එතුමනට උපහාර පිණිස අද දින භාෂා දිනය ලෙස ද ප්‍රකාශයට පත් කොට ඇත.
ඉන්ද්‍රජිත් බණ්ඩාර
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී.. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකී..
Saturday, March 2, 2024
කුමාරතුංග මුනිදාස අනුස්මරණ දිනය
වාග් විශේෂඥණ, අර්ථ කතාකරු, කවියකු, පත්‍ර කළාවේදියකු, සහ හෙළ හවුල බිහි කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් කල එහි නිර්මාතෲ , එමෙන්ම සිංහල භාෂාව තුල අරක් ගෙන තුබූ සංස්කෘතික බලපෑම්, ඉවත් කිරීම උදෙසා මහත් වූ පරිශ්‍රයක් දැරූ, සිහල බසේ පිනින් ජාතියට පහල වූ කුමරතුඟු මුනිදාසයන්ගේ 80 වැනි වියෝ අණුස්මරණය අදට එනම් මාර්තු මස 2 වැනි දාට යෙදී ඇත.
භද්දවග්ගිය කුමාරවරු
බරණැස් නුවරදී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ බුදුරජාණන් වහන්සේ පළමු රහත් හැට නම සඳහා ධර්මදේශනා කොට සදහම් අවවාද දී එක්තරා වන ලැහැබක, රමණීය රුක් මුලක වැඩහුන් සේක. එම අවස්ථාවේ සිදුවූ සිද්ධියකි මේ. භද්දවග්ගිය කුමාරවරු තිස් දෙනෙක් ඔවුන්ගේ බිසෝවරුද සමග විනෝද වෙමින් වන ලැහැබේ ඔබමොබ හැසිරුණහ. ඒ කුමරුවරුන්ගෙන් එක්කෙනෙකුට බිරිඳක් සිටියේ නැත. එම නිසා මිතුරන් සමග එකට විනෝද වීම පිණිස තරුණ අඟනක් කැඳවාගෙන ආවේය.සියලුදෙනා එකසේ විනෝද වෙනු දුටු එම තැනැත්තිය ඔවුන්ගේ ප්‍රමාදයක් දැක කුමාරවරු සතු වටිනා කියන බටු මුට්ටු රැගෙන පලා ගියාය.
භද්දවග්ගිය කුමාරවරු තම යහළුවාගේ ආගන්තුක බිරිඳ නිසා ඇතිවු මෙම විනාශය ගැන කලකිරී වන ලැහැබ ඔබ මොබ ඇය සොයමින් හැසිරුණේය.මෙසේ එහෙ මෙහෙ ඇවිදින පිරිසට ගසක් මුල නිසොල්මනේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දකින්නට ලැබේ. හුදකලාව වෙසෙන බුදුරජාණන් වහන්සේ දැක තම බඩුමුට්ටු රැගෙන රහසේ පලා ගිය සෙර දකින්නට ඇතැයි ඔවුහු කල්පනා කළහ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අසලට පැමිණි එම තරුණ පිරිස බුදුහාමුදුරුවන් වහන්ස, අපේ යහළුවකුගේ බඩුමුට්ටු නැති වුණා. එය සොරාගනු ලැබුවේ අප සමගම පැවැති අඟනක යැයි සැක කරනවා. ඔබ වහන්සේ වැඩ ඉන්න විට මේ අසලින් ගිය බිරිඳක් දුටුවාදැයි විමසූහ.
එම අවස්ථාවේ මෙම තරුණ කුමාරවරුන් දෙස තම අවධානය යොමු කළ බුදුරජාණන් වහ්නසේ සත්‍යය නිවැරැදිව වටහාගත හැකි පිරිසක් බව තේරුම්ගෙන ඔවුනට ධර්ම දේශනා කරන්නට ඕනෑ යැයි කල්පනා කළහ. ඒ අනුව ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් අසනලද ප්‍රශ්නයට ධර්ම දේශනා සඳහා නිමිත්ත ලෙස තබාගැනීම වඩාත් සුදුසු යැයි උන්වහන්සේ තීරණය කළහ. ඔවුන් විමසු ප්‍රශ්නයට ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා තබාගැනීමට උන්වහන්සේ තීරණය කිරීමෙන් පෙනී යන්නේ දන්නා දෙයින් පටන්ගෙන නොදන්නා ගැඹුර දක්වා යා හැකි බැවිනි. එකට සිටි මිතුරු පිරිස අතර සිටිඑක් අඟනක නැති වීම නිසා තමන්ගේ වටිනා කියන බඩුමුට්ටු අහිමි වීම නිසා භද්දවග්ගිය කුමාරවරු සිටියේ කම්පිත වු සිතිවිලි වලිනි.
බුදුරජාණන් වහන්සේ දුටු එම කුමාරවරු මේ අසලින් ගිය ගැහැණියක දුටුවාදැයි යනුවෙන් විමසනු ලැබූ ප්‍රශ්නයට “ඔව්” හෝ “නෑ” යනුවෙන් පිළිතුරු නොදී ඔවුන්ගෙන් නැවතත් බුදුපියාණන් වහන්සේ ප්‍රශ්නයක්ම අසති. තමන් ළඟ සිට නැති වූ කෙනෙකු සොයා වෙහෙසීම කළ යුතු නමුත්, වඩාත් උතුම් වන්නේ අනුන් ගැන සෙවීමද? නොඑසේනම් තමන් ගැන සෙවීමදැයි බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙන් විමසා සිටියහ. තරමක් දැනුම් තේරුම් මනසක් සහිත භද්දවග්ගිය කුමාරවරු සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ විමසනු ලැබු ප්‍රශ්නයට උත්තර දුන්නේ තමන්ගේ මනස තුළ මෙතෙක් පැවති ගැටලුවකට විසදුම් නොලැබුණත් එය අමතක කර දමා, කුමාරවරු විමසා සිටියේ බුදු හිමියනේ,සෙවීමෙන් යහපත් සෙවීම නම් තමන් ගැන සෙවීම යැයි කියාය.මෙසේ හටගත් සංවාදය වඩාත් ගැඹුරට පැමිණීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් රජ ඇඳුම් ඇඳ මහවනය මැද අඟනක සොයමින් සිටි කුමාරවරු ඇතැමෙක් සෝවාන් බවට පත් වූහ. ඇතැමෙක් අනාගාමි වූහ. ජීවිතය යනු කුමක්ද? අප සොයා යා යුත්තේ මොනවාද? ලෞකිකත්වය තුළ සිටින මිනිසා නැඹුරු විය යුත්තේ ලෞකිකත්වය සඳහාමද යන ගැටලු බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කිරීමෙන් ඔවුන්ගේ නැණ නුවණ වඩාත් දියුණු කර ගත්හ.
තිස්දෙනාම, බුදුරජාණන්වහන්සේ සරණ යමින් උන්වහන්සේගේ සදහම් මග ශක්තිමත්ව ව්‍යාප්ත කිරීම සඳහා එක සිතින් එකතු වූහ. භද්දවග්ගිය කුමාරවරු ජීවිතය තුළ අහම්බෙන් මුහුණ දුන් ගැටලුවකට විසදුම් සෙවීමට යන අතර මඟ අහම්බෙන් හමුවු බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා රහත්වීම නිසා ජීවිතයේ ලද ශක්තිය පිළිබඳ කතා බහ දම් සභා මණ්ඩපයේදී සවස්යාමේදී භික්‍ෂූන්වහන්සේලා අතර ඇතිවූහ. එම අවස්ථාවේ දම් සභා මණ්ඩපයේ වැඩ සිටි සියලු භික්‍ෂූන් වහන්සේලාගේ සැක දුරු කරමින් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අසා මීට පෙරත් මේ පිරිස දහමට අවනත වු අයුරු දැක්වෙන තුන්දිල ජාතක කතාව පැහැදිලි කරනු ලැබූහ.
එම සිද්ධිය දවස අපට වැදගත් වන්නේ අප පෙර සඳහන් කළ ජන්ම පුණ්‍ය ශක්තිය කෙනෙකුගේ ජීවිතය තුළ විකසිත වීම සඳහා ඉගෙනුම් අත්දැකීම් අත්‍යවශ්‍ය වන බව පැහැදිලි කර ගැනීම සඳහාය.
භද්දි වග්ගිය කුමාරවරු පෙර සංසාර ගත ජීවිතය තුළ වරින්වර ආත්ම භාව වල එකට උපත ලබා සමගි සම්පන්නව ඉඳ, දහමට අවනත වීමද සිදුකරනු ලැබ ඇති බව තුනදිල ජාතක කතාවෙන් හෙළිවේ. ඉන් පෙනෙන්නේ සත්ත්වයා භවයෙන් භවය සැරිසැරීමේ කිසියම් විධිමත් පිළිවෙළ රටාවකට අනුව එය සිදුවන බවයි. කෙනකු කිසියම් තැනක උපත ලබන්නේ අහම්බයක් නිසා නොව ඔහු සංසාරයේ ගමන්කරන පිළිවෙළ රටාව එය වන හෙයිනි. කෙනෙකුගේ සංසාර ගත ජීවිතයේ ක්‍රමානුකූල සැකැස්ම සකස් කරදෙනු ලබන්නේ කවුද? එහි නිර්මාපකයා කවුද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු සොයාගෙන යාමේදී බෞද්ධ සූත්‍ර ධර්මවලින් කරුණූ කාරණා පැහැදිලි කරගත හැකිය. චුල්ලකම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සත්ත්වයා ඒ ඒ භවවල උපත ලැබීම, උපතෙන් පසු ලබන සැප සම්පත් නොලබන දේ පිළිබඳවත් කරුණූ දක්වමින් පැහැදිලි කරනු ලබන්නේ කර්මය විසින් සත්ත්වයාගේ උපත, ගති ස්වභාවය සියල්ල තීරණය කරනු ලබන බවයි. ඉගෙනුම් අත්දැකීම් හෙවත් උට්ඨාන වීර්යය මගින් මෙම ශක්ති විශේෂය වඩාත් තීව්‍ර කරගැනීමට හැකිය. භද්ද වග්ගිය කුමාරවරු බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීම දක්වා පැමිණි කාරණාව අහම්බයක් ලෙස පෙනුනද,එය එබන්ඳක් බවට පත් නොවන්නේ එම නිසාය.
