තණ්හා රතී රගා යනු කවුරුන්ද?
තණ්හා, රතී, රගා යනු කවුරුන්ද? ඔවුන් සැබැවින්ම අප තථාගතයන් වහන්සේ අබිමුවට පැමිණියා ද? නො එසේනම් ඒවා හුදු කතාන්දරද? මෙවන් බලවේගවල පැවැත්ම කුමක්ද? මේවා බුදුරජාණන් වහන්සේගේ මනස විග්‍රහයේ දී යෙදෙන සංකල්ප පමණද? වැනි දහම් ගැටළු ගණනාවක් පිළිබඳ කතිකාවක් සඳහා මෙවර ද අපි අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමග පිළිසඳරකට එක්වෙමු.
* ගෞරවනීය ස්වාමීන් වහන්ස, තණ්හා, රතී, රගා යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද? එය සංකල්පයක් ද නැතිනම් යථාර්ථයක් ද?
අනිවාර්‍යයෙන්ම යථාර්ථයක්. ඔවුන් බුදුරදුන් හමුවට පැමිණියා. මොවුන් තථාගතයන් වහන්සේ අභියස සිට සිය අඟපසඟ විහිදා දක්වමින් යම් රංගනයක යෙදුණා. මේ මාර දුහිතෘන් කල්පනා කළ ආකාරය ඉතා සවිස්තරාත්මක ලෙස සූත්‍ර දේශනාවල සඳහන්ව තිබෙනවා. මේ අය මුලින්ම ඉදිරිපත් කල රංගනයට බුදුරදුන්ගේ අවධානයක් නොමැති බව දුටු මොවුන් තිදෙනා ඒ ගැන සාකච්ඡා කරනවා. ඔවුන්ගෙන් අයෙක් කියනවා
"ඇතැම් පුරුෂයින් කැමැතියි වැඩිමහලු ස්ත්‍රීන්ට. ඒ නිසා අපි තරමක් වැඩිමහලු රූප මවා ගනිමු කියා".
ඒ අනූව ඔවුන් එවැනි රූප ආරූඪ කරගෙන රඟ දක්වනවා. එයිනුත් ප්‍රතිඵල නෑ. මෙවිට තව අයෙක් අදහසක් ඉදිරිපත් කරනවා.
"ඇතැම් පුරුෂයින් කැමැති දරුවන් වැදූ ස්ත්‍රීන්ටයි. එම නිසා අපි එවැනි අය මෙන් පෙනී සිටිමු."
එයත් ප්‍රතිඵල රහිතයි. අවසානයේ ඔවුන් මහලු ස්ත්‍රීන් මෙන් පෙනී සිටිනවා. මේ ආකාරයට මේ මාර දුහිතෘන් පුරුෂ සිත් සතන් විග්‍රහ කරන ආකාරය පවා සඳහන්ව තිබෙනවා. එහෙත් තථාගතයන් වහන්සේගෙන් කිසිඳු ප්‍රතිචාරයක් ලබා ගැනීමට මොවුන්ට නොහැකි වෙනවා. ඔවුන් මෙයින් අධික විඩාවට පත් වෙනවා. මෙවිට මොවුන් යළි මාරයා වෙත යනවා. එසේ ගොසින් තම දුක කියනවා. එවිට මාරයා මෙසේ කියා තිබෙනවා.
"මෝඩ කෙල්ලනේ නුඹලා උත්සාහ කළේ කළුගල් අතින් කඩන්නයි. එය කෙසේවත් කළ හැක්කක් නොවේ. මටත් සිදු වුණේ වෙඬරු පිඬක් යැයි සිතා කළුගලකට කෙටූ කපුටකුට සිදු වූ දේ වැන්නක්මයි."
බලන්න මෙවැනි උපමා දක්වමින් තමයි බුද්ධ බල පරාක්‍රමය ගැන මාරයා කතා කර තිබෙන්නේ. ඒ වාගේම තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මාරයා අමතා ප්‍රකාශ කර තිබෙනවා
"මාරය, මා තොපගේ බලය මඬින්නේ තෙත මැටි පිඬක් මඬිනා ආකාරයටයි. මා ඒ තෙත මැටි පිඬ ගලින් තලා දමනවා." මෙය සඳහන් වන්නේ පධාන සූත්‍රයේයි. මේ කිසිවක් සංකල්ප නම් නොවේ. මේවා යථාර්ථ බව ඉතා පැහැදිලියි.
* අප තථාගතයන් වහන්සේම තණ්හා රතී රගා පිළිබඳ යම් අදහසක් ප්‍රකාශ කළ අවස්ථා තිබෙනවා ද?
ඔව්. එවැනි අවස්ථාවක් ඉදිරිපත් කළ හැකියි. අප දන්නවා මාගන්ධියා නමැති අතිෂය රූමත් තරුණිය බුදුරදුන් පතා පැමිනි ආකාරය. අන්න ඒ අවස්ථාවේ දී උන්වහන්සේ ප්‍රකාශ කළා
"තණ්හා රතී රගා මා අබියසට ආවා. ඒත් ඒ මොහොතේදීවත් මාසිත් තුළ කිසිඳු හැඟීමක් ඉපදුණේ නැහැ."
මේවා සංකල්ප කියා සිතන්නේම මාරයා වසඟ වූ ජනතාවයි. මාරයා ලෝකය ග්‍රහණය කරගෙන සුගති ගමන වළක්වා, නිවනින් මගහරවා ඔවුන් පරතෙර නොපෙනෙන සතර අපාය සහිත සසරගමනට ඇද දමා තිබෙන බව පමණක් පැහැදිලියි.
* මාර පරාජය සිදුවන්නේ සම්බුද්ධත්වයට පෙර ද එයින් පසුව ද?
එය සිදුවන්නේ සම්බුද්ධත්වයට පෙර. ඒත් තණ්හා, රතී, රගා පැමිණෙන්නේ සම්බුද්ධත්වයට පසුවයි. මාර පරාජය කිරීමෙන් පසුවයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ.
* මේ ලෝකයට මාරයා යනුවෙන් අයෙක් පත්වන්නේ කෙලෙස ද? ඔහු කවුද?
මාරයා තනතුරක්. ඒ තනතුරට යමෙක් පත් වෙනවා. සම්මා සම්බුද්ධත්වය යනු ගුණවත් බවක්. බුදුවරුන් කලින් කල පහල වෙනවා. මාර ස්වභාවය මෙයින් බොහෝ වෙනස් වූ දෙයක්.
යම් තනතුරක් හොබවන පුද්ගලයෙකුගේ අභාවය නිසා අදාල තනතුර අහෝසි වී නොයන බව අපි දන්නවා. ඔහුගේ අභාවය සමගම වෙනත් අයකු ඒ සඳහා පත් වූ විට ඒ නව පුද්ගලයා හරහා ඒ බලතල ක්‍රියාත්මක වෙනවා. මෙය දිගින් දිගටම පවතින්නක්. ඒ තනතුර සතු බලතල ඒ අදාළ පුද්ගලයා සතු එකක් නොවේ. ඒ තනතුර සතු දෙයක්. මාරයාත් මෙ වැනිම තනතුරක්. කකුසඳ බුදුන් දවස මාරයාව සිට ඇත්තේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වමත් සව් වශයෙන් වැඩ සිටි මුගලන් මහරහතන් වහන්සේයි. ඒ මාරයාගේ නම දුසී.
මජ්ඣිම නිකායේ මාර තජ්ජනීය සූත්‍රයේ මේ ගැන තොරතුරු ඇතුළත්ව තිබෙනවා. වරක් මුගලන් මහරහතන් වහන්සේ ගේ කුසට මාරයා රිංගුවා. මෑ ඇට වළඳූ කලක පරිද්දෙන් මාගේ කුසේ විශාල බරක් දැනෙනවා. මීට හේතුව කුමක්ද කියා සිතා උන්වහන්සේ එවිට කුස වෙත තම සිත යොමු කරනවා. එවිට මාරයා කුසෙන් නික්මී අවුත් උළුවස්ස අසල සිටගන්නවා. මාරයා සිතනවා තමන් උන්වහන්සේ ගේ කුසට රිංගූ බවත්, එයින් නික්මුණු මවත් උන්වහන්සේ නොදන්නවා යැයි කියා. මේ වෙලාවේ දී මුගලන් මහරහතන් වහන්සේ මාරයා අමතා කතා කරනවා.
"මාරයා මට තොප සිටගෙන සිටිනා හැටි පේනවා. හිතන්නට එපා මට නොපෙනෙනවා කියා. නුඹ මගේ කුසට රිංගූ බවත් මා දන්නවා. ඒත් තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට හිරිහැර කරන්න එපා. මාත් කලක් එවැනි වැරදි කළා. මාත් දුසී මාරයාව සිටියා."
* එයින් අදහස් වන්නේ වරක් මාරයා ලෙස කටයුතු කරන්නකුට පවා පසුව අරහත්භාවයට පත්විය හැකි බවද?
අනිවාර්යයෙන්ම. මේ සසර ගමනේ දී සත්ත්වයාට මුහුණ පෑමට සිදුවන දේ පුදුමාකාරයි. එයයි සත්‍යය.
* මාරයා ඕපපාතිකව පහල වන අයෙක් ද?
ඔව් ඕපපාතිකයි. හැබැයි මව් කෙනෙකු සිටිනවා. දුසී නැමැති මාරයාගේ සහෝදරිය වන කාලි ගේ පුත්‍රයායි පසුව මාරයා බවට පත් වුණේ.
