රැස් කරගන්න සැප ලබන්න පුළුවන්. ලෝභකම කියන්නේ කිලුටක්මයි. ඒ නිසා ලෝභකම දුරු කරන්න.”
පින්වතුනේ, පින්වත් දරුවනේ, ඊට පස්සේ ඒ තාත්තා මහා දානපතියෙක් වුනා. ගොඩාක් පින් රැස් කරගත්තා. පින්වන්ත දරුවකුට මොන තරම් හොඳ දේවල් කරන්න පුළුවන්ද?
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ!
“මහණෙනි, රූපයන්ගේ සැපය (ආශ්වාදය) කවරේද? මහණෙනි, පසළොස් වයස් ඇත්තාවූ හෝ සොළොස් වයස් ඇත්තාවූ හෝ ඉතා උස් නොවූ, ඉතා මිටි නොවූ, ඉතා කෙට්ටු නොවූ, ඉතා මහත නොවූ, ඉතා කළු නොවූ, ඉතා සුදු නොවූ ක්ෂත්‍රිය කන්‍යාවක් හෝ බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ යම්සේ වන්නීද, මහණෙනි, ඒ කාලයෙහි ශරීර වර්ණය යහපත් වේද? “ස්වාමීනි, එසේය” මහණෙනි, යම්හෙයකින් ඒ යහපත් ශරීර වර්ණය නිසා යම් කායික සැපක් හෝ මානසික සැපක් හෝ උපදීද, මෙය රූපයන්ගේ සැපය වේ.
“මහණෙනි, රූපයන්ගේ දොෂය (ආදීනවය) කවරේද? මහණෙනි, පසු කලෙකදී අසූවයස් ගියාවූ හෝ, අනූවයස් ගියාවූ හෝ සියක්වයස් ගියාවූ හෝ ජරාජීර්ණවූද, (මහලුවූද) ගොනැස්සක් (වකුටු යටලීයක්) සේ වක්වූ, කොන්ද මැදින් බිඳුනාවූ, සැරයටිය පිහිටකොට ඇති, වෙවුලමින් යන්නාවූ, රොගීවූ, තරුණ බව නැතිවූ දත් වැටුනු, කෙස් පැහුනු, හිසකෙස් සිඳුනු හිසේ තට්ටය පෑදුනු, ඇඟ රැලි වැටුනාවූ, ශරීරය කැලැල්වලින් කිලුටුවූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි හඟින්නහුද, පෙරවූ යම් යහපත් වර්ණයක්වීද, එයම අතුරුදන්වී දොෂය පහළ වූයේද? “ස්වාමීනි, එසේය.” මහණෙනි, මේත් රූපයන්ගේ දොෂයයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. හටගත් ආබාධ ඇති, හටගත් දුක් ඇති, දැඩි ගිලන්වූ, තමන්ගේම මළමුත්‍රයෙහි වැටුණාවූ, එහිම සයනය කරන්නාවූ, අනුන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් හොවවනු (සයනය කරවනු) ලබන්නාවූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද, එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි, එසේය” මහණෙනි, මේත් රූපයන්ගේ දොෂයයි.
172
“මහණෙනි, මැරී එක් දවසක්වූද, මැරී දෙදවසක්වූද, මැරී තුන් දවසක්වූද ඉදිමී ගියාවූද, තද නිල් පැහැවූද, හටගත් පූයා (සැරව) ඇත්තාවූද සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද, එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. කපුටන් විසින් කඩා කනුලබන්නාවූ, උකුස්සන් විසින් කඩා කනුලබන්නාවූ, ගිජුලිහිණියන් විසින් කඩා කනුලබන්නාවූ, බල්ලන් විසින් කඩා කනුලබන්නාවූ, සිවලුන් විසින් කඩා කනුලබන්නාවූ, නොයෙක් කුඩා සතුන් විසින් කඩා කනුලබන්නාවූ සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දොෂය පහළවීද “ස්වාමීනි, එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මස් ලේ සහිතවූ නහරින් බැඳුනාවූ, ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළසිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.
මස් නැති, ලෙයින් තැවරුනාවූ, නහරින් බැඳුනාවූ, ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.
මස් ලේ නැති, නහරින් බැඳුනාවූ ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද මහණෙනි, ඒ ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද, එය අතුරුදන්වී දොෂය පහළවීද? ස්වාමීනි, එසේයි. මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.
සම්බන්ධයෙන් (සන්දිවලින්) වෙන්වූ, දිසා අනුදිසාවන්හි විසුරුනු ඇට ඇති (හෙවත්) වෙන දිසාවක අත් ඇටද, වෙන දිසාවක පා ඇටද, වෙන දිසාවක කෙණ්ඩා ඇටද, වෙන දිසාවක කලවා ඇටද, වෙන දිසාවක කටි ඇටයද, වෙන දිසාවක කොඳු ඇටයද, වෙන දිසාවක හිස්කබලද වූ සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක්වීද, එය අතුරුදන්වී දොෂය පහළවීද? ස්වාමීනි, එසේය. මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.
සක් ගෙඩියකට බඳු පැහැය ඇති, සුදුවූ, ඇට ඇති සොහොනෙහි දමනලද මළසිරුරක්වූ ඒ නැගනියම දක්නේද මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක්වීද, එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.
අවුරුදු ගණන් ඉක්මගියාවූද, කැටිගැසුනාවූද, ඇට ඇති සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, කුණුවූ, සුනුවූ ඇට ඇති සොහොනෙහි දමනලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද? මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි, එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.
“මහණෙනි, රූපයන්ගෙන් නිදහස්වීම නම් කුමක්ද? මහණෙනි, රූපයන්හි ආශාව මැඩ පැවැත්වීමක් වේද, ආශාව නැති කිරීමක් වේද, මෙය රූපයන්ගෙන් නිදහස් වීමයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ රූපයන්ගේ සැපය සැපය වශයෙන්ද දොෂය දොෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, ඔව්හු ඒකාන්තයෙන් තමා හෝ රූපය දුරු කරන්නේය. අන්‍යයකු හෝ යම්සේ පිළිපැදීමෙන් ඒ රූපයන් දුරුකරන්නේද එසේ සමාදන් කරවන්නෝය. (යොදවන්නෝය.) යන මේ කාරණය විද්‍යමාන නොවෙයි. (සිදුනොවෙයි)
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ රූපයන්ගේ සැපය සැපය වශයෙන්ද, දොෂය දොෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දනිත්ද, ඔව්හු ඒකාන්තයෙන් තමා හෝ රූපයන් දුරුකරන්නේය, අනුන් හෝ ඒ පිණිස සමාදන් කරවන්නෝය. (යොදන්නෝය) යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)
http://pitaka.lk/18113/171/cs,aps
▬▬▬▬▬ මසුරු සිටාණෝ ▬▬▬▬▬

“ලෝභකම අත්හැරීමෙන් ජීවිතය පුදුමාකාර සැපයක් ලබන්න පුළුවන්.”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

මේයත් හරි අපූරු කථාවක්. ලෝභ මිනිසුන් තමන්ගේ ලෝභකම නිසාම දුක් විඳිනවා. නමුත් ඔවුන් දුක් විඳින බව ඔවුන්ට තේරෙන්නෙ නෑ. ඒ තරම්ම ලෝභකම විසින් ඔවුන්ගේ ජීවිත යටකරගෙන තියෙනවා.