Sunday, May 17, 2020
#Seedr The Torrent Converter
This will be a interesting article for seekers who are looking for a high speed torrent converter with high speed downloading.Many of you guys know what this is.Yeah,This is called Seedr.
Seedr allows you to convert torrents into a small sized cloud that own to you.Here's what you need to do.Go to the Seedr.cc Then Next steps are very easy even for a new born toddler.Yeah Sign up with their site.After you will sign up you can get 2GB Seedr space for only your using.But there's a another thing.
You will get only 2GB for a start if you aren't gonna sign up through a someone's refferal link.So here's a little help.You can use My Refferal Link.and get extra 500MB space for using it.And after you signed up then you can share your owned refferal link(You can copy it from your seedr acc) and get extra space for sharing.But sharing refferal bonus valid only four times.
That means you can get 500MB for using my refferal link.But Seedr doesn't give me refferal bonus space anymore because I already helped four people to sign up with my refferal link.But that won't be a problem for your sign up with my refferal link and getting the 500MB extra space.
So simply if you use my refferal link for signing up you definitely can get 2.5GB space.But that's not over,You can increase your space from sharing seedr through pinterest,twitter,posting a video in YouTube etc.You also can buy premium plans with more space and more features.
Now it's time to convert torrents.Now you have completed your registration with Seedr and you have a your owned seedr acc.Go to a torrent site.If you don't know a torrent site go to this site 1337x.to and search whatever you want to add to your space.It can be a Tv Series Episode or Movie etc.After you find what you want you can copy and paste the link of the torrent or magnet link into the + mark in your seedr acc. You can clearly see the + mark in top line of your Seedr acc.
That's all.Now all you have to do is waiting for converting the file into your Seedr space.This process won't charge any data from your ICP.So don't panic.
If your torrent's health is much better the process only takes a few seconds.But if it isn't that might takes couple of minutes or even a one hour.
After the converting process you can easily download the file or you can keep it in your acc for even a lifetime if you want.
Enjoy it!
Peace Out!
Thursday, April 11, 2019
මතු බුදු වන දස දෙනකු ගැනයි
මතු බුදු වන දස දෙනකු ගැනයි
ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
මෙම ලිපිය මගින් ඉදිරිපත් කැරෙන මතු බුදු වන දස බෝසත්වරුන් පිළිබඳ පුවත අප බෞද්ධ සමාජයේ එතරම් ප්‍රචලිත නොවූ, බොහෝ දෙනා නොදන්නා කථාවකි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අප ගෞතම බුදුරදුන්ගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වෙතැ යි සැලැකෙන්නාහු මෙත්තෙය්‍ය (මෛත්‍රේය) බෝසත්හු ය. උන් වහන්සේගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් පිළිබඳ ව සඳහන් වන, දැනට හමු වී ඇති එක ම ථේරවාදී කෘතිය ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ යි. ඒ අනුව මෙහි මෛත්‍රේය බෝසතුන් ඇතුළු ව මතු බුදු වන බෝසත්වරුන් දස දෙනකු පිළිබඳ ව සඳහන් වේ.
සංස්කාරක හිමියන් සඳහන් කරන ආකාරයට මෙම කෘතිය 1926 දී ඩී. ආර්. පෙරේරා විසින් අඹතැන්න විද්‍යාලතා මුද්‍රණාලයේ මුද්‍රණය කරවා තිබේ. ඒ පාලි පෙළ හා ශාස්ත්‍රීය නොවන පරිවර්තනයක් ද සමගිනි. එම කෘතිය සංස්කාරක හිමියන් අතට පත් වන්නේ වේයන්ගොඩ යටගම ශ්‍රී නාගවනාරාම පුස්තකාලයෙනි. තව ද මෙම කෘතිය මීට පෙර ආචාර්ය හම්මලව සද්ධාතිස්ස හිමියන් විසින් රෝමානු අකුරින් ඉංගී‍්‍රසි පරිවර්තනයක් ද සමගින් 1975 දී එංගලන්තයේ පාලි පොත් සමාගම මගින් මුද්‍රණය කරවා ඇත. එම කෘතිය අප අතට ද පත් විය. ආචාර්ය විජිතධම්ම හිමියන්ගේ පාලි – සිංහල දසබෝධිසත්තුප්පත්තිකථා සංස්කරණයට මූලික පදනම වන්නේ යථෝක්ත සංස්කරණ දෙක ය.
දසබෝධිසත්තුප්පත්තිකථාවේ සඳහන් බෝස-ත්වරුන් දස දෙනා නිරූපණය කැරෙන පැරැණි සිතුවම් දෙකක් දැනට හමු වී ඇත. ඒ මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාර සිවිලිමෙන් හා රංගිරි දඹුලු රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයෙන් ය. එයින් පැහැදිලි වන්නේ මහනුවර යුගයේ දී මෙම දසබෝසත්වරු පිළිබඳ කථාව ජනපි‍්‍රය ව පැවැති බව යි. පාලි බුද්ධ දේශනා සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් වන මෙය සම්පූර්ණයෙන් ම ගද්‍ය කෘතියකි. ග්‍රන්ථය අවසානයේ පමණක් පද්‍ය හෙවත් ගාථා දෙකක් දක්නට ලැබේ. දසබෝධිසත්තුප්පත්තිකථාවේ උද්දේස හෙවත් පරිච්ඡේද දහයකි. ඒවා ඒ ඒ බුදුවරුන්ගේ නම්වලින් ම හඳුන්වා ඇත. ඒ මෙසේ ය:
01. මෛත්‍රේය සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
02. රාම සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
03. ධම්මරාජ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
04. ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
05. නාරද සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
06. රංසිමුනි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
07. දේවදේව සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
08. නරසීහ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
09. තිස්ස සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
10. සුමඞ්ගල සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
මෙම බෝසත්වරුන් ගෞතම බුද්ධ සමයෙහි හැඳින්වූ නම් සහ බුදු වන විට ලබන නම් මෙසේ ය: (මෙහි 01 සිට 10 දක්වා පිළිවෙළ දඹුලු විහාර රූපයේ දකුණේ සිට වමට පිළිවෙළින් අදාළ වේ):
01. අජිත තෙරුන් – මෛත්‍රේය සම්මා සම්බුදු රදුන්
02. රාම රජු – රාම සම්මා සම්බුදු රදුන්
03. පසේනදි කොසොල් රජු – ධම්මරාජ සම්මා සම්බුදු රදුන්
04. අභිභූ දෙව්රජු – ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන්
05. දීඝසෝණ රාහු අසුරින්ද – නාරද සම්මා සම්බුදු රදුන්
06. චඞ්කී බාහ්මණයා – රංසිමුනි සම්මා සම්බුදු රදුන්
07. සුභ බ්‍රාහ්මණයා – දේවදේව සම්මා සම්බුදු රදුන්
08. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා – නරසීහ සම්මා සම්බුදු රදුන්
09. ධනපාලක ඇතා – තිස්ස සම්මා සම්බුදු රදුන්
10. පාරිලෙය්‍යක ඇතා – සුමඞ්ගල සම්මා සම්බුදු රදුන්
අප ගෞතම බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි සමයක සැරියුත් තෙරණුවෝ උන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට මෙසේ විමසූ සේක:
“ස්වාමීනි, අජිත තෙරුන් අනාගත කාලයෙහි මෙම මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රේය නම් බුදු රදුන් වන බව වදාරන සේක. ස්වාමීනි, අනාගත කල්පයන්හි වෙනත් බොහෝ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා (ලොව) පහළ වන්නාහු නො වෙත් ද?” යනුවෙනි. ගෞතම බුද්ධ සමයේ අජිත තෙරුන් නම් මතු බුදු වන මෙත්තෙය්‍ය හෙවත් මෛත්‍රේය බෝසත්හු ය. තව ද මෙම මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම පිළිබඳ ව ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ බව පාළි ත්‍රිපිටකයේ ද සඳහන් වේ. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයෙහි ද මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ව කරුණු සඳහන් වේ. කෙසේ වෙතත් මෙහි දී සැරියුත් තෙරුන් නැගූ පැනයට බුදු රදුන්ගේ පිළිතුර මෙය විය:
“සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය” යනුවෙනි.
මෙසේ වදාළ බුදු රජාණන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. අනතුරු ව සැරියුත් තෙරණුවෝ හුනස්සෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ මතු බුදු වන දස බුදුවරුන් පිළිබඳ ධර්ම දේශනාව වදාරන මෙන් ඉල්ලා සිටියහ. සැරියුත් තෙරුන්ගේ ආරාධනාව පිළිගත් බුදු රජාණන් වහන්සේ දසබෝධිසත්තුප්පත්තිකථාව ගෙන හැර වදාළ සේක. මෙම කථාවේ පළමු උද්දේසය වෙන් වන්නේ ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෙත්තෙය්‍ය බෝසතුන් වෙනුවෙනි.
මෙහි දී පළමුවෙන් සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. එනම්: ලංකාවේ බොහෝ දෙනා සිතා සිටින අන්දමට ‘මෛත්‍රේය බෝසතුන් හා නාථ දෙවි යන දෙදෙන එක් අයෙකි’ යන කාරණාව පිළිබඳ ව ය. එසේ හඳුනාගන්නා බොහෝ ලාංකික බෞද්ධයෝ මෙත් බෝසතුන් යැ යි නාථ දෙවියන්ට පුද-පූජා පවත්වති. එහෙත් මොරටුවේ සාසනරතන හිමියන් කරුණු දක්වන හැටියට මේ දෙදෙන එක් අයෙක් නො ව, දෙදෙනෙකි. උන් වහන්සේට අනුව නාථ දෙවි යනු අවලෝකිතේශ්වර ය. ලංකාතිලක ලිපිය, අස්ගිරි විහාර ලිපිය, පැපිළියානේ ලිපිය හා ගඩලාදෙණි ලිපිය ද මේ දෙදෙනා දෙදෙනකු බව දක්වයි. තොටගමු විහාරය නාථ දෙවියන් ඇදහීම පිළිබඳ ව ප්‍රසිද්ධ තැනකි. (ලක්දිව මහායාන අදහස්, 387-388 පිටු).
මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනාව වරදවා තේරුම් ගත් බොහෝ බෞද්ධයෝ ගෞතම බුදු සසුනේ දී නිවන් පසක් කිරීම පසෙක ලා අවිචාරවත් ලෙස මෛත්‍රේය බුදු රදුන්ගේ සසුන පතති. මෙය කලෙක පටන් සිදු වන්නකි. ගෞතම බුදු රදුන් මෙවැනි දේශනාවක් කළේ ශ්‍රාවකයන් අප්‍රමාදී ව තම-තමන් ම පිහිට කොට තම-තමන් ම සරණ කොට ධර්මය සරණ කොට හික්මවනු සඳහා ය. ඒ බව චක්කවත්ති සූත්‍රයෙහි මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම දක්වන තැන විස්තරයෙන් ම පැහැදිලි වේ. ගෞතම බුදු සසුන මගහැරුණු සත්ත්වයන්ට තවත් බොහෝ කාලයක් බුදු සසුනක පහළ වීම වෙනුවෙන් ගත කළ යුතු බව ඉන් අවධාරණය වෙයි.
ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෛත්‍රේය බෝසතුන් ද ලොව පහළ වනුයේ ගෞතම බුදු රදුන් ලොව පහළ වූ මේ මහා භද්‍ර කල්පයෙහි ම ය. ඒ අනුව මේ මහා භද්‍ර කල්පය බුදු වරයන් වහන්සේලා පස් නමකගෙන් සමන්විත වූවකි. එනම් කකුසන්ධ, කෝණාගමන, කස්සප, ගෞතම හා මෛත්‍රේය යන බුදුවරු පස් නම ය. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයට අනුව මෛත්‍රේය බෝසතුන් ලොව පහළ වීමේ විස්තරය මෙසේ ය:
මිනිසුන්ගේ මේ පවත්නා ආයුෂ කෙමෙන් අවුරුදු දහය දක්වා පිරිහී යයි. නැවතත් මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් වර්ධනය වී වසර අසූ දහසකට වැඩි වෙයි. මේ කාලය වන විට දඹදිව බෙහෙවින් සමෘද්ධිමත් ය. කුක්කුටසම්පාතිකා තත්ත්වයක් හෙවත් ගම් නියම්ගම් ජනපද රාජධානිවල වහල මත්තෙන් ගමෙකින් ගමකට කුකුළකුට නොබැස යා හැකි තරම් ඒකාබද්ධ ව පිහිටි නිවෙස්වලින් ගැවසී ගත් තත්ත්වයක් ඇති වන්නේ ය. දඹදිව මිනිසුන්ගෙන් අතුරු-සිදුරු නැති ව පිරී යන්නේ ය. දැන් පවත්නා බරණැස් නුවර ඒ වන විට කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. මුළු දඹදිව ඇති අසූහාර දහසක් නගරයන්ට මේ කේතුමතී රාජධානිය ම ප්‍රධාන වන්නේ ය. මේ කාලය වන විට ශංඛ නම් ධාර්මික සක්විති රජෙක් මේ කේතුමතී රාජධානියෙහි රජකම් කරන්නේ ය. මේ මහ පොළොවේ අවියෙන්, දඬුවමින් තොර ව පාලනය කරන්නා වූ ඒ ශංඛ සක්විති රජුට පරසේනා මර්දනය කිරීමට සමත් පුත්තු දහසකට වැඩි වන්නාහු ය. මෛත්‍රේය බුදු රදුන් ලොව පහළ වනුයේ මේ කාල සීමාවෙහි දී ය.
බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රේය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන් වහන්සේගේ උස අසූ අට රියනකි. විසි පස් රියනක් පෘථුල වන අතර පළල ද එපමණ වන්නේ ය. මෛත්‍රේය බුදු රදුන්ගේ සිරුරෙන් නිරතුරු ව නික්මෙන ශරීර ප්‍රභාව කොතරම් ද යත්: එය සඳ හිරු ප්‍රභාව ද අභිභවනය කොට සිටින්නේ ය. මේ නිසා මිනිසුන්ට රාත්‍රී දහවල් දෙක පවා වෙන් වෙන් ව හඳුනාගත නොහැකි වන්නේ ය. ඔවුන් නිරතුරු බුද්ධාලෝකයෙන් ආලෝකවත් ව සිටින්නා හ. සියොතුන්ගේ හඬින් ද පියුම් උපුල් කුසුම් පත් හැකිළීමෙන් සේ ම නැවත විකසිත වීමෙන් ද මිනිස්සු මේ සවස ය මේ උදෑසන ය යනුවෙන් වෙන් වෙන් කොට හඳුනාගන්නා හ. මේ කාලයේ වසන්නා වූ මිනිස්සු ගොවිතැන්, වෙළෙඳාම් නො කරන්නා හ. බුද්ධ නම් වූ අරමුණ සිහි කරන්නා වූ මේ අය නීරෝගී ය. බුද්ධානුභාවයෙන් උපන් ඇල් හාලේ භෝජනය ආහාර වශයෙන් අනුභව කරන්නා වූ මේ ජනතාව බොහෝ සතුටින් ජීවත් වන්නා හ.
මේ ආකාරයට මතු බුදු වන මෛත්‍රේය බුදු රදුන්ගේ නොයෙකුත් විස්තර දේශනා කරන්නා වූ ගෞතම බුදු රජාණන් වහන්සේ මෙත්තෙය්‍ය බෝසතුන්ගේ එක් විශේෂ පාරමිතාවක් පිළිබඳ ව ද වදාළ සේක. බුද්ධත්වය පිණිස දහම් පුරන මෙත් බෝසත් තෙම එක් කලෙක කුරු රටෙහි ඉන්දපත්ත නම් නගරයෙහි ශංඛ නම් සක්විති රජු වූයේ ය. එකල්හි සිරිමත නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සිරිමත සම්මා සම්බුදු රදුන් භික්ෂු සඞ්ඝයා සමඟ අනුපිළිවෙළින් චාරිකාවේ වැඩම කරන අතර ශංඛ සක්විති රජුගේ රාජධානියට ද වැඩම කොට, ඉන්දපත්ත නගරයෙන් සොළොස් යොදුනක් පමණ දුර එක්තරා තැනෙක වැඩ හුන් සේක. ශංඛ සක්විති රජු ද එක් සාමණේර හිමි නමකගේ මාර්ගයෙන් සිරිමත බුදු රදුන් ලොව පහළ වූ බව දැන තමා සතු සක්විති සම්පත් එහිමියන්ට දී හුදෙකලා ව ම බුදු රදුන් දැකීමට පිටත් විය.
පයින් ම බුදු රදුන් දැකීමට යන රජුගේ පා සියුමැලි බැවින් බිඳී ලේ ගලන්නට විය. පයින් යාගත නොහැකි හෙතෙම අනතුරු ව දෙදණින් හා දෙඅත්තලින් ගමන් කරන්නට විය. දෙදණින් හා අත්තලවලින් ද ලේ වැගිරෙන්නට වූ කල උරයෙන් ගමන් කරන්නට විය. සිතේ ඇති මහත් වූ බුද්ධ ගෞරවය නිසා බොහෝ දුක් වේදනා සතුටින් ම ඉවසන්නට විය. සිරිමත සම්බුදු රජාණන් වහන්සේ මතු බුදු වන මේ බුද්ධාංකුර තෙම දැක මාණවක වේශයක් මවාගෙන ශංඛ රජු සිටි තැනට වැඩම කොට ඔහු පූර්වාරාමය නම් තමන් වහන්සේ වැඩ සිටිනා වෙහෙරට රැගෙන වැඩි සේක. අනතුරු ව මාණවක වේශය අත්හළ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධශ්‍රීයෙන් වැඩ හිඳ රජුට දම් දෙසූ සේක. තවත් දහම් දෙසුව හොත් තමාට භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමට යමක් නැති බැවින් රජු ධර්ම දේ්ශනාව නවත්වන මෙන් බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. නිවන ප්‍රාර්ථනා කරමින් ඒ ශංඛ රජ තෙමේ නියෙන් බෙල්ල කපාගෙන සිය හිස පූජා කළේ ය. මෙය වනාහි මෛත්‍රේය බෝසතුන්ගේ පරමත්ථ පාරමිතාවක් විය. ඒ ශංඛ සක්විති රජු ජීවිත පරිත්‍යාගයෙන් අනතුරු ව තුසිත දෙව් ලොව ශංඛ නම් දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලැබුවේ ය.
මේ ආදි වශයෙන් දස බෝධිසත්තුප්පත්තිකථාවේ මෛත්‍රේය බෝසතුන් පිළිබඳ ව වන පළමු උද්දේසය අවසන් වේ. දස බෝධිසත්තුප්පත්තිකථාවෙහි දැක්වෙන මේ කථා පුවතට අමතර ව මෛත්‍රේය බෝසතුන් පිළිබඳ කථා පාලි හා සිංහල සාහිත්‍යයන්හි දැකිය හැකි ය. මෙම ලිපිය දිගු වන බැවින් මින් ඉදිරියට අනෙකුත් බෝසත්වරුන් නව දෙනා පිළිබඳ කථා අතිසංක්ෂිප්ත ව දැක්වේ.
මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය. අසඞ්ඛෙය්‍ය යනු අංක 141කින් ලිවිය යුතු තරමේ අතිවිශාල සංඛ්‍යාවකි. මෙතරම් අතිදීර්ඝ කාල සීමාවක් බුදු වරයන් වහන්සේලා පහළ නො වන්නා හ. මේ කාල සීමාව තුළ දෙව්-මිනිසුන්ට බුද්ධ කියා හෝ ධම්ම කියා හෝ සඞ්ඝ කියා හෝ කිසි දෙයක් නො වන්නේ ය.