* ඕපපාතික චරිත වලට මව්වරුන් සිටිනවා ද?
ඔව්. හරියට දෙවිවරුන්ට වගේ. සක්දෙවිඳු ළඟ මිනිස් ලොව පින්දහම් පිරූ අයෙකුට උපත ලද හැකිනේ. එවිට ඔහු සක් දෙවිඳුගේ පුත්‍ර තනතුරයි ලබන්නේ. සක් දෙවිඳු ඔහුගේ පියා බඳු වෙනවා යන්න මෙහි අදහසයි. ඒත් මේ අය පහල වන්නේ ඕපපාතිකවයි.
* දුසී නමැති මාරයාගේ ක්‍රියාකාරීත්වය කෙබඳු වී ද?
ඔහුත් ගෞතම බුද්ධ ශාසනයට වින කරන මාරයා වගේමයි ක්‍රියා කොට තිබෙන්නේ. කකුසඳ බුදුන් දවස ඔහු ගමක වැසියන්ට ආවේශ වී ඔවුන් ළමා භික්ෂූන්ට නින්දා අපහාස කරවනවා. මෙය දිගින් දිගටම සිදු වන විට කකුසඳ බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් මෙසේ අමතා තිබෙනවා.
"මහණෙනි ඉතා විශාල නින්දා රැල්ලක් අප වෙත එනවා. මෙය සිදු වන්නේ මාරාවේශයකින්. එම නිසා ඔබ සියලු දෙනා මෛත්‍රිය ප්‍රගුණ කරන්න."
මෙවිට සියලු භික්ෂූන් මෛත්‍රිය වඩන්නට වුණා. මාරයා කල්පනා කළේ මේ නින්දා රැල්ලෙන් භික්ෂු සංඝයා අතර කැලඹීමක් ඇති කරවන්නයි. ඒත් ඒ විදියට ඔහුගේ අදහස මුදුන්පත් කර ගැනීමට නොහැකි බව ඔහුට ක්‍රමයෙන් වැටහුණා. මීළඟට මාරයා කළේ කුමක්ද? ඔහු සත්කාර සම්මාන රැල්ලක් මැව්වා. ලාභ සත්කාර ඇති කළා. මිනිසුන් පුදුම තරමට දානමාන පූජා කරන්න පටන් ගත්තා. මෙවිට කකුසඳ බුදුන් සිය ශ්‍රාවකයන් මෙසේ අමතා තිබෙනවා.
"මහණෙනි දැන් සත්කාර සම්මාන රැල්ලක් එනවා. මෙය සිදුවන්නේත් මාරාවේශයකින්. ඒ නිසා එයටත් නොඇලී අනිත්‍යම සිහිකරන්න."
ඒ ආකාරයටත් මාරයාට නොහැකි වුණා මේ භික්ෂු පිරිස තම වසඟයට ගැනීමට. මීළඟට මාරයා දරුවෙකුට ආවේශ වුණා. රහතන් වහන්සේ නමකට ඒ දරුවා ගල් ගැසුවා. උන්වහන්සේ එයින්ම පිරිනිවන් පෑවා. මෙවිට කකුසඳ බුදුරජාණන් වහන්සේ මාරය අමතා තිබෙනවා.
"මාරය නුඹ මෙවර නම් පමණ ඉක්මවා ගියා නොවේද?"
ඒ සැණින්ම දුසී මාරයා මාර තනතුරින් පිරිහුනා. ඒ සමගම ඔහු උපන්නේ නිරයේ. එයිනුත් පසුවයි යළි මිනිස් ලොවට පැමිණියේ.
මෙසේ වරකදී අකුසලයට ලොල් වූ පුද්ගලයෙකුම තවත් වරෙකදී කුසලට ලොල් වීමේ පුදුමාකාර තත්ත්ව පවතින්නේ ඇයි?
එය සසරේ ස්වභාවයමය. අපට අදහාගත නොහැකි අයුරින් අප එවැනි තත්ත්ව වලට පත් වෙනවා. මෙයින් අප අවබෝධ කරගත යුතු එකම කාරණයයි. එනම් මේ සසරේ පවතින ගොරතර ස්වභාවයමයි.
* අයෙකුට මාර බලවේගය මගහැර යා නොහැකිද? එසේ කළ හැකි නම් ඒ කෙසේද?
සිහියෙන් සිටීමෙන්ම පමණයි එය කළ හැක්කේ. ඒත් සාමාන්‍ය මනුෂ්‍යයාට අමාරුම දේත් ඒකයි. තමා තුළ කුසල් හෝ අකුසල් සිත් උපදින බව එසැණින් වටහා ගැනීමේ හැකියාව ඇත්තේ කීයෙන් කී දෙනාටද කියා බලන්න. එවන් හැකියාවක් නැති සියලු දෙනා මාරයාගේ ගොදුරු පමණයි. මෙවැන්නකුට ඕනෑම දෙයක් කිරීමට මාරයාට හැකියාව තිබෙනවා.
* ඒ වගේම මේ සියල්ලෙන් අදහස් වන්නේ මාරයා සමග ඍජුවම කතාබස් කිරීමේ හැකියාව තිබී ඇත්තේ බුදුවරුන්ට පමණක් නොවේ යන්න නේද?
ඔව්. එම හැකියාව ශ්‍රාවක සංඝයාටත් තිබුණා. මේ නිසා තමයි මුගලන් මහරහතන් වහන්සේ තමාම මාර තනතුර හෙබවූ කාලයේදී ගම්වාසීන්ට ආවේශ වූ බවත් ඒ අනූව භික්ෂූන්ට අපහාස ගෙන දුන් පිරිස සියලු දෙනා පසුව නිරයට පැමිණුනු බවත් වත්මන් මාරයා අමතා ප්‍රකාශ කර තිබෙන්නේ.
* මාරාවේශයේ දී මිනිසා අසරණ වුවත් එයින් ඉපදෙන කර්ම ඒ ඒ සත්ත්වයාම විසඳගත යුතුද?
පැහැදිලිවම. සිහියෙන් නොසිටීමේ වරද කාගේද? ඒ අය සිහියෙන් නොසිටින නිසාමයි මාරයා බලපෑම් එල්ල කරන්නේ. මෙවිට චේතනා පහල කරන්නේ ඒ ඒ අදාළ පුද්ගලයන් බැවින් ඒ ඒ අයට ඊට අදාළ කර්ම රැස් වෙනවාමයි.
* මාර තනතුර හොබවන්නා සැම විටම පුරුෂයෙක් ද? නැත්නම් ස්ත්‍රියකටත් ඒ තනතුර හෙබවිය හැකි ද?
"මහණෙනි මෙලොව සිදුවන දේ අතර බුදු කෙනෙකු බවට පත්වීම අනිවාර්යයෙන්ම පුරුෂයෙකුට ම සිදු කළ හැක්කකි. මාරයා වන්නේ ද පුරුෂයෙක්ම ය".
"මෙලොව ස්ත්‍රියක් ධ්‍යාන වඩයි ද, ශීලයේ යෙදේ ද ඊට අනුහස් ලෙස බඹලොව උපත ලබන විට ඒ ස්ත්‍රිය පුරුෂයකු වේ".
ශක්‍ර දෙවිඳුන් අනිවාර්යයෙන්ම පුරුෂයෙක්මයි. බ්‍රහ්මයාත් එවැන්නෙක් බව අපට දේශනාවෙන් පෙනෙනවා.
* ඒ අනූව ස්ත්‍රී පුරුෂ භාවය යනු නිරන්තරයෙන් වෙනස් වන්නක්?
ඔව්. සසරේ ස්වභාවය අනූව එය වෙනස් වෙමින් යනවා. ඒත් සුවිශේෂී අවස්ථාවලදී හැර. උදාහරණයක් හැටියට යශෝධරාවන් ගතහොත් ඈ හැම ජීවිතයකදීම ස්ත්‍රියක්වම සිටියා.
* මාරයාට විවිද නම් යෙදෙනවාද?
ඔව්. අප තථාගතයන් වහන්සේ විවිධ නම්වලින් මාරයා හඳුන්වා තිබෙනවා. පමත්තබන්ධු (ප්‍රමාද වන්නාගේ ඤාතියා) පාපින (පවිටු පුද්ගලයා) කන්න (අකුසල පක්ෂය භාජනය කරන්නා) ආදිය එවැනි නාම කිහිපයක්.
Friday, June 30, 2017
Thursday, June 29, 2017
අසිරිමත් ධර්මය මහා ඖෂධයකි
අසිරිමත් ධර්මය මහා ඖෂධයකි
ජීවිතය කියන්නේ ගලන ගඟක් වගේ. කන්දක් උඩින් ගඟ ආරම්භ වෙන්නේ පුංචි දිය උල්පතක් ලෙස. ඒ වගේම පුංචි දොළක්, ඇලක්, මහා ගඟක් ලෙස බලවත් වෙලයි ඒ ගඟ මුහුදට වැටෙන්නේ. මේ ගඟ මුහුදට වැටෙද්දී අත්දැකීම් බලකායක් ලැබෙනවා. මේ ගඟ උඩ සිට ගලන විට ගඟ දන්නේ නැහැ ගඟට මොකද්ද වෙන්නේ කියා. විටක ගඟ උඩ සිට පහළට කඩාගෙන වැටෙනවා. තවත් විටෙක ගඟ මහා ගල් පර්වතවල හැපෙනවා. අපේ ජීවිතයත් ඒ වගේ. ජීවිතය කෙසේ ගතවුවත් එක ආකාරයටම ගමන් කරන්නේ නැහැ. විටෙක මහා ප්‍රපාතයකට කඩාගෙන වැටෙනවා. විවිධ කරදර බාධකවලට මුහුණ දෙනවා.