අද විතරක් නොවෙයි, බුද්ධ කාලයේත් ලෝභ මිනිස්සු ඕන තරම් හිටියා. දැන් අපි මේ කතා කරන්නෙ එවැනි ලෝභ කෙනෙක් ගැනයි.

රජගහ නුවර ආසන්නයේ සක්කාර නමින් සෑහෙන ලොකු ගමක් තිබුනා. මේ ගමෙහි අසූ කෝටියක ධන සම්පත් පිරුණු සිටුවරයෙක් හිටියා. මොහුගේ නම කෝසිය. අධික මසුරුකම නිසා මොහුට කිව්වේ ‘මච්ඡරිය කෝසිය’ කියලයි. ඒ කියන්නේ ‘මසුරු කෝසිය’ කියලයි. මේ පුද්ගලයා සතු ධනයෙන් ස්වල්පයක් වත් අනුන්ට දෙන්නෙ නෑ. කොටින්ම තණ කොළයක අග තැවරුණ තෙල් බින්දුවක ප‍්‍රමාණයක් වත් අනුන්ට දෙන්නේ නෑ. තමන් කන්නෙ බොන්නෙත් නෑ. අඹු දරුවන්ට වියදම් කිරීමකුත් නෑ. සිල්වතුන්, ගුණවතුන්ට දීමකුත් නෑ. ඔහුගේ සම්පත් රකුසෙක් අරක් ගත්තු විලක් වගෙයි.

දිනක් බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝක සත්වයා දෙස බැලූවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා බුදු නෙතට මේ මසුරු කෝසිය සිටාණන්ව පෙනුනා. මොහු මසුරු බව හැබෑව. මහ ලෝබ කුණා බව හැබෑව. නමුත් සෝවාන් ඵලයට පත්වෙන්නට තරම් උදාර පිනකුත් මොහුට තියෙනවා. ඒ නිසා සතර අපායේ වැටෙන සසරින් මේ තැනැත්තාව ගොඩ දමන්නට ඕන කියා මහා කරුණා අදහසක් ඒ බුදු සිතේ පැන නැංගා. ඔහුට ධර්මාවබෝධයට සුදුසු අවස්ථාව බුදුරජාණන් වහන්සේ දුටුවා.

එදා උදේ වරුවේ මසුරු කෝසිය බිම්බිසාර රජතුමාගේ රාජ සේවයට ගියා. ගිහින් ආපසු එන අතරේ ඉතාමත් බඩගින්නේ පෙළෙන දුගී මිනිසෙකු දුටුවා. ඔහු මහා ගිජුකමින් කැවුමක් කකා හිටියා. මසුරු කෝසිය සිටාණන් නැවතුනා. හොඳට බැලූවා. අර දුගියා කැවුම කද්දී සිටුතුමාගේ කටට කෙළ ඉනුවා. කැවුම් කන්නට පුදුමාකාර ආසාවක් ඇතිවුනා. “අනේ… ඒත් මං කොහොමද කැවුම් කන්නේ..? මං කැවුම් කන්ට ගියොත් බොහෝ දෙනෙක් කැවුම් කන්නට වටවේවි. එතකොට හාල්, ගිතෙල්, පැණි, තෙල් සෑහෙන වියදම් වේවි. හපොයි…! හපොයි…! එහෙම කරන්න බැහැ” කියල හිත ඇතුලේ කැවුම් කෑමේ ආසාව තියාගෙන කෙළ ගිල ගිල සිටු මාළිගාවට ගියා.

අලූ යට ගින්නක් වගේ මෙයාගෙ හිතේ මතු වෙවී එන්නේ කැවුම් කෑමේ ආසාවමයි. අර දුගී මනුස්සයා රස කර කර කැවුම් කාපු හැටි මතක් වෙනවා. මේ ගැනම සිතමින් සිටිද්දී මොහු මැලවිලා ගියා. මුහුණ විරූපී වුනා. ඇඟපත අප‍්‍රාණික වුනා. හුස්ම ගන්නත් අමාරු වුනා. කෙලින්ම ඇඳට ගිහින් ඇද වැටුනා. කවුරුන් සමඟ වත් කතා බස් කළේ නැහැ.

සිටුතුමාගේ බිරිඳට විශාල දුකක් ඇතිවුනා. තමන්ගේ ස්වාමියාට වුනේ මොකක්ද කියා ඇයට තේරුම් ගන්නට බැහැ. ඇය සිටුතුමා ළඟට ගිහින් පිට අතගාමින් ආදරයෙන් කතා කළා. “අනේ ස්වාමීනී, මොකක්ද මේ ඔයාට වුනේ?” “නෑ…. මට මොකුත් වුනේ නෑ.” “ඇයි එහෙම කියන්නේ..? ඔයා හරි අමුතුයි. මහා දුකෙන් වගෙයි ඉන්නෙ. මූණ කට වේලිලා ගිහින්. රජ්ජුරුවන් වහන්සේ කිපුණා වත්ද?” “නෑ… එහෙම දෙයක් වුනේ නෑ.” “එහෙම දෙයක් වුනේ නැත්නම්, දූදරුවන් ගෙන්, දැසි දස්සන් ගෙන් ඔයාට යම්කිසි වරදක් වුනාද?” “නෑ… එහෙම දෙයක් වුනෙත් නෑ.” “එහෙනම්…? ඔයාට යම් කිසි ආසාවක් ඇතිවුනා ද?” එතකොට සිටුතුමා නිශ්ශබ්ද වුනා. උත්තරයක් දුන්නෙ නෑ. සිටු බිරිඳ මෙහෙම කිව්වා. “අනේ ස්වාමීනී, ආසාවක් තියෙනවා නම් කියන්න. මං හැකි සෑම ආකාරයකින් ම ඒ ආසාව ඉෂ්ට කරන්නම්.”