එම බුද්ධ ශූන්‍ය එක් අසඞ්ඛෙය්‍ය ඉක්මවා ගිය කල්හි බුදුවරයන් වහන්සේලා දෙනමක් පහළ වන මණ්ඩ කල්පයක් වන්නේ ය (මණ්ඩ කල්පය යනු කුමක් දැ යි නිශ්චිත ව පැවසිය නොහැකි අතර, අපගේ වැටහීමේ හැටියට නම් මණ්ඩ කල්පය යනු බුදු වරයන් වහන්සේලා දෙ නමක් පහළ වන කල්පය යි. එහෙත් මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ ශබ්දකෝෂයෙහි එයට අරුත් දක්වා ඇත්තේ සුන්දර කල්පය හා බුදුවරයන් පහළ වන කල්පය යනුවෙනි). මේ මණ්ඩ කල්පයෙහි රාම හා ධර්මරාජ යනුවෙන් සම්මා සම්බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. එහි ද මිනිසුන්ට අසඞ්ඛෙය්‍යයක් ආයු පිරිහී ගොස් මිනිස් ආයුෂ වසර මිලියන දහයක් වූ කල රාම බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආයාචනය පරිදි තුසිත භවනයෙන් චුත ව මිනිස් ලොව උපදින්නා හ. උන් වහන්සේගේ ආයු ප්‍රමාණය වසර මිලියන දහයකි. ගිහි ගෙයි වසර නවදහසක් කල් වැස අභිනිෂ්ක්‍රමණය කරන්නා වූ ඒ බෝසත් තෙම චන්දනසාර හෙවත් සඳුන්සාර වෘක්ෂය බෝධිය කොට ගෙන බුද්ධත්වයට පත් වන්නා හ. අසූ රියනක් උස් වන්නා වූ මේ බුදු රදුන්ගේ බුදු රැස් අහස පුරා නිතර විහිදී පවතින්නේ ය. තව ද උන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් සියලු අලංකාරයන්ගෙන් පිරිපුන් එක් දිව්‍ය කල්ප වෘක්ෂයක් පහළ වන අතර, සියලු ජනයා එය පරිභෝග කරමින් සුව සේ ජීවත් වන්නා හ.
මේ රාම සම්මා සම්බුදු රදුන්ගේ දස පාරමිතාවන් අතුරින් බොහෝ සෙයින් ප්‍රකට වූ එක් පාරමිතාවක් ඇත. එය මෙසේ ය: රාම බෝසත් තෙම කාශ්‍යප බුදු රදුන් සමයෙහි නාරද නම් මාණවකයකු වී කාශ්‍යප සම්බුදු රදුන් දැක බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇත්තේ බුදු බව පතා තම සිරුර කාශ්‍යප බුදු රදුන්ට පූජා කිරීමට ඉටාගත්තේ ය. ඒ අනුව වස්ත්‍ර දෙකක් ගෙන සුවඳ තෙලින් තෙමා පා තලයේ සිට හිස දක්වා වෙළා ගිනි දඬු පහනින් තම සිරුර දවා බුදු රදුන්ට පූජා කරමි යනුවෙන් සිතී ය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පිරිස මැද හුන් නාරද මාණවකයා අමතා මෙපමණ මෙපමණ කල් ඇවෑමෙන් ඔබ මතු බුදු වන්නේ යැ යි විවරණ දුන් සේක. අනතුරු ව ඒ නාරද මාණවකයා එක් රැයක දී තන් සිතාගත් පරිදි සිය සිරුර සුවඳ තෙලින් තෙමූ වස්ත්‍රවලින් වෙළා ගිනි දල්වාගෙන එයින් බුදු රදුන් පුදා මිය ගොස් වෙනස් නො වූ සිතින් යුතු ව තුසිත දෙව් ලොව උපන්නේ ය.
නාරද මාණවකයා දිවි පිදූ තැන පියුම් ගැබක් පහළ වූ අතර මිනිස්සු එය දැක පුදුමයට පත් ව ඒ කෙරෙහි පැහැදී මහා පූජාවක් කළහ. මෙලෙස එම බෝසත් තෙම විසින් කළ ජීවිත පූජාවෙන් රාම බුදු රදුන් වන කල උන් වහන්සේ අසූ රියන් උස් වන අතර, දිවා රාත්‍රී දෙක්හි පැතිරුණු ආලෝකය ඇත්තාහු වන්නා හ. බුද්්ධාලෝකය හේතුවෙන් හිරු සඳු ද මඳ ආලෝක බවට පත් වන්නේ ය. තව ද උන් වහන්සේට වසර මිලියන දහයක් ආයු වන්නේ ය.
රාම සම්මා සම්බුදු රදුන්ගේ සාසනය අවසන් වූ පසු මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී නැවතත් පිරිහී මිනිසුන්ගේ ආයුෂ වසර පනස් දහසක් වන කල පසේනදි කොසොල් රජු පුරන ලද පාරමී ඇති ව ධම්මරාජ නම් සම්මා සම්බුදු රදුන් වන්නේ ය. උන් වහන්සේ දිගින් රියන් හැටක් වන අතර නාග වෘක්ෂය බෝධිය වන්නේ ය. ගෞතම බුද්ධ ශාසනයෙහි පසේනදි කොසොල් රජු නමින් හැඳින්වුණු ධම්මරාජ බෝසත් තෙම කෝණාගමන සම්මා සම්බුදු රදුන්ගේ සසුනෙහි සුද්ධ නම් මාණවකයා විය. මේ සුද්ධ මාණවකයා එක් පියුම් විලක් රකිමින් ජීවත් වූ අතර දවසින් දවස පියුම් දෙක බැගින් විකුණා එයින් ලැබූ මුදලින් සහල් නැළි හතක් ලබා ජීවත් විය.
දිනක් පියුම් දෙකක් ගෙන විකිණීමට යන සුද්ධ මාණවකයාට කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබිණි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයාට “ඔබ මතු බුදු වන්නේ යැ” යි වදාරා ඒ පිළිබඳ විස්තර වදාළ සේක. බුද්ධ වචනය අසා සිත පැහැදුණු සුද්ධ මාණවකයා තමා අත තිබූ පියුම් දෙක භාග්‍යවතුන් වහන්සේට පිදුවේ ය. පියුම් ලැබූ බුදු රජාණන් වහන්සේ ඒ පියුම් මත්තෙහි වැඩ හුන් සේක. තව ද සුද්ධ මාණවකයා බුදු රදුන්ට සූර්ය තාපය නොවැදීම පිණිස දඬු සතරක් ගෙන සිවු දිශාවන්හි ඔසවා වස්ත්‍ර දෙකක් ගෙන දඬුවලින් වට කොට වසා ඒ සියලු දානයන්ගේ ඵලයෙන් උතුම් බුද්ධත්වය ම පැතුවේ ය. මේ ආදි වශයෙන් කෝණාගමන බුද්ධ ශාසනයෙහි නොයෙක් පින්කම් කළ හෙතෙම ගෞතම බුද්ධ ශාසනයෙහි ද කොසොල් මහ රජු වී නොයෙක් පින්කම් කළේ ය. මෙලෙස අතීතයේ පටන් අනාගතය දක්වා පිරූ සහ පුරන්නා වූ පාරමිතාවන්ගේ බලයෙන් ධම්මරාජා බෝසත් තෙම මතු මණ්ඩ කල්පයෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය.
රාම හා ධම්මරාජා සම්බුදුවරුන් වැඩ සිටින්නා වූ මණ්ඩ කල්පය ගින්නෙන් දැවී අවසන් වී සාර කල්පයක් ඇති වන්නේ ය. අභිභූ නම් දෙව්රජු එම කල්පයෙහි ධම්මස්සාමි නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. වසර දහසක් ආයු ඇති උන් වහන්සේ අසූ රියන් උස් වන්නා හ. සල් වෘක්ෂය බෝධිය වන්නා වූ එම බුදු රදුන්ගේ බුද්ධානුභාවයෙන් නිධානයක් පහළ වන අතර, සියලු මිනිස්සු එය නිසා සැප සේ ජීවත් වන්නා හ. මෙම ධම්මස්සාමි බුදු රදුන්ගේ ද එක් පාරමිතාවක් ප්‍රකට ය. එම බෝසත් තෙම කාශ්‍යප බුද්ධ සමයෙහි බෝධි නම් ඇමැතියා විය.
වරෙක කාශ්‍යප බුදුන් වහන්සේ ඵලසමවතින් නැගී සිට ජේතවන ආරාමයේ වැඩ සිටි සේක. එකල කිකී නම් මහ රජු ඵලසමවතින් නැගී සිටි අයකුට දෙන දානයේ විපාක දැන බුදු රදුන්ට දානයක් දීමට සිතා “කිසිවකු බුදු රදුන්ට පළමු ව දන් නො දිය යුතු ය. එසේ දුන හොත් ඔහුට දඬුවම් වන්නේයැ” යි පවසා බෙර හැසිරවී ය. එහෙත් ශ්‍රද්්ධාවෙන් ම ඔද වැඩුණු බෝධි ඇමැතියා රජ අණ නොතකා බුදු රදුන්ට දන් දීමට සූදානම් වී වෙහෙර වෙත ගියේ ය. අතරමග දී රාජ පුරුෂයන් අතට පත් වුණු ඇමැතියාට රජ අණ කඩ කිරීම නිසා මරණ දඬුවම හිමි විය. ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වධක ස්ථානයට වැඩම කළ සේක. ඇමැතියාගේ මරණයට මොහොතකට පෙර බුදු රදුන්ට දන් දීමට අවස්ථාව උදා විය. බුද්්ධානුභාවයෙන් පහළ වූ දානය හෙතෙම බුදු රදුන්ට ම දුන්නේ ය. බුදු රජාණන් වහන්සේ ඔහුට මතු බුදු වන බව දක්වා විවරණ දුන් සේක. බුදුන් වහන්සේ නික්ම වැඩම කළ සේක. ඇමැතියා දන් දෙන්නට ගොස් රජ අණ කඩ කිරීම හේතුවෙන් මරණය උරුම කරගති. මරණින් පසු ඔහු තුසිත පුරයෙහි උපන්නේ ය. මෙය වූකලි මතු බුදු වන ධම්මස්සාමි බුදු රදුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව යි.
ධම්මස්සාමි බුද්ධ ශාසනය ඉක්ම ගිය කල්හි බුද්ධ ශූන්‍ය වූ එක් ලක්‍ඛණ කල්පයක් වන්නේ ය. ඉන් පසු උදා වන බුදු වරයන් දෙනමකගෙන් සමන්විත මණ්ඩ කල්පයෙහි නාරද හා රංසිමුනි නමින් බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. නාරද නමින් බුද්ධත්වයට පත්වන්නේ දීඝසෝණ නමින් ප්‍රකට රාහු අසුරින්දයා ය. මෙහි රාහු අසුරින්දයා විශාලතම ශරීර ඇති අය අතර අග්‍රස්ථානයට ම වැටෙන්නෙකි (ඒතදග්ගං භික්ඛවේ අත්තභාවීනං යදිදං රාහු අසුරින්දෝ). රංසිමුනි නමින් සම්බුද්ධත්වයට පත් වන්නේ මේ බුදු සසුනේ චඞ්කී නම් බ්‍රාහ්මණයා ය.