මේ නිසා මේ ජීවිතය ගැඹුරින් තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසිරිමත් ධර්මය මහා ඖෂධයක් බවට පත්වෙනවා. වටින දේ වටිනා දේ ලෙසත්, සාරවත් දේ සාරවත් ලෙසත් දැකිය යුතුයි. මේ භයානක සසර සිඳබිඳගෙන සසර කෙටිකර ගැනීමට ආලෝකයක් කරා ගමන් කළ යුතු වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා මේ කෙලෙස් බරිත පේ‍්‍රත, භූත අපායට ඇදවැටෙන මිනිසුන්ට ධර්මය, ධර්මය ලෙස පෙනෙන්නේ නැහැ. සාර දේ සාර ලෙස පෙනෙන්නේ නැහැ. බොහෝම වැදගම්මක් නැති දේ සාරවත් දේ ලෙස දකිනවා. සාරවත් දේ අසාර ලෙස පෙනෙනවා. ධර්යේ කිසිදු වටිනාකමක් නැහැ. ධර්මය පිළිපැද කාටද හරිගියේ කියා කියන අය සිටිනවා. ඒ වගේම වැරැදි මිථ්‍යා දෘෂ්ඨික අදහස්වලින් ජීවත්වන අයට මේ ජීවිතයෙන් ආලෝකය සුවපත්භාවය කරා යන්නට බැහැ. ජීවිතයේ අභිවෘද්ධිය සලසා ගන්නට නොහැකි වන බව බුද්ධ දේශනාවයි. එය නොවරදින සංකල්පනාවක් බවට, නොවරදින මාර්ගයක් බවට පත්කර ගන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ වදාළා සසර සුවපත්වන ඇත්තෝ තමා ළඟ තිබෙන වටිනාම බීජය වන අරහත් බීජය මෝදුකර ගන්නට කැමැති වෙනවා. සාරවත් දේ සාරවත් ලෙස දකිනවා. නිසරු දේ නිසරු ලෙසම දකිනවා. ඒ අය ධර්මය තුළින් වටිනා ගමනක් යනවා. සිත තුළ නිවැරැදි මිථ්‍යාදෘෂ්ඨික නොවන අදහස් වලින් සිත පුරවාගන්නවා.
අප අද කතා කරන්නේ “අසීසක සූත්‍රයයි”. අසීසක කියන්නේ හිසක් නැහැ කියන එකයි. අද සමාජයේ සිටින බොහෝ අයත් ජීවත් වුණාට හිසක් නැති ලෙස ජීවත් වන නිසා හිසක් නැති ආකාරයට වැඩ කරන නිසා අසීසක සූත්‍රය කථා කරන්න අප කල්පනා කළා.
දිනක් මහා සෘද්ධි බලයෙන් මහා විස්කම් පෑ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සහ ලක්ඛණ මහරහතන් වහන්සේ දෙනම වේළුවනාරාමයේ පසු පස්සේ සිට ගිජුකුළු පර්වතයේ පැත්තට පිණ්ඩපාතයේ වැඩියා. පිණ්ඩපාතය වඩින ගමන් ගිජුකුළු පර්වතයේ ඉහළින් ඇති අහස බලා මහාමොග්ගල්ලාන ස්වාමින් වහන්සේ සිනාවක් පහළ කළා. ඒ අවස්ථාවේ ලක්ඛණ මහරහතන් වහන්සේ ඉහළ බලන්නේ මුන්වහන්සේ සිනහ වෙන්නේ කා සමඟද කියා සිතමින්. නමුත් කිසිවක් පෙනුනේ නැහැ. ලක්ඛණ මහරහතන් වහන්සේ අසනවා ස්වාමිනි, ඔබ වහන්සේ සිනාපහළ කළේ ඇයි? මුගලන් මහරහතන් වහන්සේ වදාළා මෙය එයට අවස්ථාව නොවේ. සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ අසලදී එය අසන්න කියලා. සවස දම්සභා මණ්ඩපයේදී ලක්ඛණ මහරහතන් වහන්සේ අසන්නේ අද දවල් මහමොග්ගල්ලන මහරහතන් වහන්සේ ගිජුකුළු පර්වතය මුදුනේදී සිනාවක් පහළ කළා. ඒ ඇයි කියා විමසා සිටියා. ඒ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ වදාළා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ගිජුකුළු පව්ව අසලින් වඩිද්දී මම අරුමපුදුම සත්ත්වයෙක් දුටුවා. පාවෙමින් සිටින, හිසක් නැති සත්ත්වයෙක්. සත්ත්වයෙක් කීවාට ඇටසැකිල්ලක්. ඒ පේ‍්‍රතයාට හිසක් නැති නිසා ඇස්,කන්, කට, නාසා පිහිටා තිබෙන්නේ පපුවේ. මේ ඇටසැකිල්ල ආකාසයේ පාවෙනවා. ගිජුලිහිණියෝ ඇවිත් ඇටසැකිල්ලේ තිබෙන ඇටලොඳ කන්න කොටනවා. බලවත් වේදනාවෙන් අනෙක් පැත්තට පාවෙනවා. ඒ පැත්තෙන් උකුස්සන් කොටනවා. අනෙක් පැත්තට පා වෙද්දී කවුඩන් කොටනවා. මහා විපත්තියට පත්ව මේ හිස නැති ඒ පේ‍්‍රතයා දැක මට සිනාවක් පහළ වුණේ, බුද්ධ ශාසනයක් තිබෙන අවස්ථාවේදීත් ඔහු ජීවිතය වරද්දවා ගත් නිසානේ කියා සිතුණා නිසා යැයි දම්සභා මණ්ඩපයේදී වදාළා. බුදුරජාණන් වහන්සේ වදාළා මොග්ගල්ලාන ඔබ පැහැදිලි කරන්න මේ සත්ත්වයාට මෙහෙම වුණේ මොකද කියා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මේ සත්ත්වයා කල්ප ගණනකට පෙර මනුස්ස ලෝකයේ ජීවත් වුණේ. ඔහු කළ රැකියාව රාජ්‍ය වධකයා ලෙස කටයුතු කිරීමයි. වැරැදි කළ මිනිසුන්ගේ හිස ගසා දැමීම සිදුකළේ ඔහු. එය රැකියාව වුවත් මහා භයානක පාපයක්. ඔහු නිරයේ අපා දුක් විඳ දැන් මේ පේ‍්‍රත ලෝකයේ ඉපදුනා. නමුත් ඔහුට හිස අහිමියි. අහසෙහි පා වෙන ඇටසැකිල්ලක් කර්මානුරූපව ලැබෙන බව වදාළා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළා මමත් මේ සත්ත්වයා දුටුවා. නමුත් එය නොවදාළා සිටියේ බුද්ධ වචනය පිළිබඳව මිනිසුන් සැක පහළ කරන නිසායි. බුද්ධ වචනය පිළිබඳව සැක පහළ කරන්නා මිථ්‍යාදෘෂ්ඨියට අයත් වෙයි. ඔහු මිනිස් ලොවින් පහළට වැටෙනවා. භූත, පේ‍්‍රත ලෝකවල උපදී. ඔවුන්ට අනුකම්පා නිසයි මම මේ පිළිබඳව කථා නොකළේ කියා තථාගතයන් වහන්සේ වදාළා.
බුදුරජාණන් වහන්සේ මේ අසීසක සූත්‍රය තුළින් පැහැදිලි කරනවා භූතයෝ, පේ‍්‍රතයෝ, යක්ෂ ස්වභාවයෙන් හිස නැතුව පාවෙවී සිටින ජීවිත ලැබෙන්නේ තම තමන්ගේ කර්ම ශක්තිය අනුව බව. මෙසේ මහා විපත්තියට පත්වීමට විශේෂ හේතු තිබෙනවා. ඒවානම් අධම රාගය, විෂම ලෝභය, මිථ්‍යා දෘෂ්ඨිය. අධම රාගය කියන්නේ අධික රාග සිතිවිල්ලයි. විෂම ලෝභය කියන්නේ දැඩි ලෝභයයි. මිථ්‍යා දෘෂ්ඨි කියන්නේ වැරැදි දැක්මයි. ඒවානම් මව කියා විශේෂ කෙනෙක් නැත, පියා කියා විශේෂ කෙනෙක් නැත, මෙලොව නැත, පරලොව, නැත, ඕපපාතික සත්ත්වයාගේ පහළවීමක් නැත, පින් පව්, නැත, හොඳ නරක වල විපාක නැත ආදී වශයෙන් ධර්මය සැක කළොත් වැරැදි දේ අල්ලා ගතහොත් පේ‍්‍රත භූත අපායට වැටෙන්න පුළුවන්. එසේ වැටුන කෙනෙක් පිළිබඳවයි අසීසක සූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ.