එතකොට සිටුතුමා මළානික ඇස් දෙකෙන් බිරිඳ දෙස බැලූවා. නිශ්ශබ්දව ටිකක් වෙලා හිටියා. කෙඳිරි ගගා කිව්වා, “ඔව්…. මට…. මට…. එක්තරා …. ඉතාමත්…. ඉතාමත්….. ආසාවක්…. තියෙනවා…..” “ඉතින් ස්වාමීනී, කියන්න මොකක්ද ඒ ආසාව?” “ම්…. ම්…. මං කොහොමද ඒක කියන්නේ…..?” “අනේ ස්වාමීනී, කියන්න….” එතකොට සිටුතුමා අමාරුවෙන් වගේ මෙහෙම කිව්වා. “මට හිතේ තියෙනවා ලොකූ ආසාවක්…. මං ආසයි…. ඔව්…. මං ආසයි…. කැවුමක් කන්න.” සිටු බිරිඳ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. “අනේ ස්වාමීනී, ඕක ඉතින් සුළු දෙයක් නෙ. ඔබතුමා දිළින්දෙක්ද? අපි මේ මුළු ගම්මානයටම සෑහෙන්න කැවුම් හදමු.” “ඈ…. මොකක්….? ගම්මානෙටම….? එවුන්ට ඕන නම් කැවුම් හදාගෙන කාපුවාවෙ.” “එහෙමනම් ස්වාමීනී, අපි මේ වීදියේ සිටින සියලූ දෙනාට සෑහෙන්න කැවුම් හදමු.” “ඇති…. ඇති…. මං දන්නවා ඔහේට බොහොම සල්ලි තියෙනවා කියල.” “එහෙම නම් ස්වාමීනී, අපේ අවට ගෙවල්වලට සෑහෙන්න කැවුම් හදමු.” “හා…. හා…. ඒ තරම්ම වියදම් කරන්න ලෑස්තිද ඔහේ…?” “එහෙනම් ස්වාමීනී, අපේ දරුවන්ට සෑහෙන්න කැවුම් හදමු.” “මේ කැවුමකට දරුවන්ව පටලවාගන්නෙ අසවල් දේකටද?” “එහෙම නම් ස්වාමීනී, අපි දෙන්නට කැවුම් හදමු.” “ඔහේට කැවුම් වලින් වැඩක් නැහැ. ඔහේට මොකටද?” “එහෙනම් ස්වාමීනී, ඔබතුමාට විතරක් කැවුමක් හදන්නම්.” “අන්න හොඳයි. බොහොම අගෙයි. හැබැයි සොඳුරී, වැඬේ ලේසි නෑ. මෙහිදිම කැවුම් හැදුවොත් බොහෝ දෙනෙක් වටවේවි!” ඉතින් සිටුතුමා අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරන්න පටන් ගත්තා. එකපාරටම උඩ පැනල හිනහ වෙලා අත්පුඩියක් ගහලා මෙහෙම කිව්වා. “හරි… මට ක‍්‍රමයක් අහුවුනා. කැවුමට වුවමනා කරන ජාති ටික ලෑස්ති කරන්න. සුණු සහල් තිබුනාම ඇති. පැන් ටිකත්, ගිතෙල් ටිකත්, තෙල් ටිකත් අරගෙන උඩතට්ටුවට යං. එහිදි නිවිහැනහිල්ලේ කැවුම් කන්න පුළුවන්.”

සිටුතුමාත්, සිටු දේවියත් කැවුම්වලට වුවමනා ද්‍රව්‍ය පිළියෙල කරගෙන උඩ තට්ටුවට නගින්න පිටත් වුනා. යට මහලේ ඉඳලාම දොරවල් වසමින් සිටුතුමා උඩු මහලට ඇවිදින් සැනසුම් සුසුම් හෙලූවා. “හප්පේ…. යන්තම් ඇති. නිදහසේ කැවුමක් කන්න දැනුයි පිළිවෙලක් වුනේ.”

බුදුරජාණන් වහන්සේ එදා වැඩසිටියේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ. ඉතින් උන්වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අමතා මෙය වදාළා.

“පින්වත් මොග්ගල්ලාන, අද රජගහ නුවර සක්කාර කියන ගමේ මච්ඡරිය කෝසිය සිටුතුමා කැවුම් කන්නට ආසාවෙන් සත්වෙනි උඩුමහල් තලයේ ඉන්නවා. අනිත් අයට කැවුම් දෙන්නට වෙයි කියන භයෙන් තමයි උඩු මහලට නැග්ගේ. ඔබ ගිහින් ඔහුව දමනය කරන්න. ඉර්ධි බලයෙන් ඒ දෙදෙනාව සැවැත් නුවරට කැඳවාගෙන එන්න. අද මමත්, මේ පන්සීයක් භික්ෂූන් වහන්සේලාත්, ඒ දෙදෙනා පූජා කරන කැවුම් වලින් තමයි දානය පිරිමසා ගන්නේ.”

මච්ඡරිය කෝසිය සිටුතුමා තම බිරිඳ කැවුමට පිටි සූදානම් කරන හැටි මහා ආසාවෙන් බලා සිටියා. තාච්චිය ලිප තබා තෙල් රත්වන විට ඒ ආසන්නයේ ඇති ජනේලයෙන් අමුත්තෙක් පෙනුනා. සිටුතුමාගේ දෑස් උඩ ගියා. පපුව ගැහෙන්න ගත්තා. ඇඟ වෙව්ලූවා. “හපොයි…. මේ වගේ උදවියගේ දැක්මට භයෙන්මයි මං මෙතනට ආවෙ. මේ භික්ෂූන් වහන්සේලාගෙන් බේරෙන්නට බැහැ නෙව. අහසෙන්ම ඇවිල්ලා ඉන්නවා.”

අහස් තලයේ වැඩසිටි මුගලන් මහරහතන් වහන්සේ දුටු සිටුතුමා තොල කට වෙව්ල වෙව්ල මෙහෙම කිව්වා. “එම්බා ශ‍්‍රමණය, අහසේ වැඩහිඳ ඔය මොකද කරන්නේ? ඔහොම නොවෙයි, අහසේ පියවර තබ තබා සක්මන් කළත්, කැවුම් ලැබෙයි කියලද හිතන්නේ?” එතකොට මුගලන් මහරහතන් වහන්සේ අහසේ සක්මන් කළා. “ආහා…. සක්මන් කළේ මොකුත් ලැබෙයි කියලද? මේ ඇහුනද. ඔහොම නොවෙයි පළඟක් බැඳගෙන වාඩි වුනත් කැවුම් ලැබෙන්නෙ නෑ ඕං…” එතකොට මුගලන් මහරහතන් වහන්සේ පළඟක් බැඳගෙන වාඩිවුනා. “එහෙමද? එතකොට පළඟකුත් බැඳගත්තා නෙව. තමුන්නාසෙට වැරදීමක්. ඔහොම නෙවෙයි ජනෙල් කවුළුව ගාවට ඇවිදින් සිටගත්තත් කැවුම් නෑ ඔන්න….” එතකොට මුගලන් මහරහතන් වහන්සේ ජනෙල් කවුළුව ළඟ සිටගත්තා. “සිටගත්තට වැඩක් නෑ. මුළු ශරීරයෙන් දුම් පිටකළත් කැවුම් නෑ ඕං….” එතකොට මුගලන් මහරහතන් වහන්සේ සිරුරින් දුම් පිටකළා. ඒ දුමින් උඩුමහල් තලය වැසී ගියා. සිටුතුමාගේ ඇස්වලට හරි අමාරුයි. ඇස් කුඩා කරගෙන කේන්තියෙන් බලා සිටියා. “ඔහොම නෙවෙයි, ගිනි ඇවිලිලා ගියත් කැවුම් නෑ ඔන්න…” කියල කියන්න හිතුනත් මාලිගයට අනතුරක් වෙයි කියල හිතල එහෙම කිව්වෙ නෑ.

“මේ ශ‍්‍රමණයා මහා කෑදරයෙක්. කැවුම් ලබාගෙන මිසක් යන පාටක් නෑ. ඉක්මනට කැවුමක් දීලා පිටත් කරන්නට ඕන” කියා සිතා බිරිඳට මෙහෙම කිව්වා. “සොඳුරියේ, චූටියට කැවුමක් හදාපන්. මේ ශ‍්‍රමණයාව ඉක්මනට පිටත් කරපන්.” ඉතින් බිරිඳ පිටි ස්වල්පයක් තෙලට දැම්මා. හරි පුදුමයි! තාච්චිය පුරාවට ලොකු කැවුමක් හැදුනා. සිටුතුමාට හරි කේන්තියි. “ඔහේට තේරෙන්නෙ නැද්ද? ඔහොම පිටි දාන සිරිතක් තියෙනවාද? ඔය කැවුම අයින් කරපන්. හැන්ඳ මට දීපන්.” ඉතින් සිටුතුමා තමන්ගේ අතින්ම ඉතාම ස්වල්පයක් පිටි ගෙන තාච්චියට දැම්මා. කලින් කැවුමටත් වඩා විශාල කැවුමක් හැදුනා. ඒ කැවුමත් අයින් කරලා තව පිටි ස්වල්පයක් දැම්මා. හදන හදන කැවුම විශාලයි. අන්තිමේදී සිටුතුමා බිරිඳට මෙහෙම කිව්වා. “කරන්න දෙයක් නැහැ. ඔය කැවුම් වලින් එකක් දීලා පිටත් කරන්න.”