රංසිමුනි බුදු රදුන් වැඩ සිටි මණ්ඩ කල්පය ඉක්ම ගිය කල්හි තවත් එක් මණ්ඩ කල්පයක් වන්නේ ය. එම මණ්ඩ කල්පයෙහි දේවදේව හා නරසීහ යනුවෙන් සම්බුදුවරු දෙනමක් පහළ වන්නා හ. මේ කල්පයෙහි පළමුවෙන් ම බුද්ධත්වයට පත් වන දේවදේව බුද්ධ තෙම නම් සුභ බ්‍රාහ්මණයා ය. එහෙත් සුභ නම් මාණවකයකු පිළිබඳ ව මිස සුභ නම් බ්‍රාහ්මණයකු පිළිබඳ කරුණු ත්‍රිපිටකයෙන් සොයාගැනීමට නොහැකි තරම් ය. එය කෙසේ වෙතත් මේ තෙම කෝණාගම බුද්ධ සමයෙහි ඡද්දන්ත නාග රාජයකු වී උපන්නේ ය. සර්වඥතා ඥානය ම කැමැති වන ඒ බෝසත් නාග රාජ තෙම පිරිනිවන් පෑ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ නමකගේ දේහයට කළ යුතු අවසන් කටයුතු මහත් ගෞරවයෙන් ම සිදු කළේ ය. මෙය වනාහි එම දේවදේව බෝසතුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව ය.
දේවදේව සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි එම කල්පයෙහි ම ගෞතම බුදු සසුනෙහි තෝදෙය්‍ය නමින් ප්‍රකට ව සිටි බමුණා නරසීහ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ තෝදෙය්‍ය බමුණා කාශ්‍යප සම්බුදු සසුන පිරිහී ගෞතම සම්බුදු සසුන පහළ වන්නට පෙර කල්හි නන්ද නම් මාණවකයෙක් විය. පිඬු සිඟා වඩින එක් පසේබුදු වරයන් වහන්සේ නමක් දුටු හෙතෙම පැහැදුණු සිතින් දන් පූජා කොට සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ ය.
නරසීහ සම්බුදු සසුන පිරිහී එම කල්පය ද ඉක්ම ගිය කල්හි බුදු වරයන් පහළ නොවන එක්බුද්ධ ශූන්‍ය කල්පයක් වන්නේ ය. එම බුද්ධ ශූන්‍ය කල්පය ද ඉක්ම ගිය කල්හි තවත් බුදු වරයන් වහන්සේලා දෙනමකගෙන් ප්‍රතිමණ්ඩිත මණ්ඩ කල්පයක් වන්නේ ය. එහි පළමුවෙන් ම තිස්ස නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. උන් වහන්සේ දිගින් අසූ රියන් උස් වන්නා හ. නුග රුක බෝධිය කොටගන්නා උන් වහන්සේට වසර අසූ දහසක් ආයු වන්නේ ය. උන් වහන්සේ විසින් පෙර කරන ලද පින් බලයෙන් එම සසුනෙහි ද නොයෙක් අසිරි වන්නේ ය.
තිස්ස සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි පාරිලෙය්‍යක නමින් ප්‍රකට ඇත් රජු සුමඞ්ගල නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ පාරිලෙය්‍යක ඇත් තෙමේ පෙර කකුසන්ධ බුද්ධ සමයෙහි මහාපනාද නම් සක්විති රජ වී ධර්මය වෙනුවෙන් දිවි පිදුවේ ය. ඔහු එම ජීවිත දාන ඵලයෙන් මතු වසර දහසක් ආයු ඇති සුමඞ්ගල නම් බුදුවරයා වන්නේ ය.
මේ ආදි වශයෙන් දසබෝධිසත්තුප්පත්ති-කථාවෙහිමතු බුදු වන බුදුවරයන් වහන්සේලා දස නමකගේ තොරතුරු අන්තර්ගත වේ. අර්ථීහු එය කියවා වැඩි දුර විස්තර දැනගනිත්වා! ථේරවාද බුදු සමයෙහි කුමන දේශනාවක වුව මුඛ්‍ය අරමුණ වනුයේ පුද්ගලයා නිවනට අප්‍රමාද කරවීම ය. ඒ අනුව දසබෝධිසත්තුප්පත්තිකථාවෙහි එන මේ බුද්ධෝත්පාදයන්ගේ දුර්ලභ බව දැන වහ-වහා මේ බුදු සසුනෙහි කළ යුතු දෑ වෙනුවෙන් වීර්ය කට යුතු ය. ඒ අප මාරයා සමඟ ඇති කරගත් ගිවිසුමක් නැති බැව් ද සිහියේ තබාගෙන ම ය.

Wednesday, March 13, 2019
සප්ත භාර්‍යාවෝ
සප්ත භාර්‍යාවෝ
"පුරුෂයෙකුට මේ භාර්‍ය්‍යා සත් දෙනෙක් වෙති. කවර සත් දෙනෙක යත්:
1. වධකසමා ය
2. චොරීසමා ය
3. අර්‍ය්‍යසමා ය
4. මාතුසමා ය
5. භගිනීසමා ය
6. සඛීසමා ය
7. දාසිසමා ය
ඒ විස්තරය මෙසේ ය.
1. වධකසමා
යම් බිරියක් දුෂ්ට සිත් ඇත්තී ද, හිතානුකම්පා නැත්තී ද, පරපුරුෂයන් කෙරෙහි ඇලුනී ද, සිය සැමියා ඉක්ම සිතා ද, ධනයෙන් විකොට ගෙන වධ කිරීමට උත්සුක වේ ද, පුරුෂයකුට සිටිනා මෙබඳු බිරිය වන්නී වධකසමා යැයි කියනු ලැබේ.
2. චෞරිසමා
ස්ත්‍රියගේ හිමි තෙම ගොවිකම් ආදිය කරමින් යම් ධනයක් ලබා ද, ස්ත්‍රිය ඒ ධනයෙන් අල්පයක් හෝ පැහැරගනු කැමැති වෙද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඇය චෞරිසමා යැයි කියනු ලැබේ.
3. ආර්‍යසමා
ගේ දොර කටයුතු නොකරන්නී අලස වූවා බොහෝ කොට අනුභව කරන්නී රළු වූවා සැඬ වූවා කැකුළු තෙපුල කියන්නී හිමිහුගේ උත්ථානසම්පදාවට බාධා කරන්නී වී ද, පුරුෂයාගේ මෙබඳු ඒ බිරිය ආර්‍ය්‍යසමා යැයි කියනු ලබයි.
4. මාතෘසමා
යම් බිරියක් හැම විට හිතානුකම්පා ඇත්තී මවක් පුතකු සෙයින් හිමියා රක්නී ද, ඔහු විසින් උපයනලද ධනයත් රක්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඈ මාතෘසමා යැයි කියනු ලැබේ.
5. භගිනිසමා
දෙටු බෑයා කෙරෙහි කණිටු බුහුන යම්සේ පවත්නී ද, එසෙයින් සිය හිමිහු කෙරෙහි ගෞරව සහිත වේ ද, ලජ්ජා සිත් ඇත්තී ද, හිමිහුගේ වශය අනුව වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඇය භගිනිසමා යැයි කියනු ලැබේ.
6. සඛීසමා
මෙ ලොවෙහි යම් බිරියක් බොහෝ කලෙකින් පැමිණි යහළුවකු දැක තුටු වන යෙහෙළියක සෙයින් සිය හිමිහු දැක ප්‍රමුදිත වී නම්, කුලසපන් වූවා සිල්වත් වූවා පතිව්‍රත ඇත්තී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඇය සඛීසමා යැයි කියනු ලැබේ.
7. දාසිසමා
(හිමියා විසින්) දඬු ගෙණ තර්ජනය කරණලද්දී පවා නොකිපුනි ම දුෂ්ට චිත්ත නැත්තී හිමිහට ක්ෂමා කරන්නී ද, නො කිපෙනසුලු වූවා හිමියාගේ වශයෙහි වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඈ දාසිසමා යැයි කියනු ලැබේ.
මෙ ලොව්හි යම් බිරියක් වධකා යයි කියනු ලබා නම්, යම් බිරියක් චොරී ය යි ද අය්‍යා යි ද කියනු ලබා නම්, දුඃශීලස්වභාව ඇති රළු වූ ආදර නැති ඔවුහු මරණින් මතු නිරයට යති.
මෙ ලොව්හි යම් බිරියක් මාතෘභාර්‍ය්‍යා යයි ද භගිනිභාර්‍ය්‍යා යයි ද සඛීභාර්‍ය්‍යා යයි ද දාසිභාර්‍ය්‍යා යයි ද කියනු ලබා නම්, ශීලයෙහි පිහිටි සිත් ඇති චිරරාත්‍රයෙහි සංවෘත වූ ඔවුහු මරණින් මතු සුගතියට යති.
(අ.නි. සප්තක නිපාත - සත්තභරියා සූත්ත)

ප්‍රේත ලෝක දොළහ.
ප්‍රේත ලෝක දොළහ .
•••••••••••••••••••••••••••
(01) සෙම සොටු ආහාර කොට ඇති වත්තාස නම් ප්‍රේත ලෝකය.
(02) මිනිසුන් ගේ හා සතුන්ගේ මළකුණු ආහාර කොට ඇති කුණපාස නම් ප්‍රේත ලෝකය.
(03) අසුචි ආහාර කොට ඇති ගුථඛාදක නම් ප්‍රේත ලෝකය.
(04) කටින් නික්මෙන්නා වු ගිනි දැල් ඇති අග්ගිජාල මුඛ නම් ප්‍රේත ලෝකය.
(05) ඉදිකටු මලකය පමණ වු මුඛයක් ඇති මහ සැලිසිලික් පමණ බඩ ඇති සුවිමුඛ නම් ප්‍රේත ලෝකය.
(06) සාගින්නෙන් හා පිපාසයෙන් නිතර පෙලෙන බැවින් ආහාර පාන ආශාවෙන් පෙළෙන තණ්හාටිවික නම් ප්‍රේත ලෝකය.
(07) ගින්නෙන් දා ගිට කණුවක් මෙන් වියලී ගිය ශරීර ඇති සුනිජ්ඤාමක නම් ප්‍රේත ලෝකය.