මේ සූත්‍රයේදී අවධාරණය කළයුතු කරුණක් තිබෙනවා. මේ අසීසක ප්‍රේතයා මේ විපත්තියට වැටී තිබෙන්නේ තමන්ගේ රැකියාව නිසායි. රාජ්‍ය වධකයා ලෙස මිනිසුන්ගේ හිස ගසා දැමීමයි. එය රැකියාව ලෙස කළත්, විශාල අකුසලයක්. සසේචන ක්‍රියාවක් නිසා කර්ම රැස්වෙනවා. චේතනාව මුල් වෙලා කර්මය සිදුවෙනවා. කයින්, වචනයෙන්, සිතින් මේ පින් පව් දෙකම සිදුවෙන්න පුළුවන්. හොඳ නරක වශයෙන් දොරටු තුනයි. ඒ නිසා ඔබට විටෙක සිතයි මම මේ පාප ක්‍රියාව කරන්නේ මෙසේ සතුන් මරන්නේ රැකියාව නිසා නේ කියා. නමුත් ලැබෙන ප්‍රතිවිපාක බාර ගන්න ඔබ හැර වෙන කිසිම කෙනෙක් නැත.
පේ‍්‍රතයන් වර්ග හතරයි. 1). නිතරම ශරීරය පිච්චෙන මහ ගින්නකින් ඇවිලෙන කොටස පළමු කොටසයි ඔවුන්ගේ කර්මය අවසන් වනතුරු ඒ ගින්න නිවෙන්නේ නැහැ. 2) කොටස කිසිම දිනක කුසගින්නට හෝ පිපාසයට වතුර හෝ කෑම ලැබෙන්නේ නැහැ. ආහාර ඇසට පේන්න තිබෙනවා. නමුත් කටට දාගන්න බැහැ. ඇසට පෙනෙන්න වතුර ලස්සනට තිබෙනවා. නමුත් බොන්න යනවිට වතුර නැහැ. 3). මොවුන් අනුන් දෙන පිනකින් සුවපත් වන කොටසක්. 4) පස්ගොඩවල්, අපිරිසුදු තැන්වල අසුචි වලවල්වල අරක් ගන්න කොටස හතර වැනියයි.
එනිසා ධර්මය ලෙස අධර්මය අල්ලාගෙන සිටින අයට මඟ කියා දීම සද්පුරුෂ කටයුත්තක්. සද්පුරුෂයා කියන්නේ හොඳ දෙයට යොමු කරන අය, නොදන්නා දහම් කරුණු පැහැදිලි කරල ජීවිතය අභිවෘද්ධිය කරා මෙලොව පරලොව ජය ගන්න මඟ කියන උදව් කරන අය. එහෙම අය බොහෝ අඩුයි.
මේ ලෝකයේ තිබෙන සඳුන් බොහෝම සීතලයි. සිසිලස ගෙන දෙනවා. ඔය සඳුන් වලට වඩා සීතල බොහෝම සිසිලසක් සඳ කිරණ විසින් ගෙනත් දෙනවා. මේ සඳ කිරණටත් වඩා, සඳුන් සිසිලසටත් වඩා සීතලයි සද්පුරුෂයාගේ සිසිල් බව. සද්පුරුෂයාගේ ඇසුර සඳ කිරණටත් වඩා, සඳුන් සිසිලසටත් වඩා ජීවිතය සිසිල් කරන්නට මාර්ගය හෙළිපෙහෙළි කරන කාරණයක් බව කියවෙනවා. ඒ නිසා ඔබ හිතන්න මේ ජීවිතය බොහෝම දුක්ඛ සහගතයි. අසීසක සූත්‍රයේදී අසීසක පේ‍්‍රතයා හිසක් නැති ඇස්, කන්, කට නාසය පපුවේ පිහිටා තිබෙන අහසේ පා වෙන, ගිජුලිහිනියන්ගෙන්, උකුස්සන්ගෙන් විඩාවට පත්වෙන යටිගිරියෙන් කෑ ගසන ඒ අරුම පුදුම සත්ත්වයා ගැන සිතන්න. මෙවැනි තත්ත්වයට අපේ ජීවිතත් වැටෙන්න පුළුවන්.
මේ සාංසාරික ලෝකයේ ගමන් කරද්දී අප අස්ථිරත්වයට පත්වෙනවා. මහා බලයක්, මහා ධනයක් සමඟ ජීවත් වෙද්දී තමන් දිනුවා කියා සිතන ධර්මයට පිටුපාන අය සිටිනවා. ධනය පස්සේ ගමන් කරනවා මිස ධර්මයට කිසිදු ඉඩක් නොදෙන අය සිටිනවා. කිසිම කෙනෙකුට කිසිම දෙයක් දෙන්නේ නැහැ. නමුත් ඒ අය දත යුතුයි මොනවා තිබුණත් මේ අපේ ජීවිතය, ගෙවල් දොරවල්, යාන වාහන සියල්ලම නැසෙන සුළුයි. අනිත්‍යයි. ටික ටික දිරනවා. ස්ථිරසාර නැහැ.
එනිසා මේ ලෝකයේ අප විඳින දුකක්. ඒ දුක දැන ගත්විට සුවපත් මාවත වන ධර්ම මාර්ගයේ ගමන් කරන්න අපේ සිත යොමු වෙනවා.
මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති
කථිකාචාර්ය, දර්ශනපති
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්ධීන්

මජ්ඣිම නිකායට අයත් අච්ඡරියබ්භූත සූත්‍රයෙහි බුද්ධත්වය හා සැබැඳි ආශ්චර්යයන් දක්වනුයේ මෙසේය.
1.බුදුවරු මහත් සෘද්ධිවන්තයෝ වෙති; ආශ්චර්යමත් පුද්ගලයෝ වෙති; අද්භූත ධර්මයන්ගෙන් යුක්ත වෙති2. බෝසත්හූ (අවසාන ආත්මභාවයට පෙරාතුව ) ආයූ ඇතිතාක් තුසිත දෙව්ලොව වාසය කරති.3, බෝසත්හූ (අවසාන භවයේ දී ) මනා සිහි නුවණින් දෙව්ලොවින් චුතව මනා සිහි නුවණින්ම මව් කුසට ඇතුළු වේති.
4. බෝසතුන් මව්කුස පිළිසඳ ගත් ඒ දිනයෙහි මුළු විශ්වයම මහත් වූ ආලෝකයකින් ආලෝකමත් වෙයි. ලෝකාන්තරික නිරයට අනෙක් සියලු දින අඳුර බලපැවැත්වෙන් මුත් එදින අලෝකමත් වෙයි. මේ ආලෝකය දෙවියන්ගේ දිව්‍යමය ආලෝකය ද ඉක්ම වූ එකකි.5. එම ආශ්චර්යමත් දිනයෙහි දස දහසක් ලෝක ධාතු කම්පනයට පත් වෙයි.6. බෝසතුන් මවුකුස පිළිසිඳ ගත් ඒ දිනයේ සිට දෙවියෝ සතර දෙනෙක් බෝසතුන් ද මව ද ආරාක්ෂා කරති.7. මව්කුස පිළිසඳ ගත් දා සිට ඒ බෝසතුන්ගේ මව සිල්වත් වෙයි. සතුන් මැරීම්, සොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරුව, සුරාපානය යන පස්පවින් වැළකෙයි.8. බෝසතුන්ගේ කුස පිළිසිඳ ගත් දා සිට මවට නොඅඩුව සැප විඳියි. නිරෝගී වෙයි. කුස තුළ සිටින් බෝසතුන් මවට පෙනෙයි.10.බෝසතුන් (අවසාන භවයේ ) ඉපිද දින සතකින් මව මිය යයි. මිය ගොස් තුසිත දෙව්ලොව උපදියි.11. අන් පුද්ගලයන් මෙන් නොව බෝසත් මව දස මසක් දරු ගැබ දරා සිටියි. බෝසත් උපත සිදුවන්නේ මව සිටගෙන සිටින විටය.12, බෝසතුන් මෙලොව බිහි වූ විට බිමට පා තැබීමට කලින් දෙවිවරු සතර දෙනෙක් බෝසතුන් පිළිගනිති. "දේවියනි, ඔබට මහ බල ඇති පුතෙක් ලැබුණි" යනුවෙන් දෙවියෝ බෝසත් මවට දන්වති.13. බෝසත් උපත සිදුවත්ම අහසින් උණුසුම් හා සිසිල් ජල ධාරා දෙකක් පැමිණ පොළොව පිරිසිඳු වෙයි.14. බෝසත්හූ උපන් විටම පියවර සතක් උතුරු දිගට තබති.
"මම ලොවට අග්‍ර වෙමි; ශ්‍රේෂ්ඨ වෙමි; ජ්‍යෙෂ්ඨ වෙමි; මේ මාගේ අන්තිම උපතයි" යන වදන් බෝසත් මුවින් පිටවෙයි. "15. බෝසත් උපත සිදු වූ කෙණෙහි ද පෙර කී ආලෝකය උපදී. පෙර ලෙසම දස දහසක් සක්වළ කම්පා වෙයි.16. තවද තථාගතයන් වහන්සේට වේදනා, සංඥා, විතර්ක යන දේ ප්‍රකටව උපදී. ප්‍රකටවම අවසන් වේ.
එවැනි ආශ්චර්යවත් ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නමකගේ කාලයේ ඉපදීමට ලැබීම අප සැම ලැබූ භාග්‍යයකි. 'බුද්ධ' යන වචනය ඇසීම පවා මේ සසරේ අති දුර්ලභය. සියල්ලෝ අප්‍රමාදී වෙත්වා !!