ඇය කැවුමක් ගනිද්දී සියලූම කැවුම් එකට ඇලූනා. “ස්වාමීනී, හරි වැඬේ… ඔක්කොම කැවුම් එකට අලූනා නෙව. අයින් කරන්න බැහැනෙ.” “බැරි වෙන්නෙ කොහොමද? මෙහෙ දීපන්. මං ඕක අයින් කරන්නම්” ඔහුටත් කැවුම් වෙන්කරන්නට බැරුව ගියා. දෙන්න දෙපැත්තට කැවුම් ඇද්දා. සිටුතුමාට හොඳටම මහන්සියි. ඇඟෙන් දහඩිය දැම්මා. පිපාසය ඇතිවුනා. බිරිඳට මෙහෙම කිව්වා. “අනේ…. බිරින්ඳේ, මට කැවුම් වලින් කම් නැතේ….! මේ ඔක්කොම කැවුම් පූජා කරපන්.”

ඇය සියලූම කැවුම් මුගලන් මහරහතන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ මේ දෙදෙනාට ධර්මය දේශනා කළා. පින් පව්වල විපාක පෙන්වා දුන්නා. දන් දීමේ අනුසස් පෙන්වා දුන්නා. දෙදෙනාගේම සිත පැහැදුනා. සිටුතුමාට හරි සතුටුයි. සිටුතුමා සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. “අනේ ස්වාමීනී, දීමේ අනුසස් මං කළින් දැනගෙන හිටියේ නැහැ. මං සතුටු වුනේ ලෝභකමින් විතරයි. නමුත් දැන් මට දීමේ වටිනාකම තේරෙනවා. ස්වාමීනී, මේ ආසනයේ වැඩහිඳ දන් වළඳන සේක්වා!” “සිටුතුමනි, අපගේ ශාස්තෘන් වහන්සේ පන්සීයයක් රහතන් වහන්සේලා පිරිවරා කැවුම් වළඳින්නට සූදානමින් සිටිනවා. ඒ නිසා මේ කැවුම් මා ඔබ අතට දෙන්නම්. ඔබේ අතින්ම බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට පූජා කරන්න.” “ස්වාමීනී, ඒක හරි පුදුම කතාවක් නෙ. අපි මේ ඉන්නෙ හත්වෙනි තට්ටුවෙහි නෙ. මෙතන කොහේද බුදුරජාණන් වහන්සේ?” “සිටුතුමනි, මෙයින් යොදුන් හතළිස් පහක් ඈතින් පිහිටි ජේතවනාරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ. අපි එතනට යමු.”

“ස්වාමීනී, එච්චර දුරක් අපි කොහොමද යන්නේ?” “සිටුතුමනි, ඒ ගැන හිතන්න එපා! ඔබට තියෙන්නේ පහත මාලයට බැස එළියට පිය නැගීම විතරයි. එතන දෙව්රම් වෙහෙර තියෙනවා.” මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි බලයෙන් එම මාලිගා දොරටුව දෙව්රම් වෙහෙරට රැගෙන ගියා. සිටු යුවළ පහළ මහලට බැස දොර විවර කළ විට දෙව්රම් වෙහෙර දුටුවා.

ඒ දෙදෙනාම බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂු සංඝයාට කැවුම් පූජා කළා. ඉර්ධි බලය නිසා කැවුම් අවසන් වූයේ නැහැ. සංඝයා වැළඳූ පසු ඒ දෙදෙනාත් බඩ කට පුරා කැවුම් අනුභව කළා. සියලූ දෙනාටම කැවුම් බෙදුවා. ඒත් අවසන් වෙන්නෙ නැහැ. “ස්වාමීනී, කැවුම් ඉවර වෙන්නේ නැහැ නෙව.” එතකොට බුදුරජාණන් වහන්සේ මෙය වදාළා. “එසේ වී නම් සිටුතුමනි, ජේතවන දොරටුව අසළ ඇති වළට දමන්න.”

සිටුතුමා ජේතවන දොරටුව අසළ බෑවුම් වළට දැම්මා. එතන කැවුම් දැමූවල නමින් කවුරුත් දැන් හඳුන්වනවා. ඉතින් ඒ දෙදෙනා බුදුරජාණන් වහන්සේ ගෙන් ධර්මය ඇසුවා. දෙදෙනාම සෝවාන් ඵලයට පත්වුනා. බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ‍්‍රාවකත්වය ලබාගත් මේ දෙදෙනා ශාස්තෘන් වහන්සේ පා කමල් වැඳ යළි තම මාළිගය ඇතුළට පිවිසුනා. රජගහ නුවර සක්කාර ගමේ සිටි තැනටම යළි පැමිණුනා.

එදා සිට මේ සිටුතුමා කිසි ලෝභකමක් නැතුව හැමෝටම උදව් කළා. වැව් පොකුණු තැනුවා. ආරාම හැදුවා. භික්ෂුසංඝයා උදෙසා වෙහෙර විහාරත් හැදුවා. එක දවසක් දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ ගැන කතාබස් කරමින් සිටියා. “ප‍්‍රිය ආයුෂ්මත්නි, බලන්න. මුගලන් මහතෙරුන් වහන්සේගේ ආනුභාවය හරි පුදුමයි. සිටුතුමාගේ ශ‍්‍රද්ධාවටත් හානි නොකොට, ධනයටත් හානි නොකොට මොහොතකින් දමනය කළා නෙව. ජේතවනයටත් රැගෙන ආවා නෙව. ශාස්තෘන් වහන්සේටත් මුණගස්සවලා මාර්ග ඵල අවබෝධයටත් අවස්ථාව සැලැස්සුවා නෙව. මුගලන් මහතෙරුන් වහන්සේගේ ආනුභාවය හරි පුදුමයි.”

මේ විදිහට මුගලන් මහරහතන් වහන්සේගේ ගුණවත්කම කතා කරමින් සිටිද්දී බුදුරජාණන් වහන්සේට මෙය දිව්‍ය ශ‍්‍රවණයෙන් ඇසුනා. ඒ නිසා එය අරභයා බුදුරජාණන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, භික්ෂුවක් කටයුතු කරන්නට ඕන ඔය විදිහටයි. දායකයින්ගේ ශ‍්‍රද්ධාවට හානි කරන්නේ නැතුව ඔවුන්ගේ භෝග සම්පත්වලටත් හානි කරන්නේ නැතුව ඔවුන්ගේ පවුල් පීඩාවට පත්කරන්නෙත් නැතුව කරුණාවෙන් කටයුතු කරන්නට ඕන. මලකින් රොන් ගන්නා බඹරෙක් වගෙයි කටයුතු කළ යුත්තේ. මොග්ගල්ලානයන් කටයුතු කරන්නේ ඒ විදිහටයි.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ එහි අර්ථය ගාථාවකට කැටිකොට ඉතාම මිහිරි ස්වරයෙන් වදාළා.