(08) ආයුධ වැනි වු තියුණු තමාගේ ශරීරයම කැපෙන නිය ආදි ශරීර අවයව ඇති සතංග නම් ප්‍රේත ලෝකය.
(09) පරවිත නම් විශාල ශරීර ඇති පබ්බතංග නම් ප්‍රේත ලෝකය.
(10) පිඹුරන්ගෙනන් ශරීර වැනි ශරීර ඇති අජහරංග නම් ප්‍රේත ලෝකය .
(11) විමාන වල ඉපිද සැප දුක් දෙකම කලින් කල විඳින්නා වු වේමානික නම් ප්‍රේත ලෝකය. .
(12) කැලෑවල වාසය කරන්නා වු මහත් වු සෘද්ධි ද ඇති මහිංධික නම් ප්‍රේත ලෝකය.
තෙරුවන් සරණයි !!!
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

අට මහ නරකය පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් දැක්වේ. .
අට මහ නරකය පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් දැක්වේ.
.
පාළි භාෂාවෙහි නිරය යන වචනය පරමත්ථජෝතිකාව නම් විනය අටුවාවේ විස්තර කර ඇත්තේ සතුට හෝ සැපත මුළුමනින් ම තොර වූ ස්ථානය යනුවෙනි. වැරැදි කරන්නවුන් මරණයෙන් පසු ඔවුන්ගේ පාපකාරී ක්‍රියා නිසා නැවත උපදින අපාය භූමිවලින් එකක් වන්නේ නිරය යි.
ඒ ඒ පුද්ගලයා විසින් කරන ලද පව්කම්වල ප්‍රමාණය හා ඒවායේ විපාක දීමේ ශක්තිය අනුව නිරයට වැටෙන ඇතැම්හු ඉතා සුළු කාලයක් ද, ඇතැම්හු ගණනය කළ නොහැකි තරම් දිගු කාලයක් ද නිරයෙහි දුක් විඳිති. මේ සඳහා හොඳ උදාහරණයක් ලෙස දෙව්දත් තෙරණුවන් පෙන්වා දිය හැකි ය. උන් වහන්සේ බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇත.
අද අපි මෙම ලිපියෙන් මහා නිරය අට පිළිබඳ ව සරල ව විමසා බලමු. මේ මහා නිරය අට නම්:
1. සංජීව නරකය
2. කාළසුත්ත නරකය
3. සංඝාත නරකය
4. රෞරව නරකය
5. මහාරෞරව නරකය
6. තාප නරකය
7. ප්‍රතාප නරකය
8. අවීචි නරකය
▬▬▬▬▬
1. සංජීව නරකය
සංජීව නරකයෙහි වැටුණු පව් කළ අය එම නිරය පාලකයන් විසින් දිලිසෙන රත් වූ ආයුධවලින් තළා පොඩි කර කෑලිවලට කපනු ලැබේ. ඔවුන්ගේ පව් කම් විපාක දී අවසන් වන තෙක් ම ඔවුහු මේ දඬුවම නැවැතනැවැතත් විඳිති. තමා කළ පවට අනුරූප ව නැවැතනැවැතත් එක ම දඬුවම බොහෝ කල් විඳින්නට සිදු වන නිසා මේ නිරය සංජීව නරකය ලෙස හැඳින්වේ.
වෙහෙර-විහාර පෙති පිළිමාදිය කැඩුවෝ ද, අවැඩදායි තැන්වල නිර්මල බුදු රදුන්ගේ ප්‍රතිමා රූප තබා නිග්‍රහ කිරීමට සැලසුවෝ ද දහම් බණ පොත් විනාශ කළෝ ද, සිල්වත් ගුණවත් උතුමන්ට නින්දා අපහාස කළෝ ද, වන්දන-මානන කරනු ලබන බෝ රුක් වැනසුවෝ ද වඳින-පුදන තැන් අපවිත්‍ර කළෝ ද, ගෙවල් ගිනි තැබුවෝ ද, උන්–හිටි තැන් නැති කළෝ ද, නැති සිල් පෙන්වා ජනතාව මුළා කළ පැවිද්දෝ ද මෙම සංජීව නරකයට වැටී මහා භයානක දුක් විඳින්නෝ ය.
මිනිස් හට පණස් අවුරුද්දක් චාතුම්මහාරාජිකයෙහි දෙවියන්ට එක් දවසකි. එදවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුද්දක් වේ. ඒ අවුරුද්දෙන් එකී දෙවියනට පන්සියයක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ වූ අවුරුදු පන්සියය සංජීව නරකයෙහි එක් දවසක් වේ. එදවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුදු වෙයි. ඒ අවුරුද්දෙන් පන්සියයක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මේ අනුව මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ අනූ ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි.
එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර පන්සියයක් සංජීව නරකයෙහි ආයුෂ ප්‍රමාණය වේ.
▬▬▬▬▬
2. කාළසුත්ත නරකය
කාළසුත්ත නරකයෙහි යම පල්ලන් විසින් මෙහි උපදින්නන්ගේ සිරුරු කළු පැහැ ගත් නූලකින් සලකුණු කරන ලද සීමාවන් අනුව වෑයෙන් සසිනු ලැබේ. මේ දඬුවම තමන් විසින් කරන ලද පාපකර්මයේ ශක්තිය හා ප්‍රමාණය අවසන් වන තෙක් විඳීමට ඔවුන්ට සිදු වේ. මේ නරකයෙහි වැටුණු නිරි සතුන්ගේ සිරුරු කළු නූලකින් සලකුණු කෙරෙන නිසා එම නරකයට කාළසුත්ත (කළුනූල) යන නම ව්‍යවහාර කරනු ලැබේ.
තම මවු-දෙමවුපියන්ට අගරු කළ, නොසැලකූ, හිංසා පීඩා කළ, දුර්ජන පුද්ගලයෝ ද, සුරාවට-සූදුවට, අනාචාරයට ඇබ්බැහි වී තම අඹු-දරුවන්ට හිරිහැර හිංසා පීඩා කළ පුද්ගලයෝ ද නිවැරදි අයට විවිධ අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට අවමන් කළෝ ද සේවය කළ අයට නිසි පරිදි සැලකිලි නොකොට වැටුප් ආදිය නොගෙවූවෝ ද නොසැලකිලිමත් ලෙස ක්‍රියා කොට අන් අය මරණයට හිංසාවට පීඩාවට අහේනියට නැතිබැරි තත්ත්වයට පත් කළෝ ද අන් සතු වස්තුව වංචා සහගත අයුරින් රවටා ලියා-කියාගත්තෝ ද අසරණ දුකට පත් අයට කිසි විටෙකත් උපකාරයක් නොකළෝ ද කතාබස් කරන විටදී ද හිත් රිදෙන වචන ඇණුම් පද සහ නපුරු වචනවලින් කතා-බස් කළෝ ද, සත්ත්ව ඝාතනය කළෝ ද, වස-විස කවා හදි-හූනියම් කොට අන් අය විනාශ කළෝ ද මෙම කාල සූත්‍ර නරකයෙහි පහළ වී, අනන්ත විඳි.
මිනිස් හට සියක් අවුරුදු තව්තිසා වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. ඒ දවසින් එහි දෙවියන්ට පූර්වෝක්ත ක්‍රමයෙන් දහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සහස්‍රය කාළසුත්ත නරකයෙහි එක් දවසක් වෙයි. ඒ දවසින් දහසක් අවුරුදු එම නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර තුන්කෝටි හැටලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු වසර දහසක් කාළසුත්තයෙහි ආයුෂ ප්‍රමාණය වේ.
▬▬▬▬▬
3. සංඝාත නරකය
සංඝාත නරකයෙහි උපන් පව් කළ තැනැත්තේ දිලිසෙන උණුසුම් කඳු වළල්ලකින්, දූවිලි තරමට කුඩා කැබැලිවලට කඩාදමන හෙයින් මෙම නරකයට සංඝාත යන නම ව්‍යවහාර වේ.
මෙම සංඝාත නමැති භයානක නරකයෙහි උපත ලබන්නෝ කෙබඳු පාපකර්ම කරගත්තෝ දැ යි බලමු. අසරණ අහිංසකයනට අයත් ඉඩම-කඩම හෝ අනෙක් වස්තුවක් හෝ රැකගෙන සිට මුදලක් හෝ සටකපටකම්වලින් වංචා කොට ගසාකෑවෝ ද, පොදු මහජන සන්තක දේ රජයේ දේපළ ගසාකෑවෝ ද අවි-ආයුධවලින්, පොලු-මුගුරුවලින් පහර දී ගව මහීෂාදීන් පමණක් නො ව, මිනිසුන් පවා දුකට වේදනාවට මරණයට පත් කළෝ ද, හදිසියකට, විපතකට කෙනකුගෙන් ලබාගත් මුදල් හැකියාව තිබියදී ආපසු නොගෙවා මගහැරියෝ ද මිල-මුදලට වාසියට ප්‍රයෝජනයට තම අතදරුවන් අකරුණාවන්ත ලෙස විකිණූ දුර්ජන ස්ත්‍රී-පුරුෂයෝ ද, අකාරුණික ලෙස සේවක- කාරකාදීන්ගෙන් මෙන් ම ගවමහීෂාදීන්ගෙන් වැඩ ගත්තෝ ද මේ සංඝාත අපායෙහි උපත ලබති.
මිනිස් හට දෙසීයක් අවුරුදු යාම දෙව්ලොව දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් එහි දෙවියන්ට දෙදහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සංඝාත නරකයේ එක් දවසක් වෙයි. එදවසින් දෙදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර දාහතර කෝටි හතළිස් ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු වසර දෙදහසක් සංඝාත නරකයේ ආයුෂ වේ.
▬▬▬▬▬
4. රෞරව නරකය
රෞරව නරකයේ ඉපදුණු පව් කළ සත්ත්වයෝ නිතර ම ඉතා උස් හඬින් හඬන්නේ ඉතා බියකරු හානි දායක විෂ දුමකින් ඔවුන්ගේ සිරුරු පිලිස්සෙන බැවිනි. මේ නිසා මේ නරකයට ධූම රෝරුව හෙවත් රෞරව නරකය යැ යි කියනු ලැබේ.