අටපිරිකර හා දොළොස් පිරිකර ගැන ඔබ දන්නවාද...?

වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ් අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි
ඈත අතීතයේ පටන් ම මිනිසා විසින් දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් කිරීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, දැකීම නිවැරැදි කර ගැනීම යන දසවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදුකරගෙන එනු ලබයි. ඒවා අතරින් බොහෝ දෙනෙක් වැඩි නැඹුරුතාවක් දක්වා ඇත්තේ ද දන්දීම කෙරෙහිය. එයට හේතු වශයෙන් පෙන්වා දිය හැක්කේ දන්දීමට බොහෝ දෙනා දක්වන රුචිකත්වයයි. එහෙත් දන්දීම සෑම පුද්ගලයකුට ම සිදුකළ නොහැකිය. සසරේ දන්දී පුරුදු පුහුණු වූ අයට එසේ දන්දීම සිදුකළ හැකිය. ‘දානය’ යන්නෙන් කියවෙන්නේ දීම, පරිත්‍යාගය අත්හැරීම යනාදී තේරුම් ය. කෙනකු විසින් දන්දිය යුත්තේ තමන්ට වඩා ගුණ නුවණින් වැඩි සිල්වත් පුද්ගලයකුටය. දුගී මගී යාචකයන්ට මෙන් ම සතුන්ට දෙන්නා වූ ආහාර පාන වස්ත්‍ර ආදිය ද දානයක් බව කිව හැකිය. එහෙත් මෙවැනි දාන වර්ග එම පුද්ගලයන් කෙරෙහි හෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් දෙන්නා වූ දානයක් වන්නේය. එවැනි දාන බුදු දහමේ පෙන්වා දී ඇත්තේ අනුග්‍රහ බුද්ධියෙන් දෙන්නා වූ දානයන් හැටියටය. මෙසේ දෙන්නා වූ දානයට වඩා සිල්වත්, ගුණවත් කෙනකුට දෙන්නා වූ දානය උසස් වන්නේය. ආනිසංස දායක වන්නේ ය. බුදු දහම තුළ මෙවැනි දාන පූජා බුද්ධියෙන් දෙන්නා වූ දාන ලෙස හඳුන්වා තිබේ. පූජා බුද්ධියෙන් දානයක් දෙන විට දෙන තැනැත්තා කෙරෙහි යටහත් පහත් භාවය දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම කරමින් එම දානය පිළිගන්වයි. කෙසේ වෙතත් දානයක් පූජා කිරීමෙන් අනතුරුව අප විසින් අපට වාසිදායක අන්දමින් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතුය. එසේ බලාපොරොත්තු වන්නේ නම් විය යුත්තේ එයින් ලැබෙන ආනිසංස මොනවාද යන්න පිළිබඳ ව සිතීම පමණි. එසේ නොවන්නේ්නම් එය දානයකට වඩා මුදලාලිකමක් වන බව කිව හැකිය. මුදලාලි කෙනෙක් අපට යම් දෙයක් දෙන්නේ අපෙන් මුදල් රැගෙනය.
මජ්ඣිම නිකායේ විභංග වග්ගයේ දක්ඛිණා විභංග සූත්‍රයේ දාන වර්ග 14 ක් පිළිබඳ පෙන්වා දෙන අතර එයිනුත් වඩාත් ආනිසංස දායක වන දානය ලෙස හඳුන්වා ඇත්තේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දානයයි. මේ අයුරින් සිදුකරන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියා අවස්ථාවන්හිදී පිළිගන්වන ආහාරපානවලට අමතරව පරිෂ්කාර පූජාව ද සිදුකිරීම මුල් කාලයේ පටන් ම සිදු කරනු ලබයි. මින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ අට පිරිකර පූජාව හා දොළොස් පිරිකර පූජාවයි. බොහෝ අවස්ථාවලදී අටපිරිකර පූජාව පමණක් සිදුකරන අවස්ථාවන්ද දක්නට ලැබේ. දොළොස් පිරිකර පූජාව ද ඇතැම් අවස්ථාවන්වලදී සිදු කරන අයුරු දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම අටපිරිකර හා දොළොස් පිරිකරට අයත් වන්නේ මොනවාද යන්න පිළිබඳ ව නිසියාකාරව නොදන්නා වූ පිරිස් ද වෙති. ඒ අනුව මෙහිදී අටපිරිකර හා දොළොස් පිරිකර මොනවාද යන්න විමසා බලමු.
තීණි චීචරානි, පත්තෝ, දන්තකට්ඨච්ඡේදනවාසි, ඒකාසූචි, කාය බන්ධනං, පරිස්සාවනන්ති.
මෙහි ‘තීණි චීවරානි’ යනු තුන් සිවුරයි. තුන් සිවුර යනුවෙන් හඳුන්වනු ලබන්නේ දෙපට සිවුර, තනිපට සිවුර හා අඳන කඩයයි. චීවරය හෙවත් සිවුර මැසිය යුතු ආකාරය බුදුන් විසින් අනුදැන වදාරා තිබේ. ගිජ්ජකූට පර්වතයට නැඟ මගධ ක්‍ෂේත්‍රය දිස්වන්නේ යම් ආකාරයකටද ඒ අයුරින් සිවුර නිර්මාණ විය යුතු බව පෙන්වා දී තිබේ. දෙපට සිවුර සාදා නිමකර ඇත්තේ සිවුරු දෙකක් නියමානුකූලව ගෙන එකක් වන සේ මැසීමෙනි. එය භික්ෂූන් පරිහරණය කරනු ලබන්නේ උතුරු සළුව වශයෙනි. තනිපට සිවුර ඒකාංශ කොට හෝ දෙවුර වැසෙන සේ පෙරවීම සඳහා යොදාගනු ලබයි. අඳනකඩය දෙදණ වැසෙන සේ ඉනවටා පෙරවීම සඳහා යොදාගනු ලබයි. ඒ අනුව මෙම තුන් සිවුර පිණ්ඩපාත චාරිකාවේ වඩින විට හා උපසම්පදා, පොහොය කිරීම් ආදි විනය කර්ම සිදු කරන අවස්ථාවන්හි පෙරවීමට ගන්නා අතර එම අවස්ථාවන්හිදී තුන් සිවුරෙන් යුක්ත වියයුතු බව ද පෙන්වා දී තිබේ. ඒ අනුව අටපිරිකරට අයත් පූජා භාණ්ඩ අතරින් තුනක් මෙයින් කියවේ.
‘පත්තෝ’ යනු පාත්‍රයයි. පාත්‍රය භික්ෂූන්ගේ පරිහරණයට ගනු ලබන්නේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අවස්ථාවේ පිඬු ලබාගෙන ඒවා වැළඳීම සඳහාය. පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන විට ඉහතින් සඳහන් කළ තුන් සිවුර මෙන් ම පාත්‍රය ද රැගෙන යා යුතුය. එසේම උපසම්පදා විනය කර්ම සිදු කිරීමේදී ද පාත්‍රය අනිවාර්ය භාණ්ඩයක් වෙයි. අටපිරිකරෙහි අඩංගු සියලු දෑ එම අවස්ථාවට ද අවශ්‍ය නිසා පාත්‍රය සුදු රෙදි කඩකින් ඔතා නොගැලවෙන සේ නූල් වලින් වියා එය උපසම්පදාපේක්ෂකයාගේ කර වටා ගැටගසා විනය කර්මය සිදු කරයි.
‘දන්තකට්ඨ’ යනුවෙන් ගැනෙන පාලි වචනයේ සිංහල තේරුම වන්නේ දත් මදින දැහැට්ට යන්නයි. ‘ඡේදනවාසි’ යනු සිඳින හෙවත් කපන වෑය හෙවත් පිහිය යන්නයි. අංගුත්තර නිකායේ අට්ඨක වග්ගයේ සඳහන් වන අන්දමට මුල් කාලයේ මෙබඳු උපකරණයක් අටපිරිකරයට ඇතුළත් වී ඇති බව පැහැදිලි වේ. දත් මැදීම සඳහා වර්තමානයේ මෙන් නවීන උපකරණ නොමැති වීම නිසා දැහැටි කූරු සාදා ගැනීම පිණිස මෙවැනි උපකරණයක අවශ්‍යතාව තිබූ නිසා මෙය අටපිරිකරයට ඇතුළත් කර ඇතැයි සිතිය හැකිය. එහෙත් වර්මතානයේ දක්නට ලැබෙන අටපිරි කෙරෙහි ඇත්තේ දැලි පිහියකි. එය භික්ෂූන්ගේ හිස රැවුල් බෑම සඳහා උපකාරි වේ. ඒ අනුව මුල් කාලයේ තිබූ එම උපකරණය හිස රැවුල් බෑම සඳහා ද උපයෝගි කර ගන්නට ඇතැයි සිතිය හැකිය. දැලි පිහියද නිර්මාණය වී ඇත්තේ සුදු යකඩයක් තියුණු ආකාරයෙන් මුවහත් තැබීමෙනි. එහෙත් වර්තමානයේ දක්නට ලැබෙන අටපිරිකරවල දක්නට ලැබෙන්නේ තලයක් පමණි. එය ප්‍රයෝජනයට ගතහැකි නොවන අයුරින් සකසා තිබීම ද කනගාටුවට කරුණකි.