යථාපි භමරෝ පුප්ඵං – වණ්ණගන්ධං අහේඨයං
පළේති රසමාදාය – ඒවං ගාමේ මුනී චරේ

මිහිරි සුවඳැ’ති සොඳුරු පෙනුමැ’ති
මල කරා එයි පැණි සොයා යන බමරා
උරා රොන් රස රැගෙන මල් පැණි
යන්නෙ බමරා කිසිවිටෙක එය නොතලා
එලෙස මහණෙනි පිඬු සිඟා යයි සමණා

පින්වතුනේ, පින්වත් දරුවනේ, බඹරා මල් පැණි වලට හරි ආසයි. ඉතින් ඌ ලස්සන මල් සොයා ගෙන යනවා. ගිහින් ඒ කිසි මලකට හානි නොකොට, මල නොතලා මල් පැණි ගෙන යනවා. එයින් ඒ මලේ සුන්දරත්වයට හානියක් සිදුවෙන්නේ නෑ. බඹරාට පැණිත් ලැබෙනවා. ඉතින් ඒ බඹරා මල් පැණි බිඳ බිඳ එකතු කරලයි මී වදයක් හදන්නේ. මුනිවරයාත් ගමේ හැසිරිය යුත්තේ ඒ විදිහටයි. කාටවත් පීඩාවක් නොකොට, කපටිකමකින්, වංචාවකින් තොරව, බලපෑමකින් තොරව තමයි සිව්පසය ලබාගන්නේ. එතකොට ඒ මුනිවරයාගේ හැසිරීම නිසා ගම්වැසියාගේ ශ‍්‍රද්ධාවට හානියක් සිදුවන්නේ නැහැ. භෝග සම්පත්වලට හානියක් සිදුවන්නෙත් නැහැ. ධර්මයේ හැසිරෙන මුනිවරයා තුවාලයකට බෙහෙතක් දමනවා වගේ, කාන්තාරයෙන් එතෙර වෙන කෙනෙකුට ලැබෙන ආහාරයක් වගේ, සිහි නුවණින් යුතුව පරිහරණය කරලා තම තමන්ගේ බණ භාවනා කටයුතුවල යෙදෙනවා. මාර්ග ඵල උපදවා ගන්නට අවස්ථාව ලබාගන්නවා. රහතන් වහන්සේලා කරන්නේ දන් වළඳා අරහත් ඵල සුවයෙන් වැඩසිටීමයි.

බුදුරජාණන් වහන්සේගේ සදහම් පදය ඇසූ බොහෝ දෙනෙකුට විශාල යහපතක් සිදුවුනා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

▬▬▬▬▬▬▬▬▬▬

▬▬▬▬▬ තවත් මසුරෙක් ▬▬▬▬▬

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කාලයේ ඉල්ලීස නමින් ප්‍රසිද්ධ වූ මහත් ධනවත් සිටුවරයෙක් විය. උපතින්ම ආබාධිතයකු වූ ඔහු අංගවිකලය. අසූ කෙළක් පමණ ධනය තිබුණ ද තද මසුරු කමින් යුක්තය. තමන් සතු වස්තුව කිසිවෙකුටත් නො දෙන අතර තමා ද ඒ සම්පත් භුක්ති නො විදින්නේ ය.

එහෙත් ඔහුගේ දෙමාපියෝ පෙර මහා දානපතියෝ වූහ. නමුත් දෙමාපියන්ගේ පිළිවෙතින් බැහැර වූ ඔහු දෙමාපියන්ගේ ඇවෑමෙන් සිටු තනතුරට පත් ව දන්දීම් ආදිය නවතා තව තවත් වස්තුව රැස් කළේය. දිනක් මොහු රාජ්‍ය සේවයට ගොස් එනවිට රා බොන මනුෂ්‍යයන් දැක රා බීමේ කැමැත්තක් ඇති වී නැවත

“යම් හෙයකින් මා රා බොන්නට පටන් ගතහොත් එය දකින බොහෝ දෙනෙක් මා සමග රා බොන්නට එන්නේය. එවිට මාගේ වස්තුව නැසී යන්නේයැ”යි

සිතූ ඔහු රා බීම පිළිබඳ අදහස යටපත් කොට ගෙන සිටු මැදුරට ගියේයි. එහෙත් මොහු තුළ රා බීම පිළිබඳ කැමැත්ත දිනෙන් දින වර්ධනය විය. මේ නිසා ඔහු සුදු මැලි වී වැහැරෙන්නට පටන් ගත්තේය. සිටුවරයාගේ බිරිඳ මේ වෙනස දැක ඒ පිළිබඳව විමසූ විට ඔහු තුළ ඇති අදහස දක්වා තනිවම රා බීමට කතිකා කොට ගෙන රා කළයක් තැබෑරුමෙන් ගෙන්වා නුවරින් නික්ම මහා වනයක් මැද ඇති ගං තෙරට ගොස් රා බොන්නට පටන් ගත්තේය.

මේ මසුරු සිටුවරයාගේ පියා දානා දී පින්කම් කිරීම නිසා දිව්‍ය ලෝකයෙහි ශක්‍රදේවේන්ද්‍රයාව උපත ලැබීය. ඔහු දිනක් තමන් විසින් කරන ලද දානා දී පින්කම් තම පුත්‍රයා විසින් කරනු ලබන්නේද යන්න විමසා බලන විට තම පුත්‍රයා තමන්ගේ කුල වංශය නසා දන් ශාලා විනාශ කොට යාචකයන් එළවා දමා මසුරු කමින් කැළයට වැද රා බොන අයුරු දැක

“දැන්ම ගොස් මොහු දමනය කොට දානා දී පින්කම් කරවා දිව්‍යලෝකයෙහි උපත ලැබීමට සලස්වමි” යි සිතා ඉල්ලීස සිටුවරයාගේ වෙස් මවාගෙන මනුෂ්‍ය ලෝකයට පැමිණ මහ රජතුමන් හමු වී

“මහරජතුමනි, මාගේ ගෙදර අසූ කෝටියක් පමණ ධනය ඇත. ඒ වස්තුව නුඹ වහන්සේ ගෙන්වා ගෙන භාණ්ඩාගාරයේ පුරවා ගත මැනවැ”යි කීය.

ඒ ඇසූ රජතුමා “මහ සිටාණෙනි, තොපගේ වස්තුවෙන් අපට ප්‍රයෝජනයක් නැත. තොපගේ වස්තුවට වඩා අපගේ වස්තුව ඉතා බොහෝයැ”යි කී කළ සිටුවරයා රජු අමතා.

“එසේනම් මහරජතුමනි, ඔබ වහන්සේට ප්‍රයෝජනයක් නැත්නම් මම ඒ වස්තුව කැමති පරිද්දෙන් ගෙන දෙන්නෙමි’යි ප්‍රකාශ කොට

රජතුමන්ට වැඳ නික්මී ඉල්ලීස සිටුවරයාගේ ගෙදරට ගියේය. එය දැනගත් නගරවාසී මිනිසුන් පැමිණ සිටුවරයා විසින් රන්, රිදී. මුතු , මැණික් ආදිය පිරුණු ගබඩාවල දොර හැර දුන් විට කැමති පරිද්දෙන් රැගෙන ගියහ.