සතුන් මැරුවෝ ද, සොරකමට අනුබල දුන්නෝ ද මං පැහැරුවෝ ද, මිල-මුදලට විවිධ වැරදි දේ සහ මනුෂ්‍ය ඝාතන කළෝ ද, ගෙවල්-දොරවල් ගිනි තැබුවෝ ද ගංගා ඇළ දොළ, වැව් පොකුණු අපිරිසුදු කළෝ ද ඒවා විනාශ වී යෑමට කටයුතු කළෝ ද කෝපයෙන් ක්‍රෝධයෙන් ජනයා පරිහරණය කරන ළිං පොකුණු වසා දැමුවෝ ද, මත්ද්‍රව්‍ය, මත් පැන්, මත් කුඩු ආදි විනාශකාරී දේ ජනයා අතර ප්‍රචලිත කළෝ ද, අනාචාරයෙහි යෙදුණු ස්ත්‍රී-පුරුෂයෝ ද, පාපකාරී දරුණු පුද්ගලයන්ට අත-හිත දී උපකාර කොට ඔවුන් ලවා විවිධ අපරාධ කරවූවෝ ද රෞරව නරකයෙහි පැසෙන්නා හ.
මිනිස් හට හාරසියයක් අවුරුදු තුසිත පුරයේ දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ රෞරව නරකයේ එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ පණස්හත් කෝටි හැටලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින 30ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු වසර හාරදහසක් රෞරව නරකයේ පරමායුෂ වන්නේ ය.
▬▬▬▬▬
5. මහාරෞරව නරකය
මහා රෞරව නරකයෙහි උපදින සත්ත්වයෝ රෞරව නරකයේ ඉපදුණු අයට වඩා මහ හඬින් විලාප දෙති. මහා රෞරව යන වචනය එයට ව්‍යවහාර කරන්නේ ඒ හේතුවෙනි. එසේ ම මේ නරකයෙහි උපදින සත්ත්වයෝ අපායේ ගිනිදැල්වලින් නිරන්තරයෙන් පිලිස්සෙමින් දුක් විඳිති. එහෙයින් ඊට ජාල රෝරුව යන නම ද යෙදේ.
මෙලොවක් නැත, පරලොවක් නැත, දීමෙහි කුසල විපාකයක් නැත, කෙසේ හෝ තමා ජීවත් විය යුතු ය, ඒ සඳහා කවර වරදක් කළ ද නරක විපාකයක් නැත… ආදි මිථ්‍යා දෘෂ්ටි ඇත්තෝ ද ගවයන්, ඌරන් එළුවන් කුකුළන් හා නොයෙක් පක්‍ෂි වර්ග ද අල්ලාගෙන ගසා තළා පෙළා මරාගෙන මස් කෑවෝ ද මවු-පිය-ගුරුවරු ආදීන්ට අකෘතඥ වී ඔවුන්ගෙන් ලද සේවය ගැන නොසලකා ඔවුන්ට හිංසා-පීඩා කළෝ ද, උන් හිටි තැන් නැති කළෝ ද නැති-බැරි අහිංසක මිනිසුන් දුක සේ උපයාගත් මිල-මුදල් ආදිය විපත් අවස්ථාවලදී ගැනීමට විශ්වාසය තබා භාර දුන් විට එම විශ්වාසය කඩා එම ධනය ගසාකෑ වංචනිකයෝ ද මෙම මහා රෞරව නරකයෙහි වැටෙන්නෝ ය.
තව ද: සැදැහැ සිතින්, හැකි පමණින් පින්වත් මිනිසුන් විසින් පූජා කරන ලද සඟ සතු දේපළ, මහජන දේපළ අයුතු ලෙස පරිහරණය කළ ගිහියෝ මෙන් ම පැවිද්දෝ ද, අභ්‍යන්තරයෙහි කරුණා මෛත්‍රී සීලාදිය නැති ව අන් අය මුළා කරනු පිණිස නැති ගුණ පෙන්වා ජනයා මුළා කොට මිලමුදල් සම්පත් ලද්දෝ ද මෙම නරකයට වැටෙන්නෝ ය. තම දරුවන් බැළ-මෙහෙවරකම්වලට විකිණුවෝ ද අහිංසක දූ-දරුවන් අනාචාරයෙහි යොදවා මිල මුදල් ඉපයූවෝ ද, කුලියට මිනී මැරුවෝ ද කාන්තාවන් රවටා ස්ත්‍රී දූෂණ කළෝ ද, රජවරුන්ට, මැති-ඇමතිවරුන්ට, ජන ප්‍රධානීන්ට කේළම් කියා ඔවුනොවුන් බිඳුවා නිවැරදි අහිංසක ජනයාට විවිධාකාර පීඩා කළෝ ද, කිසිවකුගේ හෝ හොඳක් හොඳක් හැටියට නොපිළිගෙන අනුන්ගේ අගුණ ම පවසමින් අන් අය අපහාසයට, උපහාසයට ලක් කරමින් වාචාල කතා කියන අසත්පුරුෂයෝ ද යන සියලු දෙනා ද මෙම රෞරව නරකයට වැටී කල්ප ගණන් බිහිසුණු දුක් විඳින බව දේවදූත සූත්‍ර වර්ණනාවේ දැක්වේ.
මිනිස් හට අටසියයක් අවුරුදු නිම්මාණරතියෙහි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු අටදහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ මහා රෞරව නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් අටදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ දෙසිය තිස් කෝටි හතළිස් ලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු අටදහසක් මහා රෞරව නිරයට ආයුෂ වන්නේ ය.
▬▬▬▬▬
6. තාප නරකය
තාප නරකයෙහි උපන් සත්ත්වයෝ තමන් කළ කර්මානුරූප ව රත් වීමෙන් රත් පැහැ ගැන්වුණු තියුණු යකඩ උල්වලින් සිරුර පසා කරගෙන යන ලෙස විදිනු ලබන කල්හි තද වේදනාවෙන් පෙළී නිසොල්මන් ව සිටිති. ඔවුන් කළ පාප කර්මය ගෙවී අවසන් වන තෙක් ම ඔවුහු මේ නරකයෙහි දුක් විඳිති. ගිනි ගත් අයෝමය දණ්ඩෙන් සිරුරු විදිනා කල්හි එයින් බොහෝ කලක්, තැවිතැවී දුක් විඳිනා හෙයින් මේ නරකය තාපන හෙවත් චුල්ල තාපන නරකය නමින් හැඳින්වේ.
අදමිටු අයුරින් සතර අගතියෙන් බැඳී රට-රාජ්‍යයන්, ප්‍රදේශයන් පාලනය කළ රාජ-රාජ-මහාමාත්‍යවරු ද, ඔවුන්ගේ පුරෝහිතයෝ ද, වංක ලෙස කටයුතු කළ රජයේ නිලධාරීහු ද, නිසි ලෙස සේවය නොකොට අයථා පරිදි රාජ්‍ය දේපළ සූරා කෑවෝ ද, රාජ්‍ය සේවය නිසි පරිදි ඉටු නොකොට අයුතු ලෙස ධන සම්පත් ගසා කෑ නිලධාරීහු ද මේ බිහිසුණු නරකාදියට වැටෙන්නෝ ය. රජයට ධනය ලැබෙන්නේ පහළ මට්ටමේ දිළින්දාගේ පටන් මහා ධන කුවේරයන් දක්වා වූ සකලවිධ ජනතාවගෙන් ලබාගන්නා අය බදුවලිනි. යමකු බදු වංචා කරන්නේ නම් රජුට රට වෙනුවෙන් කළ යුතු සේවය නොකළ හැකි වන්නෝ ය. බදු වංචා කරන්නන් මෙන් ම, තමා ගන්නා වේතනයට සරිලන අයුරින් සේවය නොකොට ගතමනාව ලබාගන්නෝ ද රටට ණයකාරයෝ වන්නෝ ය. මේ වංචනික ක්‍රියාවන්ගේ අකුසල පක්‍ෂය විසින් ඔවුහු තාපය නම් අපායට හෙළනු ලබති.
මිනිස් හට එක්දහස් හයසියයක් අවුරුදු පරනිම්මිත වසවත්තියෙහි වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු දහසය දහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සොළොස් දහස තාපන නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් දහසය දහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ නවසිය විසිඑක් කෝටි හැට ලක්‍ෂයක් මේ නිරයට එක් දවසකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු දහසය දහසක් තාප නරකයට ආයුෂ වන්නේ ය.
▬▬▬▬▬
7. ප්‍රතාප නරකය
මහා තාපන නරකය ලෙස හැඳින්වෙන නරකයෙහි නිරය පාලකයෝ නිරයෙහි උපන් සත්ත්වයන් ගිනි ගෙන දිලිසෙන අයෝමය කඳු මුදුන්වලට යවති. ඔවුහු එහි නැඟි වහාම තද උණුසුම් සුළඟකින් තල්ලු වී පහළට රූරා වැටෙති. ඔවුන් පහළට රූරා වැටෙන්නේ ද පහළ ඇති ගිනියම් වූ අයෝමය තහඩු මතට ම ය. එයින් ඔවුහු වඩවඩාත් දරුණු පීඩාවට ලක් වෙති. තමන් මෙයට පෙර ආත්ම භවයේදී කළ බලවත් පාප කර්මයන්ගේ ශක්තිය අවසන් වන තුරු ඔවුහු මෙසේ අනන්ත දීර්ඝ කාලයක් අපමණ දුක් විඳිති.
පණපිටින් සත්ත්වයන් සහ මනුෂ්‍යයන් පිලිස්සුවෝ ද, ගෙවල් ගිනි තැබුවෝ ද ආහාරපාන ගිනි තබා පුලුස්සාදැමුවෝ ද, ගහ කොළ වන සම්පත් ගිනි තබා විනාශ කළෝ ද, කන-බොන ආහාර-පානාදියට වස-විෂ යෙදුවෝ ද, අපිරිසිදු ආහාර-පාන අලෙවි කළෝ ද, හොරට කිරුම්-මිනුම් සිදු කොට ආහාර-පාන හා නොයෙක් වෙළෙඳ ද්‍රව්‍ය විකිණුවෝ ද, තුනුරුවන් සන්තක දේ අනිසි ලෙස පරිහරණය කළ ගිහියෝ සහ පැවිද්දෝ ද මෙම නිරයට වැටෙන්නෝ ය.