‘එකාසූචි’ යනු එක් ඉදිකට්ටක් යන තේරුම දෙන වචනයයි. අද දක්නට ලැබෙන අටපිරිකරය තුළ ඉදිකට්ට මෙන්ම නූල් පන්දුවක් ද තිබේ. මුල් කාලයේ මේ සඳහා භාවිතා කර ඇත්තේ නොයෙක් වර්ගයේ කෙඳිය. ඒවා තමන්ට අවශ්‍ය පරිදි සපයා ගත් බැවින් මුල් යුගයේ තිබූ අටපිරිකරවලට එය ඇතුළත් වී නොමැති බව කිව හැකිය.
‘කාය බන්ධනං’ යනු අඳනකඩය ඇඳ එය ලිහිල් නොවන සේ ඉනවටා බැඳීමට ගන්නා වූ රෙදි කැබැල්ලය. මෙය ද සිවුරු පටියකින් නිමවා තිබේ. ඒ අනුව වර්තමානයේ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා විවිධ පටි වර්ග දක්නට ලැබුණත් අටපිරිකර තුළ ඉනවටා බැඳීමට ගන්නා පටිය තවමත් සිවුරු කැබැල්ලකින් සකස් වී ඇති සැටි දැක ගත හැකිය.‘පරිස්සාවන’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ පෙරහන් කඩයයි. මෙය භික්ෂූන්ගේ පරිහරණයට යෝග්‍ය වන්නේ තමන් පානය කිරීමට ගන්නා වූ පැන් පළමුවෙන් පෙරා ගැනීමටය. ජලයේ ඇසට නොපෙනෙන නොයෙක් ජීවි සත්තු සිටිති. එම සතුන් පැන් සමග පෙවීම නැතිකර ගැනීම සඳහා පෙරහන් කඩයක් පාවිච්චි කළ යුතු බව බුදුරජුන් විසින් ද අනුදැන වදාරා ඇත.
මෙයින් ප්‍රතිඵල දෙකක් අත්වේ. එකක් නම් කුඩා ජීවින් ශරීර තුළට නොයාම නිසා තමාගේ සෞඛ්‍ය ආරක්ෂාව යහපත් වීමය. අනෙක් කරුණ වන්නේ එම ජීවින්ගේ ප්‍රාණය තොර නොවීමෙන් ප්‍රාණඝාත අකුසලය ඇති නොවීමය. ඉහතින් සඳහන් වූ පිරිකර අටෙහි වැදගත්කම මේ ආකාරයෙන් වුවත් දීඝ නිකාය අටුවාව වන සුමංගල විලාසිනියේ සඳහන් වන අන්දමට මෙයින් ප්‍රයෝජන දෙකක් අත්වන බව කියවෙයි. මෙම පිරිකර අට ම ශරීරයේ ආරක්ෂාවට මෙන්ම කුසෙහි ආරක්ෂාව පිණිස ද වෙයි. ඒ කෙසේද යත් තුන් සිවුර හැඳ පොරවා හැසිරෙන කාලයේ ශරීරය ආරක්ෂා කරයි. තමා ළඟ පෙරහන්කඩය නැති විටෙක සිවුරු කොණින් පැන් පෙරා පානය කිරීමෙන් කුස ආරක්ෂා කෙරෙයි.
පාත්‍රය, නාන අවස්ථාවේ පැන් උඩට ඔසවා ගැනීමට උපකාරී වීමෙන් ශරීරය පෝෂණය කරයි. ආහාර ගෙන වළදන අවස්ථාවේ කුස පෝෂණය කරයි. වෑය දත් මදින වේලාවේ මෙන් ම ඇඳ පුටු ආදි හිඳිනා අසුන් සකස් කිරීමේදී ශරීරයට පහසුවක් වෙයි. උක් ආදී ආහාර සුද්දකර කෑමට ගැනීමෙන් කුස පෝෂණය වෙයි. ඉදිකට්ට සිවුර මසන වේලේ ශරීර පහසුව පිණිස වෙයි. කැවුම් හා කුඩා ඇට වර්ග ඇති පලතුරු විද ආහාරයට ගැනීමේ දී ඉදිකට්ට අවශ්‍ය වෙයි. එය කුසට ආහාරයක් වීම නිසා කුස පෝෂණය වේ. ඉණ බඳින පටිය බැඳගත් පසු ශරීරයට පහසුවක් වෙයි. එයම කෑමට ගන්නා උක් බැඳගැනීම සඳහා ද ගත හැකිය. පෙරහන් කඩය පැන් පෙරන අවස්ථාවේ ශරීර පෝෂණයත් බොන අවස්ථාවේ කුසෙහි පෝෂණයත් ඇතිවේ. මෙය අටුවා කරු විසින් දක්වා ඇති පරිදි අටපිරිකරෙහි ඇති ප්‍රයෝජනයන්ය. මෙම පිරිකර අටෙහි එකතුවෙන් සකස් කරන ලද අටපිරිකර දන් දෙන බොහෝ අවස්ථාවලදී පිළිගන්වන අයුරු දක්නට ලැබේ. එහෙත් දොළොස් පිරිකරට අයත් වන පූජා භාණ්ඩ පිරිනැමීම දක්නට ලැබෙන්නේ මඳ වශයෙනි. කෙසේ වෙතත් ඒ පිළිබඳව ද දැනගෙන සිටීම ඉතා අගනේ ය. ඒ අනුව දොළොස් පිරිකරට අයත් පූජා භාණ්ඩ නව පිරිකර, දස පිරිකර, එකොළොස් පිරිකර හා දොළොස් පිරිකර වශයෙන් වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.
.
▬▬▬▬▬ නව පිරිකර ▬▬▬▬▬
‘නව පරික්ඛාරිකස්ස පන සෙය්‍යං පවිසන්තස්ස තත්‍රට්ඨක පච්චත්ථරණං වා කුණ්ඩිකා වා වට්ටති’ දීඝ නිකාය අටුවාවේ ඉහතින් සඳහන් වන පාඨයට අනුව කියවෙන්නේ ‘නව පිරිකරවලට සැතපීම සඳහා යහනට පිවිසෙන්නා වූ භික්ෂුවට ඇඳෙහි එළා ගැනීමට ‘ඇතිරිල්ලක්’ හෝ කෙණ්ඩියක් සුදුසු බවය. මෙහිදී කෙණ්ඩිය මුල් කාලයේ තාපසයන්ගේ් අතෙහි නිතර රැඳුන එකක් නිසා භික්ෂුවගේ පරිහරණය සඳහා ද මෙය සුදුසු බව පෙන්වා දී තිබේ. එයින් පැන් ගෙනවිත් තබාගෙන පරිහරණයට ගත හැකිය. එහෙත් නවීන සමාජය තුළ මෙවැනි භාණ්ඩයක් භික්ෂූන්ගේ් පරිහරණයෙහි නැත. එහෙත් භාවනානුයෝගීව වැඩ සිටින අය මෙය පරිහරණය කරන බව ද දැක හැකිය.
.
▬▬▬▬▬ දස පිරිකර ▬▬▬▬▬
‘දස පරික්ඛාරිකස්ස නිසීදස චම්මකණ්ඩං වට්ටති’ දස වැදෑරුම් පිරිකරවලට භික්ෂූන් වහන්සේ හිඳ ගැනීමට සම් කඩක් පූජා කළ යුතුය. මෙය වර්තමානයේ භික්ෂූන් වහන්සේලා පරිහරණය කරනු ලබන පත්කඩයයි. එය වන්දනාමාන කිරීමේදී හා භාවනායෝගීව එක්තැන් ව සිටින අවස්ථාවන්වලදී බිම එළා ගැනීම සඳහා භාවිත කරයි.
.
▬▬▬▬▬ එකොළොස් පිරිකර ▬▬▬▬▬
‘එකාදස පරික්ඛාරිකස්ස කත්තර යට්ඨි වා තෙළනාලිකා වා වට්ටති’ එකොළොස් පිරිකරයට සැරයටියක් හෝ තෙල් බෝතලයක් හෝ සුදුසුය. මෙහි සැරයටියේ වුවමනාව කුමක් ද යන්න පැහැදිලිය. මුල් යුගයේ සිටි ඇතැම් තාපසයන් මෙන් ම පසුකාලීනව ඉන්දියාවේ සිටි හින්දු පූජකයෝද මෙවැනි සැරයටියක් සකසාගෙන ගමන් කරති. හින්දු පූජකයන් බොහෝ වේලාවට මේ සඳහා යොදා ගත්තේ ඔවුනගේ ආගමික සංකේතයක් වන ත්‍රිශුලයයි. භික්ෂුන්ගේ් පරිහරණය වූයේ ලීයකින් සකස් කරගත් සැරයටියකි. එය අද වෛවර්ණ වී ඇති අයුරු දැකගත හැකිය. තෙල් බෝතලයක් ඇතුළත් වූයේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නැත. එහෙත් ඉන්දියාවේ දැඩි සීතල ඇති කාලවලදී ඇතැමුන් තෙල් ඇඟෙහි තවරාගෙන සීතල දුරුකර ගන්නා අයුරු අද ද දක්නට ලැබේ. ඒ අනුව මෙයද දොළොස් පිරිකරට ඇතුළත් වූයේ ඒ අරමුණින් ම විය හැකිය.
.