මේ අතර එක් මිනිසෙක් සිටුතුමාගේ ගෙදර සිටි ගොනා එහි තිබූ ගැලට යොදා ගෙන සත්රුවන් පුරවා ඉල්ලීස සිටුවරයා රා බොන්නා වූ වනය මැදින් යන අතර

“ස්වාමීනි, ඉල්ලීස සිටුතුමා අවුරුදු සියයක් ජීවත් වුව මැනව. නුඹ වහන්සේ නිසා දැන් මා කිසිදු කර්මාන්තයක් නො කර ජීවිතාන්තය දක්වා ජීවත් වීමට අවශ්‍ය වස්තුව ලබන ලදී. මේ රථය ඔබ වහන්සේගේය. මේ ගොනා ඔබ වහන්සේගේය. මේ සත්රුවන් ආදී වස්තුව ඔබ වහන්සේගේය. මේ වස්තුව මට මගේ මෑණියන් දුන්දෙයකුත් නොවේ. පියාණන් විසින් දුන් දෙයකුත් නොවේ. ස්වාමීනි, ඔබ වහන්සේ නිසා ම ලද සම්පත් ය.”

ආදී වශයෙන් සිටුවරයාගේ ගුණ වර්ණනා කරමින් යන්නේය.ඒ ඇසූ ඉල්ලීස සිටුවරයා සැඟව රා බොන ලද තැනින් පැමිණ තමාගේ ගොන් බාන හා රථය හැඳින ගෙන

“එම්බා දුෂ්ට කොල්ල. මේ රථය මාගේය. මේ ගොනා මාගේය. මේ වස්තුව මාගේය. තොප කොහි ගෙන යන්නෙහිදැ?”යි ඇසීය.

එවිට ඒ පුරුෂයා රථයෙන් බැස

“එම්බා දුෂ්ට මහල්ල, ඉල්ලීස සිටුවරයා නුවර සියලු වැසියන්ට දන් දෙති. මෙසේ පවසන්නට තොප ඒ සිටුවරයාගේ කවරෙක්ද?”

ආදී වශයෙන් කියා ඔහුට පහර දී බිම හෙලා රථය ද රැගෙන තමාගේ ගමට ගියේය. සිටුවරයා ද මහත් ශෝකයට පත්ව තම ගෙට ගොස් මේ බව දැක රජු හමුවට පැමිණ

“දේවයන් වහන්ස, නුඹ වහන්සේ මාගේ ගෙය කොල්ලකන සේක්දැ?”යි විමසීය.

එය ඇසූ රජතුමා සිටුවරයා අමතා

“සිටාණෙනි, මම තොපගේ ගෙය කොල්ල නො කමි. තොපම මා වෙත පැමිණ “ඔබ වහන්සේ මාගේ වස්තුව නො ගන්නේ නම් මම එය කැමති පරිදි දන් දෙන්නෙමි” යි කියා නුවර අණ බෙර ගසා දන් නුදුන්නෙහිදැ?”යි ඇසීය.

“දේවයන් වහන්ස, මම නුඹ වහන්සේ සමීපයට නො පැමිණියෙමි. ඔබ වහන්සේ මා මසුරු බව නො දන්නෙහිද? මම තණ කෙන්දක ගා තෙල්බිඳුවක්වත් කිසි කෙනෙකුට නුදුන්නෙමි. වෙනත් සිටුවරයෙක් මාගේ ගෙයට ඇතුල්ව දන්දෙන්නෙහිද? මහරජතුමනි, වහා ඔහු කැඳවා පරීක්ෂා කරනු මැනවැ”යි කීය.

එය ඇසූ රජතුමා ඉල්ලීස සිටුවරයාගේ වෙස් ගෙන සිටි ශක්‍රයා කැඳවා දෙදෙනා අතර වෙනසක් නො දැක ඉල්ලීස සිටුවරයාගේ කපුවා වූ (කොන්ඩේ කපන්නා) බෝසතුන් කැඳවා දෙදෙනා පරීක්ෂා කරන ලෙස දැන්වීය. බෝසතාණෝ ඉල්ලීස සිටුවරයාගේ හිසෙහි පිළිකාවක් ඇති බැවින් එයින් හඳුනා ගැනීමට උත්සාහ කළ අතර ශක්‍රයා ද තමාගේ හිසෙහි පිළිකාවක් මවා ගත්තේය. කපුවා දෙදෙනාම පරීක්ෂා කර බලා

“මහරජතුමනි, දෙදෙනාගේම ඉසෙහි පිළිකා ඇත්තේය. මට මොවුන් දෙදෙනාගෙන් ඉල්ලීස සිටුවරයා කවුරුන්දැයි දැන ගත නො හැක්කේයැ”යි පැවසීය.

එය ඇසූ මසුරු සිටුවරයා සිහි එලවා ගත නො හැකිව එතැනම වැටී සිටියේය. එවිට ශක්‍රදේවේන්ද්‍රයා තමන්ගේ සිටු වේශය අත්හැර ශක්‍රදේවේන්ද්‍ර ලීලාවෙන් ආකාශයෙහි සිට

“එම්බා ඉල්ලීසයෙනි, මම ශක්‍රදෙවේන්ද්‍රයා වෙමි. මේ වස්තුව මා සතුය. තොප සතු නොවේ. මම තොපගේ පියා වෙමි. තොප මාගේ පුතණුවෝය. මම දානා දී පිංකම් කිරීම නිසා ශක්‍රදේවේන්ද්‍ර ව උපන්නෙමි. තොප මසුරුව දන්සැල් විනාශකොට යාචකයන් පලවා හැර වස්තුව රැස් කළෙහිය. ඒ වස්තුවෙන් තොප ද ප්‍රයෝජනයක් නො ගන්නේය. වෙන කෙනෙකුට ද ප්‍රයෝජනයක් නැත්තේය. එබැවින් නැවත දන්සල් සාදවා පෙර පරිදිම දන් දෙව. එසේ නො දෙන්නේ නම් තොපගේ සියලු වස්තුව අතුරුදහන් කොට මේ වජ්‍රායුධයෙන් තොපගේ ඔලුව පලා ජීවිතක්ෂයට පමුණුවන්නෙමි”යි කීහ.

එය ඇසූ ඉල්ලීස සිටුවරයා මරණ බියෙන් තැති ගෙන එතැන් සිට දන් දීමට පොරොන්දු විය. ශක්‍රදේවේන්ද්‍රයා ද අහසෙහි සිට ධර්ම දේශනා කරමින් ඔවුන් පන්සිල්හි පිහිටුවා නැවත ශක්‍රභවනයටම ගියහ. ඉල්ලීස සිටුවරයා ද දානා දී පින්කම් කොට දිව්‍ය ලෝකයෙහි උපත ලැබීය.

එකල මසුරු සිටුවරයා නම් දැන් මේ මසුරු සිටුවරයාම ය. ශක්‍රදේවේන්ද්‍රයෝ නම් මුගලන් මහ රහතන් වහන්සේය. රජතුමා නම් ආනන්ද තෙරණුවන් ය. ඉල්ලීස සිටුවරයාගේ කපුවා නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය.