මෙම ප්‍රතාප නම් සත්වන නරකයෙහි අන්තඞකල්පයකින් අර්ධයකට ආයුෂ වන්නේය.
▬▬▬▬▬
8. අවීචි නරකය
අවීචි මහා නරකය සියලු නරකයන්ට වඩා ඉතා පහළින් වූ ද, භයානක වූ ද නරකය යි. මෙම අපායෙහි දැඩි දුක් වේදනා විඳින බලවත් පාප කර්ම කළ සත්ත්වයෝ ඉතා දැඩි උණුසුමකින් පීඩා විඳිති. මේ අපායෙහි දුක් විඳින පාපකාරී සත්ත්වයන් හා එහි ඇති බුරබුරා නැඟෙන ගිනි දැල් අතර පරතරයක් නැත. එහෙයින් මේ නරකයට අවීචි යන නම භාවිත වේ. මෙම නරකය සැලසුම් වී ඇත්තේ ඉතා බරපතළ පාප කර්මයන් වන පංචානන්තරීය කර්ම කළවුන්ට දරුණු විපාක ලබා දීමේ අරමුණෙනි.
ආනන්තරීය පාපකර්ම සිදු කළ පුද්ගලයෝද මිථ්‍යාදෘෂ්ටි ගත් පුද්ගලයෝ ද, රජ-මැති-ඇමැතිවරු මෙන් ම මිත්‍රයනුත් බොරුවෙන් කේළමෙන් භේද කරන්නෝ ද, සමගියෙන් සමාදානයෙන් වෙසෙන අඹු-සැමියන්, සහෝදර-සහෝදරියන්, සිල්වත් ගුණවත් මහණ බමුණන්, ආචාර්යවරුන් භේද-භින්න කරන්නෝ ද අවීචි මහා නරකාදියට වැටෙන්නෝ ය. තව ද, පූජනීය ස්ථාන විනාශ කරන්නෝ ද ඒවායේ දියුණුව කඩාකප්පල් කරන්නෝ ද, නිරන්තර ඊර්ෂ්‍යා සහගත සිතින් ක්‍රියා කරන පුද්ගලයෝ ද, සිව්පසය අනිසි ලෙස පරිහරණය කරමින් නැති සිල් පෙන්වමින් ජීවත් වුණු, සීලයෙන් ගුණයෙන් පිරිහුණු පැවිද්දෝ ද ක්රූර ලෙස අවි ආයුධ භාවිත කරමින් රට වැසියන් විනාශ කරන කැරලිකරුවෝ ද අවීචි මහා නරකාදියට ම වැටෙන්නෝ ය.
අවීචි මහා නරකයෙහි ආයුෂ ප්‍රමාණය එක් අන්තඞකල්පයකට සමාන ය.
ඉතා බරපතළ පාප කර්ම කළ කිහිප දෙනකු අවීචි මහා නරකයට ගිය ආකාරය දැක්වෙන කතා පුවත් බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සඳහන් ය. තම නෑනා වූ උප්පලවණ්නා තෙරණිය දූෂණය කළ නන්ද ඒ බලවත් පාප කර්මයේ විපාක වශයෙන් අවීචි මහා නරකයෙහි වැටී දුක් විඳියි. බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි ලේ සෙලවූ, සංඝ භේදය කළ දේවදත්ත තෙරණුවෝ එහි විපාක වශයෙන් අවීචියෙහි දුක් විඳිති. ඔහුගේ ශරීරය යොදුන් සියයක් උස ය.
ඔහුගේ හිස හා කන හරහා ගිනි ගෙන දිලිසෙන අයෝමය ඉන්නක් ඇතුළු වේ. ඔහුගේ දෙපා වළලුකර දක්වා ගිනි ගෙන දිලිසෙන අයෝමය බිමක එරී යයි. තල් ගසක කඳක් තරම් මහත අයෝමය ඉන්නක් බටහිර බිත්තියෙන් පැමිණ ඔහුගේ කන මත්තෙන් විනිවිද ගොස් නැඟෙනහිර බිත්තිය දක්වා දිව යයි. එවැනි ම තවත් අයෝමය ඉන්නක් දකුණු පස බිත්තියෙන් පැමිණ ඔහුගේ සිරුර විනිවිද ගොස් වම් පස බිත්තිය දක්වා දිව යයි. එහි සිවිලිමෙන් වෑහෙන ගිනිදැල්වලින් ඔහුගේ සියලු ශරීරය ම විනිවිද යමින් වියළා දමන අතර, පහත බිමෙන් පැන නගින ගිනි ගෙන දිලිසෙන රතු පැහැ අයෝමය ඉන්නක් සිරුර විනිවිද යයි. ඔහුගේ දෑත් ගිනි ගෙන දිලිසෙන රතු පැහැ අයෝමය දම්වැලකින් බැඳ තිබේ.
මේ අටමහා නිරයට අමතරව තවත් නිරයන් බොහෝ ගණනාවක් තිබෙනවා. ඒවා අතුරින් ප්‍රසිද්ධ නිරයන් කිහිපයක් මෙහිලා සඳහන් කරමු.
▬▬▬▬▬
කුඩා නිරයන් – ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය, සම්බලිවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකැරුණු අසූචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන, උණ ගස්, පොල්, ගස්, තල් ගස් පමණ මහත පණුවන් ගැවසිගත් තැනක් කුක්කුල නිරය කියන්නේ යටින් ගිනි අඟුරු ඇති අළුවලින් පිරුණු තැනක්. අසිපත් වන නිරය කියන්නේ, කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි. සිම්බලිවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි.තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදුරජාණන් වහන්සේ සම්බුදුනුවණින් දැන වදාළා.
▬▬▬▬▬
ලෝකාන්තරික නිරය – ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අඳුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතල ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලීගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්ත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සාහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැමු පිටි බැදෙනවා වගේ ඔවුන්ගෙ ශරීර පුපුරා පුපුරා ශීතලෙන් බැදෙනවා. මේ ලෝකාන්තරික නිරය පවා එකම එක අවස්ථාවක පමණක් ආලෝකවත් වෙනවා. ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවන සමයේය.
▬▬▬▬▬
යම රජ
මේ මහා නිරයන් පාලනය කරන්නා ‘යම’ නම් වේ. යම යනු ‘තීරණය කරන්නා’ යන අරුත් දේ. එක් මහා නිරයකට යම රජවරුන් සිව් දෙනා බැගින් මහා නිරය අටට යම රජවරු තිස් දෙදෙනෙක් සිටිති. ඔවුහු එම නිරයන්හි සිව් දිග දොරටු පාලනය කරති. මේ යම රජවරුන් හැර ‘නිරය පාල’ නමින් හැඳින්වෙන විශාල පිරිසක් ද මෙහි සිටිති. යම රජවරුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ අපාගත සත්ත්වයන්ට දිය යුතු දඬුවම් තීරණය කොට, ඒවා ක්‍රියාත්මක කිරීමට අණදීම යි. නිරයපාලයන්ගේ රාජකාරිය වන්නේ හැම නිරයක ම උපන් පුද්ගලයන්ට නියම කළ දඬුවම් පැමිණවීම යි.
බොහෝ බෞද්ධයෝ පවා මෙබඳු කතා හුදු ප්‍රබන්ධ ලෙස සලකති. රාජ්‍ය පාලනයේ පහසුව සඳහා පුද්ගලයා දුසිරිතෙන් ඈත් කොට තැබීමට නිර්මාණය කරන ලද සංකල්පයක් ලෙස ඔවුහු අපාය හඳුන්වති. එසේ ම මෙම කතා සත්‍ය නම් වඩාත් ම දරුණු දුක විඳින්නේ නිරයට පැමිණෙන අප්‍රමාණ සත්ත්වයන්ට දඬුවම් පමුණුවමින්, නිරයේ ම කල් ගෙවන යම රජු නො වේ දැ යි ඔවුහු ප්‍රශ්න කරති. එහෙත් යම රජවරු ද, නිරයපාලයෝ ද සැබැවින් ම අපාගත පුද්ගලයෝ නො වෙති. ඔවුහු චාතුම්මහාරාජික දිව්‍යලෝකයට අයත් වූවෝ වෙති. ඔවුන් හැඳින්වෙන්නේ ‘වේමානික පේතා’ යන නමිනි. ඔවුහු තමන් පෙර ආත්මභාවවල කළ යහපත් කර්මයන්ගේ විපාක වශයෙන් දිව්‍ය සම්පත් අනුභව කරති. එසේ ම තමන් විසින් පෙර ආත්මභාවවල කරන ලද ඇතැම් පාපකර්මයන්ගේ විපාක ඔවුහු වශයෙන් නිරයෙහි රාජකාරි ඉටු කිරීම සඳහා යවනු ලබති.
නිරයෙහි අධිපති හෙවත් පාලක තනතුර දරනුයේ පෙර ද කී සේ යම රජු ය. නරකාදිය, අපාය ආදි නම්වලින් නිරය හඳුන්වන්නා සේ ම යම රජු ද විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලැබේ. අපක්‍ෂපාත විනිශ්චයකරුවා යන අර්ථයෙන් ‘සමවෘත්ති’ යන නාමය ද, පින් පව් දෙක බේරුම් කරන්නා යන අර්ථයෙන් ‘සමථ’ යන
නාමය ද, දිවි කෙළවර කරන්නා යන අර්ථයෙන් ‘කෘතාන්ත’ යන නාමය ද, මුගුරක් දරන්නා යන අර්ථයෙන් ‘ධන්සි’ යන නාමය ද, නියමිත කාලයට පැමිණෙන්නා යන අර්ථයෙන් ‘කාල’ යන නාමය ද යම රජු වෙනුවෙන් ව්‍යවහාර කැරෙන බව පොතපතෙහි සඳහන් වේ.
යම රජුගේ මුහුණ පෙනුමෙන් බියකරු ය.
මුළු ශරීරය ම තද කොළ පැහැයෙන් යුක්ත ය. එක් අතකින් මල පුඬුවක් සහිත රැහැනක් ද, අනෙක් අතින් මුගුරක් ද දරයි. නිරතුරු ව ම රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටී. යම රජුගේ වාහනය මී ගවයෙකි. යම රජුගේ වාසභවන ‘කාලිච්’ නමින් හැඳින්වේ. ඔහු අසුන් ගෙන සිටින ආසනය ‘විචාරභ’ නම් වේ.

Subscribe to:
Posts (Atom)