▬▬▬▬▬ දොළොස් පිරිකර ▬▬▬▬▬
‘ද්වාදස පරික්ඛාරිකස්ස ඡත්තං වා උපාහණං වා වට්ටති’ දොළොස් පිරිකරයට කුඩයක් හෝ පාවහන් යුවලක් සුදුසුය. කුඩය අව්වෙන් හා වැස්සෙන් ආවරණය වීම සඳහා යොදා ගැනේ. පාවහන් පැළඳගෙන යාමක් මුල් කාලයේ නොතිබුණත් පසුකාලීනව එහි අවශ්‍යතාව පැණ නැගුණු බැවින් දොළොස් පිරිකරට මෙය ද සුදුසු වන්නේ යැයි පසුකාලීනව සිටි භික්ෂූන් සිතන්නට ඇත.
මේ ආකාරයට දන් දෙන අවස්ථාවේ පූජා කරන්නා වූ අටපිරිකරට හා දොළොස් පිරිකරට අයත් පූජා ද්‍රව්‍ය මෙනම් යැයි පෙන්වා දිය හැකිය.
.
.
බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ
සහකාර කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත
වැලිවිට සොරත හිමි
☸¤══════¤☸¤☸¤══════¤☸¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කර්ම විපාක
කර්ම විපාක
1. ඛුජ්ජුත්තරාව දාසියක් වීමට හේතුව
ඛුජ්ජත්තරාව බොහෝම ධර්ම කථික කාන්තාවක් වුවද ඇය උදේනි රජ නිවසේ දාසියකි.ඊට හේතුව පෙර කාශ්‍යප බුදුරජ කාලයේ මැය සිටු දියණියක්ව ඉපිද දිනක් නිවසට වැඩි රහත් සාමණේර තෙරණියකට, (හිතවත් හෙයින්)දුර තිබූ රන් ආභරණ පොදිය අරන් දෙන්න යයි කියා වැඩගත් පවින් බව දත යුතුය. ඒ හේතුවෙන් ආත්ම 500 ක්ම දාසියක්ව ඉපදුනාය.(මනෝරථපූරණී අටුවා - 238 පිටුව) එබැවින් පින්වතුනි,භික්ෂු භික්ෂුණීන් කොතරම් හිතවත් වුවත් කල්පනාවෙන් ඇසුරු කල යුතුය.
2. ඛුජ්ජුත්තරාව කුදු වීමට හේතුව
ඛුජ්ජුත්තරා උපාසිකාව තරමක් කුදු ශරීරයක් ඇති උවැසියකි.එසේ වුවත් උදේනි රජුගේ සාමාවතිය ඇතුලු පන්සියයක් බිසෝවරුන්ට ධර්මය දෙසා සෝවාන් ඵලයෙන් නිවන් සැප ලබා දුන්නාය.ඒ පිරිසට ධර්මය ඉගැන්වීමද කළාය.ඇය කුදුව ඉපදීමට හේතුව පෙර ධනවත් පවුලක කුමාරිකාවක්ව සිටියදී මදක් කුදු පසේ බුදුන් වහන්සේ නමක් දැක කෙලිකවට සිතින් දගකාර කමට පසේ බුදුන් වැඩියේ මෙහෙමයි කියා අන් පරිවාර කාන්තාවට ගිය අයුරු ඇද කොට (කුදු ආකාරය) පෙන්විය.ඒ පවින් ඇය කුදු වි උපන් බව දත යුතුය.(අංගුත්තර නිකායට්ඨ කතා - 238 පිට)
3. චුල්ලපන්ථක හිමිට සිව් මසක් ගත වීද එක් ගාථාවක් පාඩම් කරන්නට බැරිවුණ හේතුව
උන් වහන්සේ මහා පන්ථක හිමිගේ බාල සහෝදරයාය.පැවිදි වී සාර මසක් ගතවූ නමුදු එක් ගාථාවකුද පාඩම් කරගැනීමට බැරිව අසරණ විය.ඊට හේතුව පෙර කාශ්‍යප බුදු සසුනෙහි පැවිදිව නුවණැත්තෙක් වී ගෝල පිරිසට ධර්මය කියාදෙන විට ඉගෙනගැනීමට අපහසු නූගත් මෝඩ භික්ෂුවකට කවටකම් කළේය.ඒ භික්ෂුව එයින් ලැජ්ජාවට පත්ව ධර්මය නොම කියවා ගත්තේය.ඒ අකුසල කර්මයෙන් මේ ජීවිතයේ පැවිදි වූ නමුදු නූගතෙක් විය.පසුව බුදු කරුණාව නිසා පෙර පිරූ පාරමී මතුකරගෙන රහත් වී අසූ මහා ශ්‍රාවකයන් අතර එක් නමක් විය.(ධම්ම පදට්ඨ කතා 152 පිට)පින්වතුනි,අදටද සමාජයේ නූගතුන් ඇත.මේ රහත් හිමිනමකට විහිඵ කිරීමෙන් විපාක දුන් කර්මයක් නොව අර පුහුදුන් භික්ෂුවකට විහිලු කිරීමෙන් විපාක දුන් කර්මයකි.එබැවින් උගත් වූ බුද්ධිමත් වූ ඔබ අනවශ්‍ය විහිඵ තහලු කිරීමෙන් වැලකෙත්වා..
4. චක්ඛුපාල හිමිගේ දෙනෙත් අන්දවීමට හේතුව මේ ස්වාමීන් වහන්සේ
පෙර දක්ෂ වෛද්‍යවරයෙකුව සිටියදී ''මාගේ දෙනෙත් සුව කළොත් මම දූ පුතුන් සමග ඔබගේ දාසියෙක් වෙමියි'' කී එක් අන්ධඡ කාන්තාවකට බෙහෙත් කොට දෑස සනීප කලේය.ඇය සනීප වූ පසු දාසියක් වීමට අකමැතිව ඇස් නොපෙනෙන බව වෛද්‍යවරයාට කීවාය.කරුණු වටහා ගත් ඔහු කෝප වූ දූෂිත සිතින් දෑස් අන්ධවන බෙහෙතක් ගැල්වීමට දුන්නේය.එය ගැල්වූ විට ඇගේ දෙනෙත් සහමුලින්ම අන්ධ විය.එම අකුසලය බොහෝ වාර ගණනක් විපාක දී මේ රහත් වු ජීවිතයේදීද මහාපාල හිමිගේ දෑස් අන්ධ වී චක්ඛු පාල හිමියැයි ප්‍රසිද්ධ වූ බව දතයුතුය.
( ධම්ම පදට්ඨ කතා 12 පිට )
5. බිම්බිසාර රජුගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව
මහාධාධිපති බිම්බිසාර රජු ඔහුගේ පුත් වූ අජාසත් කුමරු විසින් සිරකරවා යටිපතුල් තෙල් ලුණු ගිල්වා ගිනි ගෙන දිලෙන කිහිරි අගුරෙන් පිලිස්සුවේය.නොයෙක් වද දෙන ලදී.මේ සෝවාන් රජුට මෙසේ දුක් විදිමට හේතු වූයේ පෙර භවයෙක් චෛත්‍යය මලුවෙහි වහන් පයලා යෑම හා ඉදගැනීමට එලූ පැදුරක් නොසේදු පයින් පෑගු බව සුමංගල විලාසීනි
අටුවාවේ සාමඤ්ඤඵල සූත්‍රයේ වර්ණනාවේ පෙන්වා ඇත.
6. බිහිවූ දිනම කසල ගොඩකට දමන ලද අසරණ දරු ජීවිතයක ශෝකාකූල කතාව
මෙතුමා කිලිටි කර්ම කොට ජීවත්ව නගර සෝභිනියකගේ කුසෙහි ඉපදුනේය.ඇය දරුවා බිහිතල දිනයේ පිරිමි දරුවෙකු බව අසා කනෙකු ලවා මේ කිරි කැටි බිලිදාව සොහොනෙහි දමන ලදි.නමුදු කිසිම සතෙකුගේ හිංසාවක් නොවීය.දෙවියන් රැකවරණය දෙන ලදී.පසුව තථාගතයන් වහන්සේ බුදු ඇසින් දැක එහි වැඩි සේක.මිනිසුන් ද එහි රැස්වූහ.එහිදී මේ දරුවා පෙන්වා මොහුගේ අනාගත වාසනාවද පෙන්වා මෙසේ පූර්ව කර්මයද වදාල සේක.සැවැත් නුවර බොහෝ උපාසක පිරිසක් එකතුව මහත් දානයක් දෙන ලදී.මෙය දුටු මසුරු පුරුෂයෙක් ''මේ මුඩු මහණන්ට මේවා දුන්නාට වඩා මේ සියල්ල කසල ගොඩකට දැම්මේනම් උතුම් වේ.'' යැයි කියන ලදී.පසුව මවගේ කීම නිසා සමාව ගෙන දින 7ක් මහත් කැද දනක් දෙන ලදි.මොහු මැරීගොස් පෙර කී සේ ගණිකාවගේ කුස ඉපිද ඇය විසින් බිහිවූ දින මොහු කසල ගොඩකට දැම්ම වූ බව දත යුතුය.
උපුටා ගත්තේ ජූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි දෙසු දේශනයකින්.
''පොඩි පාපයක් වුවත් සුලුවකට තකන්න එපා''
තෙරුවන් සරණයි..

Sunday, June 25, 2017
අප සමරන පසළොස්වක පෝය 12 හා බැදුනු සිද්ධි ගැන දැනගනිමු..