(චිත්‍ර සහ ලිපිය උපුටා ගත්තේ "මහමෙව්නාව" වෙබ් අඩවියෙන් සහ "දිනමිණ ආලෝකෝ" වෙබ් අඩවියෙනි //46http://sinhala.mahamevnawa.lk/2013/10/10/dp4-6-stanza/ , //http://www.dinamina.lk/2014/09/09/ )

ප්‍රාප්ති දානය හෙවත් පින් දීම

පෙර කාශ්‍යප බුදුන්වහන්සේගේ සස්නෙහි පැවිදිව වෙසෙන කල කළා වූ හැමදීමය, කසළ ඉවත් කිරීමය යන දෙ පිනින් “නාගසේන’’ ස්ථවිරයන් වහන්සේ හා ‘මිළිඳු’ මහරජතුමා ද ලෝක ප්‍රසිද්ධ කීර්ති ඇති මහ නුවණැතියෝ වූහ. මිනිසුන්ගේ ගමනා ගමනයට මාර්ග තැනීම, අම්බලම් තැනීම, ළිං පොකුණු තැනීම, මල් පල හට ගන්නා ගස්වැල් වැවීම යනාදී පින්කම් කළා වූ ‘මඝ’ මානවක තෙමේ ශක්‍රයා විය. ඔහු හා එක්ව ඒ පින්කම් කළා වූ දෙතිස් දෙනා ද මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නෝ ය.

තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම හෙවත් අයිති කිරීම ප්‍රාප්තිදාන නම් වේ. ආහාර පාන වස්ත්‍රාදිය දීම පිනක් වන්නාක් මෙන් ම තමා කළ පින අනුන්ට දීම ද පිනකි. පින වනාහි අන්‍ය වස්තුවක් මෙන් අතින් අතට දිය හැකි දෙයක් නොවේ. එය දිය යුත්තේ තමාගේ පින අනුමෝදන් වන්නටය. පිළිගන්නටයයි වචනයෙන් කීමෙනි.

තමා විසින් කළ පිනක් එක් සත්ත්වයකුට දෙන කල්හි මාගේ පින අසවලා නම ඇත්තා අනුමෝදන් වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමිවේවා අයිති වේවා කියා හෝ ඇසෙන සේ කිව යුතු ය. සත්ත්ව සමුහයකට පින් දෙන කල්හි මාගේ නෑයෝ මේ පින අනුමෝදන් වෙත්වා. ලබත්වා යනාදීන් පින් දෙන සත්ත්ව සමුහයේ නම කියා පින් දීම කළයුතු යි. එක් පහනකින් තවත් කොතෙක් පහන් දල්වා ගත්තේ ද එහි ගින්නට එයින් මඳ හානියකුදු නොවන්නාක් මෙන් කොතෙක් දෙනාට පින දුන ද කොතෙක් වාර ගණනක් පින් දුන ද කළ තැන්තාගේ් පිනට එයින් හානියක් නොවේ.

පැන් වැඩීම

දායකයාගේ අතින් ගෙන ප්‍රතිග්‍රාහකයාගේ අතෙහි තවා නොදිය හැකි දෑ දෙන ක්‍රමය අතුරෙන් පැන්වත් කොට දීම ද පෙර පටන් ඳඬසුන් අතර පැවත එන එක් දාන ක්‍රමයෙකි. බිම්සර රජතුමා වේළුවනාරාමය පැන්වත් කිරීමෙන් පූජා කළ බව විනය මහවග්ග පාලියේ දක්වා තිබේ. දෙවන පෑතිස් රජතුමා මහමෙවුුනා උයන පූජා කිරීමේදී ද පැන්වත් කොට පූජා කළ බව විනය අටුවාවේ දක්වා තිබේ.

පින්දීමේ දී පැන් වත් කරනුයේ ඒ පෞරාණික චාරිත්‍රයට අනුව ය. පැරණියෝ ජලය වත්කොට දීම සාක්ෂියක් වශයෙන් සැලකූ®හ. මෙකල පැන්වත් කොට පින්දෙනු දක්නට ලැබෙන්නේ මළවුන්ටය. කාහට පින් දීමට වුවද පැන්වත්කළාට වරදක් නැත. මළවුන්ට පින්දීමේ දී වුවද පැන් නො වත් කළාට වන හානියක් ද නැත. එහෙත් එය දීර්ඝ කාලයක් බෞද්ධයන් විසින් කර ගෙන ආ චාරිත්‍රයක් බැවින් පැන් නොවත් කළහොත් පින් නො ලැබෙති යි සිතා මළවුන් පින් අනුමෝදන් නොවුවහොත් ඔවුනට හානියක් විය හැකි බැවින් පෞරාණික චාරිත්‍රය එසේ ම පවත්වා ගෙනයෑම යහපති.

මළවුන්ට පින්දීම

හැකිතාක් පව්කම්වලින් වැළකී පින්දහම් කළා වූ සත්පුරුෂයෝ ද සමහර විට මරණාසන්නයේ දී මෙලොව ඇති දේවලට ආශාව ඇතිවීම නිසා පරදත්තුපජීවික පේ‍්‍රත ව උපදිති. ඒ පරදත්තුප ජීවික පේ‍්‍රතයෝ සා පිපාසා සන්සිඳවා ගතහැකි පමණට බත්පැන් නො ලබන්නෝ ය. විළි වසා ගැනීමට වස්ත්‍ර නැත්තෝ ය. වාසය කිරීමට ගෙවල් නැත්තෝ ය. ඔවුහු ඉතා දුක්ඛිතයෝ ය. ඒවා ලබා ගැනීම සඳහා ඔවුන්ට කළ හැකි දෙයක් ද නැත්තේ ය.

ඔවුනට ඒවා ලබා ගැනීමට ඇත්තා වූ එක ම ක්‍රමය තමන්ගේ ඥාති මිත්‍රාදීන් දෙන පින් අනුමෝදන් වීම ය. එබැවින් ඔවුහු පින් ගැනීමට ස්වකීය ඥාතීන් වෙත පැමිණෙති. සමහර විට පෙර ජාතිවල නෑ වූ පේ‍්‍රතයෝ ද පින් ගැනීමට එති. බිම්සර රජතුමාගේ් පෙර ජාතියක දී නෑයන් වූ දහස් ගණනක් පේ‍්‍රතයෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි බලාපොරොත්තුව සිටි එතුමා වෙත පින් ගැනීමට පැමිණියෝ ය. පේ‍්‍රතත්වයට පැමිණ සිටින තමාගේ් ඤාතීන්ට සංග්‍රහ කිරීමට ආහාර පානාදිය ලබාදීමට ජීවතුන්ට ඇත්තා වූ එකම ක්‍රමයත් ඔවුන් උදෙසා පින්කොට ඒ පින් ඔවුනට අනුමෝදන් කරවීම ය. එබැවින් බෞද්ධයෝ පෙර පටන් ම මියගිය ඤාතීන් උදෙසා පින් කොට ඔවුනට පින්අනුමෝදන් කරවති.

ජීවත්ව වෙසෙන කල්හි තමාට හිතවත් ව සිටියා වූ ඤාතීන් හා මිත්‍රයන් මළ කල්හි අමතක කොට නො හැර ඔවුනට කළ හැක්කා වූ උපකාරයක් කිරීම මනුෂ්‍ය ධර්මයකි. මියගිය හිතවතුන් අමතක කිරීම ඔවුන් ගැන නොසලකා සිටීම අසත්පුරුෂකමෙකි. එබැවින් මියගිය මාපියාදී ඥාතීන් උදෙසා පින් කොට සෑම දෙනා විසින් ම පින්දීම කළයුතුය. මියයන සෑම දෙනා ම ඥාතීන්ගෙන් පින් ගැනීමට බලාපොරොත්තු නො වෙති.

බලාපොරොත්තු වන්නෝ පේ‍්‍රත වූවන් පමණකි. එහෙත් මියගිය තැනැත්තා උපන් තැන දත නොහෙන බැවින් මියයන සෑම දෙනා ම උදෙසා පින්කොට බෞද්ධයෝ පින් දෙති. කවරකු උදෙසා පින් කළත් පින් අනුමෝදන් කරවන අයට එය ලැබුණත් නො ලැබුණත් කළ තැනැත්තාට එහි විපාකය ලැබෙන බැවින් මිය ගිය කවරෙකු උදෙසා පිනක් කළත් එය නිෂ්ඵල ක්‍රියාවක් නො වේ. එසේ කිරීමෙන් තමාගේ යුතුකම ඉටු කළා ද වන්නේ ය.

පින් අනුමෝදන් වන පරදත්තුප ජීවික පේ‍්‍රතයන්ට එහි ඵලය එකෙණෙහි ම ලැබෙන්නේ ය. එහෙත් එක් දෙයක් දන් දීමෙන් ලැබෙන පිනෙන් පේ‍්‍රතයන්ට සැම දෙයම ලැබෙන්නේ නොවේ. එබැවින් ඔවුනට ආහාර ලැබීම සඳහා ආහාර ද, වස්ත්‍ර ලැබීම සඳහා වස්ත්‍ර ද, වාසස්ථාන ලැබීම සඳහා කොට්ට මෙට්ට ඇඳ පුටු අතිරිලි ආදිය ද දන් දී පින් දිය යුතුය. බිම්සර රජතුමා ආහාර පානයෙන් දන් දී දුන් පින අනුමෝදන්වීමෙන් ඥාති පේ‍්‍රතයෝ බත් පැන් ලැබූහ.

එහෙත් හැඳීමට වස්ත්‍ර නො ලැබුවෝ ය. වස්ත්‍ර නො ලැබූ ඔවුහු එදින රාත්‍රියේ නැවතත් නග්න ව රජතුමාට පෙනී සිටියෝ ය. පසුදින රජතුමා වස්ත්‍ර දන් දී ඔවුනට පින්දිණ. එයින් ඔවුහු වස්ත්‍ර ලැබූහ. බෞද්ධයන් මළවුන් උදෙසා දන් දෙන කල්හි එක් වරකට වුවමනා නො කරන තරමට බොහෝ ව්‍යංජනවලින් හා නොයෙක් කැවිලි පෙවිලි පලතුරු ආදියෙන් යුක්ත කොට වස්ත්‍ර සහිත ව පිඟන් කෝප්ප පැදුරු කොට්ට සහිත ව දන් දීමට පුරුදු වී තිබෙන්නේ පේ‍්‍රතයන්ට සියල්ල ම ලබාදීම සඳහා ය.

නො මනා පින් දීමේ ක්‍රමයක්

මළවුනට පින් දෙන්නා වූ ඇතැම්හු ‘අපගේ් ඤාතීහු අභව්‍ය ස්ථානයකට පැමිණ සිටිත් නම් මේ පින අනුමෝදන් වී ඔවුහු ඉන් චුත ව සුගතියට යෙත්වා’ යි පින් දෙති. ඇතැම් අව්‍යක්ත භික්ෂූන් ද එසේ කිරීමට දායකයනට අනුශාසනය කරනු සමහර තැන්වල දී අසන්නට ලැබේ. එය නො මනා පින්දීමේ ක්‍රමයෙකි. පේ‍්‍රතයන්ට පේ‍්‍රතාත්මයෙන් චුත ව සුගතියට පැමිණෙන්නට පැතීම නොහොත් ඉල්ලීම වරක් මළ අයට නැවතත් මැරෙන්නට පැතීම ය. සකල සත්ත්වයෝ ම ජීවත් වීමට ම කැමැත්තෝ ය.

මැරෙන්නට නො කැමැත්තෝ ය. එබැවින් මැරෙන්නට පතා දෙන පිනට පේ‍්‍රතයන් මැරෙන්නට නොව ඒ සිටින සැටියට සිටගෙන සම්පත් ලැබීමට ය. පේ‍්‍රතයන්ට පින්දුන් සැටි දැක්වෙන බොහෝ කථා වස්තුවලින් පෙනෙන්නේ ද පින් අනුමෝදන් වීමෙන් පේ‍්‍රතත්වයෙන් සිට ගෙන ම ඔවුන් සැප සම්පත් ලබන බවය. එ බැවින් පේ‍්‍රතයන්ට පින්දෙන කල්හි ඔවුන් මැරෙන්නට නො පතා ඔවුනට අඩුවක් පාඩුවක් ඇත්තා වූ යමක්වේ නම් මේ පින් අනුමෝදන් වී ඔවුහු ඒවා ලබත්වා යි පතා පින්දිය යුතු වේ.

දෙවියන්ට පින්දීම

දෙවියෝ ද යම් යම් ආකාරවලින් නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන සත්ත්ව කොට්ඨාසයෙකි. කළෙහි ගුණ සැලකීම් වශයෙන් ඔවුනට කළ හැකි සංග්‍රහයක් කිරීම මිනිසුන්ගේ් යුතුකමෙකි. දෙවියන්ට සංග්‍රහයක් වශයෙන් මිනිසුන්ට කළ හැකි දෙය නම් තමන් කරන පින් ඔවුනට ද අනුමෝදන් කරවීමය. පින් අනුමෝදන් කරවන මිනිසුන්ට විශේෂයෙන් දෙවියෝ අනුකම්පා කරති. දේවතානුකම්පාව ලැබීම මනුෂ්‍යයාගේ යහපතට දියුණුව බලවත් හේතුවකි. දේවතානුකම්පාව ලැබීම පිණිස ද කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ද පින්කළ සෑම අවස්ථාවකදීම දෙවියන්ට ද පින් අනුමෝදන් කරවිය යුතු ය.

තමන් වළඳා ඉතිරි වූ බත මසුන්ට දී ගංගා දේවතාවාට පින් දුන් බෝසතාණන් වහන්සේට පින්දීම ගැන සතුටු වූ ගංගා දේවතාවා විසින් බෝසතාණන් වහන්සේගේ් ගඟේ වැටුණු මුදල් පොට්ටනිය නැවත ලබාදීමෙන් උපකාර කළ බව මච්චුද්දාන ජාතකයේ දක්වා තිබේ. විස්තර ජාතක පොතෙන් බලනු.

සකල සත්ත්වයන්ට පින්දීම

පිනක් කළ කල්හි මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්ත්වයන්ට ම ඒ පින අනුමෝදන් කරවිය යුතුය. එසේ කිරීමේදී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබේ. අනුමෝදන් වීම හෝ නො වීම අන්‍යයන් අයත් දෙයකි. පින්දීම පින් කළ තැනැත්තාට අයත් කාර්යයෙකි. දෙන පින අන්‍යයන් අනුමෝදන් වෙතත් නො වෙතත් පින් දෙන තැනැත්තාට එයින් පින් දීමෙන් ලැබෙන කුශලය ලැබේ.

පින්දෙන ආකාරය

නෑයන්ට

ඉදං වො ඤාතීනං හොතු
සුඛිතා හොන්තු ඤාතයො

දෙවියන්ට

එත්තාවතා ච අම්හෙහි
සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දෙවානුමෝදන්තු
සබ්බ සම්පත්ති සිද්ධියා

...........රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ ‘බෞද්ධයාගේ අත්පොතෙන්’ උපුටා ගැනිණි.........