සිංහල ලිතට අනුව අපේ මාස 12 හදුන්වන්නේ දුරුතු (ජනවාරී) , නවම් (පෙබරවාරි) , මැදින් (මාර්තු), බක් (අප්රේල්) , වෙසක් (මැයි) , පොසොන් (ජුනි), ඇසළ (ජුලී) , නිකිණි (අගෝස්තු) , බිනර(සැප්තැම්බර්) , වප් (ඔක්තෝම්බර් ) ඉල්(නොවැම්බර්) උදුවප් (දෙසැම්බර් ) යන නම් වලින්..
ඒ වගේම මේ මාසයකට පෝය දින 04 ක් තියෙනවා..
චන්ද්ර මාසයකපෝයනමින් අප හදුන්වන දින 4ක් ඇත.
මාසයේ 08 වන දිනය පුර අටවක පෝය
මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය
මාසයේ 23 වන දිනය අව අටවක පෝය
මාසයේ 30 වන දිනය අමාවක පෝය
බොහෝ දෙනා මේ ගැන දැන සිටියත් තවත් බොහෝ අයට මේ නම් අමතක වෙලා තියෙන්නත් ඇති...
මොකද අපි මාස වල නම් භාවිතා කරන්නේ ඉංග්රීසි විදිහටනේ...
බෞද්ධයන් විදියට අපි මේ හැම මාසයකම පසළොස්වක පෝය දිනය ඒ මාසයට අදාල සිංහල ලිතේ නමින් සමරනවා.ඒ පින්දහම් කටයුතු හා ආගමික කටයුතු ඉටුකරමින්..
පෝය කියලා කිව්වම නිවාඩුවක් කියලා වගේම පන්සල් ගිහින් පින්දහම් කලත් , එක් පුජනීය ස්ථාන වැද බලා ගත්තත්,එක් එක් පොහෝය දිනය අප බුදුන්වහන්සේ ගේ චරිතය හා බැදුනු සිද්ධි පිළිබඳ සොයා බලන්නේ,දන්නේ බොහෝමත්ම ටික දෙනයි...
අන්න ඒ නිසා අපි සමරන පෝය 12 හා බැදුනු සිද්ධි ගැන කෙටි විස්තරයක් තමා මේ
වෙසක් පුර පසළොස්වක පෝය -
ලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්රේෂ්ඨ දිනය වෙසක් පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල මෙම පෝය දිනයේදී සිදුවිය.
ඊට අමතරව වෙසක් පෝය දින සිදු වූ වැදගත් සිදුවීම් ලෙස,කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම,බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී තුන්වන වරට බුදුරජාණන් වහන්සේ ලක්දිව කැළණියට වැඩම කිරීම, සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනල කන්ද මුදුනේ ශ්රී පාදය පිහිට විම,විජය ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට ගොඩබැසීම,රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු නැකතට ආරම්භ කිරීම ආදිය වෙනවා... සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝයත් වෙසක් පෝය දිනයයි. කැලණියට හා අනුරාධපුරයට වන්දනාවේ යාමත් මෙදිනට සිදු කරනවා.
පොසොන් පුර පසළොස්වක පෝය -
වෙසක් පෝ දිනය මෙන්ම, ශ්හරී ලාංකික අපට වැදගත්ම පෝය දිනයකි. මිහිඳු හිමියන් ප්වරමුඛ ධර්ම දූත කණ්ඩායම දඹදිව සිට මිහින්තලයට වැඩම කොට දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට “චුල්ල හත්ථි පදෝපම” සූත් රයෙන් දහම් දෙසා ලක්දිව බුදු සසුන ස්ථාපිත කළේ පොසොන් පෝය දිනයේදීය.භණ්ඩුක කුමරු පවිදිවීම හා උපසම්පදාව ලැබීම ද මෙදින සිදු විය.පොසොන් පෝය දිනයේ වැඩිවශයෙන්ම අනුරාධපුරය හා මිහින්තලය වන්දනාමාන කරනු ලබයි.
ඇසළ පුර පසළොස්වක පෝය -
බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම,මහාභිනිෂ්ක්නරමණය ප්මරථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්ක පවත්තන සූත් රය” පස්වග තවුසන් උදෙසා දේශනා කිරීම යන වැදගත් කරුණු සිදු වූයේ ඇසළ පෝය දිනයි. මීට අමතරව,රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයෙ දී මහා පෙළහර පෑම,කීර්ති ශ්දරී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.
අපේ විහාරස්ථානවල වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි. එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහැරත්, කතරගම , රත්නපුර, ඇම්බැක්කේ, දෙවිනුවර , අලුත් නුවර පෙරහැරත් ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි.
මාතෘ දිව්ය රාජයා ප්රමුඛ දෙවියන්ට දෙව්ලොවට වැඩමවා ගැඹුරු වු අභිධර්මය දේශණා කොට ඇත්තේද,බුදු පරිණිර්වාරනයෙන් පසු මහා කාශ්යප මහරහතුන් වහන්සේ ධර්ම සංගායනාවක් කළ යුතු යැයි තීරණය කිරිමද මෙම පෝය දිනයේදි සිදුව ඇත.
නිකිණි පුර පසළොස්වක පෝය -
ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප්මරථම ධර්ම සංගායනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්යරාජයා තැනීම ආරම්භ කිරීම,පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ.නිකිණි පෝය දා සේරුවිල වන්දනාවේ යාම ද සිදු කෙරේ.
බිනර පෝය -
මෙහෙණි සසුන ආරම්භවූ පෝය දිනය ලෙස බිනර පෝය දිනය සඳහන් වේ. බුදුන් වහන්සේගේ සුළු මව මහා ප්රජාපතී ගෝතමී දේවිය බුදුරදුන්ගෙන් පැවිදි බව තෙවරක් ඉල්ලාද එය ලබාදීමට එකඟ නොවූ හෙයින්, බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිස මුඩු කර කසාවතින් සැරසී බුදුරජාණන් වස්කාලයේ වැඩසිටි කූඨාගාර ශාලාවවෙත පැමිණියෝය.
අග්ර උපස්ථායක ආනන්ද හිමියන්ට මෙම පිරිස තම ඉල්ලීම පවසා සිටි අතර, ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මහාප්රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ.
එම ඉල්ලීමද තෙවරක් ප්රතික්ෂේප කර නැවත බලවත් පෙරැත්තය නිසා මහා ප්රජාපතී ගෞතමිය ප්රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. මෙහිදී පෙර සිටි බුදුවරුන්ගේ ශ්රාවිකාවන් පිළිපැදූ අෂ්ට ගරු ධර්ම මොවුන්ටද අදාල බවට මෙහිදී තීරණයවිය.
ධූතාංග සමාදානය සිදු කිරීම,සේරුවිල වාර්ෂික පිංකම් පැවත්වීම,බිනර පෝය දින වන්දනාකරුවන් විශේෂයෙන්ම වැඳ පුදා ගැනීමට යන්නේ මහියංගණයටයි.
වප් පුර පසළොස්වක පෝය -
බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම,මහා පවාරණය සිදු කිරීම,ශ්රරී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම,අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම වැනි කරුණු වප් පුර පසළොස්වක පෝය දින සිදු විය.අපේ බොහෝ විහාරස්ථානවල වස් අවසානයේ දී කඨින චීවර පූජා කිරීම ආරම්භ වන්නේත් මෙම පෝය දිනයේදීයි.
ඉල් පුර පසළොස්වක පෝය -
ලෝකවාසීන්ට සෙත සලසනු වස් ප්රරථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත සේවය සඳහා පිටත්ව යාම,අග්්ර ශ්යරාවක සැරියුත් තෙරණුවන් පිරිනිවන් පෑම ඉල් පෝය දින සිදු විය.එමෙන්ම කඨින චීවර පූජා කළ හැකි අවසාන පෝයත් ඉල් පෝයයි.
උඳුවප් පුර පසළොස්වක පෝය -
සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ්වරී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම,ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි. ශ්රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇරඹෙන්නේද උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.
දුරුතු පුර පසළොස්වක පෝය -
බුදුන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්යාප, නදී කාශ්යප, ගයා කාශ්යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම,බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන්වහන්සේ ප්දරථම වරට ශ්ටරී ලංකාවේ මහියංගණයට වැඩම කිරීම,සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතු ප්ුරදානය කිරීම,කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර ආරම්භවීම සිදුවන අතර වන්දනාවේ යන සැදැහැවතුන් බොහෝ විට යන්නේ කැලණි විහාරයටයි.
නවම් පුර පසළොස්වක පෝය -
බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් අග්ගර ශ්ුරාවකයන් වහන්සේලා පත්කර ගැනීම,බුදුරජාණන් වහන්සේ ප්හරථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම,භික්ෂූන් වහන්සේට ඕවාද ප්ිරාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම නවම් පෝය දා සිදු වූ වැදගත් කරුණුයි.
මැදින් පුර පසළොස්වක පෝය -
බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට ස්වකීය නෑයන් බැලීමට කිඹුල්වතට පැමිණීමට ගමන් ආරම්භ කිරීම මැදින් පෝය දින සිදු විය.
බක් පුර පසළොස්වක පෝය -
බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනයි. මැණික් පුටුවට යුද්ධයකට එළඹුනු චූලෝදර මහෝදර නා රජුන් සමගි කරවීම ද එදින සිදුවිය.
Subscribe to:
Posts (Atom)